ශ‍්‍රී ලාංකික වීමෙන් සිංහලකම වැනසේ ද?
Posted on August 24th, 2020

ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි උපුටා ගැන්ම දිවයින

pg8 1
සිංහල ජන සමාජය අවි බලයෙන් පරාජයට පත් කිරීමට පවත්නා ප‍්‍රබලතම බාධාව වන්නේ භික්ෂූන් වහන්සේලාම ය යන්න බ‍්‍රවුන්රිග්, හෝටන් වැනි ආණ්ඩුකාරවරුන් විසින් බි‍්‍රතාන්‍ය යටත් විජිත භාර ලේකම්වරයාට යැවුනු ලිපි මගින් ඉතාම පැහැදිලි ය. එනිසා ම එතැන් පටන් අධිරාජ්‍යවාදීන් උපායමාර්ග හැදුවේ බෞද්ධ ගිහි පැවිදි සම්බන්ධය බිඳවීමට ය. ඒ සඳහා භික්ෂූන් අතරින් ද ගිහි පිරිස් අතරින් ද ද්‍රෝහීන් හා ගැත්තන් නිර්මාණය කෙරිණ. එදා මෙන් ම අදත් එවන් ගැත්තන් හා ද්‍රෝහීන් සිංහල බෞද්ධ භික්ෂුවගේ උදාර භූ මිකාව අවතක්සේරු කරමින් තම වහල් මෙහෙය ඉටු කරමින් සිටිති. මා සිතන පරිදි තමන් කරන දේ සහ එහි බරපතළකම ගැන නිසිි වැටහීමක් නැති පින්වතුන් රැුසක්ම ඒ අතර සිටිති.

අලූතින් යෝජිත උප්පැන්න සහතිකයෙහි ජාතිකත්වය හැඳින්වීම සඳහා ශ‍්‍රී ලාංකිකයන් යෙදීම පිළිබඳව ඇතැම් පාර්ශවයන්ගෙන් විරෝධතා එල්ල වූ බව පසුගියදා ජනමාධ්‍ය මගින් දැකගනන්ට හැකි විය. ඒ සම්බන්ධයෙන් ප‍්‍රථමයෙන්ම කිව යුතු වන්නේ මේ කියන උප්පැන්න සහතික කතන්දරය අනවශ්‍ය ප‍්‍රශ්නයක් නිර්මාණය කර ඇති බව ය. රටේ ඇති තරම් දැවෙන ප‍්‍රශ්න තිබියදී බලධාරීන් මෙවන් කාරණාවක් ඉදිරියට දාගත්තේ කාගේ වුවමනාවටද ? කිනම් යහපත් ප‍්‍රතිඵලයක් සඳහා ද යන්න ද විමසා බැලීම වටනේය. මේ කාරණය අපට නම් පෙනෙන්නේ සිංහල බෞද්ධ විරෝධාකල්පය නොනසා නඩත්තු කරන්නන්ට රාජ්‍ය සේවයට සම්බන්ධව සිටින කුමන්ත‍්‍රණකාරීන් විසින් අටවන ලද තවත් උගුලක් ලෙසින් ය.

විවිධ හේතු කාරණා ඉදිරියට ගනිමින් සිංහල බෞද්ධ විරෝධය කරළියට ගෙන ඒම සඳහා ගනු ලබන උත්සාහයන් අතර තවත් එක් අවස්ථාවක් සේ සැලකිය හැකි කරුණක් මේ අගෝස්තු 17 සඳුදා ‘දිවයින’ පත‍්‍රයෙන් ප‍්‍රකට විය. එකරුණ එළිදැක්වුණේ ‘‘ශ‍්‍රී ලාංකික වීමෙන් සිංහලකම වැනසේ ද?’’ යනුවෙන් මහාචාර්ය කපිල අභයවංශ මහතා විසින් සැපයුණු ලිපියක් මගිනි.
විවාදාපන්න කරුණු රැුසක් සහිත එම ලිපියෙහි සියලූ කරුණු අධ්‍යනය කරමින් ලියන්නට යාම දීර්ඝ වූ ප‍්‍රයාමයක් වන බැවින් දිවයින පාඨක භවතුන් නොමග යාම වැළැක්වීම පිණිසත්, වැඩිදුර සිතා බැලීමකට යොමු කෙරෙනු පිණිසත් කෙටියෙන් කරුණු කීපයක් දක්වාලීම මේ ලිපියෙන් අදහස් කෙරෙයි.

පළමුවෙන්ම මහාචාර්යතුමාගේ ලිපියෙහි දෙවැනි පරිච්ෙඡ්දයේ සඳහන් කාරණය විමසීමට ගනිමු. එහි දැක්වෙන්නේ ‘‘මූලික වශයෙන් මේ විරෝධතාව එල්ල වී ඇත්තේ සිංහල බෞද්ධ ජනතාවගේ මුර දේවතාවුන් යැයි කියාගනන්නා භික්ෂූන් අතරින් ඇතැමුන්ගෙන් බව දක්නට ලැබේ’’ යන සාවද්‍ය ප‍්‍රකාශය යි.

මේ මුර දේවතා යන ව්‍යවහාරය ආරම්භ වන්නේ ‘‘කුල දේවතා’’ යන පිළිගැනුම මුල්කරගෙන ය. ඒ හැර මුරදේවතා යන යෙදුමට පදනමක් නැත. කෙසේ වෙතත් කුල දේවතා යන අදහස ජනවහරට එක් වන්නේ ක‍්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ පටන් ය. මහාවංශයේ 24 වැනි පරිච්ෙඡ්දයේ 43, 44, 45 යන ගාථාවන්හි සඳහන් වන පරිදි මේ වචන පළමුවෙන් ම සැඳැහෙන්නේ  දුටුගැමුණු කුමාරයාගේ මුවට නැගෙන වචන විලාසයෙනි. දෙසොහොයුරු ගැටුමේදී තිස්ස කුමාරයා බේරාගැනීමට භික්ෂූන් වහන්සේලා ගන්නා ලද ධාර්මික උත්සාහය හෙවත් සම්‍යක් ප‍්‍රයෝගය එම අවස්ථාවයි.
මෙතැනදී ගැමුණු කුමරු මෙසේ පවසයි.

තිස්ස තං කුලදේවානං – සීසේ හුත්වාන නීයති
(තිස්සය ඔබ මේ යන්නේ කුල දේවතාවුන්ගේ හිස මතිනි.*

බලක්කාරේන ගහණං – කුල දේවේහි නත්ථි මේ
(කුලදේවතාවුන්ගෙන් බලහත්කාරයෙන් මම නොගන්නෙමි.*

ගුණං තං කුල දේවානං – සරෙයියාසි කදාචිපි
(කුලදේවතාවුන්ගේ ගුණය කිසි දිනෙක අමතක නොකරන්න.*

මේ අනුව පෙනී යන්නේ අතීත රජ දරුවන් විසින්ම එවන් ව්‍යවහාරයක් ආරම්භ කර ඇති බව ය. ඒ හැර තමන් වහන්සේලා සිංහල බෞද්ධ ජනතාවගේ කුල දේවතාවුන් හෝ මුර දේවතාවුන්යැයි භික්ෂූන් වහනේස්ලා කිසිදා තම තමන් හඳුන්වා ගනු ලැබ නැත. එසේ ද වූවත් එවන් පිළිගැනීමක් හා ව්‍යවහාරයක් උන්වහන්සේලා වෙනුවෙන් ගෞරවනීය ලෙසින් පටබැඳී ඇති බව නම් සැබෑ ය. ඒ සැබෑවට හේතු කාරණා බොහෝ වාර්තාගත වී ඇති බවත් ඇත්ත ය.

එහිලා සැලකිය යුතු පළමු සුදුසුකම වන්නේ මිහිඳු මා හිමියන් වෙතින් දායාද වූ බුදු සසුනේ ප‍්‍රධාන ආරක්ෂකයා භික්ෂුව වීම ය. ‘‘ධර්ම දානය හෙවත් යහපතෙහි යෙදවීමෙන් ගිහි ජනතාවට මග පෙන්වන්නා’’ (කරොථ ධම්ම දානෙන* යනුවෙන් වූ බුද්ධ නියමය යටතේ භික්ෂුව ගුරුවරයා ද අනුශාසකයා ද වූ අතර යහපත් දෙයෙහි වගකිවයුත්තා ද එනිසා ම ආරක්ෂකයා ද වූයේ නිතැතින් ම ය. මේ ගෞරවනීය ආකල්පය තායිලන්ත සම්ප‍්‍රදාය තුළ ද පවත්නා බව මහාචාර්යතුමා මැනවින් දනියි. තායි සම්ප‍්‍රදායේ භික්ෂුව හඳුනාගන්නේ ‘‘ලොම් පෝ’’ හෙවත් ගෞරවනීය පියාණන් වහන්සේ යනුවෙනි. පියා යනු පවුලේ ආරක්ෂකයා යන්න අවිවාදිත ඇත්ත ය. එහිදී පවුල යනුවෙන් මා අදහස් කලේ තායි ජාතිය යි.

ශ‍්‍රී ලංකා රාජ්‍ය විදේශ ආක‍්‍රමණයන්ට ගොදුරු වූ සෑම අවස්ථාවකම ජනතාව දිරි ගන්වා නායකයන් පවා නිර්මාණය කරගෙන විමුක්ති බළඇණි පෙරමුණට පැමිණෙව්වේ භික්ෂූන් වහන්සේ විසිනි. එහි ලා ගිණිය හැකි මහාවංශයෙහි ඇතුළත් තොරතුරු වාර්තා බෙහෙවි.

ක‍්‍රිස්තු පූර්ව යුගයේ සිටි කුපික්කලතිස්ස හිමියන් සේම මෑත යුරෝපා ආක‍්‍රමණ අවස්ථාවන්හි ඉදිරිපත්වූ වාරියපොල, කුඩාපොල ආදී මාහිමිවරු ද ජාතිය පරාධීන වන්නට ඉඩ නොතබා ජීවිත පරිත්‍යාගයෙන් ක‍්‍රියා කළ අයුරු දන්නෝ දනිති. එනිසාම කුල දේවතා හෝ මුර දේවතා යන ගෞරව අභිධානය නිතැතින් ම භික්ෂුව කෙරේ ආරෝපණය වන්නට විය. මේ සම්බන්ධයෙන්වූ වැදගත් නිදසුන් රැුසක්ම හෙළිදරව් වන්නේ ඉංග‍්‍රීසි පාලන සමයේ දී ය.

සිංහල ජන සමාජය අවි බලයෙන් පරාජයට පත් කිරීමට පවත්නා ප‍්‍රබලතම බාධාව වන්නේ භික්ෂූන් වහන්සේලාම ය යන්න බ‍්‍රවුන්රිග්, හෝටන් වැනි ආණ්ඩුකාරවරුන් විසින් බි‍්‍රතාන්‍ය යටත් විජිත භාර ලේකම්වරයාට යැවුනු ලිපි මගින් ඉතාම පැහැදිලි ය. එනිසා ම එතැන් පටන් අධිරාජ්‍යවාදීන් උපායමාර්ග හැදුවේ බෞද්ධ ගිහි පැවිදි සම්බන්ධය බිඳවීමට ය. ඒ සඳහා භික්ෂූන් අතරින් ද ගිහි පිරිස් අතරින් ද ද්‍රෝහීන් හා ගැත්තන් නිර්මාණය කෙරිණ. එදා මෙන් ම අදත් එවන් ගැත්තන් හා ද්‍රෝහීන් සිංහල බෞද්ධ භික්ෂුවගේ උදාර භූ මිකාව අවතක්සේරු කරමින් තම වහල් මෙහෙය ඉටු කරමින් සිටිති. මා සිතන පරිදි තමන් කරන දේ සහ එහි බරපතළකම ගැන නිසිි වැටහීමක් නැති පින්වතුන් රැුසක්ම ඒ අතර සිටිති. ප‍්‍රධාන වශයෙන් සුදු අධිරාජ්‍යවාදීන් විසින් අප අතර පැවති ගිහි පැවිදි සුහද සම්බන්ධතාව විනාශ කරලීම සඳහා ගන්නා ලද උපාය උපක‍්‍රම පිළිබඳ ප‍්‍රමාණාත්මක හා සංවේදී තොරතුරු රැුසක් ආචාර්ය වල්පොල රාහුල හිමිපාණන්ගේ ‘‘භික්ෂුවගේ උරුමය’’ කෘතියෙන් හා මහාචාර්ය විමලානන්ද තෙන්නකෝන් මහතුන්ගේ ‘‘උඩරට කැරැුල්ල’’ යන කෘතීන්ගෙන්ද දැනගත හැකිය. එසේම 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් සැපයුණු බුද්ධ ශාසන කොමිෂන් සභා වාර්තාවේ ද මෙහිලා වැදගත් තොරතුරු රැුසක් ඉදිරිපත් කර ඇති බව ද පාඨක පින්වතුන් වෙත කාරුණිකව දන්වමි.

‘‘රටක සංවර්ධනයට හේතු වන්නේ ඒ රටේ ජනතාවගේ සාමූහිකත්වය ය’’ යනුවෙන් මහාචාර්යතුමා දක්වන අදහස ඉතාමත් නිවැරදි ය. මේ කාරණය පිළිබඳ අප රටේ තත්ත්වය ගතහොත්, එකියන සාමූහිකත්වයට බාධාවක්ව පවත්නේ සිංහල මිනිසුන්ගේ සිංහල ජාතිකත්ව හැඟීම නොවේ. තම තමන්ගේ ජනවර්ග වෙනුවෙන් වෙනම නීති, වෙනම උසාවි, වෙනම ඇඳුම්, වෙනම පාසල්, වෙනම විවාහ ක‍්‍රම, මෙන් ම වෙනම බිම් කඩවල් ඉල්ලමින් භේදය පිණිස දිගින් දිගටම ක‍්‍රියා කරන්නෝ කවුරු ද ? තමන්ගේ ආගම පමණක් ම ශ්‍රේෂ්ඨ ය; අනෙක් ආගම් මෙලොවින් තුරන් කළ යුතුය යන ම්ලේච්ඡු වූ ආත්මාර්ථකාමී හැඟීමෙන් ක‍්‍රියා කරන්නෝ කවුරු ද? අනිත් ආගමිකයන් මරා දමා දෙව්ලොව ඉපදීමට ත‍්‍රස්තවාදී ක‍්‍රියා කරන්නෝ කවුරුද ? පින්වත් මහාචාර්යතුමා මේ ප‍්‍රශ්න වලට පිළිතුරු මැනවින් දනියි. එනිසා ඔබතුමා මේ වටිනා උපදේශනය සිංහල බෞද්ධයන්ට පමණක් නොව ඒ ඒ භේදකාරී ජනකොටස් වලට ද ලබාදෙන්නේ නම් මැනැවැ යි යෝජනා කරනු කැමැත්තෙමි.

ඔබතුමා උක්ත ලිපියෙහි සඳහන් කරන බෞද්ධ දාර්ශනික අදහස් පිළිබඳ අප හැමෝම එකඟ ය. සත්‍ය වශයෙන් ම බුදු දහමේ ආභාෂය ලබන සිංහල ජන සමාජය කිසිවිටෙකත් අනිත් ජනවර්ග වලට අහිතක්, අලාභයක් හෝ දුකක් අපේක්ෂා නොකරයි. ‘‘නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්‍ය’’ යන බුදු වදන එහිලා සක‍්‍රීය ය. රැුලක සිටිනා කළු බැටළුවා සේ ම අප අතර සිටිනා ආත්මාර්ථකාමී ඇතැම් පාපතර මිනිසුන්ගේ අගතිගාමී කි‍්‍රයාවන් සිංහල බෞද්ධ පොදු සමාජයට ආරෝපණය කර නොගන්නා ලෙස මෙහිලා සිහිපත් කරමි.

එතෙකුදු වුවත් මේ රටේ සිංහල බෞද්ධ ජනතාව ඉල්ලා සිටින්නේ ඉහත බුදු වදන තමන් වෙනුවෙන් ද ක‍්‍රියාත්මක කෙරෙන පරිදි කටයුතු කරන ලෙස ය. රාජ්‍ය බලයට පත්වන හැමෝගෙන්ම නිරතුරුවම ඉල්ලා සිටින්නේ රටට සමාජයට එකම නීතියක්, සාධාරණයක් ඉටු කරන ලෙස ය. සිංහල බෞද්ධයන්ගේ නායකකාරකාදීන් ද සිංහලකම හා බෞද්ධකම අමතක කර සුළු ජනවර්ග පිනවීමට ඔවුන්ට වරප‍්‍රසාද ලබා දෙන නිහීන ක‍්‍රමය නවතා, ‘‘අපට විශේෂයක් එපා, අපට සාධාරණය ලබාදෙන්න’’ යනුවෙන් සිංහල බෞද්ධයන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ කරුණු සහිතව ම ය.
ජාතිය, ආගම, ගෝත‍්‍රය, කුලය ආදී සංකල්ප දාර්ශනකිව නම් ප‍්‍රතික්ෂිප්ත ය. එහෙත් එය ප‍්‍රායෝගිකසමාජයේ හැමදාමත් ජීවමාන ය. එහි වරදක් නැත. ‘‘නානත්ත කායා නානත්ත සංඥා’’ යන්නෙන්ද එම විවිධත්වය පිළිගැනී ඇත.

තම පරපුර සම්බන්ධයෙන් යම් අභිමානයක් ඇති කර ගැනීම වරදක් නොවේ. වරද වන්නේ තමන් ශ්‍රේෂ්ඨ යැයි පවසමින් අනුන්ට තාඩන පීඩන කිරීම ය. එහිලා කුලය, වංශය පමණක් නොව ආගමිකත්වය ද උපයෝගී වෙයි. තම කුලය හෝ වංශය හෝ ආගම පමණක් ශ්‍රේෂ්ඨ කොට සලකා අන්‍යයන් ගැරහීම හෝ ප‍්‍රතික්ෂේප කිරීම හින්දු, ඉස්ලාම් හා ක‍්‍රිස්තියානි සම්ප‍්‍රදායන්හි මැනවින් ක‍්‍රියාත්මක ය. එහෙත් එවැනි පාච්චල් කිරීම් සිංහල බෞද්ධයන් අතර නැත.

බුදුරජාණන් වහන්සේ ද කුල හා වංශ ක‍්‍රමය පිළිගත්හ. උන්වහන්සේ සිදු කළේ කුල හා වංශ සම්බන්ධයෙන් එතෙක් පැවති සංකල්පය බැහැර කොට නව අර්ථකථනයක් කිරීම පමණකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress