දේශීයත්වයට ජීවය දුන් බණ්ඩාරනායක චින්තනය
Posted on January 7th, 2019

ෂාන් විජයලාල් ද සිල්වා

හෙට (08දා) දිනට යෙදෙන හිටපු අග්‍රාමාත්‍යවරයකු වන දිවංගත ඇස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රී මතාණන්ගේ 120 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙනි

ශේ‍ර්ෂ්ඨ යුග පුරුෂයෝ විශිෂ්ටත්වයට පත්වීමට අපේක්‍ෂා නොකරති. එහෙත් ඔවුහු සිය ප්‍රජාව වෙනුවෙන් විශිෂ්ට දේ කිරීමට උත්සුක වෙති. ඒ නිසාම ඔවුහු ජනතා සිත් සතන් තුළ සදාකාලයටම ජීවමාන වේ. බණ්ඩාරනායකයන් දැයට අහිමි කොට දශක හයකට ආසන්න කාලයක් ගත වී ගියද අදටත් සමස්ත ජාතිය මහත් කෘතවේදීව එතුමා අනුස්මරණය කරන්නේ ඔහු තුළින් දිස්වූ ඒ අතිශය උත්තරීතර මානව ගුණය නිසාවෙනි.
යටත්විජිත පාලකයන් විසින් මෙරට නිර්මාණය කළ ජාතිකත්ව අක්මුල් සිඳබිඳගත් අනුකාරක පන්තියකට අයිතිව ඉපදුණද එකී පැලැන්තියේ අපේක්‍ෂාවන්ට ප්‍රතිවිරෝධී වෙමින් බි්‍රතාන්‍ය පාලකයන් විසින් වුවමනාවෙන් යටපත් කර දැමූ දේශජ චින්තනයට යළි ජීවය ලබා දුන්නේ බණ්ඩාරනායකයන් විසිනි.

වර්තමානයේ අප දේශය මුහුණ දී සිටින සංකීර්ණ දේශපාලන, ආර්ථික, සමාජයීය මෙන්ම වාර්ගික අර්බුද රැසකට මුල් වී ඇත්තේ බණ්ඩාරනායකයන් විසින් මතු කළ ඒ දේශජ චින්තනය නිවැරැදිව කියැවීමට තවමත් අපි ජාතියක් ලෙස අසමත් වී තිබීම බව අප බහුතරයකගේ විශ්වාසයයි. එතුමාගේ ජන්ම සැමරුම අවස්ථාවේදීවත් ඒ දැක්මට, එම චින්තනයට යළි ජීවයක් ලබාදීම යුගයේ යුතුකමයි.

මුදලිඳු සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතාට මෙන්ම ඩේසි ඇස්ලින් ඔබේසේකර මහත්මියට දාව 1899 ජනවාරි 8 වැනි දින උපත ලැබූ බණ්ඩාරනායක මහතා මූලික අධ්‍යාපනය ලැබුවේ නිවෙසට කැඳවාගත් කීර්තිමත් බි්‍රතාන්‍ය ජාතික රැඩ්ෆර්ඩ් හා එමර්ෂන් ආදී ගුරුවරුන්ගෙනි.

අනතුරුව පාසල් අධ්‍යාපනය සඳහා 1907 වසරේදී ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලට ඇතුළත් වන බණ්ඩාරනායකයන් 1915 වන විට කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලය මඟින් පවත්වන ලද කේම්බි්‍රජ් – සීනියර් විභාගයෙන් ඉංග්‍රීසි, ලතින්, ග්‍රීක් හා ප්‍රංශ භාෂාවන්ට සම්මාන සහිතව විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට සමත් වන්නේය.

කේම්බි්‍රජ් – සීනියර් විභාගයෙන් සමත්ව සිටි බණ්ඩාරනායක මහතා 1919 වසරේදී බි්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් කෙරිණි. ඔක්ස්ෆර්ඩ් සරසවි දිවිය තුළදීම තමාගේ නිසග ශාස්ත්‍රීය මෙන්ම චතුර කථිකත්වය ඇතුළු සුවිශේෂී හැකියාවන් විදහා දැක්වූ බණ්ඩාරනායකයන් සිය අනාගත විශිෂ්ටත්වයේ ගමන්මඟ ශිෂ්‍ය අවධියේදීම සනිටුහන් කළේය.

කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ මහ ලේකම් ධුරය මෙන්ම සභාපති ධුරයද හෙබවූ එතුමා විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමවා උපාධිධාරියකු මෙන් බැරිස්ටර්වරයකු ලෙස 1925 පෙබරවාරි 24 වැනි දින ආපසු ශ්‍රී ලංකාවට පැමිණියේය.

1925 අප්‍රේල් 09 දින ශේ‍ර්ෂ්ඨාධිකරණයේ අධිනීතිඥයකු ලෙස දිවුරුම් දී ඉතා ඉක්මනින් අපරාධ නඩු පිළිබඳ දක්‍ෂ නීතිඥයකු ලෙස කීර්තියට පත් වූයේය. යුක්තිය, සාධාරණත්වය මුල් කරගෙන නීතිඥයකු ලෙස සේවය කරන ලද හෙයින් බණ්ඩාරනායක මහතා ඉතා කෙටි කලකින්ම නැති බැරි මිනිසාගේ අද්වකාත්වරයකු ලෙස ප්‍රසිද්ධියට පත් විය.

ලංකා ජාතික සංගමයෙන් සිය දේශපාලන ගමන අරඹන බණ්ඩාරනායක මහතා මුල සිටම දේශජ වූ දැක්මකින් කටයුතු කළේය. උපතින් කිතුනුවකු වූ බණ්ඩාරනායක මහතා මැවුම්වාදය බැහැර කරමින් ග්‍රීක දර්ශනය, ලිබරල් වාදය මාක්ස්වාදය මෙන්ම ගාන්ධිතුමාගේ අහිංසාවාදය ආදී දර්ශන හා මතවාද පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත් බණ්ඩාරනායක මහතා ඒ කිසිවක් එලෙසින්ම ලංකාවට ගැළපීමට උත්සුක නොවූ අතර ලංකාවේ දේශීයත්වයට උරුම ගමන්මඟ සිය දේශජ වූ චින්තනය ඔස්සේ තහවුරු කිරීමට උපරිම ශක්තිය යෙදවීය.

රාජ්‍ය මන්ත්‍රණ සභා කාලයේ සිටම එතුමා ක්‍රියාත්මක වූයේ යටත්විජිත පාලන යුගයේ අභාවයට පත්ව තිබූ සිංහල භාෂාව, ආගම, සාහිත්‍යය, දේශීය වෙදකම, පිරිවෙන් අධ්‍යාපනය විදේශීය පාලකයන් විසින් හිතාමතාම අමතක කර තිබූ ඉපැරැණි ආගමික හා සංස්කෘතික නගර යළි පණගැන්වීමටය. එතුමාගේ නායකත්වයෙන් පැවැති සිංහල මහ සභාව ක්‍රියාත්මක වූයේ ඉහත කරුණු පිළිබඳ ජනතා උනන්දුව හා උදේ‍යා්ගය පණගන්වන නියාමක බලවේගයක ලෙසිනි.

ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබීමත් සමඟ ව්‍යවස්ථාපිත වූ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රිවරයකු ලෙස 1932දී තේරී පත්වූ බණ්ඩාරනායක මහතා එකී පාලන සමය තුළ සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන්ද කටයුතු කළේය. සිංහල මහ සභාව එතුමාගේ දේශපාලන පක්‍ෂය වූ අතර 1948දී ශ්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත්වීමත් සමඟම රාජ්‍ය බලය හිමි වූ අගමැති ඩී.ඇස්. සේනානායක මහතාගේ ආණ්ඩුවේ සභානායක හා සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍යවරයා වූයේ බණ්ඩාරනායක මහතාය.

එහෙත් එම කිසිදු රජයකින් සිය දේශජ වූ අපේක්‍ෂාවන් ඉටු කර ගැනීමට නොහැකි බව බණ්ඩාරනායක මහතාට ඉතා කෙටි කලකින්ම අවබෝධ විය. බටහිර ගැති පැරැණි යටත්විජිතවාදී දේශපාලන දර්ශනයටත්, මෙරට ජනවිඥානය ස්පර්ශ නොකළ මාක්ස්වාදයටත් ගැති නොවුණු මෙරට ජන ජීවිතය, සංස්කෘතිය, ජනවිඥානය හා සිතුම් පැතුම් මූර්තිමත් කළ ප්‍රායෝගික දේශීය චින්තනයක් ජනගත කිරීම බණ්ඩාරනායකයන්ගේ අභිප්‍රාය විය.
එක්සත් ජාතික පක්‍ෂය තුළින් තවදුරටත් දේශයේ හා ජාතියේ අපේක්‍ෂාවන් ඉටු නොවන බව පසක් කරගත් බණ්ඩාරනායක මැතිතුමා තම අදහස් හා මත දැරූ තවත් පිරිසක් සමඟ එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වී ලංකාව සඳහා යෝග්‍ය ස්වදේශීය ජන සංස්කෘතික රටාවට ගැළපෙන නව දේශපාලන ගමනක් යෑම සඳහා නව පක්‍ෂයක් පිහිටුවාලූහ.

බණ්ඩාරනායක මහතා සමඟ එක්සත් ජාතික පක්‍ෂය හැරදා පැමිණි ඒ.පී. ජයසූරිය, ඩී.ඒ. රාජපක්‍ෂ, ඩී.ඇස්. ගුණසේකර සහ ජයවීර කුරුප්පු ආදී පිරිස සමඟ තවත් විශාල පිරිසක් කොළඹ නගර සභා ශාලාවට එක්ව 1951 සැප්තැම්බර් 2 දින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවනු ලැබීය.

මෙලෙස 1951දී බණ්ඩාරනායක මහතාගේ නායකත්වය සහිතව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවීමෙන් පසු 1952 මහ මැතිවරණයට ඉදිරිපත් විය. පාර්ලිමේන්තුව තුළ වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට නව දේශපාලන පක්‍ෂයට නොහැකි වුවද ඡන්ද 361,240ක් ලබා ආසන 09ක් හිමිකර ගත හැකි විය. බණ්ඩාරනායක මහතා 1952 සිට 1956 කාලය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකවරයා වශයෙන් ක්‍රියා කළේය.

1955 සැප්තැම්බර් 24 දින බණ්ඩාරනායක මහතාගේ නායකත්වය සහිත ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලංකා සමසමාජ පක්‍ෂය සමඟ නිතරග ගිවිසුමක් ඇති කර ගන්නා ලදී. මෙම වකවානුව තුළදී ලංකා රාජ්‍ය භාෂාව පිළිබඳ පුළුල් කතිකාවක් නිර්මාණය විය.

මේ අතරතුර 1955 දෙසැම්බර් 17 දින සිංහල භාෂාව ලංකාවේ රාජ්‍ය භාෂාව බවට පත් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සිය දෙවැනි සමුළුවේදී සම්මත කර ගන්නා ලදී. එසේම සිංහල භාෂාව පමණක් ලංකාවේ රාජ්‍ය භාෂාව විය යුතුය යන හ¾ඩින් කොළඹ නගර සභාවේ පැවැති එක්සත් භික්ෂු පෙරමුණ ඉදිරිපත් කළ ‘දස පනත’ බණ්ඩාරනායක මහතා විසින් පිළිගත් අතර තම ඉදිරි ආණ්ඩුවක් මඟින් එය ඉටු කරන බවද ප්‍රකාශ කර සිටියේය.

පොරොන්දු වූ පරිදිම 1956 බලයට පත් වී ‘සිංහල’ රාජ්‍ය භාෂාව බවට පත් කළේය. එතුමාගේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය නිවැරැදිව ග්‍රහණය කරනොගත් පිරිස එතුමා ඉන් සිදු කළේ දෙමළ ජනතාවගේ හදවත් පෑරීමක් බවත් පසුකාලීනව ඇති වූ වාර්ගික දුරස්වීම් සඳහා එකී රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය හේතු වූ බවත් ප්‍රකාශ කරති. නමුත් එවකට පැවැති දේශපාලන හා සමාජයීය තත්ත්වයන් විශ්ලේෂණය කිරීමේදී එතුමාට එරෙහිව නැඟි එම චෝදනා සාවද්‍ය බව පසක් වේ.

සිංහලය රාජ්‍ය භාෂාව කිරීමෙන් දෙමළ ජනතාවට කිසිදු මදිපුංචිකමක් කිරීමට එතුමා කිසි ලෙසකත් අපේක්‍ෂා කළේ නැත. එදා දේශීය භාෂාවන් වූ සිංහල හා දෙමළ යන භාෂා දෙකටම වඩා ඉහළින් වැජඹුණේ ඉංග්‍රීසියයි. ඉංග්‍රීසිය රජවීම තුළින් දේශීය භාෂාවන්ට සිදුව තිබූ ඓතිහාසික අසාධාරණයන් අහෝසි කිරීම එතුමාගේ මූලික අභිප්‍රාය විය.

මෙම වකවානුව වන විට සිංහල කතා කරන ජනතාව තුළ ඉංග්‍රීසි භාෂා ශාක්‍ෂරතාව පැවැතියේ ඉතාමත් අවම මට්ටමකය. ඒ නිසාම ඉංග්‍රීසිය රජ වීම තුළ බහුතර සිංහලයා ඓතිහාසික බරපතළ අසාධාරණයට ලක්ව සිටියේය.

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය තුළින් දෙමළ ජනතාවට කිසිදු අසාධාරණයක් කිරීමට අපේක්‍ෂා නොකළ බණ්ඩාරනායක මහතාට අවශ්‍යව තිබුණේ බහුතර සිංහල ජනතාවට සිදුව තිබූ ඓතිහාසික අසාධාරණය නිවැරැදි කිරීමයි. ‘බමුණු කුලය බිඳ දැමීම’ යනුවෙන් අර්ථ ගැන්වුණේ එකී සමාජ සංස්කෘතික විප්ලවයයි. අනතුරුව එතුමා බලයට පත්වීමෙන් පසුව රටේ දේශපාලන, ආර්ථික, සමාජයීය විප්ලවයක් ඇති විය. එතෙක් ධනවතුන් කිහිප දෙනකු සතුව තිබූ ශ්‍රී ලංකාවේ වෙළෙ¼දාම ඇතුළු ආර්ථිකය රජය මැදිහත් වීම මඟින් පොදුජන ව්‍යවසාය ආර්ථිකයක් දක්වා වර්ධනය කර සමාජවාදී ආර්ථික මාවතක් විවෘත කරනු ලැබීය.

එතෙක් වරප්‍රසාදලත් පැලැන්තියට පමණක් සීමා වූ අධ්‍යාපනය සියලුම ප්‍රදේශ කරා ව්‍යාප්ත කෙරිණි. ඒ ස්වභාෂා අධ්‍යාපනය සියලු ජන කොටස් සඳහා සහතික කිරීමෙනි. විදේ‍යාදය – විද්‍යාලංකාර පිරිවෙන් ද්විත්වය විශ්විද්‍යාල මට්ටමට පත් කිරීම තුළින් ස්වභාෂා මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදැරූ අයට සරසවි වරම් හිමිවිය.

විවිධ සමාජ පීඩනයන්ට ලක්ව සිටි දහස් සංඛ්‍යාත ගම්බද තරුණ තරුණියෝ බණ්ඩාරනායකයන් සිදු කළ එම සමාජ විප්ලවය නිසා සමාජයේ තමන්ට හිමි ස්ථානය ලබා ගත්හ.

වැඩ කරන ජනතාව ඇතුළු සාමාන්‍ය ජනතාවට අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, කර්මාන්ත හා සේවාවන්වල උපරිම ප්‍රතිලාභ ලැබෙන අයුරින් නව නීතිරීතී අණපනත් හඳුන්වා දෙනු ලැබීය.
එතෙක් කිසිම දේශපාලනඥයකු විසින් නොදත් සත්‍යයක් පසක් කර ගත් එතුමා ශක්තිමත් රාජ්‍ය අංශයක් සඳහා ඉතා නිර්භීත තීන්දු තීරණ රැසක් ගනු ලැබීය. ගුවන්තොටුපළ, වරාය, තෙල්, බස් සේවාවන් ජනසතු කළ බණ්ඩාරනායක මහතා ඉන් නොනැවතී රක්‍ෂණ සංස්ථාව, සේවක අර්ථසාධක අරමුදල පිහිටුවීම, සීනි, පේෂකර්මාන්ත, තෙල් හා මේද, පරන්තන් රසායන, සිමෙන්ති, පිඟන්, කඩදාසි වැනි සංස්ථා ඇති කිරීම තුළින් රටේ පොදු ජනතාවට ප්‍රතිලාභ ලැබෙන තිරසර ආර්ථික වැඩපිළිවෙළක් දියත් කළේය.

බණ්ඩාරනායක යුගය ලාංකික සමාජයේ පරිවර්තනීය යුගයක් විය. එය සමාජ ප්‍රගමනයේ එක් යුගයකින් නව යුගයක් කරා ගමන් කළ සංක්‍රාන්ති කාලයක් විය. එතුමාගේ යුග මෙහෙවර විශිෂ්ට වන්නේ එය ධනවාදී හෝ සමාජවාදී අන්තයන් කරා ඇදී නොගිය මැද මාවතේ ඇදී ගිය ලංකා පොළොවේ රෝපණය වූ දේශජ වූ ජාතික ගමන් මඟක් වූ නිසාය. බණ්ඩාරනායකයන් එම ගමන් මඟ නිර්මාණය කර ගත්තේ ආක්‍රමණිකයන් විසින් බලහත්කාරයෙන් යටපත් කර දැමූ දේශීයත්වයට යළි ජීවය දෙමිනි.

බණ්ඩාරනායකයන් විසින් යළි ජීවය ලබාදුන් එකී උත්තුංග ජාතිකත්වය යළි යළිත් ජීවත් කර වීම 1956 සමාජ විප්ලවයේ වත්මන් සැබෑ උරුමක්කාරයන් වෙත පැවරෙන අත්හළ නොහැකි වගකීමකි.

ෂාන් විජයලාල් ද සිල්වා

One Response to “දේශීයත්වයට ජීවය දුන් බණ්ඩාරනායක චින්තනය”

  1. Christie Says:

    1.බන්ඩා සින්හල ජාතිය විනාස කර සිරිලන්කා කියා ජාතියක් හැදුවේය.

    2. අද සින්හලයාට අත්වී තිබෙන ඉරනමට හේතුව මෙම ඉන්දියානු රූකඩයාය.

    3. ඉන්දියාවත් ඉන්දියානු පරපෝසිතයනුත් දුම් පයිප්ප උරන බටහිර අඩි ගහන තක්කඩියාව අල්ලගෙන පාටියක් හදල දීල සින්හල අපිව වලට ඇද දමුවේය.

    This writer is telling blatant lies.

    Paranthan Chemicals, Cement ‘ Sugar, Paper were established by the UNP when he was in the UNP.

    Banda did what his financiers told him to do: Some of them are:

    1. Stop settling landless Sinhalese in ne settlements all over the country.

    2. Feed Sinhalese Sinhala while his kids were fed English.

    3. Nationalized only businesses owned by the Sinhalese.

    4. Let the Indian Colonial Parasites Cartel prosper better than under the British. These Parasites still run our economy and send our money overseas and finance our politicians.

    5. Made the country a begging State by getting rubbish like Steel Corporation. Hardware Corp. Plywood Corp etc.

    . He destroyed the Sinhala nation followed by his family.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress