මාලිමා ආණ්ඩුවත් රනිල් යන වැල් පාලමේ IMF සමග ඉදිරියට යනවා..- අනුර
Posted on May 7th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

දැනට ක්‍රියාත්මක ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සිදුවන වැඩපිළිවෙළ ඔස්සේම ඉදිරි ජාතික ජනබලවේග පාලනයකදීද ඉදිරියට යාමට සිදුවන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනී නාලිකාවේ පැවැති 360 වැඩසටහන සමග එක්වෙමිනි.

‘අපි ආණ්ඩුවක් ගන්න මොහොතේදී මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙලා නැත්නම් අපි සාධාරණ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා අපි මැදිහත් විය යුතුයි.

රනිල් වික්‍රමසිංහ මහතා කිව්වනං අපි අර වැල් පාලමක ගියා කියලා අපි දැන් වෙල් පාලමේ මැද ඉන්නේ. මේකෙම තමයි අපි ටික දුරක් ඉස්සරහට යන්න වෙන්නේ.

මේ ප්‍රතිව්‍යුහගතකරණය නැතුව මෙතනින් යන්න බෑ’

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress