එෆ්.සී.අයි.ඩී.යේ රාජකාරිය ආණ්ඩුවේ ප්‍රතිවාදීන් ලුහුබැදීම පමනයි-හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා
Posted on June 15th, 2018

සාකච්ඡා කළේ – උදේනි සමන් කුමාර උපුටාගැණීම  මව්බිම

ආණ්ඩුව අනුගමනය කරන අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධව බරපතළ චෝදනා එල්ල වී තිබේ. යුක්තිය පසිඳලීමේදී ආණ්ඩුව මන්දගාමී වීම පිටුපස දේශපාලන න්‍යාය පත්‍ර ඇති බවට ආණ්ඩුව බලයට ගෙනා පාර්ශ්වම චෝදනා කරති. ආණ්ඩුව ප්‍රතිවාදී බලවේග මැඬලීමට නීතිය යොදා ගන්නා බවට විරුද්ධ පක්‍ෂ චෝදනා කරයි. මෙයින් පැහැදිලි වන්නේ අධිකරණ ක්‍රියාවලිය තුළ බරපතළ අවුලක් පවතින බවයි. පවතින තත්ත්වය පිළිබඳව හිටපු නීතිපතිවරයකු මෙන්ම අගවිනිසුරුවරයකුද වූ සරත් නන්ද සිල්වා මහතාගෙන් මේ සිදු වන්නේ කුමක්දැයි අපි විමසුවෙමු.

මේ ආණ්ඩුවට 2015 ජනාධිපතිවරණයේදීත් පාර්ලිමේන්තු මැතිවරණයේදීත් ජනතාව විශාල ජන වරමක් ලබා දුන්නා. එහිදී යුද්ධය දිනා දුන් මහින්ද රාජපක්‍ෂ පාලනය ජනතාව විසින් පරාජයට පත් කළා. ජනතාව ලොකු විශ්වාසයක් පළ කළා. ඉංග්‍රීසියෙන් කියනවා නම් ට්ධධඤ ට්ධමඥපදධදඵ කියන අලුත් සංකල්පයට. යහපාලනය කියන්නේ සෑම අතකින්ම ජනතාවට හිතෛෂී පාලනය. එහි මූලිකම දේ තමයි නීතියේ උත්තරීතරභාවය. ඒ කියන්නේ කවුරුත් නීතියට යටත් උසාවිය අගමැති ජනපති මේ සියල්ලන්ම.

ඔබ කියන්න හදන්නේ මේ ආණ්ඩුව තුළ යහපාලනය ක්‍රියාවට නොනැඟෙන බවද?

මේ ආණ්ඩුව යහපාලනය ගැන කතා කළාට ක්‍රියාත්මක වී තිබෙන්නේ මුල සිටම නීතියට පටහැනි අන්දමින්. ප්‍රධාන වශයෙන්ම අපි දකින දෙයක් තමයි මේ අයගේ අරමුණු දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කිරීම. මේ වගේ දෙයක් සිදුවන විට ප්‍රධාන වශයෙන්ම විරෝධය දක්වන්නේ පාර්ලිමේන්තුවේ විපක්‍ෂය විසින්. නමුත් 16 දෙනෙක් ඉන්න ටී.එන්.ඒ. එක ආණ්ඩුවේ අතකොළුවක් වුණා. විපක්‍ෂ මතය ක්‍රියාකාරීව ගෙනයන පිරිසට හිරිහැර කිරීම ඊළඟ පියවර වුණා.

වංචා, දූෂණ, මූල්‍ය අක්‍රමිකතා ආදිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම වරදක් හැටියට දකින්න බැහැනේ?

අපි ඉල්ලා සිටින්නෙත් ඒක තමයි. මහජන දේපොළ සම්බන්ධයෙන් වැරැදි සිදුව තිබෙනවා නම් ඒවා නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි. හැබැයි එය නීත්‍යනුකූලව සිදු විය යුතුයි.

ඔබ කියන්නේ ආණ්ඩුව ගෙන යන නීතිමය පටිපාටිය වැරැදි බවද?

අපරාධ නඩු විභාග කිරීම සඳහා අපේ රටේ තිබෙනවා ඉතාමත් හොඳ පිළිවෙළක්. අපි ඒ නීතියට කියනවා අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය කියලා. මේක විසිවැනි සියවසේ මුල සම්මත වූ ලියවිල්ලක්. ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය වැනි බි්‍රතාන්‍ය යටත් විජිතවල තියෙන්නෙත් මේ නීතියමයි.

එතකොට මේ ආණ්ඩු ක්‍රියා කරන්නේ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය අනුව නොවෙයිද?

අන්න හරි. මම එන්න හදන්නේ එතෙන්ට තමයි. අපරාධ නීතිය ඉතාම පැහැදිලියි. ඊට අනුව අපරාධයක් සිදු වුවහොත් එය දැනුම් දිය යුත්තේ ඒ අපරාධය, එය සිදුවූ ප්‍රදේශය ආවරණය වන පොලිසියට. මුළු ලංකාවෙම සෑම බිම් අඟලක්ම ආවරණය වන අන්දමට පොලිස් ස්ථාන පිහිටුවා තිබෙනවා. පොලිසියක සිටිනවා පොලිස් ස්ථානාධිපතිවරයෙක්.

ඒවාගෙම මේ ලැබෙන තොරතුරු සටහන් කර ගැනීමට තොරතුරු සටහන් පොත් තියෙනවා. මේ ක්‍රමය දීර්ඝ කාලයක් පැවැතීම නිසා රටේ සෑම පුරවැසියෙක්ම ඉතාමත් හොඳින් දන්නවා. අපි ඒ පොලිසියට කරන පැමිණිල්ලට කියන්නේ මුල් පැමිණිල්ල කියලයි. ඉන්පසු ගන්නා හැම පියවරක්ම ගන්නේ මුල් පැමිණිල්ලට අනුවයි. එසේ ගතයුතු සෑම පියවරක්ම මේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ඉතා හොඳින් සඳහන් කර තිබෙනවා.

යම් පැමිණිල්ලකට අනුව කෙනෙක් අත්අඩංගුවට ගත්තොත් අනතුරුව සිදු වන්නේ කුමක්ද?

අත්අඩංගුවට ගත් තැනැත්තා පැය 24ක් ඇතුළත වාර්තාවක් සමඟ මහෙස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කළ යුතුයි. මහෙස්ත්‍රාත් චෝදනාවක් ඉදිරිපත් කරලා නඩු විභාගයක් පවත්වනවා.

අපරාධ දෙවර්ගයක් තිබෙනවා. මහෙස්ත්‍රාත්ට විසඳිය හැකි සාමාන්‍ය නඩු ලඝු නඩු විභාග ලෙස හඳුන්වනවා. බරපතළ අපරාධ මිනී මැරීම්, ස්ත්‍රී දූෂණ ආදිය ලඝු නොවන නඩු වශයෙන් හඳුන්වනවා. ඒවා මහෙස්ත්‍රාත් විසින් මූලික පරීක්‍ෂණ සිදුකර නීතිපතිට වාර්තාවක් ඉදිරිපත් කරනවා. නීතිපති සාක්‍ෂි තිබෙනවා නම් මහාධිකරණයට අධි චෝදනා පත්‍රයක් යවනවා. මේක තමයි රටේ පවතින ගතානුගතික පිළිවෙත.

ඔබ කියන්න හදන්නේ වර්තමාන ආණ්ඩුව මේ ක්‍රමයෙන් පිට පැන්නා කියන එකද?

ඔව්. මේ ක්‍රමයට අනුව දේශපාලන විරුද්වාදීන්ට හිරිහැර කරන්න අමාරුයි. මේ ක්‍රමයට ගියොත් ඒ අයට නීතියේ පිළිසරණ ලැබෙනවා. මේ ආණ්ඩුව ආවේ 2015 ජනවාරි 8 වැනිදානේ. ඔවුන් පෙබරවාරි 13 වැනිදා ගැසට් පත්‍රයක් නිකුත් කළා. මේ ගැසට් පත්‍රයට අනුව පොලිස්පති මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) කියලා අංශයක් පිහිටෙව්වා.

එතකොට එෆ්.සී.අයි.ඩී. කියන්නේ පොලිස් ස්ථානයක් නොවෙයිද? මහජනයාට ඊට යම් පැමිණිල්ලක් කළ නොහැකිද?

ජ්ඛ්ධ්ච් එක අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය යටතේ ගැනෙන පොලිස් ස්ථානයක් නොවෙයි. අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය යටතේ පොලිස් ස්ථානයක් පිහිටුවන්න පුළුවන් ආරක්‍ෂක ඇමැතිට විතරයි. මේක පොලිස් ස්ථානයක් නොවෙයි. පොලිස් කොට්ඨාසයක්. (ර්ථීධතඪජඥ ච්ඪමඪඵඪධද) ඒ අනුව FCID එකට කිසිම ආවරණයක් නැහැ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ.

එතකොට FCID එකට පැමිණිලි එන්නේ කොහොමද?

ඒකට පැමිණිලි එන ආකාරය මේ නියෝගයේ 4 වැනි ඡේදයේ සඳහන් කරලා තියෙනවා.

අගමැතිගේ අනුග්‍රහයෙන් යුතු කමිටුවකින් එන පැමිණිලි තමයි FCID එක විභාග කරන්නේ. එතකොට සාමාන්‍ය පුද්ගලයෙක් පැමිණිල්ලක් කරනවා නම් එයා යන්න ඕන අගමැතිගේ කාර්යාලයට. අගමැති තමයි ඒ ගැන තීරණ ගන්නේ. මේ ක්‍රමය පැවැති ගතානුගතික නීතිමය රාමුවට පටහැනියි. අපරාධ නඩු විධාන සංග්‍රහයටත් විරුද්ධයි. මේ කාර්යාලය පිහිටෙව්වා අගමැතිගේ කාර්යාලය තිබෙන කිට්ටුව. හැබැයි දැන් ඒ බෝඩ් එක ගලවලා පැමිණිලි ඒකකය කියලා ගහලා තියෙනවා. අර බේරේ ලේක් එකේ අරලියගහ මන්දිරයට හැරෙන තැනමයි ඒක තිබුණේ.

පොලිස්පතිට FCID එක වැනි ආයතනයක් පිහිටුවන්න නීතිමය පදනමක් තිබුණාද?

පොලිස්පති මේ ගැසට් එකේ දාල තියෙනවා පොලිස් ආඥාපනතේ 50 වැනි වගන්තිය යටතේ ජ්ඛ්ධ්ච් එක පිහිටුවන බව. ඒ කියන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නොවෙයි. පොලිස්පති හිතන්න ඇති අපි කවුරුවත් මේවා කියවන එකක් නැහැ කියලා. පොලිස් ආඥා පනතේ 50 වැනි වගන්තිය යටතේ පොලිස්පතිට බලය තිබෙන්නේ පොලිස් නිලධාරීන්ගේ නිල නිවාස වර්ගීකරණය කරන්න. ඊළඟට පොලිස් නිලධාරීන්ට විනය නීති පනවා ඒ විනය නීති කඩ කරන අයට රුපියල් 50ක දඩයක් ගහන්න. වෙන බලයක් මේකේ නැහැ. අගමැතිත් නීතිඥයෙක් මේ වගේ නීති ලියවිල්ලක ගරු අගමැති කියලා යොදලා තියෙනවා මම දැකපු එකම අවස්ථාවත් මේක. මම කියන්නේ ජ්ඛ්ධ්ච් එක පත් කරන ආකාරයම නීති විරෝධියි. මේ නීති විරෝධී ඒකකයට දැනට කෝටි ගණන් මුදල් වියදම් කරලා තියෙනවා. එයාලා කරන්නේ අපරාධ නඩු විධාන නීතිය යටතේ දේශපාලන විරුද්ධවාදීන් ලුහුබැඳ යෑම. හැබැයි මේ කිසිම එකක මුල් පැමිණිල්ලක් නැහැ. පොලිස් ස්ථානයක් නැහැ. මේකෙන් තමා අල්ලාගෙන යන්නේ.

ඔබ අදහස් කරන්නේ වංචා, දූෂණ, මූල්‍ය අපරාධවලට සාමාන්‍ය ක්‍රමයට අපරාධ නීතිය යටතේ මහෙස්ත්‍රාත් නඩු විභාගයකට යෑමට හැකියාව තිබූ බවද?

දැන් මේ ක්‍රමයට මහෙස්ත්‍රාත් නඩු විභාගයකට යෑමට අවකාශයක් නැහැ. මහෙස්ත්‍රාත් උසාවියක චෝදනා නඟන්න ගියොත් මේ ප්‍රශ්නේ හෙළි වෙනවා. දැන් ලඝු නොවන විභාගයක් නැතිව නීතිපති කෙළින්ම අධි චෝදනා පත්‍ර යවනවා.

අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නීතිපතිට එහෙම බලයක් තිබෙනවාද?

මෙහෙමනේ නීතිපති බලය ආරෝපණය කර ගන්නේ 1980දී මම නීතිපති හැටියට සිටියදී. අපි අපරාධ නඩු විධාන සංග්‍රහයේ වෙනසක් කළා. සමහර බරපතළ නඩුවල හොඳ සාක්‍ෂි තිබේ නම් වරදේ ස්වභාවය සහ අනෙකුත් පරිවේෂණ කරුණු සලසා බලා නීතිපතිට ලඝු නොවන නඩු විභාගයකින් තොරව අධි චෝදනා පත්‍ර ඉහළට යැවිය හැකි බවට. ඒක ඇත්තටම සුවිශේෂී බලයක්. මෙන්න මේ සුවිශේෂී බලය ප්‍රයෝජනයට අරගෙන තමයි මේ නීති විරෝධී පරීක්‍ෂණ මත ඉදිරිපත් කරන චෝදනාවලට කෙළින්ම අධිචෝදනා පත්‍ර යවන්නේ. එමඟින් බොහෝ පුද්ගලයන් මහාධිකරණය හමුවේ චූදිතයන් කර තිබෙනවා.

කවුද ඒ පුද්ගලයන්?

බැසිල් රාජපක්‍ෂ මහතාට නඩු 6ක් පවරා තිබෙනවා. අර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයාට නඩු 10ක්ද 11ක්ද පවරා තිබෙනවා. ටිරාන් අලස් මහතාට නඩු පවරා තිබෙනවා. මේ එකකටවත් මුල් පැමිණිල්ලක් නැහැ. සාමාන්‍ය පොලිසිය පවත්වපු විමර්ශනයක් නැහැ. ශේ‍ර්ෂ්ඨාධිකරණය විසින් අත්අඩංගුවට ගන්න ප්‍රමාණවත් සාක්‍ෂි නැති බව ප්‍රකාශ කර තිබියදීත් නීතිපති අධිචෝදනා පත්‍ර යවනවා. ඒකෙන් පේනවා නීතිපතිත්, පොලිස්පතිත් දෙදෙනාම මේ ආණ්ඩුව විසින් අතකොළු බවට පත් කරගෙන තිබෙන බව. ඔවුන් ලවා මේ දේශපාලන දඩයම ගෙන යනවා.

ඔබ කියන්නේ චෝදනා එල්ල වූ ආණ්ඩුවට සම්බන්ධ අය ගැන මේ අන්දමින් ක්‍රියා කර නැති බවද?

එ.ජා.ප.යේ කිසිම පාක්‍ෂිකයකු සම්බන්ධයෙන් මේ අන්දමින් ක්‍රියා කර නැහැ. එක්සත් ජාතික පක්‍ෂයෙන් පිට පැනපු තිස්ස අත්තනායක සම්බන්ධව නම් මේ ආකාරයෙන් ක්‍රියා කළා.

තිස්ස අත්තනායකගේ නඩුව මූල්‍ය අපරාධයක් නොවෙයි. කූට ලේඛන ඉදිරිපත් කළ බවට චෝදනාවක්නේ?

ඒකත් ජ්ඛ්ධ්ච් එකෙන් තමා යන්නේ. මේ වගන්ති යටතේම තමයි නීතිපති අධි චෝදනා යවා තිබෙන්නේ. නීතිපති හොඳටම දන්නවා ජනාධිපතිට ඇවිත් සාක්‍ෂි දෙන්න බැහැ කියලා. ඒත් නීතිපති අධිචෝදනා පත්‍ර යවා තිස්ස රිමාන්ඩ් කළා. නඩුව ඔහේ ඇදි ඇදී යනවා.

ජනාධිපති – අගමැති දෙදෙනාම සාක්‍ෂි දෙන්න එන්නේ නැහැනේ?

අපේ තියෙනවා පිළිවෙතක් කවදාවත් ජනාධිපති සාක්‍ෂිකරුවකු කරන්නේ නැහැ. මොකද අසත්‍ය සාක්‍ෂි දීමේ චෝදනාවට ජනාධිපතිට දඬුවම් කරන්න බැහැ. මොකද එයාට මුක්තිය තිබෙනවා. මම නීතිපති කාලේ ඉඳන්වම ජනාධිපති නඩුවක සාක්‍ෂිකරුවෙක් කරලා යවන්නේ නැහැ. මෙතෙනදී එහෙම යවලා තියෙන්නේ තිස්ස අත්තනායක මෙල්ල කරන්න. බොහෝ දෙනකුට මේ අන්දමින් නඩු පවරා තිබෙනවා.

මේ සමස්ත ක්‍රියාවලියේ නෛතික වලංගු භාවය නීතිපති නොදැන සිටිය හැකිද?

නීතිපති කියන අර්ථයෙන්ම පේනවා ඔහු ක්‍රියා කළ යුත්තේ නීතියට යටත්වයි. සාමාන්‍යයෙන් නීතිපති තමයි රජයේ නිලධාරීන්ට නීති උපදෙස් දෙන්නේ. නීතිපතිට මේ ප්‍රශ්නය හොඳට තේරෙනවා. එයාට පුළුවනි පොලිස්පති ගෙන්නලා අහන්න මොනවද මේ කරලා තියෙන විහිළු. ආඥා පනතේ 50 වගන්තියට අනුව බලය තියෙන්නේ නිලධාරීන්ගේ නිල නිවාස ගැනයි. කොහොමද ඒකෙන් ජ්ඛ්ධ්ච් එකක් පිහිටෙව්වේ කියලා අහන්න. වහාම මේක අහෝසි කරන්න කියන්න. මෙතැන නීතිපති ඒක අරගෙන අධිචෝදනා පත්‍ර යවනවා. එකෙන් වෙන්නේ නීතිපති අර නීති විරෝධී ක්‍රියාව තවදුරටත් අනුමත කිරීම.

නීතිපති පොලිස්පති දෙදෙනාම මෙහෙම වුණාම ‘වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම්ද ඒ විපාකය’ කියන්නයි වෙලා තියෙන්නේ.

දූෂණ, වංචා, මූල්‍ය අපරාධ සිදුකළ බව කියන තැනැත්තන්ට විරුද්ධව රටේ සාමාන්‍ය නීතිය යටතේ නඩු පැවරිය හැකිව තිබූ බවද ඔබ කියන්නේ?

සාමාන්‍ය ක්‍රමයට කාට හරි තොරතුරක් තියෙනවා නම් ගිහින් පොලිසියට පැමිණිලි කරන්න පුළුවන්. පොලිස්පතිට පුළුවන් එක ඛ්ධ්ච් එකට යොමු කරන්න. දැන් අර දෙහිවල පොදුජන පෙරමුණේ මන්ත්‍රිට වෙඩි තැබීම පොලිස්පති කිව්වා මේක ඛ්ධ්ච් එකට භාර දෙන්න. ඒක පොලිස්පතිගේ බලය. හැබැයි අර මුල් පැමිණිල්ල යන්න ඕන ඒ විදියට. කාටවත් ඛ්ධ්ච් එකට ගිහින් පැමිණිලි කරන්න බැහැ. හතර වැනි තට්ටුවේ කොහෙවත් පැමිණිලි භාර ගන්නා අංශයක් නැහැ.

ආණ්ඩුව ජ්ඛ්ධ්ච් වැනි ක්‍රමවේදයක් අනුගමනය කළේ වැරැදිකරුවන්ට ඉක්මනින් දඬුවම් දීමටත් තාක්‍ෂණික මට්ටමින් පරීක්‍ෂණ සිදු කිරීමටත් බවයි කියන්නේ?

ඇත්ත වශයෙන් මේ කර තිබෙන්නේ පුද්ගලයන් අක්‍රිය කිරීම. දැන් බැසිල් රාජපක්‍ෂට අධිචෝදනා 6ක තියෙනවා. මම ළඟදී එයාව හමු වුණාම දැක්කා. එයාගේ තියෙනවා නීතිඥයකුගේ වාගේ ඩයරියක්. එකක් මාතර තව එකක් පූගොඩ, කොළඹ 4ක්. මේ හය ඉතින් කරකෝ, කරකෝ යනවා. සමහර නඩු පටන්ගෙනවත් නැහැ. සමහරක් සාක්‍ෂි එකක් දෙකක් අහලා ඇදගෙන ගෙනියනවා. මෙයා මාසෙකට දවස් 5ක් 6ක් ඉන්නේ උසාවියේ.

ඕක තමයි දඬුවම මට දුකත් හිතුණා. බැසිල් මට කිව්වා, උසාවි යන එක මට ප්‍රශ්නයක් නැහැ. මට අර කූඩුවේ ඉන්න අමාරුයි. යකඩ කූරුවල දණිස් වදිනවා ඉතින් ගෙදර ඇවිත් රෑට තෙල් ගාලා අතගානවා. ඕවා හදලා තියෙන්නේ සාමාන්‍ය මිනිසුන්ට නොවෙයි. අපරාධකරුවන්ටනේ. ඉතින් ඒකට ප්‍රතිකර්මයක් නැහැ. නඩු ගන්නවා අහක දානවා.

එතකොට මේ චෝදනා ඔක්කොම බොරුද?

හොඳයි අපි හිතමු බැසිල් රාජපක්‍ෂ අල්ලස් ගත්තාම කියලා. මිනිස්සු හිතා ඉන්නෙත් එහෙමනේ. නඩුවේ තියෙන්නේ බැසිල් රාජපක්‍ෂ අල්ලස් දුන්නා කියලා. මොකද්ද අල්ලස. ‘ලිතක්’. දිවි නැඟුම සාමාජිකයන්ට ලිතක් දුන්නා කියන එකයි චෝදනාව.

නැහැනේ ජනාධිපතිවරණය වෙලාවේ ‘දිවි නැඟුම’ දෙපාර්තමේන්තුවේ මිලියන ගාණක් නීත්‍යනුකූල නොවන අන්දමින් වියදම් කළා කියන කතාවක්නේ චෝදනාව?

නැහැ. නැහැ. වියදම් කළා කියලා නොවෙයි. අල්ලසක් දුන්නා කියන එකනේ චෝදනාව. එතකොට දෙන පුද්ගලයෙක් ඉන්න ඕන ගන්න පුද්ගලයෙක් ඉන්න ඕන. දීපු දෙයක් තියෙන්න ඕන. ඉතින් ලිත තමා තියෙන්නේ. ලංකාවෙම පුරවැසියන්ට ලිත් දුන්නා කියලානේ කියන්නේ. හැබැයි දීපු කෙනකුත් නැහැ. ගත්තු කෙනකුත් නැහැ.

ඔබ කියන්නේ මේ නඩුව විසි කරන්න බලාගෙනම දාපු එකක්ද?

එහෙම තමයි වෙන්නේ. මේක කලින් හිටපු නීතිපතිගේ කාලේ දැම්මේ. නමුත් නීතිපති අනුමැතිය දීලා තිබුණේ නැහැ. අලුත් නීතිපති ඒ නඩුව ඉල්ලා අස් කරගෙන ආයෙ ඒ චෝදනාවම දාලා නඩුව දැම්මා. ඒකෙන් පේන්නේ දැන් ඉන්නේ නීතිපතින් අතකොළුවක් බවට පත්වෙලා. මම ඔය නීතිපති තනතුර දරලා තියෙනවනේ.

දැනට සමාජ කතිකාවතක් මතු වී තිබෙනවා මේ රටේ අධිකරණ ක්‍රමය ගැන විශ්වාසයක් නැහැ කියලා?

විශ්වාසයක් නැති වෙන්නේ මෙන්න මේ වගේ කරුණු නිසයි. මේ වගේ දේවල් දන්න අය අල්ලස් කොමිසමට හරි සාමාන්‍ය පොලිසියට හරි දැනුම් දුන්නා නම් හරියට පරීක්‍ෂණ සිදු වෙන්නත් ඉඩ තිබුණා.

පත්තරවල අපිට හරි වැදගත් අධිචෝදනා භාර දුන්න කියලා නිතර ඇහෙනවා. නඩුත් හරියට යන්නේ නැති නම් මොනවද මේ අධිචෝදනා?

මහෙස්ත්‍රාත් උසාවිය ගේන්නේ චෝදනා. නීතිපති නඟන්නේ අධිචෝදනා. දැන් මෙතැනදී මේ අය චෝදනා යවලා තියෙන්නේ මහෙස්ත්‍රාත් උසාවියේ නඟන චෝදනාවලටයි. මහෙස්ත්‍රාත් උසාවියෙන් චෝදනාව ආවොත් විත්තිකරුට පුළුවන් තම නිදහසට කරුණු කියන්න. නීතිපති අධිචෝදනා භාරදීමෙන් ඒ අවස්ථාව අහිමි වෙනවා. ඒක කරන්නයි මෙහෙම ක්‍රමයක් අනුගමන කරලා තියෙන්නේ. එහෙම කරලා තියෙන්නේ ලොකු අපරාධයක ප්‍රතිරූපය ගොඩනඟන්නයි.

එහෙමනම් දැන් මොනවද වෙලා තියෙන්නේ?

මොනවත් වෙන්න දෙයක් නැහැ කරලා තියෙන්නේ මේ අය අක්‍රිය කිරීම පමණයි. මේ විධිහට නීතිපති නීතියට පිටින් අධිචෝදනා ගෙනාවොත් පුරවැසියන්ට යුක්තිය ඉල්ලා ශේ්‍රෂ්ඨාධිකරණයට යා හැකියි.

දැන් ආණ්ඩුවට එල්ල වන බරපතළම චෝදනාව දූෂිතයන්ට දඬුවම් දුන්නේ නැහැ කියන එක. ආණ්ඩුව කියන්නේ පොඩ්ඩක් ඉන්න අපි මහාධිකරණ තුනක් දාලා ඔක්කොම හිර ගෙවල්වලට දක්කනවා කියලයි?

විනිසුරුවරු තුන් කට්ටුවක් දාන්න අගවිනිසුරුට ඉස්සරත් බලය තිබුණා. මම නීතිපති ඉන්න කාලේ අග විනිසුරුගෙන් ඉල්ලා අඹේපිටිය නඩුව, ක්‍රිෂාන්ති කුමාරස්වාමි නඩුව වගෙ නඩු ගාණක් තුන් කමිටුව පත් කරලා කළා. එහෙම යන්න තිබුණා. දැන් ඒ බලය කෙළින්ම නීතිපතිට දීලා.

දැන් ඒ නඩු දිනපතා විභාග කර අවසන් කරන බව කියනවා?

කිව්වට එහෙම වෙන්නේ නැහැ. මේකෙන් වුණේ තවත් හිරවීම. දැනට මේ සියලුම නඩුවලින් වැරැදිකරු වුණේ ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට විතරයි. උසාවි වැඩි කළා කියලා විනිසුරුවරු වැඩි කළා කියලා, නඩු ඉක්මන් වෙන්නේ නැහැ. ඉන්දියාවේ ඉන්නේ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 23 දෙනයි. ඒ අය නඩු අවසන් කරනවා. අපේ අධිකරණ ක්‍රමය 1802 ඉඳලා තියෙනවා. නඩු පමා වෙන්නේ ආණ්ඩුව විසින්ම ඇති කළ වැරැදි අධිකරණ ක්‍රම නිසයි. ජ්ධ්ඛ්ච් වගේ වැඩ නිසා අධිකරණ ක්‍රියාවලිය පිට පැනපු නිසයි. නඩු ඇවිත් එක තැන ගොඩගැසී සමස්ත ක්‍රියාවලියම ව්‍යාකූල වෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress