පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් වෙයි – මහ මැතිවරණය අප්‍රේල් 25
Posted on March 2nd, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනයට අනුව අද මධ්‍යම රාත්‍රී සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇති.

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම සඳහා දින නියම කර ඇත්තේ අප්‍රේල් 25 වනදාට බව රජයේ ආරංචි මාර්ග තහවුරු කළා.

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B7%8F%E0%B7%85+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-++%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A+25

2015 අගෝස්තු මස 17 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව පිහිටවූ 8 වන පාර්ලිමේන්තුව පළමු වරට රැස්වුණේ  එම වසරේ සැප්තැම්බර් පළමුවැනිදායි.

ඒ අනුව වර්තමාන පාර්ලිමේන්තුවේ වසර හතරක් සහ මාස 6  කාලය ඊයේ මධ්‍යම රාත්‍රියේදී සම්පූර්ණ වුණා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාව අනුව නිල කාලය වසර හතරහාමාර ඉක්මවීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විධායක ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

9 වන පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරු තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වීමට දින නියම කර ඇත්තේ අප්‍රේල් මස 25 වනදාට බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව මාර්තු 12 වනදා සිට 19 වනදා දක්වා කාලය තුළ නාමයෝජනා භාරගැනීම සිදු වනු ඇති.

9 වන පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම මැයි මස 14 වනදා පැවැත්වෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress