කුම්බලා කරවාඩු කෑවා නම්……
Posted on August 4th, 2017

 තේජා ගොඩකන්දෙආරච්චි

මේ දිනවල රටේ සැමගේම අවධානය යොමුවී ඇත්තේ විදේශ කටයුතු පිලිබඳ අමාත් රවි කරුණානායකගේ කතා වස්තුව දෙසටය. එය බරපතල කාරණයකි. ඔහු මේ හොරකමට හවුල් වූයේ රටේ මුදල් ඇමතිවරයා වශයෙන් සිටියදීය. රටක මුදල් ඇමති යනු ජනතා ඇස වඩාත්ම වුවමනාවෙන් යොමුවී තිබෙන පුද්ගලයාය. , රටක ජනතාවගේ ජීවිතවල හැඩතල නිර්මාණය වනුයේ මුදල් අමාත්යවරයා විසින් වසරකට වරක් නොවැම්බරයේ මහාර්ඝ වස්තුවක් සේ පාර්ලිමේන්තුවට වඩම්මවාගෙන එන කලු බ්රීෆ් කේසය තුල ඇති කඩදාසි ගොන්න තුල ලියැවී ඇති දේ මත නිසාවෙනි. රටේ මූල් පරිපාලනය ඔස්සේ රටේ ක්ෂේත්රයන්ට වැයවන මුදල් ප්රමානය වෙන් කරන්නේ මුදල් අමාත්යංශය හරහා වෙයි. අනුව ක්ෂේත්රයන්ට දිය යුතු ප්රමුඛතාවය ගැන මුදල් අමාත්යවරයා වෙත මනා දැනුමක් තිබිය යුතුය. රටට ලැබෙන ආදායම් සහ වියදම් කළමණාකරනය කල යුතු වන්නේ මනා පරිපාලනයක් ඇතිවය. රජයක් යටතේ ඇති අනිකුත් අමාත්යවරුන්ගේ වගකීම, තමන් නියෝජනය කරන ක්ෂේත්රය රටේ සංවර්ධනයට උපරිම අයුරින් දායකවන පරිදි තම අමාත්යංශ වැය ශීර්ෂයන් පිලිබඳ තම යෝජනා සහ නිර්දේශයන් මුදල් අමාත්යංශයට ලබාදීමයි. එබැවින් අප අද සිතිය යුත්තේ මුදල් අමාත්යයංශය ගැන පමනද?

 

සංවර්ධනයයන වචනය කියනවා තරම් පහසු වචනයක් නොවේ. සඳහා තම තමන් නියෝජනය කරන ක්ෂේත්රය පිලිබඳ මනා දැනුමක් අවශ්යය. එබැවින් විෂයයන් සම්බන්ධව අමාත්යවරුන් පත් කිරීමේදී, ඊට ගැලපෙන හා සුදුසුම පුද්ගලයා පත් කිරීමේ වගකීම ඇත්තේ රටේ ප්රධානියා වෙතයි. අප, ජනතාව, නිකම්ම අමාත් මණ්ඩලය පත් කිරීම, සංශෝධනය කිරීම දෙස ඔහේ බලා සිටිනවා විනා, මේ ඇමති ගොල්ලන්ගේ සුදුසුකම් මොනවාද, මීට පෙර තමන්ට භාර දුන් වැඩ හරියට කලාද කියා සිතා බලා ඇත්ද? අනික රටේ පාලකයින්ට ජනතාව සිතන දෙයින් වැඩකුත් නැත්තේ, අද වන විට, පාර්ලිමේන්තුව තුල තම බලය ස්ථාවර කරගැනීම සඳහා, එහා පැත්තෙන් මෙහා පැත්තට පනින්නට කැමැත්තෙන් සිටින එකාට කුමක් හෝ විෂය කිහිපයක් පටලවා ඇමතිකමක් නිර්මාණය කරදී, ඊට අදාල යැයි සම්මත වූ වරදාන ගොන්නක්ද ලබාදීම පවතින ක්රමය බවට පත්ව ඇති නිසායි.

 

වර්තමානයේ මේ ඇමතිවරු ප්රමුඛතාවය දෙන්නේ තම අමාත්යංශයෙන් ඉලක්ක ගතවන ජනතාවට හෝ සංවර්ධනයට නොව තමන්ගේම පුද්ගලික සංවර්ධනයටය. ඉතින් අද සිදුවී ඇත්තේ මේ ධර්මතාවය, එදා මුදල් ඇමතිව සිටි සහ අද විදේශ ඇමතිව සිටින රවි කරුණානායකටද ඉතා දරුණු ලෙස බලපා තිබීමයි.

 

රවි කරුණානායකගේ දේශපාලන ජීවිතය ඇරඹෙන්නේ 1988 – 89 සමයේදී කොළඹ දිස්ත්රික්කයෙන් පාර්ලිමේන්තුවට තරගකල, අමාත් ලලිත් ඇතුලත්මුදලිට ක්රියාකාරීව සහාය ලබා දීමෙනි. 1991 දී, ලලිත් ඇතුලත්මුදලි ඇතුලු දස දෙනෙකුට ජනාධිපති ආර්. ප්රේමදාසට විරුද්ධව කටයුතු කිරීම හේතුවෙන් පක්ෂයෙන් එලියට බසින්නට සිදුවූ විටද, ඔවුන් ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ පිහිටුවාගත් විටද, ඔහු ඇතුලත්මුදලි සමගම සිටියේය. 1993 දී ඇතුලත්මුදලි මහතා ඝාතනයට ලක්වූ පසු ප්රඑජාපෙ පක්ෂ නායකයා බවට පත්වූ ගාමණී දිසානායක, 1993 දී, ජනාධිපති ප්රේමදාස ඝාතනයට ලක්වීමෙන් පසු, යලි එක්සත් ජාතික පක්ෂයට එකතු වූයෙන් පක්ෂ නායකකම ශ්රීමනී ඇතුලත්මුදලි මහත්මියට භාර විනි. 1994 දී පැවති මහ මැතිවරණයේදී චන්ද්රිකා කුමාරතුංග සමග සන්ධාන ගතවූ ප්රඑජාපෙලලිත් පිලට ජාතික ලැයිස්තුවෙන් ලද ආසන දෙකින් එකක් ලබාගැනීමට තරම් වනවිට රවි, ඇතුලත්මුදලිවරුන්ගේ විශ්වාසය දිනාගෙන සිටියේය

 

1996 දී යම් මත ගැටුම් නිසා, ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග විසින් ශ්රීමනී ඇතුලු පිරිස සන්ධානයෙන් නෙරපාහැරි කල්හි රවි, යලිත් එජාපය හේත්තු වුනේ තම දේශපාලන අනාගතය ගැන තුන් කල් බලා වියයුතුය. ඔහුට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු අසුනක් පිරිනැමුවේ එක පක්ෂයකින් වුවද, පසුව එම අසුනේ සිටම විරුද්ධ පක්ෂයට එක්වීමට නීතිමය බාධාවක් නොවීය. අනුව යම් යම් අවස්ථාවන්හි එජාපයට සහාය දෙමින් ස්වාධීනව කටයුතුකල රවි, 1999 දී පාර්ලිමේන්තුව විසුරුවා හැරි කල්හි ඍජුවම එක්සත් ජාතික පක්ෂයට එක්විය. පසුව 2001 දී බලයට පැමිනි නව එජාප රජය යටතේ ඔහු  වෙළඳ, වාණිජ හා පාරිභෝගික කටයුතු ඇමතිවරයා ලෙස පත් කරනු ලැබූයෙන් ඔහුට තම අතීත ප්රධානියා වූ ලලිත් ඇතුලත්මුදලි විසින් හැසිරවූ විෂය පථයම අතපත ගාන්නට අවස්ථාව ලැබුනි. සංවර්ධන ලොතරැයිය, මහපොල ශිෂ්යත්ව අරමුදල, මහපොල ලොතරැයිය වැනි දේ හි නිර්මාතෘ ඇතුලත්මුදලි මහතාය. එදා 80 දශකයේදී ලලිත්ට ලංව සිටි අවධියේදීද ඔහු මේ මුදල් උල්පත් දෙස බැල්ම හෙලාගෙන ඉන්නට ඇත. මුදල් ඇමතිවරයා ලෙස පත්වෙද්දීද මේ ආයතන ඔහුගේ අමාත්යංශයෙන් ආවරණය වන විෂය පථය යටතට ගත් ඔහු විදේශ ඇමතිවරයා වශයෙන් පත්වීම ලබන විටද යලිත් එම ආයතන තමන් යටතට ඉල්ලා අරගල කලේය. , එම ආයතන බිහිවීමට මුල්වූ සංකල්පයන්හි හිමිකාරයා තමාය කියා සිතා ගත්තාක් මෙනි. නමුත් පෙනෙන අද්දමට ඉතාම සීමිත පරාසයක කොටුවූ දැනුමක් සහිත මොහුට මුදල් පිලිබඳව ඇති කෑදරකම විනා, එවන් වටිනා අදහස් පහල වේදැයි සැක සහිතය. සත් වේවා, අසත් වේවා එක වරක් මම අන්තර්ජාල පුවත්පතක යමක් දුටුවෙමි. , ඇතුලත්මුදලි මහතාගේ එකම දියණිය වන සරළා ඇතුලත්මුදලි පිලිබඳව වූ පුවතකි. තුල ඇයට තම මියගිය දෙමව්පියන් වෙතින් උරුම වන්නට තිබූ කොළඹ ෆ්ලවර් රෝඩ් හි තිබෙන නිවස ආදී දේපොලවලට අත්වූ ඉරණමයි. මේ පුවතටද කෙලින්ම සම්බන්ධව තිබුනේ මේ පුද්ගලයාගේ නමය. අවාසනාවට මේවායේ ඇත්ත නැත්ත සොයන්නට කෙනෙකු නැත. මහපොල ශිෂ්යත්ව මුදලින් තම වියදම් සෑහෙන කොටසක් පිරිමසාගන්නා විශ්ව විද්යාල ශිෂ්යයන්ටද ඇතුලත්මුදලි නාමය අමතක වී නම්, ඔහුගේ දියණිය ගැන කවර කතාද?

 

ඔහු තම වෘත්තීය ජීවිතය ඇරඹුවේ ඩෙල්මේජ් සමාගමේ ගණකාධිකාරීවරයෙකු ලෙසය. එය අප රටේ මිම්මෙන් හොඳ රැකියාවක් නමුදු, ඩෙල්මේජ් සමාගමේ ලොකුම ලොක්කාටවත් තම බිරිඳ විසින් මාසිකව වියදම් කරන මුදල්වලින් රුපියල් ලක්ෂ 14 ක් නොපෙනී මග හැරෙන්නට තරම් සල්ලි උතුරනවාය කියා සිතන්නට හේතුවක් නැත. ඇමතිවරයෙකුට එසේ සල්ලි උතුරා ගියේ කෙසේද? මේ අතිශය වංචා සහගත, නීච මූල් අපහරනයන් රටේ මුදල් ඇමතිවරයා අතින්ම සිදුවීම ගැන මොහුට මනාප කතිරය ගැසූ මිනිසුන් ලැජ්ජා විය යුතුය. මුදල් ඇමතිවරයා ලෙස, අගමැතිවරයා ලඟට පසුගිය රජයේ ණය පිලිබඳ අඬෝවැඩියාව ඇසුනේ රවිගේ මුවිනි. දැන් ඉතින් විදේශ අමාත්යවරයා ලෙස අද ලෝකය හමුවේ ශ්රී ලංකාව නියෝජනය කරන්නේ මෙවන් මිනිසෙකි. මේ තරම් දෙයක් වී තිබියදීත් බැඳුම්කර කොමිසමේ සිට එලියට අවුත් ඔහු පවසන්නේතමා වැනිප්රබලඇමතිවරයෙකු නීතිය හමුවට ගෙනෙන්නට තරම් තම රජය ප්රජාතන්ත්රවාදී වී ඇති බවත්, පසුගිය රජය සමයේ එවන් දෙයක් වුනා නම්සුදුවෑන්එනු ඇති බවත්. ඊලඟට මනෝ ගනේෂන් ඇතුලු පිරිස මේ තැටියම වාදනය කරති. මොවුන් සිතා සිටින්නේ ජනතාවට අවශ්යව තිබුනේ මෙවන් ප්රජාතන්ත්රවාදයක්ය කියාද? අතට යටින් ගහන ක්රමය වෙනුවට එලිපිට ගහන ක්රමයක්? කොහොම ගැහුවත් තමන් තම සුඛ විහරණය සඳහා ලැජ්ජා නැතිව සොරකම්කර, තව කයිවාරුත් ගහන්නේ ජනතාවට අයිති මුදල් ගැනය.

 

දැන් ඉතින් රවිට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂය සූදානම්ය. මෙයට දැනට තිස් ගණනක් අත්සන් කර ඇති අතර රජය පැත්තෙන් සහ විපක්ෂයෙන් අත්සන් කරන්නට සිටින සංඛ්යාව මෙපමන වේයැයි කියවේ. මාධ් සාකච්ඡාවලදීද කතා කරන්නේ මේ ගැනය. සමාජ මාධ් ජාලාද පිරී ගොස් ඇත්තේ රවි පිලිබඳ පුවත්වලිනි.

 

එක අතකට මේ රවි කරුණානායක පිලිබඳ පුවත රජයට ආශීර්වාදයකි. මන්ද තුල හම්බන්තොට වරාය චීනයට දීම ගැන කතාව යටපත්ව ගියේය. ත්රිකුණාමල වරාය ආශ්රිත තෙල් ටැංකි ඉන්දියාවට පැවරීම ගැන දැන් ඇසෙන්නේත් නැත. මහඉලුප්පල්ලමේ කෘෂි පර්යේෂණ මධ්යස්ථානය ඇතුලු අක්කර 300 ක් බංග්ලාදේශයට පැවරීම ජනතාවට ඇසුනාද කියාවත් නොදනිමි. හිල්ටන් හෝටලය ඇතුලු ආයතන කිහිපයක රජයට අයත් කොටස් විකුණා දමා ඇති බව පැවසෙයි. මේ වසර අවසන් වන්නට පලමුව මත්තල ගුවන් තොටුපල ගැනත් තීරණයක් ගන්නා බව අගමැතිවරයා පවසන්නේ තම බිරිඳ සතුව ඇති අනවශ් බඩු මුට්ටුවක් විකුණා දමන්නාක් බඳු සැහැල්ලුවකිනි. දැනට රවී දෙස බලා සිටින රට මේ ගැන ඇවිස්සෙනු ඇත්තේ විකුණන්නට හදන විටය. එවිට පෙරහර ගිහින් තිබෙනු ඇති බව නම් පැහැදිලිය. මේ අයුරින් රවි කරුණානායකව බෙල්ලෙන් අල්ලා ජනතාව ඉදිරියට පාගෙන සිටින විට තිරයට මුවාවී සිදුවන දේ ගැන ජනතාවට හැඟීමක් නැත.

මේ ගැන පක්ෂ, විපක්ෂ දේශපාලකයන් විවිධ දේ පවසති. චන්ද්රිකාගේ රජය සමයේදී සමෘද්ධියෙන් මුදල් ගසා කා රුපියල් ලක්ෂ 600 මාළිගා ඉදිකල එස්. බී. දිසානායකද තම කට හරවමින් මේ ගැන කතා කරයි. ඒකාබද්ධ විපක්ෂයේ සිටින අයවලුන්ට මෙම චෝදනාවලින් නිදහස්විය හැකිද? මෙතැන ඇත්තේ ප්රමානයේ සාපේක්ෂතාව පමනි. වරක් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්යවරයා පැවසුවේ මන්ත්රීවරයෙකුට, ඇමතිවරයෙකුට ලැබෙන වැටුප ඔවුන්ට ජීවත් වීමට ප්රමානවත් නැති බවයි. ඉතින් තත්වය මෙසේ තිබියදී මොවුන් මෙවන් සැප පහසුකම් විඳින්නේ කෙසේද? ඔහුගේම අමාත්යංශය හරහා තම දියණියට අයත් ඉදිකිරීම් සමාගමකට පවරනු ලබන රුපියල් මිලියන ගණන් වටිනා කොන්ත්රාත් ගැන ඇසුනේ වරක් දෙවරක් නොවේ. පසුගිය රජය සමයේ ධීවර හා ජලජ සම්පත් ඇමති ලෙස අයථා අන්දමින් මහා ධනස්කන්ධයක් ඉපයූ රාජිත සේනාරත්න අද සෞඛ් ක්ෂේත්රයම අනතුරේ හෙලන ගමන් නූතන සේනක බිබිලේ ලෙස අභිෂේක වන්නට දඟලයි. මේ සියලු දෙනා සම්බන්ධව කියන්නට කතාවක් ඇත.

 

මේ විශ්වාසභංගයට කවුරුන් අත්සන් කරනු ඇත්ද? රජය පාර්ශ්වයෙන්? සමහරවිට ප්රායෝගික වශයෙන් කෘෂිකර්මයට කිසිදු සේවයක් නොකරන නමුත් තම අමාත්යංශය සඳහා සිනමා නිලියකගෙන් කුලියට ගත් ගොඩනැගිල්ලට රුපියල් කෝටි ගණන් මාසිකව කුලී ගෙවන කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක, විල්පත්තුව වැනි මිල කල නොහැකි වන සම්පත් මන්ද බුද්ධිකයන් ලෙස හෙටක් ගැන නොසිතා වනසන රිෂාඩ් බදුර්දීන්, උමා ඔය ව්යාපෘතිය නිසා දහස් ගණන් ජනතාව උන්හිටි තැන් අහිමිව පාරට වැටෙද්දී එහි වගකීම මේ අතට දමා ගසන උදවිය මේ අතර සිටිනු ඇත.

 

මෙයද රජයේ තරු පහේ ප්රජාතන්ත්රවාදය ප්රදර්ශනය කරනුවස් රඟ දක්වන තවත් නාට්යයක පිටපතක් මිස වෙනත් යමක් නොවේ යැයි මසිත පවසයි. ජනතාව මේ නාටකය බලා සිටිනවිට යටපත්ව යන බොහෝ දේ තුල රජයට ගතහැකි වාසිද බොහෝය. වරාය විකිණීමේ බර අඩුවනු ඇති අතර සයිටම් ප්රශ්නය ගැන ජනතා අවධානය මඳකින් හෝ ගිලිහී යනු ඇත. අනිකුත් රාජ් දේපොල විකිණීමට අත්තිවාරම දැනටමත් දමා ඇතිවා නියතය. ඊලඟට රවිට දොස් පැවරීම තුල සුද්ධවන්තයන් වීමටද තවත් පිරිසකට හැකිවනු ඇත.

 

මේ සියල්ල මැද විස්වාසභංගය ගෙනාවත් එජාපය නම් තීරණය කරනු ඇත්තේ පක්ෂයක් විදියට චන්දය දීමටයි. ශ්රීලනිපයට නම් විය හැක්කේ, පසුගිය දිනවල ආණ්ඩු පෙරලියට 113 රැස්කල කතාවේ අනිත් එකම වියහැක

 

කෙසේ වුවද මහ බැංකු බැඳුම්කරයෙන් ගසා කෑවොත්, මහජන මුදල්ය. අර කවුදෝ දෙශපාලකයෙක් කීවාක් මෙන්ව්යාපෘති වලින් නම් තව කමක් නෑකියා බේරෙන්නට බැරි පරම්පරා ගණන් ගෙවිය යුතු ණය නිසාය. ඒවා ගෙවන්නේ ඔවුන්ගේ පරම්පරාවන් නොවේ. රටේ ජනතාවය.

 

ඉතින් මේ ජරාව කන සූකර දේශපාලන ක්රමය අවසන් කල යුතු බව අදිටන් කල යුත්තේද මහජනතාවමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress