සිහිබුද්ධියෙන් අසාගත යුතු කියමන්….
Posted on July 23rd, 2017

තේජා ගොඩකන්දෙආරච්චි

ශ්රී ලංකාවේ අද සිදුවන සිද්ධීන් දෙස බලනවිට එය හරියට පෙනෙන්නේ ජිග්සෝ ප්රෙහෙලිකාවක කොටස් පරිද්දෙනි. මේ කොටස් එකිනෙක නියම පරිදි ගලපාගෙන, නිම තැන තබා ගන්නේ නැතිව, අද රටේ නියම තත්වය පෙන්නුම් කරන චිත්රය සම්පූර්ණ නොවෙයි. එමෙන්ම මේ කැබලි වෙන වෙනම තිබෙනවාට වඩා, එක කැබැල්ලක් හෝ මග හැරුනොත් එම අඩුපාඩුව වඩාත් නෙතට ලක්වන මුත්, එක කැබැල්ලක් දෙස පමනක් බලා චිත්රය ගැන පැහැදිලි අදහසක්ද ලබාගත නොහැක. එබැවින් මෙම කැබලි ගලපාගෙන චිත්රය සම්පූර්ණ කිරීමට උත්සාහ නොකර මෙම කැබලි එකින් එක අතගාමින් සිටීමද පලක් නොවන කටයුත්තකි.

මෙම රූපය හදන්නට පටන් ගන්නේ කොතැනින්ද? පලමුව අද දින (එනම් ජුලි 22) පුරවැසි බලය නම් සිවිල් සංවිධාන එකමුතුව සමග අගමැතිවරයා පැවැත්වූ රැස්වීමේදී ඔහු පැවසූ සහ පුරවැසි බලය නියෝජිතයින් අසා සිටි කතාව මීට උචිතම ආරම්භයයි. එහි මේ රට පිලිබඳව හැදෙන චිත්රයේ බොහෝ කරුණු අඩංගු වන බැවිනි. අගමැතිවරයා පවසන පරිදි 2015 දී ඔවුන්ට ලැබුනේණය වගුරක්‘, ‘කුඩු කන්දක්සහහොර ගුහාවකි. තමන්ව බලයට ගෙන ඒමට කටයුතුකල සිවිල් සංවිධානවලට, තමන්ව විවේචනය කිරීමට වුව රජය විසින් අවස්ථාව දී ඇත. මේ නිසා රට තුල ප්රජාතන්ත්රවාදය රැකී තිබේ. තමන් මේ විවේචනවලට ඇහුම්කන් දෙන්නෙමු. දූෂණ, වංචාවලට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව හරහා කටයුතු කරගෙන යයි. බුද්ධාගමට ප්රමුඛස්ථානය දී ඇති අතර අනිත් ආගම් ඇදහීමේ නිදහසද ලබා දී ඇත.

මේ සියල්ල හිස වනමින් අනුමත කරමින් අසා සිටින පුරවැසි බලය නියෝජිතයන් පිටතට පැමින පවසන්නේ, අගමැතිවරයා විසින් මෙම වංචා, දූෂණ පිලිබඳ විභාග ඉක්මන් කිරීමට පියවර ගන්නා බව පැවසුවාය යන දියාරු ප්රකාශයයි. අතර ප්රසිද්ධ මාධ්යයන්හි පටිගත කිරීම්වලට හසු නොවූ, රූපය පමනක් ඇති දර්ශන කිහිපයක්ද වෙයි. සාකච්ඡාව අවසන්ව අනිත් සාමාජිකයන් පිටතට යන අතරවාරයේ ගාමිණී වියන්ගොඩ සහ අගමැති අතරත්, සමන් රත්නප්රිය සහ අගමැති අතරත් සිදුවන කසුකුසු කැමරාවට හසුවී ඇත.

මේ කසුකුසුවලදී හෝ එලිපිට සාකච්ඡාවන ඕනෑම කරුණකදී කියැවෙන ප්රධානම දෙයක් නම් දැන් රට තුල ප්රජාතන්ත්රවාදය ස්ථාපිතව ඇති බවයි. ජනතාව එලිපිට අරගල කරන්නේ එහෙයිනි. මෙය හරියට සෞඛ් ඇමති පවසන, ඩෙංගු පැතිරීම වැඩිවීම යනු සංවර්ධනය වේගවත් වීමේ නිර්ණායකයක්ය යන්නය යන කියමන බඳුය. උද්ඝෝෂණ, විවේචන හරහා ජනතාව පාරට බසින්නේ, රජයක පවත්නා ජනතා විරෝධී ප්රවනතාවන්ට එරෙහිවය. අද මෙතරම් විරෝධතා ඇතිවන්නේ මේ රජයද ගෙනයන ජනතා විරෝධී ප්රතිපත්ති නිසාය. එවන් විරෝධතාවනට පහර දෙන නිර්දය ආකාරයද අප දුටුවෙමු. නියම ප්රජාතන්ත්රවාදයක් ඇතිවී තිබේනම් මෙසේ   උද්ඝෝෂණ කිරීමට හේතු නොතිබිය යුතු හෝ අවම විය යුතුය. එමෙන්ම එම විරෝධතාවන්ට පහරදීම හෝ, උද්ඝෝෂණවලට එරෙහි අණ පනත් හෝ උසාවි නියෝගයන් ලබාගෙන ඒවා මර්ධනය කිරීමට උත්සාහ නොගෙන, මේ ජනතා ඉල්ලීම්වලට සාධාරණ විසඳුම් ලබා දෙන්නට කටයුතුකල යුතුය. නමුත් මේ රජය යටතේද එය එසේ සිදුවේද

 

ඊලඟ කාරණය නම් මෙවන් විරෝධතා ඇතිවන්නට ඉඩහැර, ඒවා වාර්තා කීරීමට මාධ්යයන්ට ඉඩහැරීමත් තුල රජයට ලැබෙන වාසිය නම්ඔන්න අපි ජනතාවට ඉඩදීල තියනව නිදහස අපට විරුද්ධව උද්ඝෝෂණ කරන්නයන පණිවුඩය ලෝකයාට ලබාදීමේ අවස්ථාවය. අදහස් ප්රකාශ කිරීමේ නිදහස ජනතාවට තිබිය යුතුවාක් මෙන්ම අදහස්වලට සවන්දීමේ සහ ඒවා සලකා බැලීමේ නැඹුරුව රජයක් වෙත තිබිය යුතුය. ප්රජාතන්ත්රවාදය ස්ථාපිත වීයැයි කිව හැක්කේ එවිටය.

 

එමෙන්ම ජනතාව හඬගා ඉල්ලන මෙම ඉල්ලීම්වල නියම මුහුණුවර ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් ලෝකයට ලැබෙනවාද? උදාහරණයක් ලෙස 2016 දෙසැම්බරයේදී සිදුවූ හම්බන්තොට වරාය පිලිබඳ සිදුවීම් ශ්රී ලංකාවේ තත්වය පිලිබඳව වූ සමහර ජාත්යන්තර වාර්තාවන්හි සඳහන් වන්නේ මාධ්යවේදියාට සිදුකල ප්රහාරය නොමැතිවය. එම පහරදීමේ සිද්ධිය සම්බන්ධව අගමැතිවරයා දැරූ ස්ථාවරය වසන් කිරීම මෙන්ම එම විරෝධතාවනට හේතු වූ කරුණු පිලිබඳ යතාර්ථයද ලොවෙන් වසන් කිරීමට මේ රජය උපායශීලී වූවාද? නැතිනම් මේ රජය ජාත්යන්තරය ඉදිරියේ දක්වන නියාලු ප්රතිපත්තිය නිසාත්, රාජපක්ෂ රජය කෙරෙහි ජාත්යන්තරය දැක්වූ පැහැදිලි විරෝධය නිසාත්, ජාත්යන්තරය තමන්ට වුවමනා කොටස පමනක් ගෙන රජය එම චෝදනාවලින් නිදහස් කලාද?

 

එක්සත් ජාතීන්ගේ සංගමයේ නියෝජ් ලේකම්වරයා ජනාධිපති හමුවී රටේ තත්වය ගැන පැසසූ බව මාධ් තුල කියැවෙයි. නමුත් සයිටම් විරෝධී ශිෂ් සංගමයේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැරගෙන යාමට මහ දවාලේ, ප්රසිද්ධියේ උත්සාහ කලේත්, පිලිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ ඇමෙරිකානු තනාපති කාර්යාලයට ලිඛිත ප්රකාශයන් භාර දුන්නේත් දින දෙකකට පෙරය. අගමැතිවරයා තමන් විසින් රට තුල සහතික කරන ලද මාධ් නිදහස ගැන කයිවාරු ගසන විට මාධ්යවේදීන්ට හම්බන්තොටදී නාවුක හමුදාපතිවරයා විසින්ද, වත්තලදී ජෝන් අමරතුංග අමාත්යවරයා විසින්ද එල්ලකල ශාරීරික සහ වාචික ප්රහාරද, අගමැති හා ජනාධිපති විසින් නම් ගම් සඳහන් කරමින් මාධ් ආයතනයන්ට සහ මාධ්යවේදීන්ට එල්ලකරන තර්ජනයන්ද පිලිබඳව පෙරලා විමසන්නට මේ සිවිල් සංවිධාන ක්රියාධරයන්ට අමතක වූ බව පෙනේ. හැර මාධ් හමුවලදී මාධ්යවේදීන් නගන ප්රශ්න තුලින් හෙලිදරව් වන ඔවුන් වටා ඇති සීමා මායිම් ගැන ඔවුන්ටම වැටහීමක් ඇතිදැයි පැහැදිලි නැත. එමෙන්ම මේ මාධ් හමුවීම්වලදී නැගෙන ප්රශ්නවලට රජයේ නියෝජිතයන් ලබාදෙන පිලිතුරු තුල බොහෝවිට ප්රශ්නයෙන් ලිස්සා යාම හෝ ඔවුන් තුල නැගෙන කෝපය පිලිබිඹු වෙයි. මෙතුල තමන් පෙලන ගැටලුවලට මේ දේශපාලකයන් ලඟ ඇති විසඳුම් පිලිබඳව ජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතිය සීමාවේ නම් එතැන ඇති මාධ් නිදහස කුමක්දැයි අසමු

 

මීට ප්රථම සඳහන් වූ මාධ්යවේදීන්ට හෝ උද්ඝෝෂකයින්ට එල්ල වූ ප්රහාරයන්ට පසුබිම් වූ කරුණු දෙස බලන කල්හි රටේ ප්රජාතන්ත්රවාදය කෙතරම් දුරට රැකී ඇත්දැයි පැහැදිලි වේ. සයිටම් ආයතනය සම්බන්ධව රජය අනුගමනය කරන ක්රියා පිලිවෙතද, සයිටම්හි සභාපතිගේ චණ්ඩි කතාද, විශ්ව විද්යාල ශිෂ්යයන්ට පහර දුන් ආකාරයද, රටේ යම් හුදෙකලා සිදුවීම්වලදී පවා පොලිසිය හසුරවන ආකාරයද තුල පිලිබිඹු වන්නේ ජනතාව සතු ප්රජාතන්ත්රවාදී අයිතියට රජය පැත්තෙන් ලැබෙන ප්රතිචාරයයි. වෛද් ශිෂ් සංගමයේ රයන් ජයලත් පැහැර ගන්නට උත්සාහකල දා, ඊට පැය කිහිපයකට ප්රථම, ජපන් ආධාර මත ඉදිවූ ගල්ගමුවේ නව රෝහල විවෘත කරන්නට පැමිනි සෞඛ් ඇමති රාජිත සේනාරත්න කල කතාවෙහි, තමන් 2015 දී නව ජනාධිපතිවරයා පත්කර ගත්තේබෙල්ල දීලාබවද, තමන්ට එරෙහිව එන බලවේගවලට මෛත්රීයෙන්ම ප්රති ප්රහාර එල්ල කරන බවද සඳහන් විය. 80 දශකය අග භාගයේදී තමන්ට එරෙහි බලවේගයන්ට මෛත්රියෙන්ම ගසන හැටි ඔහු අපූරුවට පෙන්වූයේපීපල්ස් රෙවොලූෂන් රෙඩ් ආමිනොහොත්ප්රානැමති අර්ධ මිලිටරි කණ්ඩායමක් පිහිටුවාගෙන තරුණ තරුණියන් දඩයම් කිරීමෙනි. සමහරවිට දැන් වයසින් මෝරා ඇති නිසා ඔහුගේ කල්ක්රියාව මෛත්රියට හැරිලාවත්දැයි සිතුනත්, තමන් පරණ සතාම බව ඔප්පුකලේ එදිනම රයන්ව පැහැර ගැනීමට කල උත්සාහයෙනි. තමාගේ සිත්ගත් බාල වයස්කාර තරුණිය පැහැරගෙනවිත් අඹුකමට තබාගත් තම පුතාගේ ක්රියාකලාපය පවා අනුමතකල රාජිතට කොහොමත් මේ පැහැරගැනීම් අමුතු දේ නොවේ.

සිදුවීම වූයේ අද ඔහුගේ නිර්දය විවේචනයට ලක්වන පසුගිය රජය සමයේ ධීවර අමාත්යවරයාව සිටියදීය.

 

කෙසේ හෝ පසුගිය රජයේණය වගුරුඉහගෙන කෑ, ‘කුඩු කඳුමත, ‘හොර ගුහාතුල බඩ පිණුම් ගැසූ මිනිසුන්ම කොටසක් මෙසේ නව රජය පත්කර ගැනීමටද දායක වූ අතර, තවත් කොටසක් නව රජය පත්වූ පසු ඊට එකතු වූහ. එදා තිබූ කුඩු කඳුම අද එවරස්ට් කන්ද මෙන් වැඩෙමින් මේ වන විට ශ්රී ලංකාවද ලොව මත් ද්රව් ජාවාරමේ එක් ප්රධාන හුවමාරු මධ්යස්ථානයක් බවට පත්කර ඇත. දිවයින පුරා හිස එසවූ පාතාල ක්රියාකාරකම් අද වනවිට පාලනය කරගත නොහැකි තත්වයකට පැමින තිබේ. මෙම පාතාලයින් සහ දේශපාලකයින් අතර ඇති සම්බන්ධතාව අද ඊයේ නොවනාවල නිහාල්‘,’සොත්ති උපාලි‘,  ‘ගෝනවල සුනිල්වැනි උදවියගේ කාලයේ සිට පැවත ආයේය. අද රටේ සිදුවන හොඳ දෙයක සම්මානය පමනක් තමන්ගේ නමට බැර කරගෙන, නරක දේ ආරම්භක සමරු ඵලකය විවෘත කල තැනැත්තාගේ නමට බැර කරමින්, ‘අපි මේ ගෙවන්නෙ අහවලාගෙ පව්කියන දේශපාලන න්යායට අනුව නම් මේ පාතාලයේ භෞතීස්මයේ සම්මානය යා යුත්තේ 80 දශකයේදී මරණ දඬුවම නියමව සිටි ගෝනවල සුනිල්, විශේෂ ජනාධිපති සමාව යටතේ එලියට ගෙන ඔහුට සාම විනිසුරු පදවියක් පිරිනැමූ මෙන්ම මහාධිකරණ විනිසුරුවන්ට හූ කියවූ  ‘අහවලාටය‘.  දන්නෝ දනිති.

 

යාපනය අර්ධද්වීපය තුල හිස එසවූආවානම් පාතාල කල්ලියක ක්රියාකාරකම් මෙන්ම ජුලි 22 වන දා යාපනයේ මහාධිකරණ විනිසුරු එල්ලකර සිදුවූ වෙඩි තැබීමද, අද යාපනය පාලනය කරන්නේ කවුරුන්ද යන බවට සාක්ෂි දරයි. එක්තරා යුගයක එල්ටීටීයේ දරදඬු හස්තයේ පාලනය යට, දශක තුනක යුද්ධයකට මැදිව බැට කෑ උතුරේ ජනතාවට අද සිදුව ඇත්තේ පාතාල කල්ලියකට මැදිව අනාරක්ෂිතව දිවි ගෙවීමටය. රජයට අවංකවම සංහිඳියාවක් අවශ් නම් මේ පිලිබඳව කටයුතු කරනු විනා එම පාතාල කල්ලියේ වගකීමද හිටපු ආරක්ෂක ලේකම් වරයාගේ කරපිටට දමමින් සිටීමෙන් පලක් වේද? කෙසේ වුවද විජයකලා මහේස්වරන් ඇමතිවරිය කියන පරිදි එල්ටීටීඊ පාලන යුගයේ එම ජනතාව යම් අස්වැසිල්ලක සිටියා නම් අද එය අහිමිවී ඇත්නම්ද මේ ගැන වගකීම පශ්චාත් යුද සමයේ පාලන බලය දැරූ සියලු දෙනාටම පැවරෙනු ඇත.

 

හොර ගුහාගැනද කතා කරත් නම් නව රජය පත්වූ විගස, ඉතිහාස ගතවිය යුතු මහා වංචාවක් වන මහ බැකු බැඳුම්කර වංචාව ගැන මෙන්ම ඊට වගකිව යුත්තන් තනතුරු හා වරප්රසාදවලින් පුද දී මෙරටට රැගෙන ආවේ කවුද කියා ජනතාවට අමුතුවෙන් කිවයුතු නැත. පිරිසිදු පාලනයක් පතා නව රජයක් තෝරා පත් කරගත් ජනතාවට, බලයට පැනගත් විගස මෙසේ කොකා පෙන්නුවේ හොරකම යනු ශ්රී ලාංකික දේශපාලන සන්නාමය බව ඔප්පු කරමිනි. මහා මාර්ග ඇතුලු සියලුම අමාත්යංශවලින් දිනෙන් දින වාර්තා වන තොරතුරු මේ දූෂිත දේශපාලන ජිග්සෝවේ කැබලි මෙනි. ණය වගුරක් ගැන කතාකරන ගමන් රජයේ මැති ඇමතිවරුන්ට නිමක් නැති සුඛෝපභෝගී වාහනද, වෙනත් වරප්රසාද ලබා ගන්නට කිසිදු හිරිකිතයක් නොමැති අයුරින් මුදල් කඳු වෙන් කරන්නේ ජනතාව ජීවන වියදමේ බරින් මිරිකෙද්දීය. මේවා යලි යලිත් කතා කරන්නට දේවල් නොවන නමුදු, වගකිවයුත්තන්ගෙන් යලි යලිත් ප්රශ්න කරන්නට ඉඩක් නොමැති අතර අනිත් අතට ජනතාව මොනවා සිතා ගත්තත් ඔවුන්ට ගණනක් නොමැත. රටේ මේ පවතින ක්රමය හැඩගැසී ඇත්තේ අයුරිනි. ඉතින් මේවා පුරවැසියන් වෙනුවෙන් ප්රශ්න නොකර, අගමැති කියන සීතාම්බර පටයේ කතාන්දරයේ නව නිර්මාණය අසා සිට, කරබාගෙන එන මේ සිවිල් සංවිධාන සාමාජිකයන් සතුපුරවැසි බලය සීතාම්බර පටයේම තවත් එක අනුවාදයක් පමනක්මය

 

අතර ත්රිකුණාමළයේ වැවක් ප්රතිසංස්කරණයකල කෘෂිකර්මාන්තයට ශ්රී ලංකාව තුල ලබාදෙන්නට යන තැන ගැන කතා කරයි. වත්මන් කෘෂිකර්ම ඇමතිවරයාගේ පැටිකිරිය ගැන වෙනම කතාකල යුතුය. කෙසේ වුවද අස්වනු නෙලන කාලයට එය විකුණා ගන්නට නොහැකිව, ගබඩා කරන්නට ඉඩක් නැතිව, දෑසේ පිරුන කඳුලින් යුතුව අසරණවන වී ගොවීන්ද, එළවලු මලු පිටින් විසි කරන්නට සිදුවන එළවලු ගොවීන්ද, කිරි බිම දිගේ හලමින් විරෝධය පාන්නට සිදුවන කිරි ගොවීන්ද නොවිඳිනා දුක් විඳිති. හා සමාන්තරව සාමාන් ජනතාවට තම අතේ ඇති මුදලට තම මූලික ආහාර ටිකවත් සපයා ගැනීමට අසීරුය. වැව් ප්රතිසංස්කරණය කර ගොවීන්ට භාරදෙන ගමන් ජනාධිපතිවරයා පවසන්නේ තමන් තායිලන්තයෙන්, පකිස්ථානයෙන්, ඉන්දියාවෙන් සහල් ගෙන්වන ආකාරය ගැනය.

 

දිනපතා හෙලිදරව් වන වංචා, දූෂණ, පරිසර විනාශ කිරීම් සහ මේවාට ලැබෙන රාජ් අනුග්රහය කිසිසේත්ම රජය , මේ රජය කියා වෙනසක් නොමැති අතර කලින් කලට විවිධ මුහුණුවරින් ඒවා කරලියට එයි. දේශපාලකයන්ගේ පිල් මාරු නම් පෙර සිට අසන්නට ලැබුනත්, කොට්ඨාශ ක්රමය අනුව පාර්ලිමේන්තු එන්නට සිදුවූ යුගයක අදාල පිල් මාරුව ජනතාව ඉදිරියේ සාධාරණීකරනය කරන්නට පිල පැන්න තැනැත්තාට මෙන්ම, ඔහුව පිලිගන්නා පක්ෂයටද අභියෝගයක් තිබිනි. නමුත් අද පවතින ප්රජාතන්ත්රවාදය උඩ පාර්ලිමේන්තු නියෝජිතයෙකු ලෙස පත්වන්නට ජනතාවගේ මනාපයම අවශ් නොවේ. එමෙන්ම ඇමතිකමක් ලබාගන්නට දිනන පිලේම සිටිය යුතුය කියා නියමයක් නැත. අවශ් වන්නේ බලයේ සිටින නායකයාගේ මනාපය පමනි. මේ අර කියන ප්රජාතන්ත්රවාදයේ තවත් පැත්තක් වන අතර, ජනතා මනාපය සැහැල්ලුවට ලක්වන මෙවන් දේ කාගේ නිර්මාණද කියා කියන්නට අවශ් නොවේ. දිනෙන් දින කල් යන පලාත් පාලන මැතිවරණයෙන් පැවසෙන යතාර්ථය නම් තමන් ගැන තමන්ට විශ්වාසයක් නැති කමයි. තමන් පවසන තරම් මහ ලොකු සංවර්ධනයක් ඇති නම් මැතිවරණයකට යන්නට මෙතරම් බියක් දක්වන්නේ ඇයි?

 

රයන් ජයලත් පැහැර ගැනීමට තැත් කිරීම ගැන සරත් ෆොන්සේකා අපූරු සාධාරණීකරනය කිරීමක් කලේය. සුදු වෑන් තබා ගැනීම ගෝඨාභය රාජපක්ෂගේ පමනක් අයිතියක් නොවන බවය. මින් අපට වටහාගත හැකි කරුණු දෙකක් පවතී. එක්කෝ එකල චන්ද ගුණ්ඩුවක් ලෙස පාවිච්චි කලත්, සුදු වෑන් යනු අනිත් ඕනෑම පාටක වෑන් එකක් මෙන් සාමාන් එකක් විය යුතුය. නැතිනම් සුදු වෑන්ම යොදාගෙන කල විශේෂ කාර්යභාරය තමනුත් කරන්නට සූදානම් බවය.

 

දිනෙන් දින විවිධ සුලු පරිමාණයෙන් වුව පුවත් ලෙස ඉස්මතුවන ආර්ථික, සමාජීය, දේශපාලනික සහ පාරිසරික ගැටලු ජන ජීවිතයට අහිතකර ලෙස බලපාන්නේ අද නොව හෙටය. මීතොටමුල්ලේ කසල කන්ද කඩා වැටීම මෙන්ම අද වන විට සිදුවන ස්වභාවික ආපදා මීට උදාහරණ සේ දැක්විය හැක

 

ඉතින් මේ පුවත් තුල ගැබ්වන ඛේදනීය ප්රතිඵල එකින් එක ගලපා ගත්කල ශ්රී ලංකාවේ අනාගතය පිලිබඳ චිත්රය සම්පූර්ණ කරගත හැකිවනු ඇත.

 

එබැවින් මේ පුංචි පුවතක් වුව එතරම් අදාල නොවන සේ සලකා ඉවතලීම එතරම් නුවණට හුරු නොවන්නේ මේ බොහෝ දේ වැරදි දේශපාලන යාන්ත්රනයක් තුල ඇති කොටස් බැවිනි. දේශපාලනය යන විෂය කිසිවෙකුට තම ජීවිතයෙන් ගලවා ඉවත්කල නොහැකි නිසා ජනතාව ලෙස අපට ඇති අයිතිය නිවැරදිව භාවිතා කිරීමේ දැනුම අද පවතින කාලීනම අවශ්යතාවයයි.

 

2 Responses to “සිහිබුද්ධියෙන් අසාගත යුතු කියමන්….”

  1. Christie Says:

    The next Andaman and Nicobar Islands?. Or will it be Tobago? Fiji? Mauritius? Guyana?

    Genocide of Sinhalese by the Indian imperialists and Indian Colonial Parasites started in 1958 and continues.

  2. Fran Diaz Says:

    The PM has spoken about a ‘Naya vagura’, ‘Kudu kanda’ and ‘Hora guhawa’ that he has inherited.
    His govt has only enhanced some of those aspects, eh ?
    How about the Great Central Bank Scam and the ‘Crash & Sell’ program to suit foreign takers ?

    PATRIOTISM needed by the top leaders first and all others of Lanka.
    Then we will see real Progress.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress