දේශීය වෛද්‍ය ප්‍රතිකාර මගින් ප්‍රතිශක්තිය ගොඩනගාගෙන සිටීමෙන් එන්නත නොගත්ත අයට වෙනස්කම් කිරීමට එරෙහිව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂට, හමුදාපතිට, පොලිස්පතිට, නීති කෙටුම්පත් සම්පාදකට, රජයේ මුද්‍රණලාධිපතිට සහ නීතිපතිට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි
Posted on August 15th, 2021

වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීතිඅධ්‍යයන වැඩසටහන

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
HRCSL – ප්‍රධාන කාර්යාලය,
අංක 14,
ආර්. ඒ. ද මෙල් මාවත
කොළඹ 4.
sechrcsl@gmail.com

ගරු ලේකම්,

ප්‍රතිශක්තිය ආශ්‍රිත රෝග සඳහා දේශීය වෛද්‍ය ප්‍රතිකාර හෝ වැළැක්වීමේ මාර්ග ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කරද්දී කෝවිඩ් එන්නත ලබා නොගන්නා අයට වෙනස්කම් කිරීමේ/ බලහත්කාරකම් කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම / තැත්කිරීම සම්බන්ධවයි.

1.) කෝවිඩ් එන්නත් සාමාන්‍ය භාවිතය සඳහා නිර්දේශ කර නැති අතර අත්හදා බැලීමේ පරීක්ෂණ තත්ත්වයේ පවතින අතර ලෝකයේ රටවල් අතර එකගතාවයක්ද නැත.

2.) කෝවිඩ් එන්නත ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට දායකවන බව දක්වා තිබෙනවා මිස රෝගය වැළදීමෙන් ආරක්ෂා කරන්නේ හෝ වෛරස විනාශ කරන්නේ නැත.

3.) ප්‍රතිශක්තියට බලපාන රෝග වලට දේශීය වෛද්‍ය ප්‍රතිකාර හෝ වැළැක්වීමේ මාර්ග දේශීය වෛද්‍ය ක්‍රමවල ඇති බව වෛද්‍යවරුන් ප්‍රසිද්ධියේ කරුණු දක්වා ඇත.

4.) ප්‍රතිශක්තිය අඩු කරන ආහාර සහ ඖෂධ ගන්නා අය ආරක්ෂා කිරීම සඳහා සීමා කිරීම් හෝ ඔවුන්ගෙන් අන් අයට වෛරස පැතිරීම වැළැක්වීමට සීමා පනවා නැත.

5.) එසේ තිබියදී සෞඛ්‍ය අමාත්‍යාංශය, පොලීසිය, හමුදාව එක් වී සාමාන්‍ය භාවිතය සඳහා අනුමත නොකළ එන්නත් බලහත්කාරයෙන් එන්නත් කරවීමට සහ එන්නත් විදීම ප්‍රතික්ෂේප කරන අයට වෙනස්කම් කිරීමට/ බලහත්කාරය පෑමට සූදානම් වේ.

6) නිරෝධායන රෙගුලාසි නිකුත් කිරීමට 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 53 ව්‍යවස්ථාව යටතේ පත් වූ සෞඛ්‍ය ඇමතිවරයෙකු මේ දක්වා පත් කර නැති තත්ත්වයක සහ ආයුර්වේද පනත ක්‍රියාත්මක වෙද්දී සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව
කෝවිඩ් එන්නත ලබා නොගන්නා අයට වෙනස්කම් කිරීම / බලහත්කාරය පෑම / තැත්කිරීම වැරදි වේ.

7) ප්‍රතිශක්තියට අදාල රෝග සඳහා දේශීය වෛද්‍ය ප්‍රතිකාර හෝ වැළැක්වීමේ මාර්ග තෝරා ගන්නා තැනැත්තන් ඉන් වැළැක්වීම දණ්ඩ නීති සංග්‍රහයේ 261, 289, 298 වගන්ති යටතේද වැරදි වේ.

8) තමන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට දේශීය ක්‍රම භාවිතා කරන තැනැත්තන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ වෙනත් නීති මගින් සළසා ඇති රැකවරණය අහිමි නොකරන ලෙසත්, මූලික අයිතිවාසිකම් අහිමි කරන / තැත්කරන පහත සඳහන් අය කැදවා පරීක්ෂා කර ඔවුන් ඉන් වළක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 12, 13.1,14.1.ඉ, ඊ, උ, ඌ යටතේ වන මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටිමි.

9) මෙම පැමිණිල්ල විභාග කරන අවස්ථාවේ සාක්ෂිකරුවන් සහ ලේඛන ඉදිරිපත් කරමි.

වගඋත්තරකරුවන්

අ) 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව පත් වූ සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය
postmaster@health.gov.lk

ආ) ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශය. postmaster@health.gov.lk

ඇ) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා
postmaster@health.gov.lk

ඈ) හමුදාපති ශවින්ද්‍ර සිල්වා මහතා info@army.lk

ඉ) පොලිස්පති, සී. ඩී. වික්‍රමරත්න මහතා
igp@pilice.lk

ඊ) නීති කෙටුම්පත් සම්පාදක – info@ld.gov.lk

උ) රජයේ මුද්‍රණාලයාධිපති deptonline.govtpres@gmail.com

ඌ) නීතිපති
administration@attorneygeneral.gov.lk

වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීතිඅධ්‍යයන වැඩසටහන,
0712063394, 0786016161

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress