රතන හිමිගේ සුවදුක් විමසීමට ආ දුමින්ද දිසානායක පන්නා දමයි.. විරෝධය මැද පොලිස් ආරක්‍ෂාව මැද ආපසු යයි..
Posted on June 2nd, 2019

 lanka C news

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ උඩ මළුවේ දී මාරාන්තික උපවාසයක් කරමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීමට එම ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාට දැඩි විරෝධයක් එහි සිටි ජනතාවගෙන් එල්ල විය.

https://www.facebook.com/watch/?v=1988450777933466

එම ජනතා විරෝධය උත්සන්න වූ නිසා දුමින්ද දිසානායක මහතා පොලිස් ආරක්ෂාව මැද එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.

එම ස්ථානයට පැමිණි රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතාටද ජනතාවගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress