සිංහලෙන් ලේඛන ඉල්ලූ නඩුවට අවසර නොදී අගවිනිසුරු විනිසුරු අසුනෙන් බැස යන විට සෙන්කෝලය ඉවත් කර ගැනීමට නොහැකි වීමේ විශේෂ සිදුවීමක්….
Posted on August 16th, 2021

වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීතිඅධ්‍යයන වැඩසටහන,

විනිසුරුවරුන්ට එරෙහිව පැමිණිලි කළහොත් තමන්ට එරෙහිවත් පැමිණිලි කරන්න පුලුවන්…
ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ලේඛන සිංහල භාෂාවෙන් ඉල්ලූ නඩුවේදී අගවිනිසුරු කියයි…!

එදින ශ්‍රේෂ්ඨාධිකරණ සෙංකෝලය ඉවත් කරගැනීමට නොහැකිව ආධාරකවලට ඇලී පැවතීම විශේෂ සිදුවීමක්….

දිසා අධිකරණයට ඉදිරිපත් කළ ලිඛිත දේශනයේ ඉංග්‍රීසි භාෂාවෙන් තිබූ පෞද්ගලික ලේඛන ඇතුලු ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ලේඛන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.2, 24.3, 24.5 සහ 125 ව්‍යවස්ථා යටතේ සිංහල භාෂාවෙන් ඉල්ලා සහ ලිඛිත දේශන අවස්ථාගත තත්ත්වය අනුව නඩු වාර්තාවේ කොටසක් විය යුතු බවට පෙත්සම්කරුවෙකු ගොනු කර තිබූ විශේෂ අභියාචනා අවසර ඉල්ලේමේ පෙත්සමක් 2021.08.10 දින ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 502 ශාලාවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර විනිසුරුවරු ඉදිරියේ කැදවන ලදී.

දිසා අධිකරණ නඩුවේ විනිසුරුවරුන් දෙදෙනෙකුට සහ සිවිල් අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් දෙදෙනෙකුට එරෙහිව විත්තිකරු විසින් අධිකරණ සේවා කොමිසමට, ජනාධිපතිට පැමිණිලි කර ඇති බව වගඋත්‍තරකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන් අතර ඒ සම්බන්ධයෙන් පෙත්සම්කරු කරුණු පැහැදිලි කළ අවස්ථාවේ විනිසුරුවරුන්ට එරෙහිව පැමිණිලි කළහොත් තමන්ට එරෙහිවත් පැමිණිලි කරන්න පුලුවන් යැයි අගවිනිසුරුවරයා පෙත්සම්කරුට දන්වා සිටියේය.

දෙපාර්ශවයේ කරුණුවලට සවන් දී දිසා අධිකරණයට ඉදිරිපත් කළ ලිඛිත දේශනයේ ඉංග්‍රීසි භාෂාවෙන් තිබූ පෞද්ගලික ලේඛන ඇතුලු ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ලේඛන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.2, 24.3, 24.5 සහ 125 ව්‍යවස්ථා යටතේ සිංහල භාෂාවෙන් ඉල්ලීමේ සහ ලිඛිත දේශන අවස්ථාගත තත්ත්වය අනුව නඩු වාර්තාවේ කොටසක් විය යුතු බවට පෙත්සම්කරු ගොනු කර තිබූ විශේෂ අභියාචනා අවසර ඉල්ලේමේ පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කිරීමට විනිසුරුවරු තීරණය කළේය.

එම නඩුව විමසා අවසන් කිරීමෙන් පසු විනිසුරුවරු අධිකරණ ශාලාවෙන් ඉවත්ව යාමට සූදානම් වූ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණ සෙංකෝලය ඉවත් කරගැනීමට නොහැකිව ආධාරකවලට ඇලී පැවතීම නිසා විනාඩි කිහිපයක් විනිසුරුවරුන්ට විනිශ්චයාසනය ආසන්නයේ රැදී සිටීමට සිදුවීම විශේෂ සිදුවීමකි. මාධ්‍ය අංශය,

One Response to “සිංහලෙන් ලේඛන ඉල්ලූ නඩුවට අවසර නොදී අගවිනිසුරු විනිසුරු අසුනෙන් බැස යන විට සෙන්කෝලය ඉවත් කර ගැනීමට නොහැකි වීමේ විශේෂ සිදුවීමක්….”

  1. Ratanapala Says:

    රටේ රාජ්‍ය භාෂාව සිංහල බවට පත්වුයේ 1956 දීය. එතාක් කාලයක් සිට තවමත් රටේ නීති පද්ධතිය සිංහලයට ගේන්නට නොහැකි වීම ජාතික අපරාධයකි. මේ තත්වයට අධිකරණ අමාත්‍යංශය සහ අධිකරණය වග කිව යුතුය. මේ තත්වයේ වර්තමාන අයිතිකරුවන් වන්නේ අධිකරණ අමති සහ අග විනිසුරුය. මොවුන් තවමත් කරමින් සිටින්නේ ඉංග්‍රීසි භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ කාර්යයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress