අභිමතයක අභිමානය
Posted on February 26th, 2020

කීර්ති රත්නායක

විරුවන් , දේශප්‍රේමීන් බිහිවන්නේ යුද්ධයෙන්ම නොවේ. කකියන දේශප්‍රේමය වාරියපොල සුමංගල හිමි වීරත්වයට ඔසවා තැබුවේය . අපතේ යන ජල  කරාමයක් වසන්නාද දේශප්‍රේමියෙකි. ඉතිහාසය ලිවීම මහා සම්ප්‍රදායකි. ඉතිහාසයේ කී දෙයට වඩා නොකී දේ වැඩිය . වීර කාව්‍ය පි‍ටුපස චරිත ගැන සවිස්තරව ලියවෙන්නේ කලාතුරකිනි. සරත් වීරසේකර යනු වීර කාව්‍යයක අඩුවෙන් කථාකල චරිතයකි

මා සරත් වීරසේකර පිළිබදව මේ සටහන තබන්නේ ලාබ ප්‍රයෝජන අපේක්ෂාවෙන් නොවේ , ඔහුට කරන කෘතු ගුණ සැලකීමක් ලෙසද නොවේ. සිංහයෙකු පසුපස යන නරියෙකු වුවද කිසි දිනෙක නරියෙකු පසුපස  යන සිංහයෙකු නොවන ලෙස උපදේශයක් ඇත. සිංහයා  නරියෙක් පසුපස ගිය හොත්  නරි අවකල්  සිංහයාටද පුරුදු වෙයි. ඉන් පසු උගේ සිංහ කමින් වැඩක් නැත .නරියෙක්  සිංහයෙකු පසු පස ගිය හොත් ඌට සිංහ ගති පුරුදු වෙයි. සටහන ලියන්නේ එනයිනි.

අතීතයේ දවසක ලියුම්කරු හමුදාවට බැදීමට අයදුම් කළේය. පවුලේ සහයෝගය නොලද නමුත් ඊට  පාසැල් මිතුරන්ගේ  සහයෝගය ලැබුනි. දෙයියන්වෙල සුනිල් යනු එකල ලංකාව හෙල්ලූ චරිතයකි. ඔහුගේ පුත්‍රයා ඉගෙන ගත්තේ  මගේ පන්තියේය. සුනිල් පාපන්දු පුහුණු කරුවෙකි.  88-89 කාලයෙදී ජවිපෙ ඔහුව ඝාතනය කළේය. සුනිල්, සරත් වීරසේකරගේ පාපන්දු පුහුණුකරු විය. සුනිල් මිය ගියද හිතවත්කම් මිය නොගියේය.  පවුලේ ඕනෑම අයෙකුට සරත් වීරසේකරට කථා කල හැකිව තිබුනි. මාගේ අයදුම්පත ගැන කථා කරන විට ඔහු නැගෙණහිර නාවික ආඥාපති ලෙස සේවය කළේය.

සරත් වීරසේකර නරි මැද සිංහයෙකි, මා ඔහු තුල දු‍ටු සුවිශේෂී ගුණාංග කිහිපයක්  පහත පරිදිය

             1.   සරත් වීරසේකර උස් තැන් දැක හැකිලෙන , මිටි තැන් දැක පුප්පන අයෙක් නොවේ.  ඔහු පොඩි මිනිසුන් ගැන සංවේදී අයෙකි.

  1. හමුදා සේවා කාලයේදී හෝ ඉන් පසුව කිසිදු දූෂණයකට සරත් වීරසේකර සම්බන්ධ නැත, හොරෙකුට කිසි දිනෙක දේශප්‍රේමියෙකු විය නොහැක.
  2. නාවික හමුදාව මෙහෙයවමින් සරත් වීරසේකර ලබා දුන් දායකත්වය නොවන්නට ‘නොනවතින ‍ ‍රැල්ළෙන්’ යාපනය බේරා ගැනීමට නොහැකි වනු ඇත
  3. සෙන්පති ඩෙනිසිල් කොබ්බෑකඩුව හේතු පාඨ සහිතව වැඩිම වාරයක්  ඇගයූ  නිළධාරියා සරත් වීරසේකරය
  4. අනුරාධපුර යුගයේ සිට මෙරට පැවත එන හෙල නාවික හමුදාව ගැන ඓතිහාසික සාක්ෂි මුලින්ම ඉදිරිපත් කළේ සරත් වීරසේකරය
  5. බල කේන්ද්‍ර දෙකක් නිර්මානය කරමින් රට අවුල් කළ 19වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වුයේ සරත් වීරසේකර පමණි.
  6. ජාතික ගීය ව්‍යාස්ථාපිත එකකි, එහි වෙනස්කම් කිරීම ව්‍යස්ථාව උල්ලංඝනය කිරීමකි.  දෙමළෙන් ජාතික ගීය ගැයීමට පාර්ලිමේන්තුවේදී විරුද්ධ වූයේ සරත් වීරසේකර පමණි.  
  7. සරත් වීරසේකරගේ බුද්ධිය සහ  තාර්කික හැකියාව අසමසමය

රටක දිශානතිය තීන්දු වන්නේ දේශප්‍රේමී පුරවැසියන් මතය. පනාකඩුව තඹ සන්නස, විරුවෙකු රක්ෂා කළ පුරවැසියෙකු පිළිබද කථාවකි. බුදල්නා නම් රුහුනේ ගැමියෙකු මහා විජය බාහු රජු ආරක්ෂා කළ අයුරු එමගින් කියා ඇත. විජයබාහු රජු නොවන්නට  හෙල ඉතිහාසයක් නොමැති බව  ඉතිහාසඥයන්ගේ මතය වෙයි. කරුණු එසේ හෙයින් නූතන විජයබාහුලා ‍රැකීමට දේශප්‍රේමී බුදල්නාවරුන්ට යුතුකමක් ඇත.

සටහන කියවූ කිසිවෙකු සෙන්පති වීරසේකර හා එක් වීමට සිත් වී නම් ඔහු කඩුවක්, හෙල්ලක් තෝමරයක් ගෙන විජිතපුර සටනට ගොඩ බට අයෙකි,  කීර්ති කුමරු ආරක්ෂා කළ බුදල්නා පරපුරේ අයෙකි. සිංහ කොඩිය යලි එසවූ වාරියපොල  හිමි පරපුරේ අයෙකි .

මාතෘ භූමිය සු‍රැකීම  අත් හල නොහැකි වගකීමකි. මව් බිමේ ආරක්ෂාව වෙනුවෙන් යුක්ති යුක්ත දේශපාලන ඉලක්ක හඹා යා යුතුව ඇත. ජය සක් මැදින් ගල උඩ සටනට ඉදියට ඇදෙන  සේනාව සමග ඔබ එක් විය යුතු නොවේද?  සොයුරු සොයුරියනි, පරයන් ඉදිරියේ දනින් වැටෙන රාජ්‍යක නිව‍ටුන් ලෙස නොව සටන්කාමී ධජය මව් බිමේ නාමයෙන් වැලදගත යුතු හෝරාව එලඹ ඇත.

කීර්ති රත්නායක

2 Responses to “අභිමතයක අභිමානය”

  1. dhane Says:

    I am a person how appreciated Rear Admiral Sarath Weerasekera for longer time since he along represented Sri Lanka against UN resolution. Thereafter he followed every council meeting. He spend his own money for all these representations, subsequently many other professionals joined this Nobel task. Due to Sarath’s endeavour finally Foreign Minister Dinesh Gunawardena at 43rd session of UNHRC declare that Sri Lanka is withdrawing from this resolution accepted by previous government. Let see what reaction from the Western countries could do against Sri Lanka.

  2. Vaisrawana Says:

    I totally agree with Keerti Ratnayake about Rear Admiral Dr Sarath Weerasekera. He is a patriot, an honest politician, and a value oriented intellectual.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress