රට රකිමුද යළි බෙදමුද?
Posted on January 2nd, 2015

Courtesy Rivira

ජනාධිපතිවරණයේදී ‍පොදු අපේක්ෂකයාට සහාය දැක්වීමට එක්වූ දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය උතුරු හා නැගෙනහිර පළාත් නැවත ඒකාබද්ධ කිරීම පිළිබඳව දැනටමත් අභ්‍යන්තර සාකච්ඡා අරඹා ඇතැයි ඊයේ ‘රිවිර’ අනාවරණය කර තිබිණ.

මෙම සාකච්ඡා මගින් එළැඹෙන සාමූහික තීන්දුව ‍පොදු විපක්ෂයේ සහාය ඇතිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද පැවසේ. ඒ අතර මෛත්‍රී පාලනයක් තුළ උතුරු පළාතට මුදල් බලතල ඇතුළු සියලු පරිපාලන බලතල ලබාදෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පසුගියදා යාපනයේ පැවැති ජනහමුවකදී පැවසූ බවද වාර්තා වේ. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුවක් මගින් දෙමළ ජනතාවගේ අභිලාෂයන් හා ගැටලුවලට විසඳුම් ලබාදීමට පුළුල් බලය බෙදීමක් සිදුකරන බවද ඇය පවසා ඇත. 

මේ ආදී වශයෙන් එක එක්කෙනාට ඕනෑ ඕනෑ හැටියට හිතෙන හිතෙන දේ කරන්නට මේ රට කාගේවත් බූදලයක් නොව, මාතෘභූමිය සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකමට යටත් ‍පොදු දේපළකි. මෙම යථාර්ථයට පයින් ගසා ‍පොදු අපේක්ෂකයා ඇතුළු නඩය මේ නටන්නට යන නාඩගම රටේ එක්සත් භාවයට වළ කපන්නක් බව සිහි බුද්ධිය ඇති ඕනෑම කෙනකුට තේරුම් ගැනීම අපහසු නැත. ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය ‍පොදු අපේක්ෂකයාට සහාය දීමට තීරණය කිරීම නිසා දෙමළ සන්ධානය තුළ මතභේද හටගෙන ඇති බවද උතුරින් ලැබෙන ආරංචිමාර්ග කියයි. ‍පොදු අපේක්ෂකයාට දෙමළ ජනතාවගේ කිසිදු ප්‍රශ්නයක් නිරාකරණය කරගත හැකි බවට විශ්වාසයක් තැබිය නොහැකි යැයි දෙමළ සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි ශෂිදරන් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්  මත පළකර සිටිති. 

දෙමළ ජාතික සන්ධානය හා මුස්ලිම් කොංග්‍රසය තමන්ට එරෙහි වීමට ප්‍රධාන හේතුව රට බෙදීමට එරෙහිව තමන් දරන දැඩි ස්ථාවරය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කොට තිබිණ. උතුරට දේශපාලන විසඳුමක් ලබාගැනීමට දෙමළ ජාතික සන්ධානයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අදහස්, යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබියදී මෙසේ වෙනත් ගමනක් යෑමේ අරමුණ දැන් ඉතා පැහැදිලි යැයිද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. මේ අනුව වඩාත් ප්‍රත්‍යක්ෂ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිරුවටයට මුවා වී බලලෝභයේ වියරුවෙන් තම මාතෘභූමිය දෙකඩ කරන්නට පිඹුරුපත් සකසන මෙම තක්කඩින් පරාජය කිරීමේ වගකීම උතුරේත්, දකුණේත් සමස්ත ජනතාව නිවැරදිව තේරුම් ගැනීමේ වැදගත්කමය.  

තවමත් මේ රට බෙදා වෙන්කිරීමේ දවල් හීන දකින මන්නාරම් රදගුරු රායප්පු ජෝශප් වැනි කොටි අප්පුලා ‍පොදු අපේක්ෂකයා අල්‍ලේ නටවන්නට දැන් සිටම අර අදින අයුරු ඊයෙත් අපි පෙන්වා දුන්නෙමු. නැගෙනහිර අයිතිය ඉල්ලන හකීම් නඩයද ‍පොදු අපේක්ෂකයාට නාස් ලණුව දමාගන්නට පෙරට විත් තිබෙන අයුරුද ඉතාම පැහැදිලිය. කොටි ත්‍රස්තවාදය දශක තුනක් තිස්සේ මේ රටට කළ මහා විනාශය පිටුපස සිටි එන්.ජී.ඕ. හා ඩයස්‍පෝරා මාෆියාවටද දැන් යළිත් ශ්‍රී ලංකාවට හොට දමන්නට මෙම පසුබිම ඉතා පහසු අවස්ථාවක් සපයා දෙන්නේය. එය ඉතා භයානක බව විශේෂයෙන් යුද්ධය නිමා කළ මොහොතේ ආරක්ෂක ඇමැති පදවියේ වැඩ බැලුවේ යැයි පාරම්බාන ‍පොදු අපේක්ෂකයාට නොදැනෙන්නට හේතුවක් නැත. මේ කිසිවක් නොතකා බලය උදුරා ගැනීම සඳහා රට පාවාදීමට එසේ පිඹුරුපත් සකසන්නේ දේශපාලන කෝඩුකාරයන් නොව චන්ද්‍රිකා කුමාරණතුංග වැනි හිටපු ජනාධිපතිවරියක සහ දිගුකාලීන දේශපාලන පළපුරුද්දක් ඇතැයි නිතර කියන ‍පොදු අපේක්ෂකයා ඇතුළු තවත් බොහෝ කෙරුම්කාරයන් වීම ඉතා කනගාටුදායකය. එබැවින් මේ රටේ ජනතාව දැන් ඉතා පරෙස්සමෙන් මෙම දේශප්‍රේමී හා දේශද්‍රෝහී යන වචන දෙකෙහි සැබෑ අරුතට අනුව පුද්ගලයන් තෝරා බේරා ගත යුතු යැයි අපි පෙන්වා දෙමු.

3 Responses to “රට රකිමුද යළි බෙදමුද?”

  1. Independent Says:

    මේ ආදී වශයෙන් එක එක්කෙනාට ඕනෑ ඕනෑ හැටියට හිතෙන හිතෙන දේ කරන්නට මේ රට කාගේවත් බූදලයක් නොව, මාතෘභූමිය සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකමට යටත් ‍පොදු දේපළකි.

    very true. How good our country will be if BOTHcandidates realise this.

  2. Christie Says:

    These leader are not leader of Sinhalese people, they are career politicians who are there to make a dollar. It is India who wants to divide the country and the so called Sinhala leader will be installed as the chiefs of Sihalayas.

  3. Ancient Sinhalaya Says:

    Maru sira, bandit queen and gb ranil will promise anything to get into power.
    Traitors National alliance (TNA), Sri Lankan Multiplying Community (SLMC, the fastest breeders)
    won’t ask too much in the beginning. So maru sira & co. will think such nice people.

    Once they get into the government, they will do the usual rat acts, like bathiudeen, hakeem rats
    did giving government lands free to mossies etc, etc. Then they will wait patiently till a crucial vote comes up and
    demand impossible things. That’s the killer blow. These rats know how to exploit, misuse those positions.
    Naive maru sira going to be just a puppet. Who cares I became the President of Sri Lanka. That must be
    his thinking when he strated this treachery.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress