පොදුජන පෙරමුණ මැතිවරණ කටයුතු අරඹයි
Posted on June 26th, 2019

පොදුජන මාධ්‍ය මධ්‍යස්ථානය

ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව කටයුතු කිරීමට දේශපාලන  පක්ෂ ගණනාවක් මේ වනවිට සිය එකඟතාව පළ කර ඇත.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ සිට එක්ව කටයුතු කළ සහෝදර දේශපාලන පක්ෂ සමඟ ඉදිරියේදීත් එක්ව කටයුතු  කරන අතරම මෙතෙක් සන්ධානගත නොවී සිටි  අනෙකුත් පක්‍ෂ සමගද එක්ව කටයුතු කිරීමේ අභිලාශයෙන් මේ දිනවල පොදුජන පෙරමුණ හා එම දේශපාලන පක්ෂ අතර සාකච්ඡා ආරම්භවී තිබේ.
දේශ විමුක්ති ජනතා පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ලිබරල් පක්ෂය, ඊ පී ඩී පී පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, එක්සත් ලංකා පොදුජන පක්ෂය, මුස්ලිම් උළමා පක්ෂය, ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, යන පක්ෂ සමඟ සමග මේවනවිට සාකච්ඡා සාර්ථකව අවසන් කර ඇත.
බියෙන් සැකෙන් තොර ආරක්ෂිත රටක් නිර්මාණය කිරීමටත්, රාජ්‍ය සම්පත් ආරක්ෂා කරන, ආර්ථිකය සවිමත් කරන, සංවර්ධිත රටක් බිහිකිරීම උදෙසාත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ අත්වැල් බැදගනිමින්, ජනතා විරෝධී එක්සත් ජාතික පෙරමුණු රජය පලවා හැරිය යුතු බව මෙම සියළුම දේශපාලන පක්ෂ අවධාරණය කර තිබේ. එමෙන්ම ඉදිරි ජනතාවාදී රජයක් යටතේ ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙල ඇතුලත් ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීමේ කටයුතුද එකී පක්‍ෂවල දායකත්වයෙන් මේ දිනවල සිදුවෙමින් පවතී.

One Response to “පොදුජන පෙරමුණ මැතිවරණ කටයුතු අරඹයි”

  1. aloy Says:

    The minister of health yesterday in a statement said someone ( a minority member) sneaked a letter hidden in a shoe and presented it to Her Majesty the queen saying who should be given the power to rule the country. I have heard the same story in a Derana program and that the letter is preserved in a musium.
    According to Kandian convention there seem to be conditions how the country should be handed back to a Sinhale ruler. So, did a minority member got involved in handing out the reign to a Sinhalese?. And what did he write?. He may have done a jill-mart. Why not someone have a look at this document, get a picture and publish?.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress