පොහොර ගැසට් රිවස් කලා කියලා දැන් දාන්න දෙයක් තියෙනවාද? ගේන්න දෙයක් තියෙනවාද?
Posted on November 25th, 2021

තිසර සමල් – අනුරාධපුර 

පොහොර ගැසට් රිවස් කලා කියලා දැන් දාන්න දෙයක් තියෙනවාද? ගේන්න දෙයක් තියෙනවාද? අපි දැන් වගාව පටන් අරගෙන ඉන්නේ,අපිට දැන් හරි හෝ වැරදි මේ වැඩේ කරමු, පුලුවන් තරම් උත්සහ කරමු, ගන්න පුලුවන් ආදායමක් අපි මේ වගාවෙන් ගමු.එහෙම කරලා අපි ආණ්ඩුවට කියමු දැන් හරි බලලා පාඩුවක් වුණොත් වෙච්ච පාඩුව බලලා අපිට සාධාරණයක් කරන්නඅපි වගා කරලා හොඳ අස්වැන්නක් ගත්තොත් නේද රටටම බෙදන්න පුලුවන්කම තියෙන්නේ.ඒ නිසා දැන් සියලු තරහා මරහා පැත්තකින් තියලා රටේ මිනිස්සු ගැන හිතලා මේ අභියෝගය භාරගමු.කොහොම හරි මේ අභියෝගයෙන් ඉස්සරහට යමු යැයි රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා මෙරට සමස්ථ ගොවීන්ගෙන් ඉල්ලීමක් කරනු ලැබීය.;

ඒ මහතා මේ ඉල්ලීම සිදු කරනු ලැබුවේ අනුරාධපුරයේ පැවති ගොවි හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

අද සියලුම ගොවියෝ අසතුටින් ඉන්නේ, රජයේ සේවකයොන්ට නම් මාසේ පඩිය හම්බෙනවා, කොරෝනා තිබ්බත් නැතත් පහුගිය අවුරුදු 1 ½ ත් වැඩ කරත්, නොකරත් පඩි ලැබුණා, ව්‍යාපාරිකයොන්ටත් ව්‍යාපාර කරගෙන කීයක් හරි හොයාගන්න පුලුවන්.හැබැයි අපේ ගොවි මහත්වරුන්ට පුරුදු විදිහට හරි, අලුත් ක්‍රමයට හරි නිසි වෙලාවට වගා කරලා අස්වැන්න ලැබුනේ නැත්නම් අවුරුදු කන්නේ කොහොමද කියලා නේද කල්පනා කරන්නේ ? ඒ අස්වැන්න විකුණගෙන හම්බෙන ගානෙන් නේද මාස ගාණක් ජීවත් වෙන්නේ ? තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙන්න පුලුවන්, කන-බොන එක වෙන්න පුලුවන්, ටියුෂන් පන්ති ගාස්තු ගෙවන එක වෙන්න පුලුවන්, ඇඳුමක් කැඩුමක් ගන්න එක වෙන්න පුලුවන් මේ වෙනුවෙන් තමයි ගොවියෝ ආණ්ඩුවේ වැඩපිළිවෙල පිළිබඳව යම්කිසි කණස්සල්ලකින් ඉන්නේ.

එදා තිබුණ ක්‍රමවේදය වෙනස් කරනවා නම් දෙනවයි කිව්ව වෙලාවට දුන්නා නම් ගොවියන්ට සැකයක් තියෙනවාද? ඇයි මේ සැකය ආවේ, රෑට ටීවි එක බලනකොට දෙනවා කියලා කියනවා, තියෙනවා කියලා කියනවා,  හැබැයි ඩී.ඕ නෝනා ගාවට ගියපුවහම, කෘ.ප.නි.ස ගාවට ගියපුවහම, කෘෂිකර්ම නිළධාරියෙක් හම්බෙන්න ගියපුවහම මොනවද කියන්නේ, අනේ තාම අපිට කියලා නෑ,අපිත් දන්නේ නෑ තාම මේක කොහොමද වෙන්නේ කියලා.මේක නේද ගොවියන්ට සැනසෙන්න බැරිව උදැල්ලත් කරේ තියාගෙන පාරට එන්න, බෝඩ් එකක් උස්ස ගන්න වෙන පක්ෂයක මිනිහෙක්ට ඇවිල්ලා අපේ ගොවියෝ ටික දැලේ දාගන්න වෙලා තියෙන්නේ ඇයි? අපි මේක හරියට කරපු නැති නිසයි.අපි ක්‍රමය හදා ගත්තේ නැති නිසයි.කාබනික ගොවිතැනට අපි කවුරුත් අකමැති නෑ,අපි හැමෝම කැමතියි.

විශේෂයෙන්ම වකුගඩු රෝගය හැදෙන්නේ රසායනික පොහොර නිසා කියලා කියනවා නම් රසායනික පොහොර නැතිව කාබනික පොහොර වලින් මේ ආදායම ලබාගන්න පුලුවන් කියලා කියනවා නම් වැඩියෙන්ම සතුටු වෙන්නේ රජරට ජනතාව. වැඩියෙන්ම මැරෙන්නේ අපි නම්, රසායනික පොහොර භාවිතා නොකිරීමත් එක්ක අපේ ජීවිත සුරක්ෂිත වෙනවා නම් ඔය දොස්තර මහත්වරු කියන විදිහට, එහෙනම් වැඩියෙන්ම සතුටු වෙන්නේ අපි,එහෙම නම් අපිට තියෙන ගැටලුව මොකක්ද? අපිට තියෙන ගැටලුව කාබනික පොහොර වලට විරුද්ධ වීම නෙමෙයි, කාබනික හරි වෙන්න පුලුවන් රසායනික හරි වෙන්න පුලුවන් මේකට ආදේශකයක් දෙන එක හරි වෙලාවට දෙනවා නම්, ඒක අපිට උත්සහ කරලා බලන්න වුණත් සූදානම්, අස්වැන්න අඩු වුණොත් වන්දිය ආණ්ඩුවෙන් ගෙවනවා කියලා විශ්වාස කරනවා නම් අපේ ගොවියන්ට භය හිතෙන්නේ නෑ නේද? එහෙම නම් මේ භය වෙලා තියෙන්නේ මොකටද? ආණ්ඩුවේ වැඩපිළිවෙල අපිට හරියට කියාගන්න බැරි වෙලා තියෙනවා.

හැබැයි අපි බලාගෙන ඉන්නවා අර කියන නැනෝ යූරියා ටික එනකල්, ඒකත් මේ මාසේ 30 වෙනකොටවත් අනුරාධපුරයේ අපේ වී ගොවිතැනට ලැබුනේ නැත්නම් අපි ඉන්නේ ලොකු අමාරුවක.මම දැන් කීපවිටක්ම කිව්වා අපිට මේක 30 වැනිදාට කලින් ගෙනත් දුන්නේ නැත්නම් අපේ ගොවියෝ අමාරුවේ වැටෙනවා කියලා.කෘෂිකර්ම අමාත්‍යංශය ඒ සඳහා උත්සහ කරනවා.හැබැයි අපි කණගාටු වෙනවා මුලින් සැලසුම් කරලා කිව්ව විදිහට වෙලාවට ගෙනත් දෙන්න බැරි වෙච්ච එක ගැන ආණ්ඩුවක් විදිහට අපි කණගාටු විය යුතුයි.

හැබැයි දැන් මේක රිවස් කලා කියලා දාන්න දෙයක් තියෙනවාද? ගේන්න දෙයක් තියෙනවාද? අපි දැන් වගාව පටන් අරගෙන ඉන්නේ,අපිට දැන් හරි හෝ වැරදි මේ වැඩේ කරමු, පුලුවන් තරම් උත්සහ කරමු, ගන්න පුලුවන් ආදායමක් අපි මේ වගාවෙන් ගමු.එහෙම කරලා අපි ආණ්ඩුවට කියමු දැන් හරි බලලා පාඩුවක් වුණොත් වෙච්ච පාඩුව බලලා අපිට සාධාරණයක් කරන්න.අපි ඉදිරියේදී කරන්න ඕන රසායනික වගාව එක පාරින් මේ වගේ වෙනස් කරලා කරනවාද? එහෙම නැත්නම් අදියරෙන් අදියර අපි මේක කරනවාද?  භෝගයෙන්-භෝගයට මේක කරනවාද? දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට මේක කරනවාද? එහෙම ක්‍රමයක් අපිට හදලා දෙන්න කියන පණිවිඩය අපි කියමු.හැබැයි දැන් යන්න ආපස්සක් නෑ,ඒ නිසා දැන් මේක කාගෙන හරි යන්න වෙනවා.හරි හෝ වැරදි, ලාභ හෝ පාඩු. අපි ආණ්ඩුව විශ්වාස කරමු, දෙන එක වෙලාවට දෙයි, අස්වැන්න අඩු වුණොත් වන්දියත් අපිට දෙයි, මේ ගැන විශ්වාස කරලා සියලු ගොවි මහත්වරු පුලුවන් මට්ටමින් වගා කරමු.

එහෙම නැති වුණොත් මොකද වෙන්නේ, දැන් උඩරට එළවලු ටික පල්ලෙහාට ආවේ නැති වුණොත් මොකද වෙන්නේ? බඩු අඩු වෙනවා- ගණන් වැඩි වෙනවා. නගර වල මිනිස්සුන්ට කොහෙන්ද කන්න වෙන්නේ, අපි වැව්වොත් නේද කන්න වෙන්නේ,අපි වගා කරලා හොඳ අස්වැන්නක් ගත්තොත් නේද රටටම බෙදන්න පුලුවන්කම තියෙන්නේ.ඒ නිසා දැන් සියලු තරහා මරහා පැත්තකින් තියලා රටේ මිනිස්සු ගැන හිතලා මේ අභියෝගය භාරගමු.කොහොම හරි මේ අභියෝගයෙන් ඉස්සරහට යමු, කොහොම හරි මේක කරමු, තමන් වෙනුවෙන් නෙමෙයි.මං අහගෙන සමහර ගොවි මහත්වරු ටී.වී එකේ කියනවා කන්න ටිකක් හදා ගන්නවා කියලා.කන්න ටිකක් හදාගත්තොත් ඒ ගොවි මහත්තයා කයි.හැබැයි රටේ අනික් මිනිස්සුන්ට කවන්නෙත් අපියි.ඒ නිසා මේ අභියෝගය අමාරු බව ඇත්ත, මේ අභියෝගය ජීවිතයත් මරණයත් අතර සටනක් වගේ වෙන්නත් පුලුවන්, හැබැයි රට වෙනුවෙන්  ඒකත් භාර ගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා යැයි පැවසීය.

මෙම අවස්ථාවට ගොවි නායකයින් හා ගොවි ගෙවිලියන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress