වසර 32කට පෙර ඉන්දියාව ගුවනින් යාපනයට හෙලූවේ පරිප්පුද නැත්නම් තුවක්කුද?
Posted on June 23rd, 2019

කීර්ති වර්ණකුලසූරිය උපුටා ගැන්ම දිවයින

arakshawa1

 ⋆ පරිප්පු දැමීමට පැමිණි බව කියන ඉන්දීය ඇන්ටනෝව් යානා අඩි 1500 ක් දක්වා පහළට එද්දී නියමුවන් බියට පත්ව සිටියා

 ⋆ මුහුදින් ගෙන ආ බඩුවලට නාවික හමුදා මුර යාත‍්‍රා දෙකක් අභියෝග කළ හැටි

 ⋆ ඉන්දියාවේ දීන කි‍්‍රයාව හමුවේ ජනපති ජේ. ආර්. ජයවර්ධන හෙවත් යැංකි ඩිකීට ඇමරිකාවත් පිටුපෑවා

 ⋆ යුද අපරාධ ගැන සෙවීමට හයිබි‍්‍රඞ් අධිකරණයක් ස්ථාපිත කළ යුතු බව බි‍්‍රතාන්‍ය කියා සිටියි

 ⋆ පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය වසන් කරයි

 ⋆ අසව්! අසව්! 300 ක් ඝාතනය වෙද්දී රජයේ බලධාරීහු ගැටුම් කළමනාකරණ වැඩමුළුවක් පවත්වති

 ⋆ යාපනයේ කොටුවේ සිරවී සිටි තුවාල ලත් සෙබළුන් ගලවා ගැනීමේ මෙහෙයුම දියත්වී ජුලි 3 වැනිදාට වසර 29 යි



arakshawa2

 ඔපරේෂන් පුමාලායි හෙවත් යාපනය අර්ධද්වීපයට ගුවනින් පරිප්පු සහ වෙනත් ආහාර ද්‍රව්‍ය යයි හඳුන්වමින් භාණ්ඩ දැමීමේ නින්දිත කි‍්‍රයාව සිදුවූයේ මෙයට වසර 32 කට පෙරය. එහෙත් මෙරට ජනතාවට ඉන්දියාවේ මේ මැදිහත්වීම අමතකවී ඇත. ඖෂධ සහ ආහාර ද්‍රව්‍ය යයි දක්වමින් ඇන්ටනෝව් යානා පහකින් පැරෂුට් සහායෙන් බිමට දැමූ මේ භාණ්ඩ තොගයේ තිබුණේ ආහාර ද එසේත් නැත්නම් අවි ආයුධ ද යන්න ශ‍්‍රී ලංකා රජයට වාර්තා වූයේ නැත.

 මෙම භාණ්ඩ තොගය ගෙන ආ ඇන්ටනෝව් 32 වර්ගයේ යානා පහේ ආරක්‍ෂාවට මිරාජ් 2000 වර්ගයේ යානා පහක් ද සම්බන්ධ විය.

 ශ‍්‍රී ලංකාවේ අහස් කලාපය උල්ලංඝණය කරමින් ඉන්දියාව මේ නිහීන කි‍්‍රයාව සිදුකරද්දී බටහිර රටවල් බලා සිටියේය. මෙය සිදුවූයේ 1987 ජුනි 3 දායි.

 ඔපරේෂන් පුමාලායි මෙහෙයුම භාරව සිටියේ එයාර්වයිස් මාර්ෂල් ඞී ක්ලෝර්ය. ඔහු පසුව පාපොච්චාරණයක් කරමින්, මම මෙහෙයුමට සම්බන්ධ නැහැ, එය රජයේ තීරණයක් යැයි කීවේය.

 ඉන්දියානු රජය ශ‍්‍රී ලංකාවේ උතුරේ කොටුවී සිටි ද්‍රවිඩ ජනතාවට යැයි පවසමින් ආහාර ද්‍රව්‍ය දැමීමේ සිද්ධියේදී ශ‍්‍රී ලංකාව අසරණ විය.

 එදා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ඉතාලියේ නිෂ්පාදිත පුහුණුවීමේ යාන චීන නිෂ්පාදිත ප‍්‍රවාහන යානා සහ ඇමරිකානු බෙල් ප‍්‍රවාහන යානා සහ දෙවැනි ලෝක යුද්ධ සමයට අයත් ගුවන් යානා නාශක අවි කීපයකින් සමන්විත විය.

 එදා කෆීර් හෝ මිග් ප‍්‍රහාරක යානා හෝ ගබ්රියෙල් මිසයිල ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට නොතිබුණි.

 මේ නිසා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනට සිදුවූයේ උඩබලාගෙන සිටීමටයි. යැංකි ඩිකී ලෙස හඳුන්වනු ලැබූ ජේ. ආර්ට සිය මිතුරා වූ ඇමරිකාවේ සහායද ලැබුණේ නැත.

 මේ පසුබිම මැද ප‍්‍රංශ නිෂ්පාදිත මිරාජ් ප‍්‍රහාරක යානාවල රැකවරණ මත ඉන්දියානුවෝ යාපනයට භාණ්ඩ දමා ආපසු පිටව ගියහ.

 යාපනයට ගුවනින් දැමූ ටොන් 25 ක භාණ්ඩ තොගයේ තිබුණේ කුමක්දැයි වසර 32 කට පසුත් හෙළිවී නැත.

 එහෙත් ප‍්‍රභාකරන් පසුව පැවසුවේ ආහාර ද්‍රව්‍ය සමග අවි ආයුධ ලැබුන බවයි.

 මේ ඉන්දියානු මෙහෙයුම පැය 2 විනාඩි 10 ක් තිස්සේ කි‍්‍රයාත්මක විය.

 ගුවන්නි ගෙන ආ භාණ්ඩ පැරෂුට් මගින් බිමට දැමීම භාරව සිටියේ වින් කමාර්න්ඩර් සුබාෂ් චන්ද්‍ර බව පසුව හෙළිවිය.

 මේ ඊගල් පෝමේෂන් කණ්ඩායමයි. ඔබට ඇසෙනවාද යයි ඔහු පලාලි ගුවන් තොටුපළේ පාලක මැදිරියෙන් සිව් වතාවක් ඇසූ නමුත් ඊට ප‍්‍රතිචාරයක් නොවුණි.

 1987 ජුනි 3 දා පස්වරු පහට පමණ ගුවනින් හෙලූ මෙම භාණ්ඩ යාපනය දුම්රියපලට සැතපුම් 4 ක් ඈතින් බිමට වැටී තිබේ. එම භාණ්ඩ කොටි අතට පත්විය.

 මේ පුමාලායි මෙහෙයුමේ තොරතුරු පසුව හෙළිවිය. ඉන්දියාවේ ගවාලියර් ප‍්‍රදේශයේ පිහිටි මහාරාජ්ජුර් ගුවන් කඳවුරේ අණදෙන නිලධාරියා වූ වින්ග් කමාන්ඩර් අජිත් භවානි වෙත ලත් රහස් පණිවුඩයකින් දන්වනු ලැබුවේ මිරාජ් 2000 වර්ගයේ යානා පහක් බැංගලෝර් ගුවන් තොටුපළ වෙත ගෙන එන ලෙසයි. අනතුරුව එම යානා සෙහෙලන්තා ගුවන් කඳවුරට ගෙනඑන ලෙස නියෝග ලැබී තිබිණි.

 1987 වසරේ මැද භාගයේදී ශ‍්‍රී ලංකා හමුදාව යාපනයට එන සැපයුම් මාර්ග සියල්ල අහුරා තිබූ බැවින් කොටි සංවිධානයේ සැපයුම් මාර්ග මුළුමනින්ම අඩපණ විය.

arakshawa3

 මේ නිසා ඉන්දීය රජයට අවශ්‍ය වූයේ කොටින්ට ගුවනින් භාණ්ඩ ලබාදීමයි. මේ තත්ත්වය මත 1987 ජුනි 3 දා සවස 3 ට නවදිල්ලියේ සිටින ශ‍්‍රී ලංකා තානාපතිවරයා කැඳවූ ඉන්දීය විදේශ කටයුතු බලධාරීහු තව ස්වල්ප වේලාවකින් මිරාජ් ප‍්‍රහාරක යානා රැකවරණ මත ඇන්ටනෝව් යානා යාපනයට ගුවනින් ආහාර ද්‍රව්‍ය දමන බවත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ඊට එරෙහිවූවොත් මිරාජ් යානා ඊට ප‍්‍රතිචාර දක්වන බවත් කියාසිටියේය. මෙය තර්ජනයක් විය.

 ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සතුව තිබුණේ සියා මාචට් සහ පුකාර වැනි බෝම්බ දමන යානා බව ඉන්දියාව දැනසිටියත් මෙම තර්ජනය එල්ලවිය.

 මෙම දැනුම්දීමෙන් පසු ඊගල් මෙහෙයුම 4 යයි හඳුන්වනු ලැබූ ඇන්ටනෝව් යානා පහ ඉන්දීය කොරමැන්ඩල් වෙරළ අසලින් ශ‍්‍රී ලංකාව වෙත පියාසර කරනු ලැබීය.

 එම ඇන්ටනෝව් යානා වටා මිසයිල පහකින් සමන්විත මිරාජ් යානා සමූහය ගමන් කර ඇත.

 යාපනයට ගුවනින් පරිප්පු සහ ආහාර දැමූ බව පැවසූ ඉන්දීය අගමැති කාර්යාලය මෙහෙයුමට සහභාගි වූ ගුවන් නියමුවන්ව ඇගයීමකට ලක්කළේය. එහෙත් මේ කි‍්‍රයාව ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංඝණය කිරීමක් බවට ශ‍්‍රී ලංකා රජය ප‍්‍රකාශ කළේය.

 එහෙත් ඉන්දියාව පැවසුවේ තමන් මානුෂික මෙහෙයුමක් දියත් කළ බවයි.

 ඉන්දියාව දියත් කළ නීති විරෝධී ගුවන් මෙහෙයුම ගැන කනගාටුව පළකළ ඇමරිකාව ඒ ගැන විවේචනය කිරීමෙන් වැළකී සිටියේය.

 ඉන්දියාව මෙලෙස යාපනයට ගුවනින් භාණ්ඩ දැමීමේ රහස පසුව හෙළිවිය. ඒ ශ‍්‍රී ලංකා හමුදාව යාපනය මෙහෙයුම ආරම්භ කිරීම නිසාය. 1987 මැයි 27 දා ඉන්දීය ගුවන් විදුලිය ප‍්‍රකාශයක් නිවේදනය කරමින් ශ‍්‍රී ලංකාව දියත් කළ මෙහෙයුම හෙළා දකින බව විදේශ කටයුතු ඇමැති එන්.පී. තිවාරි ප‍්‍රකාශ කරන බවත් ඒ නිසා යාපනයට ගුවනින් ආහාර දැමීමට ඉන්දියාවට සිදුවන බවත් කීවේය.

  විදේශ ඇමැති තිවාරිගේ මෙම තර්ජනාත්මක ප‍්‍රකාශයට පෙර 1987 මැයි මස ඉන්දීය රජය ශ‍්‍රී ලංකා රජයට දැනුම්දීමක් කරමින් යාපනය අර්ධද්වීපයට ටොන් 1000 ක ආහාර ද්‍රව්‍ය රැගත් සහන සේවා බෝට්ටු රැසක් එන බව කියා සිටියේය.

 මේ සහන සේවා බෝට්ටු උතුරේ මුහුදු සීමාව වෙත පිවිසෙන අවස්ථාවේ නාවික හමුදාවේ මුර යාත‍්‍රා දෙකක් ඉදිරියට ගොස් එකී සහන සේවා බෝට්ටුවලට අනතුරු අඟවනු ලැබීය. ඔබ අපේ මුහුදු සීමාව උල්ලංඝණය කර පැමිණියහොත් වෙඩි තැබීමට සිදුවෙනවා යැයි මුර යාත‍්‍රා දෙකේ අණදෙන නිලධාරීන් විසින් ප‍්‍රකාශ කරනු ලැබීය. මේ නිසා සහන සේවා බෝට්ටු ආපසු හරවාගෙන යාමට ඉන්දීය රජයට සිදුවිය.

 මෙම සිද්ධියෙන් අගමැති රජීව් ගාන්ධි කෝපයට පත්විය. මේ නිසා ගුවනින් ආහාර දැමිය යුතු බව ඉන්දීය රෝ සංවිධානය ඉන්දීය රජයට උපදෙස් දුන්නේය. මේ වනවිට රෝ නියෝජිතයන් කීප දෙනෙක් කොටි සමග එක්ව යාපනයේ කි‍්‍රයාත්මක විය.

 ගුවනින් ආහාර දැමිය යුතු ස්ථානය ගැන පවා ඉන්දීය ඇන්ටනෝව් යානාවල නියමුවන්ට උපදෙස් දී ඇත්තේ රෝ නියෝජිතයන්ය.

 මේ බව තහවුරු වූයේ ඇන්ටනෝව් යානාවල නියමුවන් තමන් ආහාර ද්‍රව්‍ය බිමට දමන ස්ථානයේ ශ‍්‍රී ලංකා හමුදාව හෝ යුද උපකරණ නුදුටු බව වාර්තා කිරීමයි. යාපන අර්ධද්වීපයට ගුවනින් ආහාර ද්‍රව්‍ය යැයි කියමින් භාණ්ඩ දැමීමේ සිද්ධිය පිළිබඳව ඇන්ටනෝව් යානාවක සිටි විදේශ මාධ්‍යවේදියකු එවකට මෙලෙස පවසා තිබුණි.

 ‘‘ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ඉතාමත් දුර්වලයි. ඔවුන්ට ගුවන් බලයක් තිබුණේ නැහැ. මේ අතර ඉන්දියාවේ මේ බලහත්කාරකම ගැන බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා 300 කට අධික පිරිසක් පෙත්සමක් රැගෙන කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත ගොස් නියෝජිත මැහිව් කනගර් වෙත භාරදීමට කි‍්‍රයාකරනු ලැබීය. එම පෙත්සමින් අගමැති රජීව් ගාන්ධිගේ කි‍්‍රයාකලාපය හෙලාදැක තිබුණි. කොළඹ ප‍්‍රධානතම පන්සලක සිට එක්සත්ජාතීන්ගේ කාර්යාලය වෙත දියත්වූ බෞද්ධ භික්‍ෂූන්ගේ විරෝධතාවය එදා අපි නිරීක්‍ෂණය කළෙමු.

arakshawa4

  උතුරේ ද්‍රවිඩ බෙදුම්වාදීන්ට ඉන්දියාව ගුවනින් සැපයුම් ද්‍රව්‍ය ලබාදී ඇති බවට බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා චෝදනා කළහ.

 ‘‘ද්‍රවිඩ බෙදුම්වාදීන් භික්‍ෂූන් වහන්සේලා 31 ක් ඝාතනය කර ඇති අවස්ථාවේ ඉන්දියාව කොටින්ට ආහාර ද්‍රව්‍ය සැපයීම ගැනද උන්වහන්සේලා රජීව් ගාන්ධි වෙත දෝෂාරෝපණය කළහ.

 මේ අතර ද්‍රවිඩ බෙදුම්වාදීන්ට ගුවනින් ආහාර ද්‍රව්‍ය ගෙන ආ ඇන්ටනෝව් යානා වල ඉන්දීය හා විදේශීය මාධ්‍යවේදීහු 35 ක්ද සිටියහ. එහෙත් යානාවේ තිබූ භාණ්ඩ ඔවුන්ට පෙන්නුම් කිරීමට ඉන්දීය රජය කි‍්‍රයාකළේ නැත.

 ඊගල් පෝමේෂන් හෙවත් ඔපරේෂන් පුමාලායි නමින් හඳුන්වන මෙම ඉන්දීය මෙහෙයුමින් ඖෂධ, එළවළු, තිරිඟු පිටි, පාන්, භූමිතෙල් සහ ගිනිපෙට්ටි ද බිමට දැමූ බව පැවසුවත් එම භාණ්ඩ අතර අවි තිබූ බවද පසුව හෙළිවිය.

 මෙහිදී ශ‍්‍රී ලංකා රජය මේ ගැන එක්සත්ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කරනු ලැබුවත් මහලේකම්වරයා පැවසුවේ අර්බුදය සාමකාමීව විසඳාගන්නා ලෙසයි.

  ඉන්දියාවේ මෙම ආක‍්‍රමණකාරී සිද්ධියට මූලික හේතුව වූයේ ශ‍්‍රී ලංකා හමුදාව යාපනයේ පාලනය අල්ලා ගැනීමට හමුදා මෙහෙයුමක් දියත් කිරීමයි. මෙම හමුදා මෙහෙයුම හෙලාදුටු විදේශ ඇමැති තිවාරි වහාම එය අත්හිටුවන ලෙස ශ‍්‍රී ලංකා රජයට පැවසුවත් ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ඊට එකඟ වූයේ නැත. මේ නිසා රාමේශ්වරම් ධීවර ගම්මානයේ සිට ධීවර බෝට්ටුවලින් සැපයුම් ද්‍රව්‍ය යාපනයට යැවීමේ මෙහෙයුම 1987 ජුනි 2 දා දියත් විය.

 මෙම ධීවර බෝට්ටු පසුබිමේ වික්රම් නමැති වෙරළාරක්‍ෂක යාත‍්‍රාව ද විය. එහි තිබූ බර අවි සහ ඞීමන් හෙලිකොප්ටරය ද ඉවත් කර තිබුණි. මේ ධීවර බෝට්ටුවල රතු කුරුස කොඩි ඔසවා තිබුණි.

 මේ ධීවර බෝට්ටු සහ වික්රම් වෙරළාරක්‍ෂක යාත‍්‍රාව යාත‍්‍රාකරන අවස්ථාවේ වෙරළාරක්‍ෂක යාත‍්‍රා දෙකක් සහ නාවික හෙලිකොප්ටරයක් විසින් නිරීක්‍ෂණය කෙරුණි.

 එහෙත් බලාපොරොත්තු රහිත ලෙසින් ශ‍්‍රී ලංකා නාවික හමුදා මුර යාත‍්‍රා දෙක ඉදිරියට පැමිණීමෙන් ධීවර බෝට්ටුවල සහ වික‍්‍රරම් වෙරළ රක්‍ෂක යාත‍්‍රාවේ ගමන නතර විය.

 මේ උත්සාහය අසාර්ථක වීම නිසා අගමැති රජීව් ගාන්ධි සහ ඔහුගේ රෝ බුද්ධි සේවා උපදේශකයෝ ගුවන් මෙහෙයුම දියත් කළහ.

 මේ පසුබිම මැද සැපයුම් ද්‍රව්‍ය රැගත් මුල්ම ඇන්ටනෝව් ගුවන් යානාව යාපනය අහසේ සිට අඩි 1500 ක් දක්වා පහළට පැමිණෙන අවස්ථාවේ ගුවන් නියමු සුන්දර් බියට පත්ව සිටි බව පසුව හෙළිවිය. ගොඩබිමේ සිටි අයෙක් මැෂින් තුවක්කුවකින් ප‍්‍රහාර එල්ල කළා නම් අපට කළ හැකි දෙයක් නැතැයි ඔහු කියා සිටියේය.

 එහෙත් මේ යානාවලට ප‍්‍රහාර එල්ල කිරීමෙන් ශ‍්‍රී ලංකාව හමුදාව වැළකී සිටියේය. මේ තත්ත්වය මත ශ‍්‍රී ලංකාවට සිදුවූයේ ඉන්දියාව හමුවේ දණ ගැසීමටය. 1987 ජූලි 29 දා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීම සිදුවූ අතර ඊට එරෙහි ජනතා විරෝධය ඇතිවිය. රජීව් ගාන්ධි සමග අත්සන් කළ ගිවිසුම ගැන පලාලි හමුදා කඳවුර වෙත දැනුම්දීමට ද රජය කි‍්‍රයාකළේ නැත. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කර මොහොතක් තුළ ඉන්දීය ගුවන් හමුදාවේ ඇන්ටනෝව් යානා පලාලි වෙත පැමිණියහ. මේ වනවිට කඳවුර භාරව සිටියේ පසුව හමුදාපති වූ ජෙරී සිල්වායි

arakshawa5

ඉන්දීය හමුදාව පලාලි පාලනය භාර ගැනීමත් සමගම ශ‍්‍රී ලංකා හමුදාව කඳවුරුවලට සීමාවිය. ඉන්දියානුවෝ මුළු පලාලි කලාපයේම පාලනය භාරගනිද්දී ශ‍්‍රී ලංකා හමුදාව අසරණ විය. එහෙත් කොන්දක් ඇති පලාලි හමුදා නිලධාරීහු ඉන්දීය හමුදා ප‍්‍රධානින්ගේ නියෝග භාර ගැනීම ප‍්‍රතික්‍ෂේප කරනු ලැබීය. ඊට හොඳම නිදසුන ඉන්දීය හමුදාවේ මේජර් ජනරාල් රොඞ්රිගුස් සහ බි‍්‍රගේඩියර් ජයරත්න අතර ඇතිවූ ගැටුමයි.

 පලාලි හමුදා කඳවුරේ රඳවා සිටි පුලේන්ද්‍රන් ඇතුළු කොටි ත‍්‍රස්තයන් පිරිස කොළඹට යැවීමට බි‍්‍රගේඩියර් ජයරත්න සැලසුම් කරන අවස්ථාවේ රොඞ්රිගුස් ඊට එරෙහි විය.

 ‘‘මගේ බී.එම්.පී යුද රථ ධාවන පථය හරස් කර නුඹේ ගුවන් යානාවේ ගමන නතර කරනවා යයි රොඞ්රිගුස් තර්ජන කළේය.

 එම තර්ජනයට බි‍්‍රගේඩියර් ජයරත්න ද බියවූයේ නැත. මම ඒ බී එම් පී රථවලට වෙඩි තියනවා යයි බි‍්‍රගේඩියර් ජයරත්න තර්ජනය කළේය.

 මේ ගැටුම සිදුවන අවස්ථාවේ පලාලි කඳවුරේ සිට කොටි සයනයිඞ් ගිලදමා දිවි නසාගැනීමෙන් ඇතිවීමට ගිය ඉන්දීය – ශ‍්‍රී ලංකා හමුදා ගැටුම ව්‍යාර්ථ විය.

 වසර 32 ක අතීතය මෙලෙස හෙළිවන අවස්ථාවේ ඊගල් මෙහෙයුම නමින් තවත් රහසිගත මෙහෙයුමක් 1990 ජූලි 03 දා දියත් විය. බරපතළ ලෙස තුවාල ලබා සිටි සිංහ රෙජිමේන්තු සෙබළුන් 6 ක් සහ සැලසුම්ගත ආහාර ද්‍රව්‍ය නොමැතිව යාපනය කොටුවේ සිරවී සිටි හමුදා සෙබළුන් 50 ක් සහ පොලිස් භටයන් 112 ක් බේරාගැනීම සඳහා මේ මෙහෙයුම ආරම්භ විය. කොටි ත‍්‍රස්තයෝ යාපනය කොටුව වටකරගෙන සිටි නිසා තොගපිටින් ආහාර ද්‍රව්‍ය ලබාදීමේ මාර්ග අවහිර වී තිබුණි.

 මෙම මෙහෙයුමට ඇමරිකානු නිෂ්පාදිත බෙල් හෙලිකොප්ටර් යානා කීපයක් සම්බන්ධ විය.

 ලසන්ත වෛiරත්න, අමින්දු මිරන්ඩෝ, රාහුල ප‍්‍රනාන්දු, සුරියදාස, සුනිල් කබ්රාල් රොජර් වීරසිංහ, තිලින කළුආරච්චි, සාගර කොටකදෙනිය යන නිලධාරීහු දියත් කළ මේ මෙහෙයුමින් යාපනය කොටුවේ සිරවී සිටි පිරිස ගලවාගැනීමට හැකිවූහ.

 මෙම නිලධාරීන්ගෙන් රොජර් වීරසිංහ සහ තිළිණ කළුආරච්චි පසුව එල්ලවූ කොටි ප‍්‍රහාර වලින් ජීවිතක්‍ෂයට පත්වූහ.

 මේ අතර පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයෙන් පසු ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය සහරාන් හෂිම්ගේ ඉන්දීය සගයන් අත්අඩංගුවට ගැනීමේ යෙදී ඇත. එහි මූලිකයා කොයිම්බතෝර්හි සංචාරක ඒජන්සියක් පවත්වාගෙන ගිය අසාරුදීන් නැමැත්තෙකි. ඔහු සමග අයිසිස් කි‍්‍රයාකාරීන් හය දෙනෙක් මේ වනවිට අත්අඩංගුවේ පසුවේ. මොවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ සහරාන් හෂිම්ගේ ජංගම දුරකථනයේ සටහන්ව තිබූ දත්ත වලිනි.

 මේ පසුබිම මැද කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය තෝරාගත් මාධ්‍ය පාර්ශ්ව කීපයක්ම කැඳවා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ශ‍්‍රී ලංකා සංචාරයේ අරමුණ හෙළිකර ඇත.

 ඒ ඉදිරියේදී පත්වන ශ‍්‍රී ලංකා ආණ්ඩු ද ඇමරිකානු පිළිවෙත එලෙසම ගෙන යාමට සහාය වීමයි. පසුගිය වසර කීපය මුළුල්ලේ ශ‍්‍රී ලංකාව අනුගමනය කළ ඇමරිකානු පිළිවෙත නිසා ජනාධිපතිවරණයක් පිළිබඳ වාර්තාවන අවස්ථාවේ මයික් පොම්පියෝ මෙරටට එන්නේ ශ‍්‍රී ලංකාවට උදව් කිරීමට නොවන බව තහවුරු වී ඇත.

 මේ අතර ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සාමාජිකයකුව කි‍්‍රයාකරන ජාවුද් යුසුප් නැමැත්තා පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් විධායක ජනපති ක‍්‍රමය අහෝසි කළ යුතු බව තහවුරු කර ඇතැයි ප‍්‍රකාශ කර ඇත.

 සහරාන් ප‍්‍රමුඛ ඉස්ලාමීය අන්තවාදීන් පිරිස පල්ලිවලට සහ සුපිරි හෝටල්වලට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කළේ විධායක ජනපති ක‍්‍රමය නිසාද? මොහු මෙයට පෙර පැවසුවේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අයිසිස් සංවිධානය සම්බන්ධ නැති බවයි.

 මේ සතියේ දිනෙක බෞද්ධ භික්‍ෂූන් පස් නමක් ප‍්‍රමුඛ 200 කට අධික බෞද්ධ බැතිමතුන් මුලතිව්හි ගුරුකන්ද රජමහා විහාර සංකීර්ණය වෙත පැමිණියහ. බෙංගමුවේ නාලක හිමියන් මෙහෙයවූ මෙම පිරිස සත්‍යග‍්‍රහයක් පවත්වන අවස්ථාවේ උතුරේ කොටි හිතවාදී මාධ්‍ය සියළු පිරිස වීඩියෝගත කිරීමට ලක්කළා. ගුරුකන්ද ප‍්‍රදේශයේ හින්දු කෝවිලට පෙර රජමහා විහාරය ස්ථාපිතව තිබූ බව හෙළිවුවත් හින්දුන් පිරිසක් එම ප‍්‍රදේශය තමන්ට අයිති බවට ප‍්‍රකාශ කර තිබුණි.

 මේ අතර පිටු 101 කින් සමන්විත බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය නිකුත් කළ අලූත්ම වාර්තාවේ පාස්කු ඉරිදා සිදුවූ අයිසිස් ත‍්‍රස්ත ප‍්‍රහාරය ගැන හෝ සහරාන් හෂීම් ප‍්‍රමුඛ ත‍්‍රස්ත කල්ලිය ගැන වචනයක්වත් සඳහන් කර නැත.

 ඒ වෙනුවට අම්පාර සහ මහනුවර ප‍්‍රදේශයේ මුස්ලිම් විරෝධී කි‍්‍රයාදාමයන් සිදුවූ බවත් ඉන් 400 කට අධික මුස්ලිම් දේපල විනාශ වූ බවටත් එම වාර්තාවේ දක්වා තිබේ. මේ හැර යුද අපරාධ ගැන විභාග කිරීමට හයිබි‍්‍රඞ් අධිකරණයක් ස්ථාපිත කරන ලෙස ශ‍්‍රී ලංකාවට බලකරන බවද එම වාර්තාවේ සඳහන් කර ඇත.

 මෙම පසුබිම මැද පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ දෝංකාරය තවමත් ජනතාව අතර පවතිද්දී රජයේ බලධාරීන් පුද්ගලයන් තිදෙනකු ලවා ගැටුම් සන්නිවේදන කළමනාකරණය සහ මාධ්‍ය භාවිතය ගැන උපදෙස් දීමේ වැඩමුළුවක් පවත්වා ඇත.

 මේ සඳහා ඉදිරිපත් වූවෝ තමන් කවුරුන් යැයි සිතා මාධ්‍යවලට උපදෙස් දීමට ඉදිරිපත් වූයේද? සහරාන් ප‍්‍රමුඛ අයිසිස් කි‍්‍රයාකාරීන් 300 කගේ ජීවිත බිලිගනිද්දී මොන ගැටුම් කළමනාකරණයක්ද? මෙයට සමානව 2002 ඊනියා සටන් විරාම ගිවිසුම් සමයේද කොළඹ ප‍්‍රධාන සාම වෙළෙන්දාවූ ජාතික සාම මණ්ඩලය ගැටුම් කළමණාකරන වැඩමුළු පවත්වනු ලැබීය. මේ වැඩමුළු මුළුමනින්ම විහිළුවක් නොවන්නේද?

3 Responses to “වසර 32කට පෙර ඉන්දියාව ගුවනින් යාපනයට හෙලූවේ පරිප්පුද නැත්නම් තුවක්කුද?”

  1. aloy Says:

    Keerthi Warnakula & Diwaina,
    Do not muddy the water and make things more complicated. Lot of water has flowed under the bridge since then. Not only Indians, the Tamils too have learnt a bitter lesson. To my mind this crime has been well planned right from the time of MR’s government. They were the people who gave lands in Wilpattu & Batti for Sharia & Arabization. When Yaha[palanaya came they set about and did their best to destroy economy, military and Buddhism. They destroyed weapons at Salawa and dumped heavy weapons in sea. Imprisoned Ranawiruwo and destroyed the security apparatus. All that was to create the situation to bring Indian forces to apply R2P on behalf of US when there is backlash. But unfortunately for them there was no chaotic situation as expected. There are unseen forces protecting the country. The US does not want another war front. So, they will use proxies.
    We have to keep this in mind until ‘Don Juan’ is chased away; may be both prez and PM should go at the same time for the country to be safe.

  2. Randeniyage Says:

    Keerthi Warnakula & Diwaina,
    Thanks for bringing up this important issue to remind us.

    1. Thawheed Jammath came from India
    2. SLTJ gave evidence, treating his cleric in Tamil Nadu as a God, much higher than Buddha.
    3. There is sufficient evidence terrorist were trained in India ( our army commander said some visited Inida)
    4. This attack helps to establish a TRUE INDIAN PUPPET REGIME.
    5. Similar to Yankee Diki, man without a diki is against India. He openly said he would shoot Indians in 2015.
    6. ‘No diki’ has now turned to China much more than India.
    7. Thirupathy is open to both sides. Thirupathy gold has not helped ‘No Diki” to be friend with India
    8. All indications are , India created instability in SL yet again and next obvious choice will be a puppet of India.

  3. aloy Says:

    “6. ‘No diki’ has now turned to China much more than India.”

    This is a misconception; it is only a part of a bigger picture. Hambanthota will not be a success without the help of the west.
    Our man is still the faithful servant of uncle Sam. They are still doing manipulations behind the scene. Only thing uncle Sam overrated our neighbor. When challenged by Prez RP they ran with their tails between their legs, if not a break up of their country would have resulted. Before that he created a suitable condition by setting the LTTE against IPKF. This sort of thing can still be done by a skillful leader.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress