අත්තනගල්ල කමිටුවේදී චන්ද‍්‍රිකා යකා නටයි.. බැණ වැදී මාධ්‍යවේදීන් පන්නා දමයි..[Video]
Posted on August 13th, 2018

 lanka C news

අත්තනගල්ල ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සම සභාපතිත්වයෙන් යුක්තව රැස්වූ අවස්ථාවේ එය ආවරණය කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන් එම ස්ථානයෙන් ඉවත් කිරීම හේතුවෙන් උණුසුම්කාරී තත්වයක් ඇති විය.

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කරන ලද නිල ආරාධනයක් අනුව එම ස්ථානයට ගිය මාධ්‍යවේදීන්ට සංවර්ධන කමිටු රැස්වීම ආවරණය නොකර පිටවන්නැයි හිටපු ජනාධිපතිනිය පැවසීමත් සමඟ මෙම තත්ත්වය ඇතිවිය.

එහිදී මාධ්‍යවේදීන් පෙන්වා දුන්නේ තමනට ප්‍රාදේශීය ලේකම් වරයා විසින් කරන ලද ආරාධනාවක් අනුව පැමිණි බවත් ඔහු විසින්ම ආපසු යන්නට කියන්නේ නම් පිටව යන්න සූදානම් බවත්ය.

 

මෙහිදී අසරණ තත්ත්වයට පත් ප්‍රාදේශීය ලේකම්වරයා ස්ථානයෙන් ඉවත්ව යන්නැයි මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කළේය.

ඒ සමගම අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා විසින් පෙන්වා දුන්නේ මෙම ස්ථානයට අනවසරයෙන් පැමිණි පුද්ගලයන් ද බොහෝ සිටින බවත් ඔවුන් ඉවත් කල යුතු බවත්ය.

එම පිරිස ඉවත් කිරීමත් සමග සභාව උණුසුම් තත්ත්වයකට පත්විය.

හිටපු ජනාධිපතිනිය මෙම අවස්ථාවේ ඉතාමත් කෝපසහගත හැසිරෙන ආකාරයක් පෙනෙන්නට තිබින.

බණ්ඩාරනායකවරුන්ගේ බලකොටුව වන අත්තනගල්ල ආසනයේ ශ‍්‍රීලනිප සංවිධායක ධුරයද හොබවන හිටපු ජනාධිපතිවරිය විසින් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අත්තනගල්ල ආසනයේ ගෙන් ගෙට ගොස් මැතිවරණ ප‍්‍රචාරණයේ යෙදුනද පොහොට්ටුව ජයගත් අතර ශ‍්‍රීලනිපය තුන්වැනි තැනට පත්විය

One Response to “අත්තනගල්ල කමිටුවේදී චන්ද‍්‍රිකා යකා නටයි.. බැණ වැදී මාධ්‍යවේදීන් පන්නා දමයි..[Video]”

  1. Christie Says:

    Why doesn’t she go back to UK or India?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress