රටේ නායකයෝ එකිනෙකාට බෝලය පාස් කරගන්නවා මිස සැබෑ ප්‍රශ්ණයට විසඳුමක් දෙන්නේ නැහැ.
Posted on June 13th, 2019

මාධ්‍සාකච්ඡාව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

අද (13) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු මාධ්‍යවේදින්
■ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා
■ පාර්ලිමේන්තු මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා
රටක සංකීර්ණ වටපිටාවක් දේශපාලන ආර්ථික බලපෑම් වශයෙන් තියෙන අවස්ථාවක අගමැති ජනපති දෙදෙනා ම රටින් බැහැරව ගිහින්. බිලියන විසි එකක් රටේ ජනතාව නිශ්ශබ්දව ඉන්නේ කරන්න දෙයක් නැති නිසයි. මිනිසුන්ගේ ප්‍රශ්නයක් කියන්න කෙනෙක් නැති තත්ත්වයකයි රට තියෙන්නේ .මේ නිසා ඉවසා සිටීම ජනතාවගේ න්‍යාය වෙලා. පාස්කු සිද්ධියෙන් පස්සේ බල කේන්ද්‍ර දෙකක් මිලියන විසි එකක් ජනතාව උගසට තියලා කටයුතු කරනවා. ජනාධිපති කැබිනට් මණ්ඩලය වර්ධනය කරනවා. කැබිනට් මණ්ඩලය රැස් නොවී රටක් ඉදිරියට යන පළමු අවස්ථාව මේකයි. අගමැති ජනපති රටින් බැහැරව ගිය තමන්ගේ කටයුතු වෙනත් ඇමති වරයෙකුට හෝ පවරා නැහැ .රටේ සියලු අභ්‍යන්තර ප්‍රශ්න පැත්තකට තියලා කතානායක වරයා තමන්ට ඕන විදිහට හිතු මනාපය මනාපයේ කටයුතු කරගෙන යාමක් යාම කොයි සිද්ධවෙනවා.පාස්කු ඉරිදා සිද්ධියෙන් පස්සේ රටකට දරාගන්න බැරි දරුණු දරුණු ව්‍යසනයකට සේයාවන් ජනතාව දැක්කා.රටේ නායකයෝ එකිනෙකාට බෝලය පාස් කරගන්නවා මිස සැබෑ ප්‍රශ්ණයට විසඳුමක් දෙන්නේ නැහැ. රට අරාජික වෙලා තියෙන මේ මොහොතේ ආණ්ඩුව සූදානම් වෙමු විපක්ෂ විපක්ෂ නායකවරයා වගකිවයුත්ත යුත්තේත් දැනට දමන්නයි.
ව්‍යවස්ථාමය වශයෙන් විපක්ෂ විපක්ෂ නායකවරයාට තිබෙන භූමිකාව විපක්ෂය විසින් නිවැරැදිව ඉටු කරමින් තිබෙනවා. ජනතාව වෙනුවෙන් විපක්ෂයෙන් ඉටුවිය යුතු දේවල කිසිදු අඩුවක් විපක්ෂයෙන් සිදු වෙලා නැහැ .විපක්ෂයේ වශයෙන් පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලුවා .රිෂාඞ් බදුර්දීන් බදුර්දීන් ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙනාවා. අපි විපක්ෂයේ භූමිකාව නිවැරදිව කරගෙන ගියත් කථානායකවරයාගේ හැසිරීම නිසා රටේ අර්බුදයක් ඇති වුණා. අතුරලියේ රතන හිමියන් උපවාසයක් ඇරඹුවා .ඒ සියලු සිදුවීම්වල වගකීම කතානායකවරයා බාර ගන්න ඕනේ .ප්‍රශ්නය විසඳනවා වෙනුවට ආණ්ඩුව උත්සාහ කළේ රිෂාද් බදුර්දින් ඇමතිවරයා ආරක්ෂා කිරීමටයි .ඉතිහාසය පුරා මේ වන වන තෙක් විශ්වාසභංග හතළිස් නවයක් ඉදිරිපත් වෙලා තියෙනවා .ඒ කිසිදු අවස්ථාවක මෙවැනි තේරීම් කාරක සභාවක් පත් කරලා නැහැ.පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් උසාවියේ නඩු 5ක් පහක් ගොනු වෙලා තිබෙනවා .සිද්ධියට සම්බන්ධ කරුණු තේරීම් කාරක සභාව හමුවේ සාකච්ඡාවක ගැනීම මේ නිසා නීතියට පටහැනි බව නීතිපතිවරයා විසින් කථානායකවරයාට ලිඛිතව දන්වා තිබෙනවා .කතානායකවරයා විසින් මේ ලිපිය තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැහැ. අඩුම තරමේ කතානායක වරයා එකී ලිපිය පිළිගන්නේද නැද්ද යන්නවත් සඳහන් කර නැහැ .ඒ කියන්නේ මේ වෙද්දි විධායකය ව්‍යවස්ථාදායකය විධායකය යනු කුළුණු තුනම බාල්දු වෙලා. නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කෙරුණු ලිපිය  නොසළකා හරිම බරපතළ තත්ත්වයක් .මෙවැනි තත්ත්වයක් යටතේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටීම විපක්ෂයේ හා විපක්ෂ නායකවරයාගේත් වගකීමයි.පාස්කු ඉරිදා සිදු වීමෙන් පසු ව මේ වන තෙක් වන තෙක් පක්ෂය වශයෙන් අපි හානියට පත් ජනතාව වෙනුවෙන් පෙනී සිටියා.
ආණ්ඩුව අවුරුදු හතර හමාරක් රාජපක්ෂ මුව හමට තඩිබාමින් විපක්ෂයේ පිරිස හිරේ දැම්ම කෙරෙහි අවධානය යොමු කළා මිසක් රටේ ආරක්ෂාව සමාජ සවිබලගැන්වීම වැනි අත්‍යවශ්‍ය සියලු දේවල් තමන්ගේ අවධානය යොමු කළේ නැහැ .දැන් ලක්ෂ හාරදාහක විතර ප්‍රචාරණ වියදමක් දරමින් සමෘද්ධි සහනාධාර ලබාදෙනවා .දැන්වීම් වලට විතරක් කෝටි ගණන් වියදම් කරනවා .ජනතාව සිටින්නේ එදිනෙදා ජීවත් වීමේ ද අමාරුවකින් .ජනතාව වෙනුවෙන් කිසිවක් නොකල ආණ්ඩුව මේ කරන්නේ කරන්නේ තමන්ගේ දේශපාලන උවමනාවන් .
මේ සියලු දේ අතර රනිල් වික්‍රමසිංහ සූදානම් වන්නේ මාධ්‍ය මර්දනයටයි .මාධ්‍යයට බල්ලා බූරුවා කියමින් පටන් ගත්ත ගමන අවසානයේ ලෑස්ති කරගන්න කියන පණිවිඩයක් දුන්නා . අගමැතිවරයාගේ තක්කඩි කටයුතු ඉදිරියට ගෙනයන්න නම් මාධ්‍ය මර්දනය කළ යුතු බව අගමැතිවරයා වටහාගෙන තිබෙනවා. මාධ්‍ය මර්දනය සඳහා අවශ්‍ය අණ පනත් ගේන්න රජය සූදානම්.ප්‍රතිත්‍රස්ත පනතත් එ වැන්නක්.ප්‍රතිතස්ත පනත මගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් මර්දනය කරනවා .
මුස්ලිම් ඇමැතිවරුන් ගේ ඒකමතික තීරණයට හේතු වුනේ රිෂාඞ් බදුර්දින් ඇමතිවරයා ඉල්ලා අස් නොවීමයි .ඕනම වැරදි වඩා වැඩක් කලොත් කළේ අපේ කෙනෙක් නම් අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා වැනි පණිවිඩය කුයි මෙයින් දුන්නෙ .ජනතාව අතරේ මේ තත්ත්වය සම්බන්ධයෙන් විරෝධයක් ඇති වෙලා .රට ව්‍යාකූල කිරීමේ වගකීම රජය භාර ගත යුතුයි.


පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය
අනුර කුමාර දිසානායක මහතා රජයට ගෙදර යන්න කියනවා .රජය ගෙදර යනවා නම් රජයත් එක්ක අනුර කුමාරත් ගෙදර යන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙත් රජයේ ම කොටසක්. පොඩි ළමයි සෙල්ලම් කරද්දි මුණ හංග ගත්තා ම තමන්ව පේන්නේ නෑ කියල හිතනවා .ඒ උනාට පස්සේ එළියෙ .අපේ ජනතාව බුද්ධිමත්.මේ ආණ්ඩුව ගේන්න ජනතා විමුක්ති පෙරමුණ විශාල වැඩ කොටසක් කළ බව ජනතාව දන්නවා .ජනාධිපතිවරණය අවසන් කැන්වසින් එක කළේ ජනතා විමුක්ති පෙරමුණ .පෝස්ටර් ගැහුවේ ජනතා විමුක්ති පෙරමුණ. ආණ්ඩුව බලයට ගෙනත් ආණ්ඩුවේ භූමිකාව ඉටු කරලා අද ආණ්ඩුවට ගෙදර යන්න කියලත් කියනවා .එහෙමනම් අනුර කුමාරත් ගෙදර යන්න ඕනෙ. පාලන මැතිවරණයේ දී ආණ්ඩු විරෝධී ඡන්ද ජනතා විමුක්ති පෙරමුණට නොලැබුනේ අනුර කුමාර දිසානායක ලා කියන්නේ ආණ්ඩුවෙන් කොටසක් බව ජනතාව දන්න නිසයි .රනිල් වික්‍රමසිංහ ඇතුළු ආන්ඩුවේ සන්නිවේදන කණ්ඩායම ආණ්ඩුවේ දුබලතාවය වසා ගන්න අලූත් පාරකට ඇවිත්. පාස්කු සිද්ධියට සහ ආණ්ඩුවේ දුර්වලතාවය දුබලතාව නොහැකියාව නිසා සිදුවුණු දේවල් විපක්ෂය පිටත් පටවන්න උත්සාහ කරනවා .අද රටේ ඇතිවෙලා තියෙන අවාසනාවන්ත තත්ත්වයට විපක්ෂය  වගකිව යුතු නැහැ. ආණ්ඩුවට දැන් කරන්න තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණයක් පවත්වා ජනතාවට තමන්ගේ නියෝජිතයන් තෝරා ගැනීමට අවස්ථාව ලබා දීම පමණයි .
පාස්කු ඉරිදා ඒ අවාසනාවන්ත සිද්ධියෙන් මියගිය තුවාල ලැබූ පුද්ගලයින් පුද්ගලයින් ට සාධාරණත්වයක් ඉටු වූවායැයි යි සිතන්න බැහැ .ළඟ තිබුණු කඩු කිනිසි ලැබුණාට එතැනින් එහාට පරීක්ෂණ වෙන්නේ නැහැ .පරීක්ෂණ වෙන බවක් පේන්නෙ නැහැ.ආණ්ඩුවට ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ අවශ්‍යතාවයක් නැහැ .ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට පියවර ගන්නවා වෙනුවට ආණ්ඩුව උත්සහ කරන්නේ තේරීම් කාරක සභා විගඩම මගින් රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමයි .ජනාධිපතිවරයාත් එකට එක කරනවා මිසක් ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ.කැබිනට් මණ්ඩලයේ රැස් වෙන්නේ නැහැ .රටේ  දැවෙන ප්‍රශ්න වලට කැබිනට්ටුව රැස් නොවී රටක් වශයෙන් ඉදිරියට යන්න තීරණ ගන්නේ කොහොමද 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress