FCID යේ මුදල් වංචාවක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්
Posted on January 2nd, 2018

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු උපුටාගැණීම  මව්බිම

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (ජ්ඛ්ධ්ච්) විශාල වංචාවක් සිදුවී තිබෙන බවත් තමා නියෝජනය කරනු ලබන ආණ්ඩුවක් බලයට පත්වූ සැණින් මේ ගැන පුළුල් විමර්ශනයක් අනිවාර්යයෙන්ම ආරම්භ කරන බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්‍ෂ මහතා ‘මව්බිම’ පුවත්පතට ප්‍රකාශ කෙළේය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විවිධ විමර්ශන සිදුකරන බව පවසමින් විදෙස් ගතවී ඇති බවත් එම ගමන්වලදී රජයේ මුදල් අවභාවිත වී තිබෙන බව නාමල් රාජපක්‍ෂ මහතා පෙන්වා දෙයි.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විදෙස් රටවල විමර්ශන කටයුතු සඳහා බව පවසමින් විදෙස් ගතවූ අවස්ථා ගැන පාර්ලිමේන්තුවේදී විෂය භාර අමාත්‍ය සාගල රත්නායක මහතාගෙන් තමා විමසා සිටි බවත් ඊට පිළිතුරු ලබාදිය නොහැකි බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙන බවත් නාමල් රාජපක්‍ෂ මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
මහ ලොකුවට තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන කතා කරන වත්මන් ආණ්ඩුව මෙවැනි ආයතන ගැන තොරතුරු සඟවන්නේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දේශපාලන පළිගැනීම් සිදුකරන නිසා නොවේදැයි තමන් ආණ්ඩුවෙන් විමසන බවද නාමල් රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress