ලංකා ධීවර සංස්ථා ප‍්‍රාදේශිය විධායකයන්හි නොගෙවු හිඟ වැටුප්
Posted on February 11th, 2019

මාධ් නිවේදනයයි.

ගරු අමාත්යතුමා,
කෘෂිකර්ම රාමිය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්යාංශය,
නව මහලේකම් කාර්යාලය,
මාලිගාවත්ත,

ලංකා ධීවර සංස්ථා රාදේශිය විධායකයන්හි නොගෙවු හිඟ වැටුප්, අතිකාල, කොමිස් මුදල් සහ තේ වියදම් හා වෛද් දීමනා සම්බන්ධවයි

උක්ත කරුණ සම්බන්ධව කලින් කලට පැවති පාලනාධීකාරීන් වෙත යොමු කල ලිපිවලට වැඩිමනත්වය, ලංකා ධීවර සංස්ථා සේවක වැටුප්, අතිකාල, කොමිස් මුදල්, සහ තේ වියදම් හා වෛද්‍ය නිවාඩු දිමනා ගෙවිමේදී ප‍්‍රධාන කාර්යාලය හැර අනෙකුත් සියලූම විධායකයන්හි ඉහත ගෙවිම එකී විධායකයන් මගින් සිදු කිරීම දැනට ක‍්‍රියාත්මක ක‍්‍රමවේදය වේ. ඒ අනුව සංස්ථා සේවකයින්ගේ එම ගෙවිම් නියමිත දිනට ගෙවිමේ වගකීම ප‍්‍රධාන කාර්යාලය මගින් විධායකයන්ටත් එහි කළමණාකරුවන්ටත් පවරා ඇත. එහෙත් ඇතැම් විධායකයන් මගින් සේවකයින්ගේ ඉහත ගෙවිම පැහැර හැරීමෙන් සේවකයන් ජීවත්විම පිළිබඳ ගැටලූවකට මුහුණ දී ඇත.
 
පැහැර හැර ඇති ඉහත ගෙවිම් සම්බන්ධයෙන් ධීවර සංස්ථාව ලෙස ඇති වගකීමෙන් බැහැර විමට හැකියාවක් සංස්ථාවට නොමැති බැවින් විධායකය මගින් සංස්ථා සේවකයන්ට හිමි ඉහත ගෙවිම් නොගෙවන්නේනම් ඒ සම්බන්ධ වගකීම ප‍්‍රධාන කාර්යාලයේ මැදිහත් විමෙන් සිදුකරන ලෙස අප ඉල්ලා සිටිමු.

මේ වනවිට ගාල්ල, අම්බලන්ගොඩ, පුරාණවැල්ල, කුඩාවැල්ල හා තංගල්ල විධායකයන්හි 2015 වර්ෂයේ සිට නොගෙවු හිග වැටුප්,  අතිකාල, මාසික මත්ස්‍ය අලෙවිය මත ගෙවනු ලබන කොමිස් මුදල් සහ තේ වියදම්  හා වෛද්‍ය නිවාඩු දිමනාව ඇතුලූ කිසිදු දිමනාවක් ගෙවිම් කර නැත. මේ හේතුව මත සේවකයින් පත්වි ඇති අසීරුතාවයන් සැලකිල්ලට ගෙන කඩිනමින් මෙම ගෙවිම් සිදුකරන ලෙස අප අවස්ථා ගණනාවකදි ධීවර සංස්ථා බලධාරීන්ගෙන් ඉල්ලිම් කලද ප‍්‍රශ්නය තවදුරටත් විසඳුමකින් තොරව පවතී.

ඉහත කරුණු පිළිබදව ඔබගේ අවධානය යොමු කොට ඉතා කඩිනමින් පැහැර හැර ඇති ඉහත ගෙවිම් සිදුකරන ලෙස අප ඉල්ලා සරිටිිමු.

ස්තූතියි.

මෙයට,

විශ්වාසී,

ජේ.එච්. නිශාන්ත
රධාන ලේකම්,
(
විධායක සභාවේ අනුමැතිය පරිදි)

පිටපත්:- ගරු රාජ් අමාත්යතුමා :- ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්යාංශය
ගරු ලේකම්තුමා:- ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්යාංශය
ගරු සහකාර කොමසාරිස්තුමා (උතුරු කොළඹ) :- කම්කරු මහ ලේකම් කාර්යාලය
ගරු සභාපතිතුමා:- කෝප් කමිටුව
ගරු සභාපතිතුමා:- ජාතික වෘත්තීය සමිති මධ්යස්ථානය
ගරු සාමාන්යාධිකාරීතුමා:- ලංකා ධීවර සංස්ථාව
සියලූම මුද්රිත හා විද්යුත් මාධ්

සම්බන්ධීකරණය – 077 9639821
Coordinating – +9477 9639821

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress