මා බාර දුන්නේ 2/3 බලැති ශ‍්‍රීලනිපයක්.. මෛත‍්‍රී ශ‍්‍රීලනිපය සහමුලින්ම වැනසුවා.. පක්‍ෂය දෙකඩ කලා..- මහින්ද සියලූ රහස් හෙලි කරයි..
Posted on April 27th, 2017

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කිරීම’ මැයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයකි මේ.

2017 අ‌ප්‍රේල්  27

මාධ්‍ය නිවේදනය

 ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කිරීම

2015 ජනවාරියේදී නව නායකයෙකු යටතට පත්වූයේ නොබෙදුණු ශ්‍රිලනිපයකි. පක්‍ෂ නායකත්වය මා සතුව තබා ගැනීමට මම ඒ අවස්ථාවේදී උත්සාහයක් නොගත්තේ අපි කාගෙත් දේශපාලන තෝතැන්න වූ ශ්‍රිලනිපය රැකගැනීමේ උවමනාව නිසාය. දශක හතරක් මුළුල්ලේ ශ්‍රිලනිපයේ සාමාජිකයෙකු මෙන්ම අවුරුදු 13ක් මුළුල්ලේ පක්‍ෂයේ මහලේකම්වරයෙකුද වූ අයෙකු පක්‍ෂයේ නායකයා වූ විට පක්‍ෂයට හානියක් නොවනු ඇතැයි මම මෙන්ම පක්‍ෂ සාමාජිකයනුත් බලාපොරොත්තු විය. 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙනම ඡන්දය ඉල්ලිය යුතු යැයි අප අතර ප්‍ර‍බල මතයක් තිබුණද, ශ්‍රිලනිපය හා එජනිසය තුළින් අපි එම මැතිවරණයටත් තරග කලේ, මේ පක්‍ෂය රැක ගැනීමට අප තුළ තිබුණු උවමනාව නිසාය. ඒ වන විටත් අප තුළ ශ්‍රිලනිපයේ නව නායකත්වයේ ක්‍රියාකලාපය ගැන බරපතල සැක නොතිබුණා නොවේ.

ශ්‍රිලනිපයේ මේ නව නායකයා ජනාධිපති වූ විගස පාර්ලිමේන්තුවේ ආසන 43ක් පමණක් තිබුණු එජාපයට අගමැතිකම දීම නිසා ඒ වන විටත් පාක්‍ෂිකයන් තුළ තිගැස්මක් තිබුණි. ශ්‍රිලනිපයේ නායකත්වය ලැබීමෙන් පසුවවත් මේ එජාප නැඹුරුව වෙනස් වනු ඇතයි පක්‍ෂ සාමාජියන් බලාපොරොත්තු වුණත්, එවැන්නක් සිදු නොවීය. ඒ වන විට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් තිබුණු එජනිසයේ නායකත්වය ලැබීමෙන් පසු, නව නායකයා කළේ එජනිසයේ බහුතරයත් පාචිච්චි කරමින් යූඑන්පී ආණ්ඩුව පවත්වාගෙන යාමයි. එපමනක්ද නොව 2015 මාර්තු මාසයේදී එජනිස පාලනය යටතේ පැවති පලාත් පාලන ආයතන සියල්ල විසුරුවා, ඉදිරියට පැවැත්වීමට නියම වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී එජනිසයට වාසිදායක වූ සාධකයක් අපිට අහිමි කිරීමටත් නව නායකත්වය කටයුතු කළා. එවන් පසුබිමක් තුළ වුවත්, 2015 අගෝස්තු මැතිවරණය අපි එජනිසය යටතේම තරග කළේ, ශ්‍රිලනිපය නොබෙදා තබා ගැනීමට උපරිම උත්සාහයක් ගතයුතු නිසාය. එමෙන්ම නව ශ්‍රිලනිප නායකයා එජාපයේ ග්‍ර‍හණයෙන් ගලවා ගැනීමට හැකිවේ යැයි බලාපොරොත්තුවක්ද එදා නොතිබුණා නොවේ.

නමුත් 2015 මහ මැතිවරණය එජනිසය ජය ගන්නා බවට ළකුණු පහල වෙමින් පැවති අවස්ථාවේදී ශ්‍රිලනිප නායකයා කටයුතු කල ආකාරයෙන් පාක්‍ෂිකයන් බරපතල අපේක්‍ෂා භංගත්වයකට පත්විය. ඡන්දයට දින කීපයක් තිබියදී එජනිසය ඡන්දයෙන් දිණුවත් එහි ඡන්ද ව්‍යාපාරය මෙහෙය වූ මට අගමැතිකම දෙන්නේ නැති බවට විවෘත ලිපියක් ලියමින් ශ්‍රීලනිපයේ නව නායකයා කීවේ ඡන්දයෙන් ශ්‍රිලනිපය දිනුවත් ඔහු ජයග්‍ර‍ණය දෙන්නේ එජාපයට බවය. එයින්ද අපේ ජයග්‍ර‍ණය නැවැත්වීමට නොහැකි වේ යැයි ඔහු තුළ වූ සැකය නිසා ඡන්දයට පැය 48ක් තිබියදී ශ්‍රිලනිපයේ හා එජනිසයේ මහ ලේකම්වරුන් දෙදෙනාම ධූරයන් වලින් පහ කරනු ලැබුවේද ශ්‍රිලනිපයේ පරාජය තහවුරු කිරීමටය. මේ ආකාරයට ශ්‍රිලනිප නායකයාගේ උදවු ඇතුව 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණය එජාපය ජයගත් පසු වත්මන් ශ්‍රිලනිප නායකත්වය කලේ ශ්‍රිලනිපයේ මන්ත්‍රීවරුන් පිරිසක් යූඑන්පී ආණ්ඩුවට මුක්කු ගැසීමට යෙදවීමයි.

2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී තේරී පත්වුණු සියළුම මන්ත්‍රීවරුන් ජනතාව ඉදිරියේ පෙනී සිටයේ 2015 ජනවාරි 08 කුමන්ත්‍ර‍ණයට විරුද්ධවය. ඔවුන් සියළුදෙනාම ඡන්දය ඉල්ලුවේ මේ යමපාලන ආණ්ඩුවේ වැඩපිළිවෙලට විරුද්ධවය. එසේ පාර්ලිමේන්තුවට තේරී පත්වුණු මන්ත්‍රීවරුන් තිස් ගණනක් ශ්‍රිලනිප නායකත්වයේ ආරාධනය මත යූඑන්පී ආණ්ඩුවට මුක්කු ගැසීමට ඉදිරිපත් වී සිටීම ගැන මම කණගාටුවට පත්වෙමි. නමුත් ශ්‍රිලනිප හා එජනිස මන්ත්‍රීවරුන් 52 ක් තමන්ට 2015 ලැබුණු යමපාලන විරෝධී ජනවරමට ගරු කරමින් විපක්‍ෂයේ අසුන්ගෙන සිටී.

මෙසේ විපක්‍ෂයේ සිටින ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් විටින් විට, ඔවුන්ගේ ආසන සංවිධායක ධූර වලින් ඉවත් කිරීම දැන් අවුරුදු දෙකක් මුළුලුල්ලේ සිදු වී ඇත. ශ්‍රිලනිප පාක්‍ෂිකයන්ගේ ඡන්දයෙන් පත්කර ගනු ලැබූ අතිශයින්ම ජනප්‍රිය චරිත ආසන සංවිධායක ධූර වලින් ඉවත් කරමින් ශ්‍රිලනිපයේ නායකත්වය මේ කරන්නේ ශ්‍රිලනිපය ශක්තිමත් කිරීම නොව එජාපයේ ජය තහවුරු කිරීමට කටයුතු කිරීමය. අද වන විට එජාප ආණ්ඩුවට මුක්කු නොගැසීමේ වරදට ආසන සංවිධායක ධූර වලින් නෙරපා හැර ඇති ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් අතර, ප්‍ර‍සන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, ගීතා කුමාරසිංහ, ගාමිණී ලොකුගේ, සනත් නිශාන්ත, පියල් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු, මහින්ද යාපා අබේවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, ජගත් බාලසූරිය, සී.බී. රත්නායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ලොහාන් රත්වත්තේ, අනුර විදානගමගේ, සාලින්ද දිසානායක, මොහාන් සිල්වා, ටිකිරි අධිකාරී, ඩී.බී.හේරත්, කංචන විජේසේකර යන මන්ත්‍රීවරුන්ද වේ.

මේ ආකාරයට ශ්‍රිලනිපයේ ස්ප්‍රිත්තුව, ආසන සංවිධායකකම් වලින් ඉවත් කිරීමෙන් වාසිය සැලසෙන්නේ ශ්‍රිලනිපයටද නැතිනනම් එජාපයටද? මෙසේ ඊයේ පෙරේදා ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කළ ජනක බණ්ඩාර තෙන්නකෝන් මාතලේ දිස්ත්‍රික්කයේ ශ්‍රිලනිපය වෙනුවෙන් කළ මෙහෙවරවත් සැලකිල්ලට ගෙන නැති බව පැහැදිලිය. එතුමාගේ දිවන්ගත පියා ටී.බී.තෙන්නකෝන් ශ්‍රිලනිපයේ ආරම්භක සාමාජිකයෙකු මෙන්ම 1956 විප්ලවයේ පුරෝගාමීයෙකුද විය.  ලොහාන් රත්වත්තේ ඉවත් කිරීමට පෙර ඔහුගේ දිවංගත පියා ශ්‍රිලනිපයටත් රටටත් කල සේවය ගණන් ගෙන තිබෙනවාද? ශ්‍රිලනිප නායකයාගේ මේ වැඩ පිළිවෙල නිසා ශ්‍රිලනිපයේ ආසන සංවිධායක කමත් බාල්දු වී ඇති තරම ඩලස් අලහප්පෙරුම, ජනක වක්කුඹුර හා  රෝහණ දිසානායක ස්වේච්චාවෙන්ම තම සංවිධායක ධූරවලින් ඉවත් වීමෙන් පෙනේ. ප්‍ර‍මිත බණ්ඩාර තෙන්නකෝන් සිය පියාට වූ අසාධාරණය නිසා දෙවරක් නොසිතා තමාට තිබුණු පලාත් ඇමති ධූරයෙනුත් ඉල්ලා අස්විය.

පක්‍ෂයේ පතාක යෝධයින් ආසන සංවිධායක කම්වලින් ඉවත් කරමින් මේ ගෙන යන වැඩපිළිවෙල නිසා ශ්‍රිලනිපය දෙකඩ කිරීමේ සමපූර්ණ වගකීම පක්‍ෂ නායකයා භාරගත යුතුය. යූඑන්පී ආණ්ඩුවට මුක්කු ගසන මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායක කම් එසේම තිබියදී ආණ්ඩුවට විරුද්ධ මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායකකම් නැති කිරීමෙන් ශක්තිමත් වෙන්නේ ශ්‍රිලනිපයද නැතිනම් එජාපයද යන්න පොඩි ළමයෙකුට වුවත් තේරුම් ගැනීමට අපහසු නැත. තමන්ට 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබුණු ජණවරමට ගරු කරමින් විපක්‍ෂයේ සිටින ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවෙනුත් ඉවත් කොට ඇත. මේ කුමන ක්‍රියාමාර්ග ගත්තත් ශ්‍රිලනිප නායකයාගේ අනුග්‍රාහකත්වය යටතේ පවතින මේ දුර්දාන්ත ආණ්ඩුව දිනෙන් දිනම පිරිහීම වැලැක්විය නොහැක.

ශ්‍රිලනිපයේ මන්ත්‍රීවරුන් පිරිසකුත් ආණ්ඩුව ශක්තිමත් කිරීමට යෑමෙන් පසුත් ආණ්ඩුවට වැඩ බැරිනම්, බලා සිටියදී ගිලෙන ඔය නැවේ තවදුරටත් සිටින්නේ කුමටදැයි, ඒ ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්ද කල්පනා කර බැලිය යුතුය. ඡන්දයකදී කිසිදාක ශ්‍රිලනිපයට ඡන්දය නොදෙන, ජාතික දේශපාලන පක්‍ෂ මෙන් මැයි දිනය සමරන්නේ නැති, උතුරු නැගෙනහිර ජාතිවාදී පක්‍ෂවල සාමාජිකයන්ට නොමිලේ විනෝද සවාරි ලබා දී ගෙන්වාගෙන ඔලුගෙඩි පෙන්වා ජනතාව රැවටීමට උත්සාහ ගත්තත්, දිගින් දිගටම මේ ආණ්ඩුව ඡන්ද කල් දමමින් සිටන්නේ, ඔවුන්ට රට තුළ තිබෙන සැබෑ බලය ගැන අවබෝධයක් තිබෙන නිසා විය යුතුය.

මම 2015, අපට ලැබෙනු ජනවරම අනුව ‍මේ ආණ්ඩුවට එරෙහි විපක්‍ෂ බලවේගයට නායකත්වය දෙමින් මේ දුර්දාන්ත ආණ්ඩුව පරාජය කිරීමට කැප වෙන බව මෙහදී නැවතත් ප්‍රකාශ කර සිටමි. ශ්‍රිලනිපය එජාපයේ වලිගයක් බවට පත් කිරීමට විරුද්ධ සියළුම ශ්‍රිලනිප පාක්‍ෂිකයන්ටත්, මේ ආණ්ඩුවේ ජාතිද්‍රෝහී වැඩපිළිවෙලට විරුද්ධ මහජනතාවටද ගාලු මුවදොර මැයි රැලියට සහභාගී වී මේ ආණ්ඩුවට ප්‍ර‍බල පණිවුඩයක් යවන මෙන් මම ආරාධනය කර සිටිමි.

මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

4 Responses to “මා බාර දුන්නේ 2/3 බලැති ශ‍්‍රීලනිපයක්.. මෛත‍්‍රී ශ‍්‍රීලනිපය සහමුලින්ම වැනසුවා.. පක්‍ෂය දෙකඩ කලා..- මහින්ද සියලූ රහස් හෙලි කරයි..”

  1. Ananda-USA Says:

    Deshapremi Vipakshayata JAYAWEWA!

    Deshadrohi Para-Gathi Yamapalanaya BANGAWEWA!

  2. Sarath W Says:

    No use talking about what has already happened as we all know about them. I am a loyal and lifetime supporter of President Rajapaksa, but I am not an arse licker and have to tell the truth. MR had all the power and opportunity to make the country the paradise it was before the European pirates invades us. It is his bad judgement and the parasites around him that lead the country to this dangerous and unfortunate situation.

    Having said that, now he has the opportunity to show his fearless leadership once again on May Day. This is the day of all, weather you are a farmer, labourer, doctor, lawyer, engineer or a nurse, who use your body or the mind to make a living. Our living standards are dropping, our rights are taken away, there is no law and order, our ports are sold to foreigners, our national assets are for sale war heroes are in jail and threatened to be tried by foreign judges, trade deals with our biggest enemy, building a bridge to India to make it easy for “Kallathonis” just to walk to Sri Lanka, change the constitution to make it easy for EElamist to divide the country without an armed struggle are some of the isssues we all face today. These are some of the issues all of us face today, on May Day.

  3. ranjit Says:

    I too the same Sarath “lifetime supporter of our great President Mahinda Rajapaksa ” for his fearless approach to end the most ruthless terrorist movement in the world. He not only took the challenge but faced it with guts ignoring the threat’s of some world powers who sympathise with the terrorists. They were not just terrorists but a group with so much talent, money, and determination to eliminate innocent lives as much as possible to achieve their goals. This killer group got funds and training from abroad specially from India and some western countries. Thanks to our president he took some bold decisions and stood tall among nations to put a full stop to the most ruthless terrorism in the world.

    We know what he did and what went wrong. No need to explain. We know about the traitor very well how he stabbed you in the back and who helped this Ungrereatful creature to come to power. Nobody approve his work or things he does. He is just a spineless, boneless, brainless human being.
    Now, we know that still the most popular, charasmatic, strong and fearless leader we have in this country today is you but you should not repeat the same mistakes you did before. Remember to keep your faithful 51 members in the JO with you until we succeed achieving our goal getting power back to us real people’s party under your leadership. Do not take any of the Traitors back to your fold or give any important place under you. We need young energised, educated politicians whom you have now to take over our party. Don’t take any corrupt individuals close to you and get black mark again. We have enough young talent and needs only the leadership to guide them in the proper way. You still have the stamina and the will so be strong and healthy to take us forward and make our motherland great again. Long live Sinhala land. Fight to save our religion Buddhism.

  4. Ananda-USA Says:

    Sarath W and Ranjit,

    I love you guys for your patrio tic steadfastness!

    I could not be in better company!

    Never yield to unjust scheming Deshadrohiyas!

    Jayawewa!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress