ඇමෙරිකාව ලංකාවේ ඇඟිලි ගහයි?
Posted on June 13th, 2018

උපුටාගැණීම  මව්බිම

වර්ෂ 2020දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වුවහොත් ඔහුට ඇමෙරිකාවේ හෝ බටහිර රටවල සහාය හිමි නොවන බව ඇමෙරිකානු තානාපති අතුල් කේශාප් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්වරුන් අතර ඉකුත් දා පැවැති හමුවේදී තානාපතිවරයා විසින් පැවැසූ බව පළ වන වාර්තා සනාථ කිරීමට හෝ ප්‍රතික්‍ෂේප කිරීමට කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙතෙක් සිදුකර නැත.

යාපනයේ පළවන දමිළ පුවත්පතක් වන “කාලයික්කතීර්” විසින් මෙම පුවත පළමුව සිදුකර තිබූ අතර ජනප්‍රිය බ්ලොග් අඩවියකද එය දක්වා තිබිණි.

ඒවායෙහි දැක්වෙන ආකාරයට, නුදුරේදී සිය ධුරයෙන් සමුගෙන යෑමට නියමිතව සිටින අතුල් කේශාප් සහ හිටපු ජනාධිපතිවරයා අතර පැවැති මෙම සමුගැනීමේ හමුව අතරතුර මීළඟ ජනපති අපේක්‍ෂකයා පිළිබඳිව ගැඹුරින් සාකච්ඡා වී තිබේ. එහිදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඒ සඳහා තෝරාගත හොත් බටහිර රටවලින් අප්‍රසාදය පළවනු ඇතැයි තානාපතිවරයා සෘජුවම පැවැසූ බවද මෙම වාර්තාවල සඳහන් වේ.

මෙලෙස පළවන වාර්තා සම්බන්ධයෙන් අපගේ සහෝදර පුවත්පත වන “සිලෝන් ටුඩේ” විසින් ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් විද්‍යුත් තැපෑල ඔස්සේ කරන ලද විමසුමට පිළිතුරු ලෙසින් තානාපතිවරයා දේශපාලන නායකයන්, සිවිල් සමාජ සහ සංවිධාන ප්‍රධානීන් හමුවීම සාමාන්‍යයෙන් සිදුවන්නක් බවත් පෞද්ගලික හමුවක අන්තර්ගත වූ කතාබහ සම්බන්ධයෙන් තානාපති කාර්යාලය ප්‍රකාශයක් ප්‍රසිද්ධ නොකරන බවත් සඳහන් කරමින් විද්‍යුත් ලිපියක් එවා ඇත.

2 Responses to “ඇමෙරිකාව ලංකාවේ ඇඟිලි ගහයි?”

  1. Caesar Says:

    We would advise America to put your fingers in your own ASS !

  2. Christie Says:

    අතුල් කෙශාප් කියන්නේ අමෙරිකාවේ ඉන්දියානු පරපෝසිතයෙකි.

    ඒකා කියන්නේ ඉන්දියාව කියන දේය.

    2005 දී ඉන්දියාව රනිල් වෙනුවට මහින්දට සපෝර්ට් කලේය.

    පසුව මහින්ද ඉන්දියාවට කෙලියේය.

    2010 දී ඉන්දියාව සරත්ගේ බෑනන්ඩිට සල්ලිදීල මහින්දට කෙලින්න හැදුවේය.

    2015 දී ච්න්ද්‍රිකට සල්ලි දීල සිරිසේන ලවා වැඩේ දුන්නේය.

    අතුල් ඉන්දියානු පරපෝසිතයා ඔබාමගේ පෙන්දෙකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress