ව්‍යවස්ථාවේ මායාව
Posted on October 31st, 2017

තේජා ගොඩකන්දෙආරච්චි

ව්යවස්ථාව නම් කඩදාසි ගොන්න පිලිබඳව මේ දිනවල ඇතිවූ කතාබහ බොහෝය. ආණ්ඩුක්රම ව්යවස්ථාවක් යනු අදාල රටේ රටවැසියන්ගේ යහපැවැත්මට බලපාන, පාලකයන් විසින් අනුගමනය කරමින් ස්ථාපනය කලයුතු යම් ප්රතිපත්තීන් අඩංගු වැදගත් ලියැවිල්ලකි. ඕනෑම සාමාන් රටවැසියෙකුට, ව්යවස්ථාවක් ඔස්සේ සහතික කරනු ලබන තම අයිතිවාසිකම් පිලිබඳව හැඟීමක් තිබීම වැදගත්ය. නමුත් වසර විස්සකට වඩා රටේ විවිධ පලාත්වල, විවිධ ජීවනෝපායයන්හි නිරතවන ජන කොටස් අතර ප්රායෝගිකව කල් ගෙවීමේදී අත්දකින්නට ලැබුනු දේවල් සමග ගලපාගත් කල, මෙවන් ව්යවස්ථාවන් ජනතාව වෙත බලපාන අන්දම ගැන පැහැදිලි අදහසක් මා තුල තිබේ. අදහස් සමග පසුගිය දෙවසර පුරාවිද්වතුන්ව්යස්ථා කෙටුම්පත් සඳහා ජනතා අදහස් රැස් කරන්නටය කියා රටපුරා ඇවිද 2000 ගේ අදහස් පොදු මතයක් සේ ඉදිරිපත් කිරීම කෙතරම් දුරට ගැලපේදැයි නොදනිමි.

 

මට මතක ඇති කාලයේ වැදගත් ව්යවස්ථාමය වෙනසක් සිදුවුනේ 1972 දී . අනුව සිරිමා බණ්ඩාරනායක යුගයේදී, ශ්රී ලංකාව 1972 මැයි මස 22 දා පටන් පූර්ණ නිදහස් ජනරජයක් බවට පත්විය. වෙනත් වචනයෙන් කිවහොත් 1948 දී රප රටට නිදහස ලැබුන බව අප පැවසුවද ශ්රී ලංකාව පූර්ණ ස්වාධීන රාජ්යයක් බවට පත් වූයේ එදිනය. එදා කුඩා දරුවන් වූ අප පාසලේදී කැවුම් කිරිබත් කා එම අවස්ථාව සැමරුවේ මේ ගැන හැඟීමක් නැතිවය. නමුත් මට එක දෙයක් නම් මතකය. 1970 දී පාසලේකුඩා මිතුරිකණ්ඩායමේ සාමාජිකත්වය ලබා ගැන්මේ අවස්ථාව මා හට හිමි විය. අපගේ දුඹුරු පැහැ ටයි පටියේ පලඳවනු ලැබූ පදක්කම ශ්රී ලංකාව හැඩයේ වුවද, සඳහා අප ලබාදුන් දිවුරුමේ කොටසක විශේෂයක් විය. ‘I promise to do my best to my religion, Queen and country ……’ ආදී වශයෙනි. නමුත් 1972 න් පසුව ‘Queen’ කොටස නැතිවිය. මෙය එදා 1972 දී ශ්රී ලංකාව ලැබූ පූර්ණ ස්වාධීනත්වයේම ප්රතිඵලයක් බව වැඩුන පසු මම සිතා ගතිමි. ඉන්පසු කාලයක් යනතුරු මැයි 22 වන දිනයජනරජ දිනයනමින් රජයේ නිවාඩු දින අතරට එක්වූ අතර 1977 ආණ්ඩු පෙරලියෙන් පසු එයජාතික වීර දිනයබවට පත්වී, තවත් ටිකක් කල් ගියවිට නිවාඩුව අහෝසි වී ගියේය. මේ මගේ මතකයේ සටහන් වූ පලමු ව්යවස්ථා සංශෝධනයයි.

 

මතකයට නැගෙන දෙවන ව්යවස්ථා සංශෝධනය සිදුවුනේ 1978 දී . 1977 දී ජනතාව අගමැති වශයෙන් තෝරා පත් කරගත් ජේ. ආර්. ජයවර්ධන තමන්ට පාර්ලිමේන්තුව තුල හිමිවූ 5/6 බලය උපයෝගී කරගෙන ව්යවස්ථාව සංශෝධනය කරමින් පූර්ණ විධායක බලතල සහිත ජනාධිපතිවරයා බවට පත්වූ අවස්ථාවයි. අනුව ඔහුශ්රී ලංකා ප්රජාතන්ත්රවාදී ජනරජයේ අතිගරු ජනාධිපති උතුමාණන්බවට පත්විය. සමගම, විධායක බලතල තුල තමන්ට කල නොහැක්කේ පිරිමියෙකු, ගැහැණියක බවට පත් කිරීමත්, ගැහැණියක, පිරිමියෙකු බවට පත් කිරීමත් පමනක් බව පවසමින් ජනාධිපති උදම් අනන්නට වන්කල, මේ ව්යවස්ථාවේ ඇති අන්තරාදායක බව යම් බුද්ධියක් සහිත අයට දැනෙන්නට ඇත. ඉන්පසු ගෙවුනු 16 වසර පුරා අප මේ විධායක බලතලවල රසය අත් වින්දේ, අපද දිනෙන් දින වයසින් හා අත්දැකීම්වලින් වැඩුනු නිසාය. අතර 1977 දී ආසන 165 ක් තිබූ පාර්ලිමේන්තු මන්ත්රී ආසන සංඛ්යාව, 225 දක්වා වැඩිවීම, මැතිවරණ කොට්ඨාශ ක්රමය වෙනුවට දිස්ත්රික් පදනම හා මනාප ක්රමය ඇතිවීම ආදී දේ දෙස බලන කල්හි, මේ කාලය තුල ඇතිවූ යම් යම් සංශෝධන ගැන අදහසක් ගත හැකිය.

 

ඉන්පසු යලිත් මතකයේ රැඳෙන සංශෝධනයක් අැතිවුනේ 2014 දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් තමාට තෙවන වරටත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට අවශ් කරුණු ඇතුලත් කරගත් අවස්ථාවේය. 1972 න් පසු සිදුවූ ව්යවස්ථාමය සංශෝධන, මගේ දැනීමේ හැටියට රටවැසි ජනතාවගේ අභිවෘද්ධිය ගැන සිතා සිදුවූ දේ නොව තම තමන්ගේ පුද්ගලික සංවර්ධනය උදෙසා දේශපාලකයන් විසින් සිදු කරගත් ඒවාය. අද උතුරු නැගෙනහිරට ෆෙඩරල් ලබා දීමේ කතාවද එයම වේ. මෙතැනදී යහපාලන රජය සුලු ජාතික චන්ද පදනම හරහා තම පැවැත්ම තහවුරු කර ගැන්මට බලාසිටින අතර, මේ ෆෙඩරල් හරහා සිදුවනු ඇත්තේද උතුරු නැගෙනහිරට ප්රාදේශීය වශයෙන් තවත් තක්කඩි දේශපාලකයන් රැලක් බිහිවීම (දැනටමත් බිහිවී තිබේ) මිස වෙනත් යමක් නොවේ.

 

1989 දක්වා ජයවර්ධන රෙජිමය රට පාලනය කල දරදඬු ස්වභාවය , 1980 ජුලි වැඩ වර්ජකයන්ට අත්කල ඉරණමද, 1982 කලගෙඩි ලාම්පු ක්රීඩාව, 88 – 90 තරුණ නැගිටීම මර්ධනයකල ආකාරයද අතරතුර උතුරු නැගෙනහිර වෙලාගත් බිහිසුණු වර්ගවාදී යුද්ධයේ ඇතිවීම හා විකාශනය (මෙම ඇතිවීම හා විකාශනය යන පදය 88 – 90 තරුණ නැගිටීමටද අදාල වේ) යන සියල්ල දෙස නැවත හැරී බැලූ කල්හි මෙන්ම ජනාධිපති ප්රේමදාස තම විධායක බලතල යොදාගෙන එල්ටීටීඊ කෙරෙහි අනුගමනය කල ප්රතිපත්තිය හරහා ඔහුට අත්වූ ඉරණමද යන කරුණුත් අත්තනෝමතික ව්යවස්ථා වෙනස්කම්වල ප්රතිඵල බව පෙනේ. සමගම ඊලඟට බලයට පැමිනි ජනාධිපතිවරුන්ගේ ප්රධානම චන්ද පොරොන්දු අතරට ව්යවස්ථාමය වෙනසක් මගින් විධායක බලතල යලි පාර්ලිමේන්තුවට පවරා දීම යන්න නොවරදවාම පැමිනියේය. නමුත් අවාසනාවකට කිසිවෙකු එම පොරොන්දුව ඉටු කිරීමට කටයුතු කලේ නැත. 2001 – 2004 සමයේ අගමැතිව සිටි රනිල් වික්රමසිංහ ශ්රී ලංකාවේ අනාගතය උදෙසා කටයුතු කරන්නට පෙලඹුනු අත්තනෝමතික ක්රියා මාර්ගය දෙස බැලූ කල්හි, එදා ජනාධිපතිව සිටි චන්ද්රිකා කුමාරතුංග තම විධායක බලතල යොදාගෙන එම තත්වය දුරදිග ගෙනයනු නොදී වලකා ගත් ආකාරය තුල, විධායක බලතල නරකම නැතිය කියාත් ජනතාවට සිතුන වාර තිබෙන්නට ඇති. එදා වාසනාවට ඔවුන් දෙදෙනා අතර විරසකයක් තිබූ හෙයිනි. අදද සිදුව ඇත්තේ අගමැති, ජනපති අබිභවා යාමමය. නමුත් මේ වත්මන් ජනාධිපතිවරයා මුලින්ම තෝරා ගැනුනේ රනිල්චන්ද්රිකා ඒකමතිකත්වයෙනි. චන්ද්රිකාගේ අපේක්ෂාව වන්නට ඇත්තේ ජනාධිපති රූකඩයේ නූල තමා අතම තබා ගැනීම විය යුතුය. අද රනිල් හා චන්ද්රිකා එක පිලක සිටින තත්වය තුල ජනාධිපති රූකඩයේ නූල තමන්ට ඕනෑ පරිදි ඇද ගතහොත් 2001 204 වකවානුවේදී රනිල් ක්රියාත්මක කරන්නට ඇරඹූ දේ නව ව්යස්ථා සංශෝධනය ඔස්සේ සම්පූර්ණ කරගත හැකිවනු ඇත.

 

මේ ව්යවස්ථාවල මොන මොන වගන්ති තිබුනත්, එය රටේ ජනතාවට බලපාන ආකාරය පවතින්නේ පාලකයන් තුල ජනාව කෙරෙහි ඇති කැපවීමේ සහ ඕනෑකමේ ප්රමානයටයි. මේ වන විට සැම තැනකම වාද විවාද පිරී ගොසිනි. ෆෙඩරල් දෙනවාද නැද්ද යන්න සමාජ වෙබ් අඩවි ජාලාවල පවා ජීවිතය සහ මරණය අතර ප්රශ්නයක් බවට පත්ව තිබේ. නමුත් ප්රත්යක්ෂවම කඩදාසි කොලයේ ලියැවුන ව්යවස්ථාව සහ වැඩ සිද්ධ වෙන ආකාරය සසඳා බැලූ කල්හි සිතෙන්නේ ව්යවස්ථාව නිසා ප්රයෝජන ලැබෙන්නේ දේශපාලකයාටම මිස ජනතාවට නොවන බවයි. ෆෙඩරල් ලබාදී, ‘රට බෙදනප්රශ්න එන්නේ ඉදිරියටය. එතෙක් මේ දක්වා ව්යවස්ථාවේ හැමදාමත් තිබූ වගන්ති සලකා බැලුවහොත්? (පහත දැක්වෙන්නේ වැකිවල අදහස මිස ඒවා ව්යවස්ථාවේ සඳහන් වන ආකාරයට නොවන බව කිව යුතුය)  

නීතිය ඉදිරිපිටදී ශ්රී ලාංකික පුරවැසියන් සියලු දෙනාම වෙනස් කමකින් තොරව සමානාත්මතාවයෙන් යුතුව සලකා බලනු අැත

මේ ගැන ඔබට සිතෙන්නේ කුමක්ද? රටේ ප්රබල දේශපාලකයකු තමන්ගේ දැඩි වංචා දූෂණ පිලිබඳව නීතිය ඉදිරිපිටට ගෙනයන අවස්ථාවකද, සාමාන් පුරවැසියෙකු ඉතාම සුලු වරදකට නීතිය ඉදිරිපිටට ගෙනයන අවස්ථාවකද මේ දෙදෙනා කෙරෙහි නීතිය ක්රියාත්මකවන දෙආකාරය පිලිබඳ උදාහරණ, මේ වසර කිහිපය මුලුල්ලේම ජනතාවගේ ඇස් ඉදිරිපිට පැහැදිලිව ප්රදර්ශනය වී ඇත.

අදහස් ප්රකාශ කිරීමේ නිදහස, ඔබ මොබ යාමේ නිදහස වැනි ඉතාම සරළ, සමාන් වගන්ති පවා සාමාන් ජන ජීවිතයේදී ප්රායෝගිකව ක්රියාත්මක වන ආකාරය දෙස බලනකල අපේ රට වැනි කුණුවූ දේශපාලන ධාරාවක් පතින රටක ව්යවස්ථාව යනු නිකම්ම නිකම් කොල කැබැල්ලක් බව ජනතාවට වැටහී යා යුතුය.

අධ්යාපන ක්ෂේත්රයේ ඵලදායිතාවය ගැන සිතනවිට, සෞඛ් ක්ෂේත්රයේ පවතින ගැටලු දෙස බලනවිට ජන ජීවිතයේ සුභ සිද්ධියට බලපාන සියලු දේම දිනෙන් දින පරිහානිය කරා යනවා මිස ඉතාම සාමාන් පුරවැසියෙකු අරභයා මෙයින් ලැබෙන වරප්රසාද මොනවාද? මෙය අප රටේ සෑම ජනවර්ගයකටම ඇතුලත් සාමාන් මිනිසුන් උදෙසා පවත්නා සත්යයකි. 77 න් පසුව ශ්රී ලංකාවේ කෘෂිකර්මයට අත්වූ ඉරණම දකිද්දී, කෘෂිකර්මය තම ජීවනෝපාය කරගෙන සිටි උතුරේ ජනතාව තම දේශපාලකයන්ගේ අභිලාෂයනට පහසුවෙන් නම්මාගත හැකි වූයේ කෙසේද යන්න පැහැදිලිය. ඔවුන්ට නොවැටහෙන තැන නම් දේශපාලකයන් හෝ ඔවුන් වෙනුවෙන් සටන් කරනවායැයි කියන පාර්ශ්වයන්, මේ ගැටලුදෙමළ ජනතාවට විශේෂිත ගැටලුයනුවෙන් නම් කරන නමුදු මේ සියලු ප්රශ්නම එලෙසින්ම සිංහල, බෞද්ධ බහුතරයකටද තිබෙනවාය යන්නයි. මා මෙම ලිපියේ මුලින්ම වසර 20 ක් ජනතාව අතර වැඩකල බව කීවේ එහෙයිනි. එම කාල සීමාව පුරා මා දුටුවේ බලය ඇතිනැති බව තුල ඇතිවන අසාධාරණ බවේ ප්රතිඵලයක් ලෙස තම අයිතිවාසිකම් අහිමි වූ ආර්ථික ශක්තියක් නැති ජනතාවකි. ඊට සිංහලය, දෙමළය කියා භේදයක් තිබුනේ නැත. ඉතාම සාමාන් න්යාය වනුයේ අසීමිත සම්පත් ප්රමාණයක්, සීමිත පිරිසක් අතට පත්වන ආකාරයේ දේශපාලන ආර්ථික ව්යූහයක් රට තුල ගොඩ නැගී තිබීමය. තමිලිනී ජෙයකුමාර් විසින් ලියා ඇතිතියුණු අසිපතක සෙවන යටනම්, දෙමළ විමුක්ති අරගලය ඇගේ ඇසින් දුටු අන්දම සටහන් වූ පොත කියවන්නේ නම්, විමුක්ති සටනක් ගතානුගතික දකුණු ආසියාතික දේශපාලන ප්රවාහයට හසුවූ අයුරු අපූරුවට එහි ලියැවී ඇත. එයද දේශපාලනමය ප්රශ්නයක් මුල් කරගෙන පැන නැගුන අරගලයකි. නමුත් දැඩි දූෂිත දකුණු ආසියාතික දේශපාලන සන්දර්භය තුල මේ අරගල ක්රියාත්මක වනුයේ ආත්මාර්ථකාමී දේශපාලක රැලකගේ හිත සුව පිනිස මිස අන් යමක් සඳහා නොවේ. මේ සඳහා ඔවුන් ඇමක් ලෙස යොදා ගන්නේ සාමාන් ජනතාවයි

 

අද ජනතාව පෙලන ප්රශ්නවලට විසඳුම තිබෙන්නේ මධ්යම රජය අතේය. තමන්ගෙන් රටේ සෑම පලාතකටම, සෑම ක්ෂේත්රයකටම ඉටුවිය යුතු මෙහෙවර සාධාරණව ඉටු නොවන තාක් දින දින පීඩනයට පත්වන ජනතාව ත්රස්තවාදය කරා තල්ලු වී යාම වැලැක්විය නොහැක. උතුරේ වසර 30 ක් තිස්සේ දෙමළ ජනයා මේ කටුක සත්යය අත්විඳි අතර, අසූව දශකයේ අග භාගයේදී මෙසේ ආයුධ අතට ගත් සිංහල ජනතාවද ලෙයින්, යකඩින් දියත් කෙරුන රාජ් මර්ධන හස්තයේ බලය උර ගා බැලූහ. මේ සිද්ධීන් කෙලවර වූයේ විශාල ජීවිත සංඛ්යාවක් වනසමිනි

 

2005 වසරේදී පමන පැවැත්වූ එතරා වැඩ මුලුවකදී, මට එකල ටැමිල් නෙට් වෙබ් අඩවිය මෙහෙයවූ තාරකී හෙවත් සිවරාම්ගේ දේශනයකට සවන් දීමේ අවස්ථාව ලැබිනි. ඔහු එදා සිංහල දෙමළ වර්ගවාදී ප්රශ්නය විග්රහ කලේ ඉතා සරළව, මේක සිංහල ආණ්ඩුව, ඉඩම් සිංහලයන්ට, රැකි රක්ෂා සිංහලයන්ට, සියලු වරප්රසාද සිංහලයන්ට ආදී වශයෙන් කියමිනි. නමුත වන විටත් වසර 15 ක් තිස්සේ මා සමග ගැවසී දැන පුරුදුව සිටි සිංහල බෞද්ධ ජනතාව අතර බිම් අඟලක උරුමය නැති අය, රැකියා විරහිත අය, වරප්රසද තබා දරුවකු පාසලකට ඇතුලත් කර ගන්නට බැරි, අසනීපයකට හරි හමන් බෙහෙතක් ගන්නට බැරි, ගමනක් බිමනක් යන්නට පොදු ප්රවාහන ක්රමයක් නැති කොටින්ම මනුෂ් ජීවිතයේ මූලික අවශ්යතාවන්වත් සපුරාගත නොහැකි අය දහස් ගණන් සිටියෝය. මේ කාරණාව මා එම වැඩසටහන සංවිධානයකල නිළධාරියාගෙන් ප්රශ්නකල විට ඔහු කෝපයට පත්විය. කෝපයට හේතු වූයේ තම පැවැත්ම පිලිබඳ බියක් බව මට පසුව වැටහිනි. අද ව්යවස්ථා සංශෝධනය පිලිබඳව මාධ්යයන්හි ප්රශ්න කිරීම් හමුවේ අගමැති හා ජනාධිපති මුදාහරින කෝපය තුල ඇත්තේද මේ හා සමානවම තම පැවැත්මේ පදනම දෙදරා යනු ඇති බවට වන බිය බව පැහැදිලිය.

  

මේ ප්රජාතන්ත්රවාදී ක්රමය තුල පාලකයන් තම පැවැත්ම වෙනුවෙන් බලය ලබා ගන්නට ජනතාවට පොරොන්දු දිය යුතුය. එවන් පොරොන්දු නිර්මාණය සඳහා එතැන ජනතාවට දැනෙන අඩු ලුහුඬුකම් තිබිය යුතු අතර එවන් දෙයක් මවා පෙන්වීමට හෝ පාලකයන් පෙලඹෙන්නේ අපේ වැනි රටවල නම් ජනතාවගේ අඩුපාඩු සම්පූර්ණ කරන්නට නොව, තම අඩුපාඩු සම්පූර්ණ කර ගැන්මටය. සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා මේ ශ්රී ලාංකික දේශපාලකයාය. තැනට යාම සඳහා මොවුන් ජනතාව අතර භේද වපුරුවති. තමන් වෙත ඇති ප්රතිපත්ති අනුව පක්ෂ භේද සාමාන්යය. ඇති කරන්නට පහසුම භේද නම් ජාති සහ ආගම් භේදයි.

කෙසේ හෝ අද මේ කියන ෆෙඩරල් පාලනය දුන්නාය කියමු. ඉන්පසු වසර ගණනාවක් ගිය තැන සුඛිත මුදිත වූ උතුරු නැගෙනහිරක් දක්නට ලැබේය කියා අපේක්ෂා කල හැකිද? එම ප්රදේශ පාලනය කරන්නේද දූෂිත දකුණු ආසියාතික මොඩලයේ දේශපාලකයන්මය. ඉතින් ඔය ෆෙඩරලය දුන්නා කියා දෙමළ ජනතාවට වැඩක් නොවනු ඇති අතර නොදුන්නා කියා සිංහල ජනතාවට වැඩක් නොවනු ඇතදැනට තිබෙන ව්යවස්ථාව සිංහල ජනතාව වෙත පක්ෂග්රාහී නම්, මේ වනවිට හරි නම් සිංහල ජනතාවගේ සියලු ප්රශ්න විසඳී තිබිය යුතුය. එය එස් නොවන බව රහසක් නොවේ. ඉතින් මේ කියන අන්දමට ෆෙඩරල් දෙනවාය කියන්නේ වත්මන් රජයට කරගන්නට බැරි තැන දීලා දමන බවද?

 

අලුතින් ව්යවස්ථා සංශෝධන කිරීම සඳහා ජනතාවගේ මොලය සෝදන්නට වෙහෙසෙනවිද්වතුන්තුල මොන වර්ගයේ ජනතාවක් ගැන හෝ සැබෑම කැක්කුමක් ඇතිනම් අඩු තරමේ දැනට තිබෙන ව්යවස්ථාවේ ඇති ඕනෑම මානවයෙකුට බලපාන ඉතාම වැදගත් වගන්තිවත් ක්රියාත්මක නොවන බවත්, මේ දේශපාලන සන්දර්භය තුල ඒවා විහිලුවක් බවට පත්ව ඇති බවත් එසේ යටපත්ව යන්නේ ජනතාවගේ හිමිකම් බවත් ජනතාවට වටහා දිය යුතුය. රට වෙනුවෙන් කල හැකි සැබෑ මෙහෙවර එයයි.

 

One Response to “ව්‍යවස්ථාවේ මායාව”

  1. Senerath Says:

    This Bhikku need some teaching. He is parroting Ranil’s Bana.

    දිව්‍ය සැප සම්පත් විඳින ඇතැම් භික්ෂුන්ගේ ජාතිභේද හැසිරීම බුදුදහමට නිග්‍රහයක්

    මහගල්කඩවල පුඤ්ඤසාර නායක ස්වාමින්වහන්සේ සීදුව, රද්‍ෙදාළුගමට පිවිසුම් මාර්ගයේ අතුරුදන් වූවන් සිහිකිරීමේ පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයේදී මෙසේ පවසා සිටියහ.

    යටත්විජිත සමයේ පරදේසක්කාරයන්ගේ න්‍යායට අපව යටත් කර ගැනීමට වෑයම් කළ කල්හි සටන් කළ භික්‍ෂුන් වහන්සේ යුද පෙරමුණට ගොස් එදා සිටි අපගේ නායකයන්ට අවවාද අනුශසනා කරමින් රට බේරාගැනීමට කටයුතු කළා.

    අදත් එවැනි භික්‍ෂුන් වහන්සේ නැතිවා නොවෙයි. ඒත් කොළඹට කොටුවූ යම් භික්‍ෂුන් වහන්සේ පිරිසක් විසින් හොඳ නරක දෙක එකට කලවම් කර හැමදේටම විරුද්ධව ජාතීන් අතර අසමඟිය ඇති කරන්න කටයුතු කරමින් සිටිනවා.
    ඒ අයට දේශමාමක, දේශ හිතෛෂී යන වටිනාකම්ද එකතුකරගෙන එක එක විවිධ අර බලය, මේ බලය නමින් සංවිධාන ගොඩනඟාගෙන එක එක අයගේ දේශපාලන න්‍යායන්ට අනුව අරගල කරනවා.
    මෙවන් භික්‍ෂුන් වහන්සේලාට සුපිරි නිවාස, පිහිනුම් තටාක, යානවාහන, විවිධ වරප්‍රසාද ලබාගනිමින් දිව්‍ය සැප සම්පත් විඳිමින් ජනතාව මුළා කරමින් රිසිලෙස වැජඹෙනවා මිසක් ජනතාවට සාධාරණයක් වන කිසිම දෙයක් කරන්නේ නැහැ.
    මේ එක එක බලවේග නැඟිටින්නේ දේශපාලන නායකයන් වරින් වර තම බලය රැකගැනීම අරඹයා කරන්නාවූ යම් වැඩ නිසායි.
    ඩී. එස්. සේනානායක මහතාගේ පාලන කාලයේදී දේශපාලන පක්‍ෂවලට පහරදෙන්න

    අවශ්‍ය නිසා පුරවැසි පනත් දෙකක් ගෙනැවිත් වතුකරයේ ජනතාවගේ ඡන්ද අයිතිය සහ මානව හිමිකම් අහෝසිකරමින් බලය පතුරුවා ගත්තා.

    නමුත් එතුමා විසින් ජනපද ව්‍යාපාරය පටන්ගෙන ඉතා හොඳ සමඟිය ඇතිකිරීමේ ව්‍යාපාරයක්ද ආරම්භ කළා. ඉන්පසු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් ගෙන ආ ජනරජ ව්‍යවස්ථාවටත් ප්‍රශ්නයක් ඇති වුණා. එදා දෙමළ මන්ත්‍රිවරුන් සියල්ලම පාර්ලිමේන්තුව වර්ජනය කළා. ඉන් අනතුරුව පත් වූ ජේ. ආර්. ජයවර්ධන යුගයේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ඇතුළත් ව්‍යවස්ථාවක් ගෙනආ මොහොතේ උතුර නැඟෙනහිර සියල්ලෝම විරුද්ධ වූවා පමණක් නෙවෙයි එම ව්‍යවස්ථා දෙකටම දකුණේ විශේෂ නායකයන්ද විරෝධය පාමින් ගැරහැව්වා.

    පසුකාලේ පත්වූ චන්ද්‍රිකා මැතිනිය ජේ. ආර්. ජයවර්ධනගේ බහුභූත ව්‍යවස්ථාව ආහොසි කරනවා කීවත් අහොසි කළේ නැහැ. ඒ වෙනුවට එතුමිය තව තවත් බලය වැඩිකර ගත්තා.
    ඇත්තම කතාව නම් ඉන් පසුව තමයි අනේ‍යාන්‍ය අවිශ්වාසය උඩු දුවන්න පටන්ගත්තේ. ඉන් පසු පත්වූ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රකාශනවල නිරන්තරයෙන් කියවන්න ගත්තේ ඉහත ව්‍යවස්ථා හොඳ නැහැ කියන දෙයයි.

    ඒ වෙනුවට බලය බෙදීමේ න්‍යාය, කේවල ඡන්ද ක්‍රමය ඇති කිරීමේ න්‍යාය, ග්‍රාමීය සභා ඇති කිරීමේ න්‍යාය, ඇතිකරනවා කීවාට එයද ඉටුනොවූ නිසා උතුර කේන්ද්‍ර කරගෙන රැකියා ප්‍රශ්නය ඉඩම් ප්‍රශ්නය, විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමේ ප්‍රශ්නය උඩුදුවන්න පටන්ගත්තා.
    එතුමා වසර තිහක කුරිරු යුද්ධය නැති කළත් ඉන්පසුව සංහිඳියාව, සමඟිය ඇති කරන්න කටයුතු කළේ නැහැ. එය ජනතා ඉල්ලීමක් නිසාම මැතිවරණ පොරොන්දුවට එය ඇතුළත් කරගත් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනවාරි අටවැනිදා ජනාධිපති වුණා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශනයත් එයමයි.

    සිංහල, දෙමළ සමඟිය ඇති කිරීමේ වුවමනාව අවශ්‍ය බැවින් මේ වන විට ඒ තැනට පැමිණ තිබෙනවා. එදා ඩී. එස්.ලා, බණ්ඩාරනායකලාගේ කාලයේ සිටම හොඳ ව්‍යවස්ථාවක් ගෙනා සෑම විටෙකම භික්‍ෂුන් වහන්සේ ටික දෙනෙක් පිටපොට ගහගෙන දේශයේ අඛණ්ඩතාව, බෞද්ධාගමට ප්‍රධාන තැන ඉල්ලා සිටිනවා. පසුගියදා ලාල් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ව්‍යවස්ථා කමිටුවෙන් ඉදිරිපත් කළ කමිටු වාර්තාවෙන් කිසිම ප්‍රසිද්ධ භික්‍ෂුන් වහන්සේ නමක් විරෝධය පා ඇති බවක් පේන්න නැහැ. අතුරු කමිටු වාර්තාවද ව්‍යවස්ථා කෙටුම්පතක් ලෙස සැලකිය නොහැකියි.

    මෙවරත් යම් භික්‍ෂුන් වහන්සේ පිරිසක් විසින් ඉතිහාසයේ හැමදාම කළ වරද දිගටම කරමින් නව ව්‍යවස්ථාවට විරෝධය පාමින් බුදුන් දෙසූ ධර්මයට නිගාවන අන්දමේ වැඩකටයුතු කරමින් සිටිනවා. නව ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු වන කාරණා කීපයක් තියෙනවා. ඒ වෙන දෙයක් නොවෙයි කරුණාව, මෛත්‍රිය, සමානතාව, සංහිඳියාව, මානව දයාව, අනේ‍යාන්‍ය විශ්වාසය වැනි දේවල්.

    සීදුවේ – නිශ්ශංක

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress