මේ දුෂ්ඨ ආණ්ඩුවේ භික්ෂුව විනාශ කිරීමේ කුමන්ත්‍ර​ණ හෙළිදරව්වක්
Posted on October 16th, 2017

සෝමපාල සෙනරත්

සියලු සිංහල බෞද්ධයින් ගේ දැනගැනීම පිණිසයි.

කරුණාකර මේ කාරණය කිසිම විපක්‍ෂයක හෝ දේසපාලුවෙකුට වාසි වෙනලෙස කටයුතු නොකරන ලෙසද ඉල්ලමි.

මේ සඳහා මේ වීඩියෝවේ පෙරමුණ ගෙන ඇති ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් අනුවම කටයුතු කරනමෙන්ම ඉල්ලා සිටිමි.

වන සංරක්ශන දෙපාර්තමේන්තුව වනගත භික්‍ෂූන් වහන්සේලා නෙරපා දැමීමට කටයුතු දියත් කර ඇති බව කිසිදා බොරු නොකියන මේ ස්වාමීන් වහන්සේලාගේ  කතාවෙන් පැහැදිලි වේ.

දැනට අවුරුදු 50ක කාලයක් තිස්සේ පවත්වාගෙන යන මීතිරිගල නිස්සරණ වනයට නඩු දැමීමට තරම් මේ දුෂ්ථයින් නිර්භය වී ඇත.

මේ අතර විල්පත්තුවේ මහවනය හෙලිකොට මුස්ලිම් වරුන්ට ( දේශීය හෝ විදේශීය​) නිවාස සංකීර්ණ ඉදිකිරීමට පසුගිය ආණ්ඩුවෙන් දියත් කල ‘ජස්සිම් සිටි’ ව්‍යාකෘතිය දිගටම ගෙනයෑමටත් තවදුරටත් ව්‍යාප්ත කිරීමටත් මේ ආණ්ඩුවත් ඉඩදී ඇත​.දුෂ්ඨ ආණ්ඩුව මෙසේ කරණ අතර තවත් පිරිසක් භික්‍ෂූන් වහන්සේලා මුදල් පිණ්ඩපාතයේ යැමට කටයුතු කිරීමද බුද්ධාගම විනාශ කිරීමේ එකම කුමන්ත්‍ර​ණයේ තවත් කොටසක් ලෙස සැලකිය හැක​. ව්‍යවස්ථාවෙන් බුදුදහම පෝශනය කලයුතු යයි ප්‍ර​තිඥා දී ඇති අතර මොවුන් කරන්නේ මේවා ද ? එසේ නම් බොරුවට මේවට සටන් කරන අයට මේවා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමට කොන්දක් නැද්ද?

වන සේනානසණ පණතක් ගේනවායි කිවූ චම්පික රණවක එය නොගෙනාවේ ඇයි?

මීට අමතරව බුද්ධාගම ආරක්‍ෂා කිරීමේ හරිමග ගැන මේ දේශනා වලින් පැහැදිලිවන බැවින් කරුණාකර මෙයට සම්පූර්ණයෙන්ම සවන් දෙන මෙන් ඉල්ලා සිටිමි.

2 Responses to “මේ දුෂ්ඨ ආණ්ඩුවේ භික්ෂුව විනාශ කිරීමේ කුමන්ත්‍ර​ණ හෙළිදරව්වක්”

  1. Senerath Says:

    “නිස්සරණ වනයත් කැලයක්, ඒක මහ හොර ගුහාවක් ” කියා කිවුවේ හෝ ප්‍රශ්නකලේ කවුද ? හොර ගුහාවක් බව ඔප්පු කිරීමට නොහැකිනම් ‘අපහාස​’ නඩුවක් දැමිය හැකිය​. මේ සඳහා කටයුතු කිරීමට සිංහල බෞද්ධ නීතිඥයෝ වහා කටයුතු කල යුතුය​.

  2. Senerath Says:

    Here is the DEVIL

    පරිසර නීති තව දැඩි කරනවා – ජනපති පවසයි

    පරිසර නීති රීති තවත් ශක්‌තිමත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (16 වැනිදා) අවධාරණය කළේය.

    පරිසරය රැක ගැනීම වෙනුවෙන් එය වහා කළ යුතුව ඇති බවත් හෙතෙම කියා සිටියේය.

    පරිසරය රැක ගැනීම වෙනුවෙන් රජය පොලිතින් තහනම් කළ අවස්‌ථාවේදී පොලිතින් නිෂ්පාදකයන් ඊට එරෙහිව පෙළපාලි ගිය බවත් සිහිපත් කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එවැනි පරිසර හිතකාමී තහනමකට එරෙහිව පෙළපාලි ගිය ලෝකයේ පළමු රට ශ්‍රී ලංකාව බවත් කියා සිටියේය.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම අදහස්‌ පළ කළේ කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (16 දා) පැවැති zහරිත සම්මාන 2017Z උත්සවයේදීය.

    සිරිමන්ත රත්නසේකර

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress