විජේවීරගේ සිරුරෙන් උණු උණු ලේ ගලන හැටි මම දැක්‌කා…
Posted on August 4th, 2018

බුලිත ප්‍රදීප් කුමාර උපුටා ගැන්ම ජනබල

රෝහණ සහෝදරයා පහළට ගනින් කියලා විධානයක්‌ ඇහුනා. කවුරුත් පහළ තට්‌ටුවට ආවා. රොනී ගුණසිංහ රෝහණ සහෝදරයාගේ දකුණු අත ගෙන පරීක්‌ෂා කර බැලුවා….

ඇයි… අතේ මරණීය සලකුණු තියනවා කියලා ද බලන්න… විජේවීර සහෝදරයා එහෙම අහනකොට රොනී ගුණසිංහට ලැඡ්ජ හිතුනා…

නෑ…. මම මේ බැලුවේ ඔයා ආයුධ පුහුණුව එහෙම අරගෙන තියෙනවද කියලයි…

wije1 මට එහෙම අවශ්‍ය වුණේ නැහැ … මම හැමදාම හිටියේ ජනතාව අතරේ… විජේවීර සහෝදරයා කිව්වා. ඒ අතරේ රෙදි කැබැල්ලක්‌ ගෙන්aවාගත් රොනී ගුණසිංහ ඉන් නායක සහෝදරයාගේ ඇස්‌දෙක බැඳ දමනු ලැබුවා. ඔයගොල්ලෝ මාව මේ කොහේද ගෙනියන්න හදන්නේ…. කියලා නායක සහෝදරයා අහද්දි කිසි කෙනෙක්‌ ඊට උත්තර දුන්නේ නැහැ. ඒත් එක්‌කම හමුදා සෙබළු පිරුණු පැජරෝ රථ දෙකක්‌ වේගයෙන් ඉගිල්ලිලා කොහේද යන්න ගියා. ඊට විනාඩි දෙක තුනකට පස්‌සේ රෝහණ සහෝදරයා වත් රථයකට නංවන්න ගෙනිච්චා. මම ඒ වෙලාවේ බැලුවේ කර්නල් දසනායක කොහෙද කියලයි. එයා එතන හිටියේ නැහැ. වාහන සියල්ලම පිටව යද්දීත් එයා වෙනම කාමරයකට වෙලා කල්පනා කරමින් ඉන්නවා මම දැක්‌කා….

අපි මොකද දැන් කරන්නේ කියලා අහන්න මම ඒ ළඟට යන්න හදනකොටම කොහේදෝ ඉඳල ජෙනරල් සිසිල් වෛද්‍යරත්ත එතනට ආවා…. ඒත් කර්නල් තවම නිහඬයි…

මම තොට රාජකාරියත් පැවරුවා… වහාම පලයන්. රාජකාරිය කරපන්… කියල ජෙනරල් අඩි පොළොවේ හප්පලා තර්ජනය කළා. ඉංග්‍රීසියෙන් සිංහලයෙන් භාෂා දෙකෙන්ම ජෙනරල් කර්නල්ට බනින්න පටන් ගත්තා… මම තෝව බල්ලෙක්‌ වගේ මෙතන වෙඩි තියලා මරලා දානවා කියලා ජෙනරල් කර්නල්ට බැණ වැදුනා…

indra111බලනකොට අපේ කර්නල්ට තමයි ඉන් පස්‌සෙ සිද්ධවෙන සිදුවීම් ඔක්‌කොම අධීක්‌ෂණය කරන්න කියලා ජෙනරල් භාර දීල තියෙන්නෙ…

ඒ සිද්ධ වුණු සිදුවීම් ටික මට අදටත් මැවිලා පේනවා. කර්නල් මාවත් කතා කරගෙන ගිහින් කාර් එකට නැග්ගා. කිරුළපන පාරට අරන් කලර් ලයිට්‌ එක ගාවදි යළිත් කාර් එක නතර කළා…

අපි කොහාටද යන්නේ කියලා මට අහගන්න බැරි වුණා… ඔයා ගිහිල්ලා බ්‍රිගේඩියර් ජයසුන්දරගෙන් අහන්න ඒගොල්ල කොහාටද ගෙනිච්චෙ කියලා… ”

කර්නල්ට දැනුණු පීඩාව මොන තරම් ද කියලා කියනවා නම් යන්න ඕන තැන මොකක්‌ද කියලා වත් අහගෙන නෑ… මම වාහනයෙන් බැහැලා බ්‍රිගේඩියර් ජයසුන්දර ඉන්න තැනට දුවගෙන ගියා. එතකොටම ජෙනරල් සිසිල් වෛද්‍යරත්න පහළට ඇවිල්ල එයාගේ වාහනයට ගොඩවෙලා යන්න හදනවා. මීට පස්‌සේ අපිට කිසි කරදරයක්‌ නැතුව නිදා ගන්න පුළුවන් වේවි නේද ජයසුන්දර…. ” කියමින් ඔහු වාහනයට නැග්ගා.. දෙන්නාම මහ හයියෙන් හිනා වුණා…

වාහනය එළියට ගත්තොත් නිසැකවම කර්නල් දසනායක පාරේ ඉන්නවා දකිනවා… එහෙම වුණා නම් තවත් ලොකු පටලැවිල්ලක්‌… මම ආපහු දුවගෙන ගිහිල්ලා කර්නල්ට කිව්වා වාහනය පැත්තකට ගමු.. දැන් ජෙනරල් එළියට එනවා කියලා… අපි අතුරු පාරකට වාහනය දාලා නතර කර ගත්තා… වාහන පෙළ පාස්‌ වුණාට පස්‌සේ මම ආපහු දුවගෙන ගිහිල්ලා බ්‍රිගේඩියර් ජයසුන්දරගෙන් යන්න ඕන තැන මොකද්ද කියලා අහ ගත්තා…

එක කණ්‌ඩායමක්‌ විජේවීර සහෝදරයා ව අරගෙන ගිහිල්ලා තිබුණේ ගෝල්ෆ් පිටියට… එතැනදී එයාගේ ජීවිතය පිළිබඳ අවසාන කටයුතු කරලා ඉවර වෙලා බොරැල්ල කනත්තේ ආදාහනාගාරයට ගේන්නයි සැලැස්‌ම. අපි එතනට ගියාම ඇති කියලයි කර්නල් කිව්වේ.

කොහොම හරි අපි එතැනට යනකොට සැලසුමේ මුල් කොටස ක්‍රියාත්මක වෙලා ඉවරයි. ගෝල්ෆ් ග්‍රවුන්ඩ් එකට ගෙනිහින් මස්‌ වැදැල්ලක්‌ බවට පත් කරපු විජේවීර සහෝදරයාගේ දේහය ආපහු ගෙනවිත් ආදාහනාගාරය ඉස්‌සරහ බිම නිකම්ම නිකන් අතඇරල දාලා තිබුණා. මගේ හිත කීරි ගැහිලා ගියා. මම අත් දෙකෙන්ම කැමරාව තදකර අල්ලා ගත්තා… මේ වෙන කිසිම දෙයක්‌ ඡායාරූපගත කරන්න එපා කියල මට දීපු උපදේශය මතක්‌ වුණා… විජේවීර සහෝදරයාගේ සිරුරෙන් උණු උණු ලේ බිම දිගේ ගලාගෙන යන හැටි මම දැක්‌කා…

මේජර් තෝරදෙනියත් රොනී ගුණසිංහත් තමන්ගේ ආධිපත්‍ය පතුරුවමින් සියල්ල මෙහෙයවන ආකාරය මම දැක්‌කා… ආදාහනාගාරය භාරව සිටින නිලධාරියාට එතෙන්ට එන්නට පණිවිඩයක්‌ යවා තිබුණා.

ආදාහනාගාරය භාරව හිටපු නිලධාරියා මේ දර්ශනයෙන් මහත් විමතියට පත් වුණා.

”මේ වගේ දේවල් සර්ලා කැමති තැනකට අරන් ගිහිල්ලා කරගන්න. කරුණාකරලා මෙතන නම් මේවා කරන්න එන්න එපා. මට ඒකට ඉඩ දෙන්න බෑ….”

මේජර් තෝරදෙනිය පිස්‌තෝලය ඇදලා අරගෙන ඒ නිලධාරියාගේ නළලට තිබ්බා…. බල්ලෙක්‌ වගේ මැරෙන්නෙ නැතුව කට වහගෙන යතුර දීපන් කියල ඔහු නිලධාරියාට තර්ජනය කළා… මරණ භයින් තැති ගත්ත නිලධාරියා අවසානයේ තෝරදෙනියගේ ආඥාවට එකඟ වුණා.

මේ සිද්ධියෙන් කම්පාවට පත් වුණු අර නිලධාරියා ඉන්පසුව රැකියාවෙන් ඉවත් වී පැවිදි දිවියට ඇතුළු වුණ බව පසුකලෙක මට දැනගන්න ලැබුණා.

ඉන්පස්‌සෙ සෙබළු කීපදෙනකුට කිව්වා නායක සහෝදරයව උස්‌සලා පෝරොණුව ඇතුළට විසි කරන්න කියලා. සෙබළුන් හතර දෙනෙක්‌ විතර විජේවීර සහෝදරයාව අල්ලලා පද්දලා අර පුංචි කටින් ඇතුළට වීසි කරන්න උත්සාහ කළා. දේහය හරස්‌ අතට බොයිලේරු කටේ වැදිලා යළි බිමට ඇදගෙන වැටුණා. ඒ වෙලාවේ විජේවීර සහෝදරයා කෙඳිරිගෑවා… ඒ වන විටත් තවම ප්‍රාණය නිරුද්ධ වී නැති බව අපි කාටත් හැඟී ගියා.

මොන තරම් තිරිසන් වැඩක්‌ ද පණපිටින් මනුස්‌සයකු පුච්චලා දමන එක…. ඒත් ඔවුන් කිසිදු ගාණක්‌ නැතිව ඒ වැඩේ නිම කළා.

කර්නල් දසනායක මගේ ලොක්‌කා හැඟීමකින් තොරව ඒ දෙස බලා හිටියා මිස කටවත් ඇරියේ නෑ… ඔහු දැඩි කලකිරීමක සිටියා. අනිත් පිරිස ක්‍රියාකළේ තිරිසන්නු වගේ. තිරිසන්නු පරාදයි. මුතාලිප්ගේ වධකාගාරයෙ හිටපු කට්‌ටිය බොහොම ක්‍රියාශීලීව වගකීම් කරන ආකාරය අපට දකින්න ලැබුණා. කොහොම වුණත් එතන හිටපු වැඩි දෙනෙක්‌ තමන් ඒ වඳ දීල පණපිටින් පුළුස්‌සා දැමුවේ කවුද කියා වත් දැන හිටින්නට නැතුව ඇති.

කර්නල් දසනායක සමඟ මම නිහඬවම යළිත් නාරාහේන්පිට මුලස්‌ථානයට පැමිණියා. ඔහු වචනයක්‌වත් කතා කළේ නෑ. ලොකු ආත්ම කලකිරීමක ඉන්න බව පමණක්‌ පේන්න තිබුණා.

ප්‍රශ්නය -රෝහණ විජේවීරගේ අවසන් ජවනිකාව අවසන් වූ බව රට දැනගන්න විට දේශපාලන තත්ත්වය මොන වගේද…

පිළිතුර – ඇත්තටම නොවැම්බර් 12 වැනිදා උදේ වරුවේ අත්අඩංගුවට ගත්ත විජේවීර සහෝදරයාගේ කතාව 13 වැනි දාට එළිය වැටෙන කොට අළු දූවිලි බවට පත් වෙලා රහසක්‌ බවට පත්වන ලකුණු තිබුණා. ඒ වෙනුවෙන් ඉතා ඉක්‌මනින් වෙනත් ප්‍රබන්ධ කථාවක්‌ නාට්‍යානුසාරයෙන් රඟදක්‌වන්නට උදෙන්ම දේශපාලන බලාධිකාරිය හා ආරක්‌ෂක ප්‍රධානීන් සැලසුම් සකස්‌ කර තිබුණා.

එදා දහවල් ආරක්‌ෂක රාජ්‍ය අමාත්‍ය රංජන් විඡේරත්න අති විශේෂ පුවත්පත් සාකච්ඡාවක්‌ කැඳවූවා. දෙස්‌ විදෙස්‌ ජනමාධ්‍ය රැසක්‌ ඊට සහභාගි වුණා. රන්ජන් ඇමතිතුමා නාට්‍යයේ පිටපත කියවන්න පටන් ගත්තා….

”ජනතා විමුක්‌ති පෙරමුණේ හා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නායක රෝහණ විජේවීර ඊයේ උදේ වරුවේ යුද හමුදාව විසින් උලපනේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. ගුවන් මගින් කොළඹට ගෙනත් කරන ලද සාකච්ඡාවකි දී සියලු සටන් අතහැර ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට පිවිසෙන්නට ඔහු එකඟ වුණා. ඊට පස්‌සේ ඔහු රූපවාහිනි මාධ්‍ය අමතා විශේෂ ප්‍රකාශයකුත් කළා.

මේ අතර විජේවීර ඉතා වැදගත් රහසිගත ලිපිගොනු රැසක්‌ හමුදාව වෙත බාර දෙන්නට හමුදා ඛන්ඩ කණ්‌ඩායමක්‌ සමග කොළඹ පිහිටි තම මූලස්‌ථානය වෙත පිටත්ව ගියා. හමුදාව විසින් කරන ලද වැටලීමකින් පසුව මූලස්‌ථානය ඇතුළට ගිය විජේවීර එහි තිබූ යම් කිසි රහස්‍ය ලිපිගොණු හමුදාව වෙත ලබා දෙන්නට එච්. බී. හේරත් නමැති පුද්ගලයකුට බාර දුන්නා. ලිපිගොනුව සොයා දෙන මුවාවෙන් සඟවා තිබූ අවියක්‌ හොයාගත් එච්. බී. හේරත් ඉන් විජේවීර වෙත වෙඩි වරුසාවක්‌ එල්ල කළා. එම ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර දැක්‌වූ හමුදා වෙඩි පහරින් එච්. බී. හේරත් මියගියා. ඔහුගේ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ විජේවීරත් ඒ සමගම අවසන් ගමන් ගියා. ආරක්‌ෂක හේතූන් මත මේ දෙදෙනාගේම සිරුරු ආරක්‌ෂක හමුදාවන් විසින් ආදාහනය කළා.”

රන්ජන් විඡේරත්න ඇතුළු පිරිස්‌ මොන තරම් සූක්‌ෂම ලෙසම ප්‍රබන්ධ කථාව නිර්මාණය කර තිබුණත් ජනමාධ්‍යවේදීන් බොහෝ දෙනෙක්‌ ඒ කතාව විශ්වාස කළේ නෑ… සමහරු රහසිගත එම මූලස්‌ථානය කොළඹ කොහේ වී දැයි ප්‍රශ්න කරන්නට පටන් ගත්තා.

මේ අවස්‌ථාවේදී රන්ජන් විජයරත්න මැතිතුමා බලවත් අපහසුතාවයකට පත්වුණා. ඒ විතරක්‌ නෙවෙයි රටේ වැරදි මත පැතිරිලා ගියා. එවකට හිටපු ජනාධිපතිවරයා මෙම ඝාතනයේ වගකීම වෙනත් අයට ලැබෙන ලෙස වේදිකාවේ ප්‍රකාශ නිකුත් කළා. තමන් දැන සිටියා නම් කෙසේවත්

විජේවීරට මෙම ඉරණම අත් වන්නට ඉඩ දෙන්නේ නැතැයි ඔහු තැන තැන කිව්වා. ඒ ප්‍රකාශයකින්ම අපහසුතාවයට පත් වුණේ ආරක්‌ෂක රාජ්‍ය අමාත්‍ය රංජන් විඡේරත්නයි. අන්තිමේ මම ඉදිරිපත් වෙලා සිද්ධ වෙච්ච දේ ගැන සත්‍යය හෙළිදරව් කරන තුරුම

විජේවීරගේ මරණය පිළිබඳ පැතිරිලා ගිහිල්ලා තිබුණේ ප්‍රබන්ධ කතා.

ප්‍රශ්නය – අවසානයේ ඔබට මොනවද වුණේ..?

පිළිතුර – මටත් වැඩි කලක්‌ හෙළිදරව් නොවී ඉන්න බැරිවුණා. හමුදාවේ රහස්‌ තොරතුරු, ඡායාරූප, පිටස්‌තර පාර්ශවවලට යන්නෙ කොහොමද කියල හොයපු බුද්ධි අංශවලට මං ගැන ඉව වැටුණා. 1990 මාර්තු 13 වැනිදා කර්නල් දසනායකත් නොදන්වා මේජර් තෝරදෙනිය විශේෂ අවසරයක්‌ පිට මාව අත්අඩංගුවට ගත්තා. මාව රඳවා තැබුවේ ”යටාරෝ කැෆටේරියාවේ” මුතාලිෆ් ලගේ වධකාගාරයේ. මට එතන දවස්‌ 19 ක්‌ තියාගෙන දස වධ දුන්නා. මාවත් මරන්නයි හිටියේ. නමුත් රන්ජන් විඡේරත්නට පාර්ලිමේන්තුවේදී සිදු වුණු එක්‌තරා කට වැරදීමක්‌ නිසා මට ජීවත්වෙන්න වාසනාව ලැබුණා.

විරුද්ධ පක්‌ෂයෙන් කරන ලද ප්‍රශ්න කිරීමකට උත්තර දෙමින් රන්ජන් විඡේරත්න කිව්වා අපි ඡේවිපී සැකකාරයන්ව මරන්නෙ නෑ…. කොටින්ම කියනව නම් මාව මරවන්න හමුදාවට බන්දවපු මිනිහත් දැන් අපිට අහු වුණා. මිනිහා පවා දැන් නිරුපද්‍රිතව ඉන්නවා කියලා. ඒ තමයි මම…

ඒක දිග කතාවක්‌… කොහොමහරි ඒ ප්‍රකාශය ප්‍රසිද්ධ වුණ නිසා මාව මරන්න තිබෙන ඉඩකඩ අහිමි වුණා.

අන්තිමේ අවුරුදු 7 කුත් මාස 9 ක්‌ මම හිර ගෙවල්වල දුක්‌ විඳලා 1997 සැප්තැම්බර් 27 වැනිදා නිදහස්‌ වුණා. ඉන් පස්‌සේ කෙලින්ම පක්‌ෂ දේශපාලනයට අවතීර්ණ වෙලා 1999 දී උතුරු මැද පළාත් සභාවට පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරමින් පළාත් සභා මන්ත්‍රීවරයෙක්‌ ලෙස පත්වුණා. වසර 8 ක්‌ පළාත් සභාවේ මන්ත්‍රී ධුර දරමින් කටයුතු කළා. අවසානයේ ජනතා විමුක්‌ති පෙරමුණේ සැබෑ දේශප්‍රේමීන් සිටින කණ්‌ඩායම වන පෙරටුගාමී සමාජවාදී පෙරමුණේ සාමාජිකයෙක්‌ ලෙස මේ රටේ දේශපාලනය කරන්න මම මගේ ජීවිතය කැප කළා. අද වන විට මම පෙරටුගාමී සමාජවාදී පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙක්‌.

2 Responses to “විජේවීරගේ සිරුරෙන් උණු උණු ලේ ගලන හැටි මම දැක්‌කා…”

  1. Christie Says:

    Sinhala terrorists of India.

  2. aloy Says:

    Everybody’s blood is warm when living. Why try to dramatize the event.

    They were a dubious entity even during Wijewira’s time. During the time when Mrs. B’s last election they sided with UNP to get R.Premadasa elected. They used their carders in remote area’s like Anamaduwa to block roads by cutting down trees where Mrs. B had lot of support. If not she would have won. I was told that the vehicles of certain state entities were used to carry the carders for this exercise. Perhaps they will do same for money again. So, watch out.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress