රාජපක්‍ෂ රජය පෙරලන්න දිවිහිමියෙන් වැඩකල දූෂණ සභාපති උලපනේ සුමංගල හිමියන් ඥාණසාර හිමිගේ ඇප කටයුත්තට පෙරමුණ ගනී.
Posted on June 21st, 2017

ලංකා සී නිවුස්

මහින්ද රාජපක්ෂ රජය පෙරලා දැමීමට ක්‍රියාත්මක වූ සිවිල් සංවිධානයන් අතර එවකට ප්‍රබල චරිතයක් වු උලපනේ ශ්‍රි සුමංගල හිමි ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරින් පිරිසක් එම ආණ්ඩුව වෙනස් කිරීමෙන් පසුව එනම් 2016 ජනවාරි 14 වෙනිදා දූෂණ විරෝධී පෙරමුණ පිහිටුවා ගත්හ. විස්තරය මෙතනින්

එම දූෂණ විරෝධී පෙරමුණේ සභාපති ලෙස උලපනේ ශ්‍රි සුමංගල හිමියන් කටයුතු කරන අතර එහි ලේකම් ලෙස කීර්ති තෙන්නකෝන් කටයුතු කරයි. මෙහි කාර්යාලය රාජගිරියේ වැලිකඩ වත්ත පාරේ පිහිටුවා තිබෙන අතර එම කාර්යාලය ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශ්‍රිරාල් ලක්තිලක මහතාගේ රාජ්‍ය නොවන සංවිධානයට අයත් කාර්යාලයේ කොටසක මෙසේ පිහිටුවා ඇත. Link

එම දූෂණ විරෝධී පෙරමුණ පසුගිය රජයේ අමාත්‍යවරුන්ට මෙන්ම රජයේ නිලධාරින්ට විරුද්ධව පොලිස් විශේෂ මූල්‍ය අපරාධ කොට්ඨාසය FCID වෙත පැමිණිලි භාර දුන් අතර එහි පැමිණිලිකරු වශයෙන් ද උලපනේ ශ්‍රි සුමංගල හිමියනගේ සභාපතිත්වයෙන් යුත් දූෂණ විරෝධී පෙරමුණ කටයුතු කරයි. එවැනි කල පැමිණිලි එම පෙරමුණේ වෙබ් අඩවියෙන් Link

රාජපක්‍ෂ රජය පෙරලන්න දිවිහිමියෙන් වැඩකල දූෂණ සභාපති උලපනේ සුමංගල හිමියන් ඥාණසාර හිමිගේ ඇප කටයුත්තට පෙරමුණ ගනී..

එසේ දූෂණ විරෝධී පෙරමුණේ සභාපති ලෙස ක්‍රියාත්මක වන ජනාධිපති කාර්යාලය සමඟ නිරන්තරයෙන් සම්බන්ධකම් පවත්වන උලපනේ ශ්‍රි සුමංගල හිමියන් ගලගොඩාත්තේ හිමියන් සඳහා ඇප දීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් ඇප ලබාගැනිමෙන් පසුව මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කොට සිටිමෙන් පැහැදිලි වනුයේ මෙම සියලු ක්‍රියාකාරකම් පසුපස සිටින්නේ කවුදැයි මෙම සියලු විස්තර හැදාරිමෙන් මනා අවබෝධ කර ගත හැකිය. Link

 

4 Responses to “රාජපක්‍ෂ රජය පෙරලන්න දිවිහිමියෙන් වැඩකල දූෂණ සභාපති උලපනේ සුමංගල හිමියන් ඥාණසාර හිමිගේ ඇප කටයුත්තට පෙරමුණ ගනී.”

  1. Senerath Says:

    Whatever it is, both Ulapane Thero and the Governement has scored better in this case.
    Stupid advisers ruining Rajapakse again.

  2. Christie Says:

    ඥානසාර හා සෝබිත කලදේවල පලය තමයි අද තියෙන ඉන්දියානු අදිරදය පත්කල පාලකයෝ.

    නානසාර සින්හල බොදු, මුස්ලිම් හා කිතුනුවන් බේදකර ඉන්දියානු පරපෝසිත චන්ද කුට්ටියෙන් තමයි අද තියෙන රජය ආවේ.

    සෝබිත සින්හලයන් දෙකඩ කලා.

    ඉන්දියානු අදිරදය ඉතින් නානසාරටත් වැඩේදෙන්නවගේ.

    සී නෝර් කාරය දන්නවනෙ කතාව.

    හැබැයි දැන් බෝලෙ පෙරෙලෙන හැටි බැලුවම පේන්නෙ රට බෙදුවට පස්සෙ සින්හලයින්ගෙ ලොක්ක ඉන්දියාවේ උත්තර පෙදෙසේ වගේ සන්ඝ යෙක් වෙයිද?

    The way the ball is turning it looks like Gnanasara may be the person to run the Sinhala State of the Indian Union like in Uttra Pradesh of the Indian Union.

  3. Ananda-USA Says:

    ඔබ සිංහල නම් මේ වීඩියෝව බලන්න.
    https://m.youtube.com/watch?v=_EYzf54At6c

  4. Vaisrawana Says:

    Ulapane NGO himi is stealing a march on Gnanasara Thera’s natural allies in the real opposition on behalf of the yahapalanay. As in the case of the violent suppressing of stupid anti-SAITM demostrators, the government is killing two birds with one stone.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress