ඩිලාන්ද ඕනේ? මාවද ඕනේ? සරත් වීරසේකර මහින්දගෙන් අහයි (Video)
Posted on July 27th, 2018

උපුටා ගැන්ම Lankalead

රණවිරුවන් සහ රටේ ඒකීයභාවය වෙනුවෙන් අන්තර්ජාතික වශයෙන් පෙනී සිටින හමුදා නිලධාරියෙක් වන තමාව ළඟ තියා ගන්නවාද නැතහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ළඟ තියා ගන්නවාද යන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කළ යුතු බව රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා විසින් සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද(27) මාධ්‍ය වෙත නිවේදනක් නිකුත් කර තිබුණි.

එම සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වෙයි

ඊයේ දින දෙරණ ප්‍රවෘත්ති විකාශය තුළින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මගේ නම සඳහන් කර කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මා සහ මේජර් ජනරාල් කමල් ගුණරත්න ප්‍රතිවාදීන්ය.

අප නිසා දෙමළ මුස්ලිම් ජනතාව ගෝඨාභයගෙන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙන් ඈත් වන නිසා අපව ඉවත් කළ යුතු යැයි පවසන ඩිලාන් පෙරේරා මහතා ඊයේ දින පැවසුවේ මා එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් බාරගෙන වෛරය පතුරවමින් මහින්ද රාජපක්ෂ බලවේගය විනාශ කිරීමට වැයම් කරන බව සහ එක්සත් ජාතික පක්ෂයේ වුවමනාවන් ඉටුකරන බවය.

ඩිලාන් පෙරේරා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති විසින් වාර්තමාන ජාතික ආණ්ඩුවේ ජාතික ලැයිස්තුවෙන් පත්කරන ලද මන්ත්‍රීවරයෙකි. ඔහු මහින්ද රාජපක්ෂ රජයේ කැබිනට් ඇමතිවරයෙක්ව සිට මහින්ද රාජපක්ෂ මහතා පරාජයවු විගස ඔහුට විරුද්ධව ගොස් එක්සත් ජාතික පකෂයේ රනිල් වික්‍රමසිංහ අගමැති කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරත සභාවේදී එක හෙලා සහය දුන්නෙකි.

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ 19වන ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ විරුද්ධ වුයේ මා පමණි. ඒකාබද්ධ විපක්ෂයේ අනිත් මන්ත්‍රීවරු 19 සේ බරපතළ සංශෝධන ඉවත් කිරීමට වෑයම් කළද එයට මුළු මනින්ම සහය දුන් අයගෙන් ප්‍රධානතම කෙනෙකි ඩිලාන්.

අද 19 සංශෝධනය නිසා මෛත්‍රීපාල සිරිසේන මහතාට පවා වර්තමාන රජය විසුරුවා හැරීමට නොහැක. ඩිලාන් පෙරේරා විවේචනය කරන රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයන් පහ කිරීමට නොහැක. එසේනම් වර්ථමාන දේශපාලන ව්‍යකූළ භාවයට වගකිව යුතු ප්‍රධානම පුද්ගලයිනගෙන් කෙනෙකි ඩිලාන් පෙරේරා.

 

ඩිලාන් පෙරේරා මට ජාතිවාදියෙක් යැයි කියයි. මම ජාතිවාදියා යැයි කියු කොටිහිතවාදී මුනිවන්තයින් ජිනීවා මානවහිමිකම් කවුන්සිලයේදී නිරුත්තර කළ මා ඩිලාන් වැනි අවස්ථාවදී දේශපාලඥයෙකුට පිළිතුරු දීමට නොයෙමි.

ජාතිවාදියෙක් යනු තමාගේ ජාතිය ගැන උතුම් යැයි සිතමින් අන්‍ය ජාතින් හෙලා දකිමින් ක්‍රියා කරන්නෙකි. අප සැමවිටම දෙමළ, මුස්ලිම් සහෝදර තාවයට සහය දී ක්‍රීයා කළා පමණක් නොව ඔවුන්ගේ ප්‍රශ්නවලදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී උපරිම වශයෙන් උදව් කර ඇතිතෙමු.

ඩිලාන් පවසන පරිදි ගොඨාභය වටා ජාතිවාදීන් සිටී නම් ඒන්න එන්න ඔහුවටා දෙමළ, මුස්ලිම් ජනතාව ඒක්රොක් වන්නේ කෙසේද යන්න සලකා බැලිව යුතුය. අද වනතුරු කිසිම සාමාන්‍ය දෙමළ,මුස්ලිම් පුද්ගලයෙක් අපට විරුද්ධව එකඳු වදනක් හෝ පවසා නැති අතර අපට ප්‍රශංසා කොට ස්තූති කොට කථා කර ඇති අවස්ථා බොහෝය.

අප එරෙහිවුයේ කොටි ත්‍රස්ථයින්ට පමණි. අප ක්‍රියා කරන්නේ කොටි ත්‍රස්ථයින් විනාශ කළ රණවිරුවන්ව ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පවා දීමට එරෙහිවය එසේම රණවිරුවන් දිවිහිමියෙන් ආක්ෂා කළ රට ව්‍යවස්ථාවකින් බෙදා වෙන් කිරීම වැලැක්වීම පිනිසය.

විශේෂයෙන්ම ඩිලාන් පෙරේරා අද මහින්ද රාජපක්ෂ මැතිතුමා ළඟට සමීපව ඉන්නේ ඒකාබද්ධ විපක්ෂ තුළ අසමඟිය, ප්‍රශ්න ඇති කොට රට බෙදන ව්‍යවස්ථාව පරාජය කිරීමට අවශ්‍ය තුනෙන් එකක ඡන්ද ප්‍රමාණය අමහිමි කොට දෙමළ බෙඳුම්වාදීන් සහ එක්සත් ජාතික පක්ෂය තමන්ට දී ඇති කොන්ත්‍රාත්තුව ඉටු කිරීමටය.

මා රටේ ඒකීයභාවය වෙනුවෙන් වසර 39ක් සක්‍රීය සේයාවේ යෙදී සිටී, යුද්ධය ජයග්‍රනය කළ හමුදාවන්ට අණ දුන් සෙම්පතියන් පස් දෙනාගෙන් කෙනෙතු ලෙස ජතියේ ප්‍රණාමය ලැබු, අදටත් රණවිරුවන් සහ රටේ ඒකීයභාවය වෙනුවෙන් ජාතික වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් පෙනී සිටින හමුදා නිලධාරීයෙකි. එසේ තමා ළඟ තබා ගත යුත්තේ මාද නැතිනම් ඩිලාන් පෙරේරා යන්න තීරණය කිරීම මහින්ද රාජපක්ෂ මහතාට බාර කරමි.

4 Responses to “ඩිලාන්ද ඕනේ? මාවද ඕනේ? සරත් වීරසේකර මහින්දගෙන් අහයි (Video)”

  1. Sarath W Says:

    It seems Mahinda is not capable of judging people. His fall was due to trusting and entertaining stupid, dishonest thugs like Mervin, Sajin Vas, Dilan etc. Looks like he is scared of capable and people smarter than him like Gota, Sarath Weerasekara, Kamal Gunaratne etc. The fact that Gota is trying to develop relationships with the professionals, business leaders and other smarter educated may be the reason Mahinda has so far refused to name Gota as the JO’s presidential candidate. His dream of making Namal the president in 2025 has clouded his judgement. He who was the best president we ever had must think of the country before his son.

  2. Vaisrawana Says:

    MR must take this warning seriously. Personally, I hate Dilan Perera, because he is a typically opportunistic mean politico. He was rejected by the people at the parliamentary election in August 2015, but was taken into the legislature as an NL MP by Sirisena to assist him in his scheme (we all by now very well know what that scheme is). It is an abomination (Christian readers! I am sorry for using Christian imagery in this profane context) for Dilan to suggest that these brave war heroes Sarath W and Maj. Gen. Kamal G are doing what they are doing to help the UNP to dissolve the Pohottuwa! Probably, the reverse of that is the truth: Dilan himself may be the Judas employed to do that. RADM Weerasekera is right to assume that this man is executing a contract with that past-master in intrigue, Ruinil – the invisible worm – to destroy the life of the Pohottuwa.

    Mahinda must repudiate Dilan and others of his ilk publicly, and absolve these two patriots of even a faint suggestion of complicity in such mean plots. Kamal G is not even a politician. It is offensive to their dignity to be mentioned in the same sentence with a scoundrel like Dilan. What he is saying about Muslims and Tamils getting away from Mahinda because of Sarath and Kamal, and Gotabhaya is not true. Cheats like Dilan are more likely cause estrangement between Mahinda and the minorities. Ordinary Tamils and Muslims are as much attracted to Mahinda and Gota as ordinary Sinhalese (the majority of those communities, actually). It is only the extremist few among the Muslims and Tamils who might object to them. MR and Gotabhaya need not specially curry favour with the minorities, who, being sensible people, don’t expect that sort of hypocrisy from them; neither should MR appear to distance himself from those whom that pothegura Dayan J condemns as Alt-Sinhalese nationalists in order to befriend the minorities. There are no Alt-Sinhalese. Sarath W’s definition of our ‘Nationalism” is perfect.

  3. Dilrook Says:

    No Rajapaksa can win any sizable Tamil and Muslim votes for the foreseeable future.

    This is the reality. Sarath cannot worsen it. If Sarath is not taken by the Rajapaksa camp, it will lose nationalist votes. The most proximate reason for Mahinda’s defeat in 2015 is the loss of the JHU (2% of the vote).

  4. Randeniyage Says:

    Our people still keep on saying things like “It seems Mahinda is not capable of judging people.”
    Then how did he win the war ?
    He is not a baby , he knows everything. Please judge him from “all the actions” he take, not just selected action you like.

    QUOTE “What he is saying about Muslims and Tamils getting away from Mahinda because of Sarath and Kamal, and Gotabhaya is not true. ” UNQUOTE

    No. This is true. Muslims and Tamils do not like TRUE patriots. Because they earn their wealth by cheating, crime and by bribery.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress