ජනාධිපති අගමැති විතරක් නෙවෙයි දැන් කතානායකවරයාත් අවිඅමෝරාගෙන ඉන්නේ. මේ තුන්පාර්ශ්වයට එකිනෙකාට දොස් පවරා ගන්නවා මිස රටේ පාලන බලය ගැන බලන්නේ නැහැ
Posted on June 12th, 2019

මාධ්‍සාකච්ඡාව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

අද (12) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු මාධ්‍යවේදින්
■ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා
■ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා
ජනාධිපති අගමැති විතරක් නෙවෙයි දැන් කතානායකවරයාත් අවිඅමෝරාගෙන ඉන්නේ. මේ තුන්පාර්ශ්වයට එකිනෙකාට දොස් පවරා ගන්නවා මිස රටේ පාලන බලය ගැන බලන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යෝජනා කරන නම් වෙනුවට අමාත්‍යංශවල නියෝජ්‍ය අමාත්‍යවරුන්වම වැඩ බලන ඇමැතිවරුන් ලෙස පත්කරන්න ජනාධිපතිවරයා තිරණ කළා. මේකෙන් අර්බුදය අග්‍ර වුනා. අද වන විට රටේ බලය පාලක පන්තියෙන් ගිලිහිලා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ වහාබ් අන්තවාදය ගැන පරික්ෂණ පැවැත්වෙනවාද අපි කිසිවෙක් දන්නේ නැහැ. රජයේ අවධානය ඊට යොමු නොවිම නිසා අපි ඉන්නේ වෙනදාටත් වඩා අනාරක්ෂිත තත්ත්වයක. ලංකාවේ නිදහසින් පස්සේ මෙවැනි තත්ත්වයක් ඇති වුනු පළමු අවස්ථාව.
ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය අපිට තේරුම් ගන්න වෙනවා. ව්‍යවස්ථාවේ හත්වෙනි පරිච්ඡේදය අනුව ජනාධිපතිවරයා ආණ්ඩුවේ විධායකයේ සන්නද්ධ සේවාවල ප්‍රධානියායි. කැබිනට් මණ්ඩලය පත් කිරිමනිති විරෝධීයි කියලා සභානායක කිරිඇල්ල කියනවා. කැබිනට් මණ්ඩලය රැස් නෙවෙන්නේ ඇයි කියලා සොයා බලා තත්ත්වය නිවැරදි කිරීමයි ඔවුන් කළ යුතු වන්නේ. අගමැති කියනවාපාර්ලිමේන්තුවේ 225ම රටට එපා වෙලාලු. ඒක ඔවුන්ගේ අලුත් කතාව. 225 කියන්නේ ආණ්ඩුව නෙවෙයි. ජනාධිපති අගමැති හා ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුයි ආණ්ඩුව කියන්නේ. ආණ්ඩුව තමන්ගේ අකාර්යක්ෂමතාවය හංගලා 225ටම ඒ අකාර්යක්ෂමතාවය ගාවලා තමන්ට බැරි දේ අනිත් අයටත් බැහැ කියන්නයි හදන්නේ. විපක්ෂයේ හොදට වැඩ කරන්න පුලුවන් අය ඉන්නවා.ඒ අය වැඩ කරලා තියෙනවා. වැඩ පෙන්වලා තියෙනවා. එයාලාගේ වැඩ බැරිකම හැමෝටම ආරfාපනය කිරීමේ නිර්ලජ්ජිත උත්සාහයකයි අගමැතිවරයා ඉන්නේ. පක්ෂයේ ජනාධීපතිවරයා සමග හෝ සමගියක් ඇති කරගන්න අගමැතිට බැරිවෙලා. රටේ ප්‍රදාන ප්‍රශ්නය දැන් ආණ්ඩුවෙන් ගිලිහිලා. පාස්කු ප්‍රහාරයෙන් 300ට වඩා මැරිලා 500ට වඩා තුවාල ලැබුවා. ඒිතුවාල වුනු අයට බෙහෙත් නැහැ. සෞඛ්‍ය ඇමැතිවරයා ඒ අය බලන්නවත් ගිහින් නැහැ. මේක ඛේදවාචකයක්. වැරදිකාරයෝ වෙලා තියෙන්නේ පාස්කු ඉරිදා ආගම අදහන්නන ගිය විතරයි.
අද බඅරුතු පිටින් මුස්ලිම් ඇමැතිවරුන් ඉල්ලා අස්වෙලා. අපේ කිසිවෙකුට හෝ අත තිබ්බොත් ඇමැති පදවිවල ඉන්නේ නැහැ කියලයි මෙයින් කියන්නේ. මේක බරපතල තත්ත්වයක්. වැරදිකරුවෝ ඉන්නවා නම් පැමිණීලි දාන්න කියනවා. හදුසි නිතිය යටතේ ඕන කෙනෙක් අත් අඩංගුවට ගන්න පුලුවන්. එහෙම තියෙද්දි ඇමැතිවරුන්ට විතරක් පරීක්ෂණ පවත්වන්න සාක්ෂි ඉල්ලනවා. ඡන්ද ගොඩ රැක ගන්න අන්තවාදින් එක්ක වුනත් එකතු වීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කියලයි මෙයින් පේන්නේ. රටේ ආර්ථිකය දැන් හොදටම බිදවැටිලා. කෘෂි නිෂ්පාදනවලට මිලක් නැහැ. ඇමැතිවරු නිදි. අපේ පළාතේ පොල් තොග මිලට රුපියල් 20ටත් අඩුයි. කොළඹ පොල් විකුණන්නේ රුපියල් 55ටත් වැඩි මිලකටයි. පොල් සංවර්ධන මණ්ඩලය නිහඩයි. වගා කිරීමේ මණ්ඩලය සහ ඇමැතිත් නිහඩයි. ගොවින්ට අද දුක කියන්න කෙනෙක් නැහැ. ගොවින්ට වියදම් කරපු මුදලවත් හොයාගන්න බැරිව අසරණ වෙලා. හැම මාසෙකම ඉන්ධන මිල වැඩිවෙනවා. ඉන්ධන මිල සුත්‍රය ගෙනාවේ ටැක්ස් ටැක්ස් ගහන්නද? නැත්නම් නැත්නම් ඛණිජ තෙල් සංස්ථාවේ අලාභය නැති කරගන්නද? ඇමැතිවරිය කියලා තිබුණු මේ වෙලාවේ රුපියල් 15ක්න් වැඩිකරන්න තිබුණු තෙල් මිලයි රුපියල් 3කින් වැඩිකලේ කියලා. හැම වසරකදිම ජුනි මාසයේ ලෝකයේ තෙල් මිල අඩු වෙනවා.ලෝක තෙල් මිලත් එක්ක සමපාත වුනා නම් මේ විදියට තෙල් මිල වැඩි කරන්න බැහැ.  ආණ්ඩුව තෙල් මිල වැඩි කරන්නේ පඩි ගෙවිම් හා එදිනෙදා වැය සදහා මුදල් හොයා ගැනිමටයි. භාණ්ඩාගාරයට බදු ගැනීම අඩු වැඩි වීම විතරයි මිල සූත්‍රයෙන් වෙන්නේ.
වෛද්‍ය සාෆි අද ලොකු ප්‍රශ්නයක්. සිසේරියන් සැත්කම්වලදී කාන්තාවන් වදභාවයට පත්කළා කියලා චෝදනාව ඔහුට එල්ල වෙලි තියෙනවා. මේක අපිට හොයන්න බැහැ. හොයන්න අපිට තේරෙන්නෙත් නැහැ. සෞඛ්‍ය ඇමැති ඒ පිළිබදව නිහඩයි. ඇමැති පත්කරපු කමිටුවට සාක්ෂි දිම රෝහල් සේවකයින් ප්‍රතික්ෂේප කරනවා. වෛද්‍යවරුන්ගේ ආචාර ධර්ම නියාමනය වෙන්නේ වෛද්‍ය සභාවෙන්. වෛද්‍ය සභාවේ සභාපති මේ සම්බන්ධයෙන් සභාවේ කතා කිරිම ප්‍රතික්ෂේප කරලා. වෛද්‍යවරුන්ගේ විෂමාචාර හොයලා ඔහු වෛද්‍යවරයෙක් විදියට කටයුතු කළ යුතුද කියලා තිරණය කරන්නේ කවුද? වෛද්‍යසභාව කියන්නේ ස්වාධින ආයතනයක්.
සමෘද්ධිලාභින් ප්‍රමාණය ලක්ෂ හයකින් වැඩි කළා. නැති බැරි කෙනෙකුට සමෘද්ධි සහනාධාරය දුන්නට ප්‍රශ්නයක් නැහැ. නමුත් සමෘද්ධිය දේශපාලනීකරණයකිරිමවැරදියි. සමෘද්ධිය ආරම්භ කරන අවස්ථාවේ ප්‍රධාන නිර්ණායකය වුනේ එවකට ආහාර මුද්දර සහිත විම. ඔවුන් සියලු දෙනාට සමෘද්ධිය දුන්නා. ඒකට දේශපාලනයක් සම්බන්ධ වුනේ නැහැ. පළවෙනි වතාවටයි සමෘද්ධි සහනාදාරය දේශපාලනිකරණය වීම පටන් ගත්තේ. මීට වඩා භයානක වන්නේ ඉතුරුම්ලාභින්ගේ ඉතුරුම් මුදල් රුපියල් 500 ගානේ කපලා ටිෂර්ට් මහලා දීලා බැංකුවලින්ම උත්සව පවත්වන්න දේශපාලනඥයෝ පියවර අරන් තියෙනවා. පයබරවායට පිටිකර බෙහෙත් බැදලා වැඩක් නැහැ. මේ නැති කරන්නේ ආන්ඩුවේ නැති වෙන කීර්තිය රදවා ගන්න. ඒක වෙන්නේ නැහැ. තියෙන කිර්තියත් නැති වෙන එකයි වෙන්නේ. කරුණාකරලා දේශපාලනය නැති බැරි මිනිස්සුන්ගේ සහනාදාරයට ඇතුල් කරන්න එපා. අපේ රටේ පාලනය වෙනුවට දැන් තියෙන්නේ දුර්පාලනයක්. ඇත්තටම ආන්ඩු බලය තියෙන්නේ කැටද. කතානායකවරයා මෙවැනි දේට මැදිවිමත් සුදුසු නැහැ.
අද තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුතේරීම් කාරක සභාවක් හැසිරිය යුතු ආකාරයට නෙවෙයි හැසිරෙන්නේ. කතානායකවරයා තමන්ගේ කීර්තිය නැති කර ගත්තා වගේම ඔහු නායකත්වය දරන පාර්ලිමේන්තුවේ කිර්තියත් නැති කරමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් අපි කණගාටු වෙනවා. රටේ සැබි ප්‍රශ්නය සෙවිම වෙනුවට වෙනත් ප්‍රශ්නවලට මහජනයා යොමු කරමින් ගැටුම් ඇති කරනවා නම් ඒක රටකට කරන බරපතල වැරැද්දක්. රජයක් තියෙන්නේ ආන්ඩු කරන්න. ආන්ඩු කරන්න සමගියක් තියෙන්න ඕනේ.මේ දුර්දාන්ත පාලනය වෙනස් කරන්න මහ මැතිවරණයකට යමු. බැරිකම වහගන්න බොරුවට ප්‍රවෘත්ති සාකච්ඡා තියන්න එපා . බැරි ආන්ඩුව ජනතාවට බැරි බැරියාව හැදෙන්න කලින් කරුණාකරලා නික්ම යන්න.

තේරීම් කාරක සභාවක් ඉල්ලුවේ තුන්සියයක් පමණ මිය ගහින් 500ට වැඩි පිරිසක් රෝගින් වුනු පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වගකිවයුත්තන් සොයා ගන්නයි- විකෘති වැඩපිළීවෙලකට සූදානම් වෙන බව පෙනුන නිසා අපි තේරීම් කාරකසභාවට නොයන්න තීරණය කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා
එජාපය හා ඒකාබද්ධ විපක්ෂ කාව දඩමිමා කරගෙන මේ තේරීම් කාරකසභාව ගෙනාවද කියන එක ප්‍රශ්නයක් යැයි ශ්‍රීලනීප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කියලා තියෙනවා.අපි තේරීම් කාරක සභාවක් ඉල්ලුවේ කිසිවෙක් ඉලක්ක කරගෙන නෙවෙයි. තුන්සියයක් පමණ මිය ගහින් 500ට වැඩි පිරිසක් රෝගින් වුනු පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වගකිවයුත්තන් සොයා ගන්නයි අපිට අවශ්‍ය වුනේ. තේරිම් කාරක සභාවට අත්සන් කරලා කතානායකවරයාට ලියවිල්ල දිලා පාර්ලිමේන්තුවට ආපුවාම එජාපය පළාත් සභා මැතිවරණ පනතට කළා වගේම විකෘති වැඩපිළීවෙලකට සූදානම් වෙන බව පෙනුනා. අපි ගෙනාපු විශ්වාසභංගයත් මේ තේරීම් කාරක සභාවට පටලවා ගෙන ගෙනයන වැඩ පිළීවෙලින් අපි බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැති බව අපිට තේරුණා. ඒ නිසා අපි තේරීම් කාරකසභාවට නොයන්න තීරණය කළා.

අද පාර්ලිමේන්තුවේ තේරීම් කරක සභාව හැසිරෙන ආකාරය ජනතාව දකිනවා. ජනාධිපතිට විරුද්ධව කතාකරනවා නම් ඕන තරම් කතා කරන්න කාලය දෙනවා. අගමැතිට විරුද්ධව මොනවා හරි කියාගෙන ආවොත් ආන්ඩුව රකින්න කාරක සභාව ඉදිරිපත් වෙන බව මහජනතාවට තේරෙනවා. තේරිම ාකරක සභාවේ මන්ත්‍රීවරුන් පාස්කු ප්‍රහාරයෙන් මැරුණු අයට සාධෘරණයක්කරන්න නෙවෙයි.තමන්ගේ ආන්ඩුවේ තැවරිලා තියෙන මඩ ටික හෝදාගන්නයි මේ අය කටයුතු කරමින් ඉන්නේ. ඒ නිසයි අපි මුලින්ම මේකෙන් අයින් වුනේ. මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙවැනි තේරීම් කාරක සබාවක් අපි දැකලාම නැහැ. මේ සභාවේ ස්වාධින භාවයක් පෙන්නෙම නැහැ. අසාත් සාලි ඇවිත් ආණ්ඩුවට විරුද්ධව අදහස් දක්වනවා නම් එතුමාට අවස්ථාව දෙන්නේ නැහැ. නමුත් ඊට කළින් ජනාධිපතිතුමාට විරුද්ධව අදහස් දක්වන විට ඔහේ කියවන්න දෙනවා. මේක ස්වාධින නැහැ. කතෝලික ජනතාවට සාධාරණත්වයක් හෝ යුක්තියක් ඉටු වෙන්නේ නැහැ. බුද්ධි අංශය දුර්වල කරන්න උත්සාහ කරන නිසා වෙන්න ඇති ජනාධිපතිවරයා මේ තේරීම් කාරකසභාවට විරුද්ධ වෙන්නේ. පළවෙනි දවසෙම බුද්ධ ිනිලධාරින් සමාජයට නිලාවරණය වුනා.අසාත් සාලි ආණ්ඩුකාරවරයා පැහැදිලිවම කියනවා මෙම්ආන්ඩුවට ඇවිත් පළමු දින 100 තුළ අගමැතිට පුද්ගලිකව කිව්වාලු මුස්ලිම් කටයුතු අමාත්‍යංශය සම්ප්‍රධායික මුස්ලිම් ඇමැතිවරයෙක්ට දෙන්න කියලා. ඒ සම්බන්ධයෙන් සභෘවේ කිසිවෙක් හාර අවුස්සලා ප්‍රශ්න අහන්නේ නැහැ. අන්තවාදී ආගම් අදහන ස්ථාන ඇති කිරිම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හලිම් වගකිව යුතුයි. එතුමාගේ මල්ලි වගකියව යුතු බව කිව්වත් ඇමැතිතුමා අහිංසකයි කියනවා. එතුමන්ලා කරන්න ඕනේ සාක්ෂි සටහන් කර ගැනීමයි. සුද්ධ පවිත්‍ර කිරිම නෙවෙයි. පරික්ෂණයට ඉඩ දෙන්නේ නැතිව මල්ලි කළාට අයියා වගකියන්න ඕනේ නැහැලු. හලිම් ඇමැතිවරයා මෙයට සම්බන්ධ බව හිටපු ආණ්ඩුකාරවරයා කියද්දි අපිට උත්තර ලැබුනේ අන්තවාදය සදහා ආණ්ඩුවේ ඇමැතිවරු සම්බන්ධයි කියපු කතාවටයි. අද අපි ආණ්ඩුවෙන් අහනවා අසාත් සාලි ආණ්ඩුකාරවරයා කියපු විදියට අන්තවාදය පෝෂණය කරපු සම්ප්‍රදායික ආගම වෙනුවට අන්තවාදය අදහන්න දෙන්න එපා කියද්ද අන්තවාදයට ඉඩ දුන් මුස්ලිම් කටයුතු ඇමැතිවරයා මේ සිද්ධියට වගකිව යුතු නැත්ද? මේ ත්‍රස්තවාදය නිකම්ම පෝෂණය වුනේ නැහැ. ආන්ඩුවේ සහයා මතයි මේක වුනේ.විශේෂයෙන් මුස්ලිම් කටයුතු ඇමැතිවරයා. මේක එළි කරන්නේ මුස්ලිම් ජනතාව නියෝජනය කරන කෙනෙක්මයි. අසාත් සාලි ආන්ඩුකාරවරයාට අදහස ්ප්‍රකාශ කරන්නවත් අවස්ථාව දෙන්නේ නැහැ. කාත්තන්කුඩා පොලීසියේ ස්ථානාධිපතිවරයා සහරාන්ව අල්ලන්න යද්දි 2017දි ඒ පොලිස් ස්ථානාධිපතිවරයාව මාරු කරන්නේ එජාප  රජයේ ඇමැතිවරයා ඉද්දි. සහරාන්ලාට වැඩෙන්න ඉඩ දුන්නේ එජාප ආන්ඩුව බව සක්සුදක් සේ පැහැදිලියි. දිගන සිද්ධීය වනාතවිල්ලුව සිද්ධිය නිවාස 125 ගිනි ගැනිම් ගැන සොයා බලන්නේ නැති වුනාට අඹගෙඩි දෙකක් හොරකම් කළා කියලා හිරේ දානවා. ජනතාව ගොනාට අන්දන්න හදන්න එපා. 2015 වගේ ආයෙත් ගොනාට ඇන්දෙන්නේ නැහැ. අසාත් සාලි ආණ්ඩුකාරවරයා කියපු කාරණා ගැන විශේෂ පරික්ෂණයක් කරන්න ඕනේ. ඒ වගේම උලමා සභාවේ සභෘපතිතුමා සාක්ෂී දෙමින් සදහන් කළා සහරාන් වැනිම අන්තවාදය වැලද ගත්තු තව 500ක් විතර සිටිනබව. ජනතාව යන යන තැන අයිඩෙන්ටි පෙන්වන්න ඕනේ. රටේ විශාල භීතිකාවක් තියෙන එක හරි. ජනාධීපතිතුමාට මඩ ගහන්න කලින් ජනතාවට ආරක්ෂාව සපයන්න ආණ්ඩුව පියවර ගන්න ඕනේ. බෝලය පාස්කරලා ඡන්ද ගොඩ වැඩි කරගන්නයි උත්සාහ කරන්නේ.2015දි සුරංගනා කතා කියලා විවිධ සංවිධෘන නමින් ඇවිත් මහජනතාව මුලි කරපු සියලු දෙනා මේ තත්ත්වයට වග කියන්න ඕනේ. අගමැති 225 ම එපා කියලා උත්සාහ කරන්නේ ජනතාව වෙනස් විදියකට සිතන්න පොළඹවලා නැවතත් තමන්ගේ පාර්ශ්වයකට බලය අරන් අගමැතිකමේ ඉන්නයි. මේ යන තේරීම් කාරක සභාව වැරදියි. කතෝලික ජනතාවට හෝ ශ්‍රී ලංකාවාසී ජනතාවට සාධාරණත්වයක් ඉටු වෙන්නේ නැහැ.
අද ජනාධීපති කතානායක දෙපැත්තක. වෙන්නේ මොනවාද තේරුම් ගන්න බැහැ.ආන්ඩුවේ කඹ ඇදිල්ල නිසා ජනතාව දුක් විදින්නේ. කන්න නැහැ. බොන්න නැහැ.ආන්ඩුවට ජනාධිපති තනි කරලා යන්න බැහැ. ජනාධීපතිගේ ප්‍රදානත්වයෙන් කැබිනෙට්ටුව රැස් වෙන්නේ.රටක් විදියට හිතන්න . දේශපාලන මතිමතාන්තර පැත්තක දාලා මැතිවරණයක් තියෙන කල් හෝ ජනාතව වෙනුවෙන් කටයුතු කරන්න. මේ නිසා අද ආරක්ෂක අංශ අසරණ වෙලා. පාස්කු ප්‍රාහරයට කලිනුත් ආරක්ෂක අංශ අඩපන කරලා තිබුනේ. දැන් ප්‍රහාරයෙන් පස්සෙත් රටේ ආරක්සාව පිළීබදව තිබෙන තත්ත්වයට අනුව හෙට ඇති වෙන තත්ත්වයන් සම්බන්ධයෙන් රජය වගකිව යුතුයි. ත්‍රස්තවාදීන් 500ට වඩා ඉන්නවා කිව්වාට ත්‍රස්තවාදය නැති කරන්න කිසිවක් වෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී රටේ ආර්ථීකය ගැන වගේම ආරක්ෂෘව ගැන ප්‍රශ්නයක් තියෙනවා.ඒ ගැන අවධානය යොමු කරන්න.
රිෂාඩි බදියුදින්ට එරෙහි විශ්වාසභංගයට සහාය දෙන්න එජාපයේ කතෝලික ඇමැතිවරු එකග වෙලා තිබුණා වගේ එළැඹෙන ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයේදිත් ඊට සහාය දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ විශ්වාසභංගය ගෙනත් තියෙන්නෙත් පාස්කු සිද්ධියට අදාලවයි. මුස්ලිම් ඇමැතිවරු 20ක් තමන්ගේ එකාට ප්‍රශ්නයක් වුනාම එක තැනක හිට ගත්තා. අපේ කතෝලික ජනතාව 300ක් විතර මිය ගියා. 500ක් විතර තුවාල ලැබුවා. මේ අය ජිවිත පුදකරපුවාම තමයි රටේ ත්‍රස්තවාදයක් තියෙන බව හෙළී වුනෙත්. දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුත් මේ ප්‍රහාරයට ආන්ඩුව වගකිය යුතුයි කිව්වා. මේ සියලු දෙනාම රජයට එරෙහිව ජවිපේ ගෙනාපු විශ්වාසභංග යෝජනාවට සහාය දෙයි කියලාත් අපි බලාපොරොත්තු වෙනවා. තමන්ගේ පක්ෂය, ආණ්ඩුව රකිනවා වෙනුවට ජිවිත පූජා කරපු ජනතාව වෙනුවෙන් සාධාරණත්වය ඉටු කරන්න එකතු වෙන්න කියලා වැදලා ආදරයෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress