දින 10න් ඇඳන් 10000ක් ව්‍යාපෘතිය සම්පුර්ණ කරයි
Posted on May 16th, 2021

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය

කොවිඩ් රෝගීන්ට පිහිට වීම සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව රට පුරා ක්‍රියාත්මක වූ දින 10න් ඇඳන් 10000ක් ව්‍යාපෘතිය අද (16) දිනයේ සම්පූර්ණ කිරීමට ඊට ස්වෙච්ඡාවෙන් සම්බන්ධවූ තරුණ තරුණියෝ සමත්වූහ.

ව්‍යාපෘතියේ ඉලක්ක සපුරාලීමට ජාතික තරුණ සේවා සභාව හා ජාතික යොවුන් සේනාංකය පෙරමුණ ගත් අතර ඊට රාජ්‍ය ආයතන හා විවිධ ස්වෙච්ඡා සංවිධාන පුළුල් දායකත්වයක් ලබා දුන්නේය.

දින 10න් ඇඳන් 10000ක් ව්‍යාපෘතිය පසුගිය 07 වැනිදා ආරම්භ වූ අතර අද වනවිට එම ඉලක්කය පසුකර යමින් අලුතින් ඇඳන් 16000ක් පමණ සකස් කිරීමට සමත් වී තිබේ.

ඇඳන් සකස් කිරීම කොවිඩ් වයිරසය සඳහා ප්‍රතිකාරයක්දැයි ඇතමෙක් ප්‍රශ්න කළ අතර තරුණ තරුණියෝ මෙම ජාතික සද් කාර්යයට ස්වෙච්ඡාවෙන් සම්බන්ධ වූයේ පක්ෂ පාට භේද නොමැතිව මෙම වසංගතයෙන් පීඩා විඳින ජනතාවට පහසුකම් සැපයීම වෙනුවෙනි.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ව්‍යාපෘතිය ඔස්සේ බොහෝ රෝහල්වල අලුත් වැඩියා කටයුතු සඳහා ද තරුණ තරුණියන් යොමු වී ඇති අතර පහසුකම් සහිත අතිරේක වාට්ටු සංකීර්ණ 13ක් අලුතින් රෝහල්වලට එක් වී තිබේ.

ඇඳන් ඉලක්කය සම්පූර්ණ කළ ද මෙම සද් කාර්යය අඛන්ඩව පවත්වාගෙන යන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා රටපුරා විසිරී සිටින මනුසත්කම පෙරදැරිකරගත් තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටියි.

මාධ්‍ය ඒකකය

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress