ජනතාව රැවටූ ආණ්ඩුව පලවාහැරීමට වතු කම්කරු ජනතාව පෙරට එන්න
Posted on June 13th, 2019

සමස්ත ලංකා වතු කම්කරු සංගමය

2019 වතු කම්කරු සාමූහික ගිවිසුම අත්සන් කරන මොහොතේ පොරොන්දු වූ රු 50/} වතු කම්කරුවන්ට වහාම ගෙවන ලෙස සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කේ. සෙල්වරාජ් මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටී. අද දින (13.06.2019) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

2019 මාර්තු මාසයේදී වතු කම්කරු 1000 සටන මොටකරදමා දිනකට රු 50/} ක් රජයේ මැදිහත්වීමෙන් ලබා දීමට පොරොන්දු වුනා. එය 2019 මැයි මාසයේ වැටුප සමග ගෙවීම ආරම්භ කරන බව පැවසුවා. එහෙත් වතු කම්කරු වැටුප් ජුනි 10 වෙනිදා ගෙවා තිබුනත් රජයෙන් ලබාදීමට පොරොන්දු වූ රු 50/} ලබා දුන්නේ නැහැ. ඒක මිට පෙර පැවති ආණ්ඩුවලින් වතු කම්කරුවන්ට සහනාධාර ලබාදුන්නා වගේ. රු 1000/} වැටුප ලබා දුන්නා වගේ.

1994 බලයට ආපු ආණ්ඩුව පිටි සහනාධාරයක් සමග භූමිතෙල් සහනාධාරයක් ලබාදෙන බවට පොරොන්දු වුනා. මහින්ද චින්තනයෙන් සහල්, පිටි හා භූමිතෙල් සහනාධාර ක්‍රමයකට ලබාදෙන බව කිව්වා. ඒත් මේ කුමන වර්ගයකවත් සහනයක් වතු කම්කරුවන්ට ලැබුනේ නැහැ. 2015 ජනාධිපතිවරණය පැවත්වෙන අවස්ථාවෙදීත් වතු කම්කරුවන්ගේ 1000 අරගලය පැවතියා. ඒ මොහොතේදී වර්තමාන ජනාධිපතිවරවයා බලයට පැමිණි විගස රු 1000 වතු කම්කරුවන්ට ලබාදෙන බවට පොරොන්දු වුනා. 2015 මහ මැතිවරණයේදී වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහද වතු කම්කරුවන්ට රු 1000/} ලබා දෙන බවට පොරොන්දු වුනේ තමන් බලයට පත් කරන්න කියන ආයාචනයත් සමගයි. එහෙත් වතු කම්කරුවන්ට මේ වනතෙක් දෙනවා කියපු කිසිම දෙයක් ලබාදීලා නැහැ.

තවදුරටත් අදහස් දැක්වූ සෙල්වරාජ් මහතා·

2019 වතු කම්කරු සාමූහික ගිවිසුම අත්සන් කරන මොහොතේ ලබා දීමට පොරොන්දු වූ රු 50/} මුදල වහාම ගෙවන ලෙස අපි ආණ්ඩුවට බලකර සිටිනවා. ඒ වගේම මිට පෙර පැවති ආණ්ඩු ලබාදුන් පොරොන්දු කඩකලා මෙන් මෙවරද කටයුතු කළහොත් මේ ආණ්ඩුව ගෙදර යැවිම සඳහා තීරණයක් ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. අද වන විට රටේ සියලූ සමාජ ස්ථරයන් මේ ආණ්ඩුව කෙරෙහි බලවත් කලකිරීමකින් ඉන්නේ. එළඹෙන මැතිවරණ වලදී වතු කම්කරු ජනතාව රැවටූ නායකයන් පැරදවිම සඳහා කලකිරීමට ලක්ව සිටින සියලූ ජන කණ්ඩායම් සමග එක්වෙමින් ආණ්ඩුව පලවා හැරීමේ සටනට එක්වන ලෙස රටේ සමස්ත වතු කම්කරු ජනතාවගෙන් නැවතත් ඉල්ලා සිටිනවා.

මෙම මාධ්‍ය හමුවේදී සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ප්‍රධාන ලෙකම් ජේ.එම්.ඒ. ප්‍රේමරත්න මහතාද අදහස් දැක්වූ අතර සංගමයේ උප ලේකම් ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය හා සංවිධායක ලේකම් ඩී. අෙබිසිංහ මහතාද මේ අවස්ථාවට සහභාගි විය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress