චානක බණ්ඩාරගේ
රටේ ආර්ථිකයට මරුම මරු පහරකි දැවැන්ත ට්‍රැෆික් ප්රශ්නය. මිනිසුන්ගේ වැයවෙන කාලය, නිරපරාදේ දහනය වන ඉන්ධන පමණක් නොවේ මිනිසුන්ගේ මානසිකත්වය පවා එය නිසා පිරිහේ. සංචාරකයෝ/ආයෝජකයෝ ඒමද අඩු විය හැකියි.
පැය ගණන් කාර්/බස් ඇතුලේ ට්‍රැෆික් එකට හිරවී තම වටිනා කාලය නිරපරාදේ වැය කර ගන්නේ මේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ කර්තව්‍යට කෙලින්ම උරදී සිටින රටේ වැඩ කරන ජනතාවයි.
එනම්, ට්‍රැෆික් නිසා වන පලදායීතාවයේ පිරිහීම රටේ ආර්ථික උන්නතියට ඍජු පහරකි.
සතියේ දිනවල බොරැල්ල හන්දියේ තද ට්‍රැෆික් එකට විනාඩි 10 හෝ ඊට වැඩි වෙලාවක් හසුවෙනවාමයි.
ට්‍රැෆික් තද වූ විට පෙව්මන්ට් උඩින් මෝටර් සයිකල් පැදවීම අද සාමාන්‍ය දෙයක් වී ඇත. මෙය පොලීසියද ගණන් නොගනී. මෙයින් පදික වේදිකාවේ ගමන් කරන්නාගේ ජීවිතය තදබල අනතුරේය.
අද පාපැදියකින් (පුෂ් බයිසිකලයක්) මහා පාරේ පැද ගෙන යනවා කියනුයේ නිසැකයෙන්ම මරුවාට අත වැනීමකි. එදා පාරවල් පුරා පාපැදි පිරී තිබුණි. අද දියුණු රටවල තත්ත්වය නම් මෙයයි. ඒ රටවල නගර ඇතුලේ මිනිස්සු පාපැදි පාවිච්චි කරත්; ඒ සඳහා වෙනම මාර්ග සාදා තිබේ.
පොදුවේ ගත් කල ශ්‍රී ලංකාවේ පාරවල් ඉතා පටුය. මේ පාරවල් පළල් කිරීම, මාර්ග පද්ධතිය දික් කිරීම, නව පාරවල් හැදීම, ගුවන් පාලම් වැනි බොහෝ දේ අපි කර ඇතත් ට්‍රැෆික් තදබදය නම් අඩුවී නැත.
සුද්දා ගොස් දැන් අවුරුදු 80කට ආසන්නයි. පාරවල්වල දුවන රථ සංඛ්‍යාව නම් සුද්දා ගියාට පසු දස දහස් ගුණයකින් වැඩි වී ඇතත් රටේ පාරවල තත්ත්වය දස දහස් ගුණයකින් කෙසේ වෙතත් සිය ගුණයකින් වත් වැඩි දියුණු වී නැත.
ලොකු බස් අප රටේ ඉතා පටු පාරවලට කොහෙත්ම ඔරොත්තු නොදේ. බොහෝ පාරවල බස් දෙකක් මාරු වෙන්නේ නූලක වැනි ඉඩක් තබා. වාහන අනතුරුවලට හොඳම අවස්ථාවක්.
දියුණු රටවල මෙවැනි දේට ඉඩ නොදේ.
ලොකු බස් අනතුරක් සිදු වූ විට තුවාල වෙන්නේ හෝ මැරෙන්නේ පොඩි වාහනේ යන අය සහ පාරේ ගමන් කරන්නන්.
ලොකු බස් රියදුරන් නිතර මුළු පාරම අල්ලා ගනිමින්, කන් අඩි පැලෙන හෝන් ගසමින්, බසය තුල අනවශ්‍ය සින්දු අධික ශබ්ධයෙන් වාදනය කරමින්, සිතු සිතු තැන නතර කරමින් අපට කෝචෝක් කරමින් බස් එලවන්නේ අනතුරක් වුවත් ඔවුනට වන ශරීර හානිය ඉතා අවම බව දන්නා නිසයි.
ලොකු බස් මහජනයා විශාල ලෙස ගැවසෙන පටු මාර්ගවල අධික වේගයෙන් යයි. බොහෝවිට ත්‍රි විලර්ස්/පොඩි ඇල්ටෝ වගේ වාහන කුඩු පට්ටම් වෙලා යාමට මේක හේතුවක්.
එදා පොඩි බස් නම් දීවේ නම් (මගී 26, 35, 42 වැනි) ගැරඬි ඇල්ල (මැයි 2025), ගිය සතියේ වූ රවාණා ඇල්ල අති බිහිසුණු බස් අනතුරු සිදු නොවනු ඇත. විශාල මගීන් සංඛ්‍යාවක් මිය ගියහ.
බහුතරය බස් වලින් ගමන් කරන අපේ ශ්‍රී ලංකාවේ බස් මගී ප්‍රවාහනය සඳහා රජය විසින් යොදවා ඇති බස් ප්‍රමාණය ඉතා අල්පයි – ඇත්තෙන්ම මෙය ආපස්සට ගමන් කිරීමක්.
සාඩින් වගේ පිරිච්ච බස් එකක හිටගෙන යන මඟින් හිතනවා ඇති අනේ මේ මම පෙර ආත්මේ කල පවක්ද විඳින්නේ කියලා.
බස් මගී ප්‍රවාහනය වැනි අති වැදගත් කර්තව්‍යයක මුලික වගකීම පෞද්ගලික අංශයට පවරා ආණ්ඩුව හාන්සි පුටුවට වී බලා නොසිටිය යුතුයි. පුද්ගලික අංශයේ මුලික අරමුණ උපරිම ලාභ ලැබීමයි. රජය වැඩි බර කරට ගත යුතුවාක් පමණක් නොව මගී හිතකාමී ප්‍රතිපත්තියක් උඩ වැඩ කල යුතුයි.
රාත්‍රී 8න් වීතර පසු මේ රටේ බස් ධාවනයක් (දුර ගමන් සේවා නොවේ) නැති තරම්ය. අඩුව පුරවන්න ත්‍රී විල් හොඳ සේවයක් කරයි, ඒත් කීදෙනාටද ඒවාට ගෙවීමට මුදල් තිබෙන්නේ?
යු ටියුබ් කරුවන් කෑ ගැසුවාට, 155 බස් සේවය රජය විසින් පසුගියදා නැවත පිහිටු වීම ඉතාම හොඳ දෙයකි. අනෙක් අභාවයට ගිය බස් මාර්ගද නැවත ස්ථාපිත කළ යුතුයි.
එදා, රාත්‍රී 930 චිත්‍රපටය බලා අවසන් වූ විට පවා ගෙදර යාමට බස් තිබුනි – CTB පමණක් තිබුණු කාලේ – 1980 පෙර.
JRගේ පුද්ගලික බස් හඳුන්වා දීම (1978) MH මොහොමඩ් සමඟින් CTB මුළුමනින්ම වාගේ මරා දැමිය.
අක්කර සිය ගණනක් විශාල වූ, බස් දහස් ගණනක් තිබු වේරහැර CTB ඩිපෝව අද කෝ?
හිටපු හොඳ ලංගම සභාපතිවරයෙකි – අනිල් මුණසිංහ. ඔහු බස් රථවල ගමන් කළේය.
අද මගී ප්‍රවාහන ප්‍රතිපත්තියට මුල් තැන දෙන බවට පෙනෙන්නේ බස් මගියා සුරක්ෂිත කිරීම වෙනුවට ප්‍රය්වට් බස් හිමියා සුරක්ෂිත කිරීමටය කියා පෙනේ.
පෞද්ගලික බස් මඟී කාල සටහන් සාදන විට ඒ අය හදන්නේ සෑම බස් එකක්ම පුරවන විදියේ කාල සටහන්. මේ කාල සටහන් හදන විට බස් මඟී සමිතිද එකතු කරගත යුතුයි.
ලොකු බස් භාවිතයේ අවාසිය නම් බස් එකම ලෝඩ් වෙනකම් ඔවුන් තැනින් තැන නවතා සිටීමයි. ගමන පටන් ගත්තාට පසු තැන තැන නවත්වාගෙන සිට – එක ‘කෑල්ලක්’ හරි වැඩියෙන් දා ගැනීමට බලයි. මෙයට බස් මගීන් කියන්නේ කොටනවා කියායි.
තමන් පිටි පස්සෙන් බස් එකක් එනවා දැක්කහම තමා කොටන බස් එක අද්දලා යන්නේ.
මට්ටක්කුලිය බලා යන 178 පුද්ගලික බසයක් කොස්ගස්හන්දියේ විනාඩි 20ක් නතරකර ඉඳ ඇත. ඒ බසයේ සිටි මගීන්ගේ මානසිකත්වය කෙසේ තිබෙන්න ඇද්ද? අද්දා තිබෙන්නේ ලංගම බස් එකක් පිටු පසින් නැවත වූ නිසයි.
මේවා ‘මොනිටර්’ කිරීමට කිසිවෙක් නැත. අඩුම තරමින් මගීන්ට ක්ෂණයකව පැමිණිලි කිරීමට ඒ සඳහාම වෙන්වූ හොට් ලයින් නොම්බරයක් වත් නැත. මගීන්ට SMS පණිවුඩයක් මඟින් බලධාරීන්ට එවලේම දැනුම් දිය හැකියි. – බසය තුල වන අකටයුතු.
එසේ තිබුනා නම්, මගී ප්‍රවාහන අධිකාරියට එවලේම බස් රියදුරු ඇමතිය හැකියි. ගැරඬි ඇල්ල, රවාණා ඇල්ල යළි මතක් වේ.
සමහර තැන්වල විනාඩි 15 – 20 මෙන් නවතා (කොටලා), හැකි තරම් බසයට නංවා ගැනීමයි පුද්ගලික බස් හිමියාගේ ඒකායන පරමාර්ථය. මේ නිසා හදිසි ගමනාන්තයක් සඳහා බසයට ගොඩ වන්න්නාට එය ඉටු කර ගැනීමට හැකි වන්නේ නැහැ.
සියළු බස් කාළ සටහනකට දිවිය යුතුයි.
මේ ප්‍රශ්ණ විසඳීමට කිසිම ප්‍රවාහන ඇමතිවරයෙකුට ඒකායන උවමනාවක් තිබුනේ නැත. ඔවුන් බොහෝ බස්/දුම්රිය ප්‍රශ්ණ හඳුනා ගත්තේද නැත.
ප්‍රවාහන අමාත්‍යාංශයේ වැඩ ඉතා අසතුටුදායකයයි කියන්නේ මෙවැනි හේතු නිසයි.
කිසිදා හොඳට වැඩක් කරන්න පුළුවන් දක්ෂයෙකුට ප්‍රවාහන ඇමතිකම ලැබී නැත. විද්‍යාරත්න, වි හේරත්, හේවගේ, නාමල් කරුණාරත්න, ව සමරසිංහ වැනි ප්‍රායෝගිකත්වය පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කෙනෙකුට මේ අමාත්‍යාංශය භාර දිය යුතුයි, නියම ලෙස දියුණු කිරීමට නම්.
පිටරටින් ආ බඩු බොහෝ විට කොළඹ වරාය අංගනයකදී සොරකම් කළේය යන්න පිළිබඳව හදිසි තත්ත්වයක් යටතේ සාකච්චා කිරීමට ඉඩ ප්‍රස්ථාවක් ලබා නොදෙන, හමුවී සාකච්චා කිරීම පිණිස කරන ලද ඉල්ලීම්වලට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන, ටෙලිෆෝනයටවත් නොඑන දැන් සිටින වරාය ලොක්කාගෙන් ඇති පලය කීම? පොල් පිත්තක් වරායේ සභාපති කරලා දැම්මා නම් මීට වඩා හොඳය.
ලොකු බස්, පොඩි බස් සම්මිශ්‍රණය කර මාර්ගයට දැමිය යුතුයි, එවිට බස් මගියාට වාසියක් සිදුවේ. ලොකු බස් වගේ නොවෙයි පොඩි බස් ඉක්මනට ලෝඩ් කර ගනීමට පුළුවන – ආසන ගණනට.
පසුගියදා ලංගම විසින් ආනයනය කරන ලද රතු පාට පාන් ගෙඩි වැනි මධ්‍යම ප්‍රමාණයේ බස් තමා මේ රටට වැඩියෙන්ම හරියන්නේ. ඒවා නිසා දරුණු සහ සාමාන්‍ය මාර්ග අනතුරු අඩුයි. ශ්‍රී ලංකාවේ පටු මාර්ග වලට ඒවා අගනෙයි.
කණගාටුව, මේවා වැඩි හරියක් දුවන්නේ උතුරේ සහ නැගෙනහිර වීමයි. මේවා හරියටම හරියන්නේ කඳු සහිත මධ්‍යම පලාතට, නමුත් ලබාදී නැහැ.
ලොකු බස් අධි කඳුරට ධාවනයෙන් (අධික හෙළ/බෑවුම්) වහාම ඉවත් කර ගත යුතුයි – තවත් දැවැන්ත ජීවිත හානි වීමට කළින්.
වැදගත් ගමන් යන්න, ජෑන්ඩියට ඇඳපු ගෑනු පිරිමි, තෙරපිච්ච බසයක ගොස්, හොඳ පන ගිය පසු බස් එකෙන් බහින විට අර හිතේ තිබුණු ධනාත්මකභාවය රිනාත්මක බවට මේ රටේ බස් සංස්කෘතිය පත් කර ඇත.
උදේ කාර්යාලයට ගොස් වැඩ කරන්න පුළුවන් වූ හොඳ මානසිකත්වයක් නොවෙයි, මොටවූ මානසිකත්වයකුයි තෙරපුණු/මිරිකුණු බස් සහ කෝච්චි වලින් සේවයට පැමිණෙන අපගේ බොහෝ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ මහත්ම මහත්මීන්ට තිබෙන්නේ. ඔවුන්ට දොස් කිව නොහැකියි.
මැදියම් රෑ වෙනකම් වත් නගරාසන්න බස් සේවා තිබිය යුතුයි, දැන් තිබෙන රෑ 7 ට 8 ට ඉවරවෙන තත්ත්වය වෙනුවට. මුල් මාස 6 විතර පාඩුවට දුවන්න වෙයි, නමුත්, මිනිස්සු පුරුදු වුනාට පසු ප්‍රධාන නගරවල රාත්‍රී මගී ධාවන සේවා ලාභදායි වේවි.
අඟහරුවාදා දවසක උදේ 645ට මාලබෙන් නැග්ග අම්මෙක් බොරැල්ලට එනකොට උදේ 925 වෙලා තියෙනවා. ට්‍රැෆික් නිසා.
ලංගම බස් විශාල ප්‍රමාණයෙන් වැඩි කරන්නේ නැතුව මගී ප්‍රවාහනය දියුණු කිරීමට නොහැක.
නැවතත්, රජයේ මූළික වගකීම මගීන්ගේ සුව පහසුව සැලසීම විනා පෞද්ගලික බස් ධාවකයන්ගේ පදයට නැටීම නොවේ.
පිටකොටුව බස් නැවතුම් පොළ නවීකරණය කිරීමේ රජයේ වැඩ පිළිවෙල ඉතා අගනේය.
චැසිය පහත බස් ගෙන්වීමට රජය හදයි. මේවා ඉතා මිල අධිකයි. ලාබෙට බස් හුඟක් ගෙන්වමු. දැන් තිබෙන සහ වැඩිමනත්ම බාගේ බස්. රට සශ්‍රීක වූ කල්හි ඉතා සුඛෝපභෝගී බස් ගෙන්විය හැකියි.
ඉදිරියේදී, ප්‍රයිවෙට් බස් පවා වැඩිපුරම බාගේ බස් විය යුතුයි. මුදලාලිලාට සල්ලි හම්බුකිරීමේ ආසාව පිණිස මහජන ජීවිත බිලි දිය නොහැක.
මොනවා කීවත් මිනිසුන් කැමති ලංගම බස් එකක යාමටය. ලංගම බස් වැඩි කලහොත් ප්‍රයිවෙට් බස් වලට වෙනවා ඒ අයගේ සේවයේ ගුණාත්මක භාවය මීට වඩා වැඩි කර ගැනීමට.
ඉතාම ලාභ දායි මාර්ගයක් වන බොරැල්ල – කොළඹ (103) මාර්ගයේ 2%ක් වත් ලංගම බස් නැත. හැබැයි පුද්ගලික අය මගීන් ප්‍රවාහනය කරන්නේ මගීන් බහුල වෙලාවල පමණි. උදේ 5 පෙර සහ සවස 8න් පසු බෙහෙතකටවත් බස් එකක් හොයා ගන්න අමාරුය. මුළු රටේම තත්ත්වය මේකයි. රජයේ මගී ප්‍රවාහන බලධාරීන් නිදිය. නැත්නම් බස් මුදලාලිලාට යට වෙලාය.
තවත් ලාභදායි මාර්ගයක් තමා 138 පිටකොටුව – මහරගම; ලංගම බස් නම් හැබැයි අවමයි.
යාපනයේ බස් සේවය ඉතා ඉහලයි. පුද්ගලික වගේම, පිරිසිඳුවට තබාගන තියෙන ලංගම බස් බහුලයි. මිනිස්සු හොඳට ඉඳගෙන යති.
කොළඹ – යාපනය වැඩ කරන සමහර ලංගම බස් වල ඔටෝමැටික් ඉදිරි සහ පසුපස දොරවල්. කොළඹින් උදේට යන ඉන්ටර්සිටි කෝච්චිය ඉතා කෙටි වෙලාවකින් යාපනයේය. මැදවච්චියෙන් එහා කෝච්චිය ගමන් කරන්නේ අධික වේගයකින්. මෙය යුරෝපයේ ධාවනය වන දුම්රියක් වැනියි. සැප පහසුයි, ඉතා හොඳයි. මේ තත්ත්වය මුළු රට පුරාම ඇති කල යුතුයි. රාජධානි සීග්‍රගාමි දුම්රිය සේවයද හොඳයි.
මේ උතුරේ කෝච්චි ගමන් අවසන් කර ගල්කිස්සේ සිට කොළඹ කොටුවට හිස් අතින් ආපසු වේගයෙන් යයි, මොන තරම් පාඩුවක්ද දුම්රිය සේවයට. ඉන්ධනම මොන තරම් ප්‍රමාණයක් නිකං පුළුස්සා දමනවාද?
මේ සියළු දුම්රියන් ගල්කිස්සෙන්, වැල්ලවත්තෙන් නොව කොළඹ කොටුවෙන් පමණක් ආරම්භ කළ යුතුයි.
දුම්රිය සේවය රටේ සැමට එක හා සමානව සාධාරණ විය යුතයි.
සතියේ දවසක හවසට බම්බලපිටිය දුම්රිය ස්ථානයට ගොස් බලන්න දකුණට යන සමුද්‍රදේවී දුම්රිය දෙස. වැඩ ඇරී ගෙදර යන මිනිස්සු – ගුලිවී, පොකුරු පිටින් මැදිරි තුල ඉන්නා අයුරු සහ සමහරු පාපුවරුවේද යනු දකින විට ඔලුවේ කැරකිල්ල හැදේ. පෙට්ටි ඇතුලේ මිනිස්සු පොදිය හරියට බඹර වදයක් වාගේය.
මලකඩ කෑ දුම්රිය පෙට්ටි තුල සීලිමේ එල්ලෙන පරණ තාලේ තනි බල්බයකින් නික්මෙන ඉතාම සිහින් එළිය රාත්‍රී අඳුර මැකීමට වෙර දරයි. නැත්නම් දහස් ගණනක් යන මුළු කෝච්චියම ඝන අඳුරේය. මේ අපේ ගාල්ල බලා දිවෙන රාත්‍රී තැපැල් දුම්රියයි!
දිනපතා ගාල්ල – කොළඹ, කොළබ – ගාල්ල දුම්රියෙන් යන රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයෝ වෙති.
කොළඹ -බදුල්ල කෝච්චියට රාගම, ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙල වෙත යන මගීන්ට ගොඩවීමට අවසර නොදිය යුතුයි. මන්ද බදුල්ල දක්වා යන මඟීන්ට ආසන පහසුකම් නොලැබීම. කොටුවෙන් නැඟ වේයන්ගොඩින් බසින මගියා අසුන්ගතව යාමත් බදුල්ලට යන මගියා සිට ගෙන යාමේත් අසාධාරණය දුම්රිය බලධාරීන්ට නොපෙනේ.
මේ තත්ත්වය මේ විෂමතා දුරු කර දියුණු කළහොත් වැඩි වැඩියෙන් මිනිසුන් බදුල්ල දුම්රිය භාවිතා කරනු ඇත. මෙයින් ආදායම වැඩිවේ.
අද, දුර ගමන් සේවා කෝච්චි වල වැඩියෙන්ම තිබෙන්නේ 1වෙනි සහ 2වෙනි පන්තියේ මැදිරිය. දුප්පතා යන 3වෙනි පන්තියේ මැදිරි දමනුයේ ඉතාම සිමීත සංඛ්‍යාවකි. මේවායේ මිනිසුන් හිට ගෙන යති, සමහරවිට පාපුවරුවේ පවා. අද තියෙන්නේ එදා වාමාංශික යයි කියා ගත්, පොඩි මිනිහාට ආදරය කරන අයගේ ආණ්ඩුවක් නේද?
මේ 2025 – ඔඩෙසි යනුවෙන් ඇල්ලට සුද්දන්ට යන අධි සුඛෝපභෝගී කෝච්චි පෙට්ටි හැදීම සඳහා රත්මලානේ දුම්රිය අංගනයේ 50% – 60% සේවකයන් ඒ කාර්යය සඳහා වෙන්කර ඇත. මේ රටේ සාමාන්‍ය මිනිස්සු (බොහොමයක් මලිමාවට චන්දය දුන්) අවශ්‍ය තරම් කෝච්චි පෙට්ටි නැති කමින් කෝච්චි තුල තෙරපි තෙරපි ගමන් කරත්.
මේ ඔඩෙසි කෝච්චි පෙට්ටි සැදීම පසෙකලා සාමාන්‍ය ජනයාට යන කෝච්චි පෙට්ටි රත්මලාන අංගනයේ පිළිසකර කල යුතුයි.
මේ ඔඩෙසි කෝච්චිවලට නොනැවතී යාම සඳහා අනෙක් සාමාන්‍ය මගී කෝච්චි බොහෝ වේලාවක් සිග්නල් අවහිර කර දුම්රිය ස්ථානවල නවත්වා තබයි (පොල්ගහවෙලින් ඔබ්බට උඩරට මාර්ගයේ ඇත්තේ තනි රේල් පාරකි). ඉදින්, මේ නිසා අප රටේ මිනිසුන් ප්‍රමාදවී වැඩට ගොස් අනවශ්‍ය ප්‍රශ්ණ වලට පටලැවේ.
ලංගම බස් ඩ්රය්වර්ලා සිටිති – ඒ අයගේ රාජකාරිය යනු බසය පැදවීම පමණක් නොව බස් හෝල්ට් වල බස් එකට නැගීමට බලා සිටින බස් මගීන්වත් නංවා ගැනීම බව ඒ අයට අමතක වී ඇති බව සමහරවිට පෙනේ.
(යුරෝපිය) සංචාරකයන්ට අප කරුණා පෙරදැරි සේවයක් ලබා දිය යුතු බව සත්‍යකි. නමුත් මෙයින් අදහස් කරන්නේ නැහැ අප ඔවුනට වැඳ වැටිය යුතු වැනි සේවයක් ලබා දිය යුතුය කියා.
ඇතැම් රූට් වල, ප්‍රය්වෙට් බස් වල මඟින් උතුරා යාමටත්, ලංගම බස් වල බොහෝ විට එසේ නොවීමටත් හේතුවක් තිබිය යුතුයි නේද?
රෑට මිනිසුන්ට යන්න බස් නැත්තේ (කොළඹ පවා), තවමත් හරියට රටේ යුද්ධය තිබ්බ කාලේ වාගේ.
පුළුවන්නම් මහ නගරවල පාන්දර 2 විතර වෙනකම් වත් බස් සේවයක් තිබුනොත් රෑ වැඩ ඇරිලා සහ රෑ වැඩට යන අයට ඉමහත් පහසුවක්. මොකද ඒ වෙලාවට ත්‍රී විලුත් නැති නිසා.
රෑට බස් ධාවනය කර බලන්න. මාස 6ක් විතර යාවි මිනිස්සුන්ට පුරුදු වෙන්න. ඉන් පසු, කොළඹ නයිට් ලයිෆ් නිකම්ම ඇතිවේවි.
අවුරුද්ද, නත්තල වගේ දවස්වල බස් /දුම්රිය ධාවනය වෙන්නෙම නැත. ඉස්සර පවුල් පිටින් අවුරුදු දවසේ නෑගම් ගියේ බස් වල. හැමෝටම ත්‍රී වීල් වලට ගෙවන්න සල්ලි නැහැ.
මගී ප්‍රවාහන අධිකාරියේ මහත්තයෙක්ගෙන් පිටකොටුවේ බස් නැවතුම්පොලේදී මෑතක සිංහල අවුරුද්ද දවසක ඇහුවා ‘ඇයි අද බස් එකක්වත් පිටකොටුවේ ස්ටෑන්ඩ් එකේ නැත්තේ’ කියා. එයා කියනවා ‘සිංහල අවුරුද්ද ලැබූ පසු බස් දාන්නේ නැහැ, මගීන් නැති නිසා’ කියා. ‘ඉතිං බස් ටිකක් දාලා බලන්නකෝ මගීන් ඉන්නවද නැද්ද බලන්න කියා’ කිවුවහම ඔහු හීන් සීරුවේ මාරු වී ගියේය.
බස්වල (පුද්ගලික සහ ලංගම) නිකන් යන්න බලන අය සිටීයි – හොඳ දෙයක් නොවෙයි. හොරකම් කිරීමේ නරක පුරුද්දත් මේ අය අපරාදේ ඇති කරගනිත්.
ඉස්සර කාලේ බස් ටිකට් චෙකර්ස්ලා සිටියා. ඔවුන්ට කිවේ ටික්කෝ කියා.
මේ අයව නැවත ලංගම බස් වලට ගෙන ආ යුතුයි. මගීන් පමණක් නොවෙයි ඩ්‍රයිවර්, කොන්දොස්තරලාගේ වැරදි/හොර වැඩත් අහු වෙයි.
කොළඹ කෙටි ගමන් යන අය (උදාහරණයක්, ටවුන් හෝල් ඉඳලා බම්බලපිටියට, නැත්නම් කොම්පඥවිදියේ ඉඳලා කොල්ලුපිටියට) ඇවිදන් යන එක වඩාම හොඳයි. ව්‍යායාමයක් ලැබෙනවා පමනක් නොව තමන්ගේ වාහනය විනාඩි 10ක් විතර ට්‍රැෆික් ලයිට් වල නවත්වාගෙන ඉන්ධන පිච්චීම නවත්තා ගන්නත් පුළුවනි. පාර්කින්, පොලිස්, අන් රියදුරන්ගේ ප්‍රශ්ණ, මේ කිසිවක් නැහැ පයින් යන කෙනාට.
බස් කොන්දොස්තර කෙනෙකුට ඇත්තේ ඉමහත් වගකීමක්. තම බස් රථයේ ගමන් කරන මඟින් සුරක්ෂිතව ඔවුන්ගේ ගමනාන්තය දක්වා ගෙන ගොස් බැස්සවීමේ පුළුල් වගකීම ඔහු සතුයි. මේවා මේ අය දන්නවාද? රියදුරු මහතා බසය ආරාක්ෂාකාරි ලෙස පදවිය යුතුයි.
රාවණා ඇල්ලේ බස් කොන්දොස්තර දැන් කියන කථාව ඇත්තද? හොඳින් හිතා බලන්න.
බස්කොන්දොස්තර කෙනෙකෙට ඔහුගේ බස් එක ‘හදන්නත්’ පුළුවන්, ‘මරන්නත්’ පුළුවන්.
කොන්දොස්තර වරු අතර කතාවක් තියෙනවා නියම කොන්දොස්තර කෙනෙක් නම් ඒ අවස්ථාවේ තමන්ගේ බස් එකේ ඉන්න සෑම මගීයෙක්ම බහින තැන දන්නවාය කියලා.
දුර බස් ගමන් සේවාවල රියදුරු මහත්වරුන් බුලත් විට කන්නේ නිදිමත ගතියෙන් වැළකී සිටීමට. හප හප ඉන්නකොට නින්ද යන්නේ නැති උනාත් ඇඟේ පතේ රුදාව වැඩි වෙනවා.
පාරේ/තැනින් තැන කෙළ ගහන්නේ නැතිව ඒ සඳහා ඔවුන් විසින් භාජනයක් ගෙන යාමට උනන්දු කල යුතුයි.
බස් සේවකයන්ට (ඩ්‍රය්වර්/කොන්දොස්තර) ට්‍රිප් එකක් ඉවර වු පසු හොඳ විවේකයක් නොදුන්නොත් මාර්ග අනතුරු වැඩි විය හැකියි. සමහර බස් මුදලාලිලා විවේකයක් දෙන්නෙම නැහැ, හරියට මැෂින් කියලා හිතන්නේ.
දියුණු රටවල කියන්නේ පැය 4 ක් යමෙක් එක දිගටම බසයක් එලවනවානම් අනිවාර්යයෙන්ම විනාඩි 10ක වත් විරාමයක් ගත යුතුයි කියායි.
මෙහෙ වගේ නොවෙයි එංගලන්තයේ බස් රථයක ගමන් කිරීමත් සතුටක්. එයා කන්ඩිෂන් කරපු බස් වල මගීන් හිටගෙන යන්නේ ඉතාම කලාතුරකින්. හැමෝටම හොඳ සුවපහසු ආසනයක් ලැබෙනවාමයි. ඒ රටවල ‘ඉහල’, ‘පහල’ හැම පන්තියකම අය බස් වල යනවා.
මැලේසියාවද මේ අංශයෙන් අපට වඩා හුඟාක් දියුණුයි – ඉතා සැප පහසු බස් මඟින් සඳහා ඔවුන් යොදවා තිබෙනවා. ටැක්සි සියල්ල හයිබ්‍රිඩ් වාහන.
ඕස්ත්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇමති කෙනෙක් හැමදාම නිව් කාසල් ඉඳලා සිඩ්නි වලට කෝච්චියෙන් වැඩට ආවා. වැදගත් දේ කියන්නේ මිනිහා ඒ කාලේ ඒ ප්‍රාන්තයේ ප්‍රවාහන ඇමති.
බස්, කෝච්චි මගීන්ගේ ප්‍රශ්ණ, දුක අවබෝධ කර ගැනීමට නම් ප්‍රවාහන ඇමති ඒවායේ ගමන් කළ යුතු දෙයක්. ශ්‍රී ලංකාවේ නම් කිසිදා සිදු නොවෙන දෙයක්.
කොටුව -රාජගිරිය 103, 171, 144 මාර්ගයේ තව 170, 190, 174 මාර්ග රෑ 8 විතර පස්සේ බස් ඇත්තෙම නැහැ වගේ නැහැ. ඉතින් කොහොමද රටේ ආර්ථිකය නගා සිටුවන්නේ?
බස් රථයක සෑම මගියෙකුටම සුව පහසු ලෙස හිඳගෙන යන්න පුළුවන්නම් එය බස් මගියාගේ ජයග්‍රහණයයි. එය ඉෂ්ට කර දිය හැකි නම් එය මාලිමා රජයේ ජයග්‍රහණයයි.
බස් රථයක පොල් පැටේව්වා වගේ මිනිස්සු පීරී ඉතිරි යනවා නම් එය පුද්ගලික බස් රථ හිමියාගේ ජයග්‍රහනයි. මන්ද, ඔහුගේ මල්ල තරවන්නේ එවිටයි.
දිනපතා බස් සහ දුම්රියන් වල යන මගීන් එකතුවී දේශපාලන පක්ෂයක් සාදා ඒ මගින් ඔවුන්ගේ අයිතිවාසිකම්, ප්‍රවාහන සේවයේ වර්ධනය සඳහා සටන් කල යුතුයි. බොහෝ මිනිස්සු චන්දය දේවී.
බස් අතර තියෙන තරගය නිසා අහිංසක මගීන්ට අනේක දුක් කරදර වලට බඳුන් වෙන්න වෙනවා. කොටින්ම බස් එක නවත්වන්න ඉස්සෙල්ලා කියනවා බහින්න කියා, ඒ තරමට ඒ අයගේ හදිස්සිය; නමුත් නග්ග ගන්න නම් …
මහ නගරවල බොහෝ මගීන් අද බහින්නේ බස් හෝල්ට් එකේ නොව බස් එක ට්‍රැෆික් වලට නවත්වා ඇති විටයි. මේ නිසා රිය අනතුරු වලට ලක්වූ බස් මගීන් අනන්තයි.
දුර බස් දෙකක් අතර රේස් තරඟයට බයවී මගදී බැහැපු (නුවරඑළි නොගොස්, නුවරදී) මාමෙක් ඉන්නවා.
අද අලුතෙන් පුද්ගලික බස් මාර්ග පර්මිට් එකක් ගන්න එක කළුනික සොයනවා වගේ අමාරුයි. දෙන්නේම නැහැ – පුද්ගලික බස් මාෆියාව මේ රටේ තදින්ම රජ කරනවා.
මේ 2025 – ඒ කියන්නේ 21 වන ශත වර්ෂයේ, මිනිසුන් බස් වල යන්නේ 1970/80 ගණන් වල ගිය විදියටමයි. පාපුවරුවේ එල්ලිලා යාම නම් අඩුයි (යම් දියුණුවක්).
මගී ප්‍රවාහන බලධාරීන්ගේ ඉල්ලක්කය විය යුත්තේ 2028 වනවිට, සෑම බස්/දුම්රිය මගියෙකුටම සුව පහසුව ආසනයක ඉඳ ගෙන යාමට හැකි වන මගී ප්‍රවාහන සේවයක් සකස් කිරීමයි. රජයේ නාස්තිකාර බොරු වියදම් නවතා, දුෂණ, අක්‍රමිකතා, අපරිපාලනය නැවත්තුවහොත් හෝ හොඳින් පාලනය කල හොත්, මෙය අනිවාර්යයෙන් කරන්න පුළුවන් දෙයක්.
ආණ්ඩු විරෝධී යු ටියුබ් කරුවන්ට බියවී නම් මේ රට දියුණු කරන්න නොහැක.
නගරවල තියෙන වාහන (ට්‍රැෆික්) තදබදයට හොඳම පිළියමක් නම් හොඳ මහජන ප්‍රවාහන සේවයක් (බස්/දුම්රිය) තිබීම. අද මේවා ඉතා පහත් මට්ටමේ නිසා බොහෝ අය මහජන ප්‍රවාහන සේවා, විශේෂයෙන්ම,බස්, පාවිච්චි කරන්නේ නැහැ. අද තත්ත්වය වගේ බොහෝ විට හිටගෙන, තදවී,දහඩිය දාගෙන, ගාට ගාට යන බස් සේවයක් නම් තියෙන්නේ මිනිස්සු බස් වල යන්න පෙලඹේන්නේ නැහැ, නොගිහින්ම බැරි නම් මිස.
මාර්ග වල අපේ දුම්රිය සේවය උපරිම කාර්යක්ෂමතාවෙන් වැඩ කෙරෙන්නේ නැහැ. රාත්‍රී 8න් විතර පස්සේ පානදුරේ ඉඳන් කොටුව/මරදානට එකම දුම්රියක් වත් වැඩ කරන්නේ නැත. පොල්ගහවෙල දක්වා මාර්ගයත් එහෙමම වගෙයි.
සිඩ්නි, මෙල්බර්න් පැය 24 වාගේම මෙට්‍රෝ දුම්රිය වැඩ කරයි. රෑ 10 පසු මහා ජනතාවක් නැතත් ඒවා දුවන්නේ සීමිතවූ හෝ සේවයක් දුම්රිය මගීන්ට සැලසීමේ අදහසිනි.
මේ මෙට්‍රෝ සේවා ඉතා හොඳින් පවත්වා ගෙන යන ඒවාය. ඉදින්, ඒවා අධික ලාභ ලබයි.
ඉස්සර , 1980/90 මැද ගණන් වල, මැදියම් රෑ වෙනකම් දුම්රිය මුහුදුබඩ මාර්ගයේ දුම්රිය දෙපත්තටම දුවනු ලැබීය. දුම්රිය ආරක්ෂක සේවය තර කර හෝ පොලි සියෙන් ආධාර ලබාගෙන හෝ මේ ‘මැරී ගිය’ රාත්‍රී දුම්රිය සේවය (දෙපත්තටම ධාවනය වන) පනගන්වා ගත යුතුයි.
1990 ගණන්වල මාල කඩන්නෙක් පැමිණ රාත්‍රී අලුත්ගම/පානදුර – කොටුව/මරදාන දුම්රිය සේවය මරා දමනු ලැබීය. දැන් නැවත මුළුමනින්ම පණ ගැන්වීමට කාලය ඇවිත්.
දකුණු දුම්රිය මුහුදුබඩ මාර්ගයේ රෑ 12 – 1 වගේ විතර වෙනකම් අඩු තරමින් පැයකට එක් දුම්රියක් හෝ දෙපැත්තටම ධාවනය කරන්නේ නම් මොන තරම් සහනයක් මගීන්ට ලැබේවිද? මන්ද. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ දුමිරිය මාර්ගයෙන් සහාය ලබා ගන්නා නිසා.
කැලණිවැලි මාර්ගය – මුළු දවසටම කොළඹ – අවිස්සාවේල්ල දුමිරිය 4යි හෝ 5යි වැඩ කරන්නේ. මෙවැනි වෙනම දුම්රිය මාර්ගයක් පවත්වා ගැනීමේ තේරුම කුමක්ද? මේ මාර්ගයේ පුවක්පිටියේ පාර හරහා දුම්රිය පාර දෙතුන් පලකින් ප්‍රධාන පාර හරහා මාරු වෙනවා, මෙය සාදා ගතහොත් (දුම්රිය පාර වාහන යන පාර හරහා නැතුව, කෙලින් යන විදීයට), ඉන්නා ජනගහනය දිහා බැලුවහොත්, දවසකට දුම්රිය 20කට එහා ධාවනය කරගන්න පුළුවන් වේවි. ඉතාම හොඳ ආදායම් මාර්ග රජයට හදා ගන්න පුළුවන්. අද දවසකට දුම්රිය 4 -5 ක් විතරක් ධාවනය කරන වෙනම දුම්රිය මාර්ගයකින් (දුම්රිය ස්ථානම 20 ට වැඩියි), මොන තරම් පාඩුවක් රජයට අත් වෙනවා ඇද්ද?
ඉස්සර කැළණිවැලි දුම්රිය කොළඹ සිට ඕපනායකයට ගමන් කළා, ඒ කියන්නේ යටියන්තොටත් එහා. මේක නතර කලේ ’70- ‘77 සිරිමා රජයයි. පිස්සු තීරණයක්. ඒ රජයේ හිටපු NM ඇමතිතුමා එවකට යටියන්තොට මන්ත්‍රී.
අද අවිස්සාවේල්ලෙන් එහාට දුම්රිය පීලිත් එක්කම ගලවලා දා ඇත. විශාල ජනගහනයක් වෙසෙන මේ ප්‍රදේශවල, අපට තියෙන දුම්රිය සම්පතවත් රැක ගන්න බැරි වීම ගැන එකල සිටි පාලකයනට දොස් නැගීම සාධාරණයි.
බස් මගීන්ම වැනියි දුම්රිය මගින්ද විඳින දුක. දෙගොල්ලම හිරවී, තෙරපුනු ප්‍රවාහන සේවාවන් තමා පාවිච්චි කරන්නේ මේ 2025 වසරේදීත්. බොහෝවිට උදේ වැඩට එන්න සහ සවස වැඩ අවසන් වී ගෙදර යන්න තියෙන්නේ ගුණාත්මයෙන් ඉතාම අඩු මගී (බස්/දුම්රිය) ප්‍රවාහන සේවයක්.
කාන්තාවන් බෙහෙවින් දැන් ස්කූටර්, චැලි කදිමෙට පදිනවා. පිරිමි වගේ ‘අස්සෙන්’ දමා යන ගතියක් තවම නම් මේ අය බෝ කරගෙන නැහැ. බොහොම ප්රවේශමින් ඒ අය පදින්නේ.
හොඳම ත්‍රීවිල් රියදුරන් පළාත් මට්ටමෙන් සොයා, බලා තෑගී දෙන වැඩපිළිවෙලක් ඇති කළ යුතුයි.
ත්‍රීවිල් අපේ ආර්ථික වර්ධනයට අති මහත් සේවයක් කළා, විශේෂයෙන්ම නගරවල මගී ප්‍රවාහන සේවා දුර්වල නිසා.
බොහොමයක් ත්‍රී වීල් රියදුරු මහතුන් ඉතා හොඳ අය.
ත්‍රීවිල් වලට ස්තුතිවන්ත වෙන්න සාධාරණ මුදලකට ඉක්මනින් ගමනක් යන්න පුළුවන්.
දැන් මෝටර් සයිකල් ටැක්සි සේවා 2ක් මහ නගරවල ඉතා සාර්ථක ක්‍රියාත්මක වෙනවා. ඉතාම හොඳයි.
ත්‍රීවිල් ලියාපදිංචි කර රියදුරාගේ විස්තර ත්‍රිවිලයේ යන මගියාට දකින්නට පුළුවන් ලෙස සකස් කරන වැඩපිළිවෙලක් අවශ්‍යයි. ත්‍රීවිල් මිටරත් නිතර නිතර පරීක්ෂණයට ලක් කල යුතුයි.
ලංකාවේ රියදුරන් බිලාද එලවන්නේ කියා සොයා බලන හොඳ ක්‍රම වේදයක් නැහැ. කටින් වහනය වන මත්පැන් ගඳින් සහ රියැදුරන්ගේ හැසිරීමේ ස්වභාවයෙන්, රතු ඇස් වලින් මේ නීති විරෝධීන් අල්ලා ගන්න අපහසුයි. මත්පැන් බීපු රියැදුරන් අල්ලන්න උපකරණ කට්ටල අපේ රටේම අඩු වියදමින් නිෂ්පාදනය කරගන්න අපට බැරි ඇයි? නැතිනම්, අහිංසක ජිවිත රැකීම උදෙසා, ඉන්දියාවෙන් හෝ චීනයෙන් අඩු මුදලට ගෙන්වා හෝ මේ නිතිවිරෝධින් ඇල්ලීම මහා පරිමාණයෙන් කල යුතුයි.
විශේෂ පොලිස් බලකා යොදා සවසට/රෑට වාහන පෝලිමට පැත්තක නවත්වා චෙක් කරන්න ඕන බිමත් රියදුරන් ඇල්ලීමට. දඩ අය කර පමණක් මදි, ලයිසන් කැන්සල් කරන්න ඕන වසරකට හෝ දෙකකටවත්. රජයට කෝටි ගණනින් නව ආදයම් ලබා ගැනීමේ මාර්ගයක්.
රෑට සිදුවෙන රිය අනතුරු බොහෝමයකට හේතුව බිමත් රියදුරන්.