අරාබි වසන්තය ඇවිදින් හේමන්තය ඉදිරියට
Posted on January 26th, 2015

නලින් සිල්වා

පසුගිය 8 වැනි දා මෙරටට අරාබි වසන්තය උදාවිය. එය වසන්තයක් වන්නේ රටට නොව බටහිරයන්ට, ඔවුන්ගේ අනුගාමිකය ඊනියා උගතුන්ට හා දෙමළ ජාතිවාදීන්ට ය. අප වැනි නූගතුන්ට, සාමාන්‍ය ජනයාට දැඩි ශීත කාලයකට ඉදිරියේ දී මුහුණ දීමට සිදුවනු ඇත. ජාතිය පාවාදුන්නෝ දෙමළ ජාතිවාදීන් සමග පෙම් කෙළියේ පසුවෙති. ඔවුන්ගේ මධුසමය ගෙවෙනු ඇත්තේ සිංහලයන්ගේ මළකඳන් පාවෙන ලේ විලක ය.  අද සිංහලයන්ට නායකත්වයක් නැත. කිසි දෙයක් කරගත නොහැකි පිරිසක් තැන තැන ඊනියා සාකච්ඡා පවත්වති. එහෙත් ඔවුන්ට අරමුණක් නැත. සාකච්ඡා තේ බීමට සීමාවෙයි. ආණ්ඩුව ඉතා ඉක්මණින් තම පරාජය වසා ගනු ඇත. පෞද්ගලිකව ගතහොත් මට කළ හැකි දෙයක් නැත. පිරිස් සංවිධානය කිරීමේ ලා ඉතා දුර්වලයකු වන මට උපක්‍රම කිසිවක් නො තේරෙයි. හැරත් මිනිස්සු මා කියන දෙයක් ගැන සැලකිල්ලක් නො දක්වති. මා තවමත් පුවත්පත්වලට (දැන් එය දෙකකට පමණක් සීමා වී ඇත) ලියන්නේ තවමත් මගේ මමත්වය නොනැසී ඇති බැවින් මිස ඉන් සත පහක වැඩක් රටට වන නිසා නො වේ. (මේ ලිපිය ඉරිදා රිවිර පත්‍රය පළ කළේ නැත. එමෙන් ම දිනපතා රිවිර පත්‍රයට පසුගිය සතියේ යවන ලද ලිපිය ද පළ වූයේ නැත. එබැවින් මින් මතු රිවිර පුවත්පතට ද නො ලියමි. අවුරුදු තිහක් පමණ ලිපි ලිවීමෙන් පසු කිසිදු වැඩක් වී නැති බැවින් ලිපි ලිවීම නතර කිරීමෙන් රටට එය නොදැනෙනු ඇත)

 

එහෙත් ඒ ලිවීමෙන් හා ජනමාධ්‍යවල පෙනී සිටීමෙන් රටට වැඩක් නැති වුවත් පෞද්ගලික ව ගතහොත් මට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙහි සාමාජිකත්වයක් ලැබිණි. එය තනතුරක් නො වීය. එයට වැටුපක් නොලැබුණත් කොමිෂමේ රැස්වීම්වලට සහභාගි වීම වෙනුවෙන් දිමනාවක් ලැබිණි. මාස හයක කාලයක් මම ඒ සාමාජිකත්වය දැරීමි.  ඉන් රටට හෝ කොමිෂමට හෝ උසස් අධ්‍යාපනයට හෝ තුට්ටුවක වැඩක් නොවුවත් මට නම් ගුවනින් ත්‍රිකුණාමලයට හා යාපනයට යෑමේ අවස්ථාව ලැබිණි. ඒ එහි සිද්ධ වෙදකම ඉගැන්වීම සොයා බැලීම සම්බන්ධයෙනි. කසිකබල් උගතුන් තමන්ට අනුව සිංහල ජාතිවාදියකු වූ මගෙන් සිද්ධ වෙදකමට විය හැකි සේවය කුමක් දැයි අසනු ඇත. සේවයක් ඇතත් නැතත් මට නොමිළේ ගුවන් ගමන් දෙකක් ලැබිණි. මගේ පත්වීම දේශපාලන පත්වීමක් විය. ඒ සඳහා මට සුදුසු කමක් නො විය. බටහිර අධ්‍යාපනයට විරුද්ධ මා වැන්නකුගෙන් ඊනියා උසස් අධ්‍යාපනයට විය හැකි සෙත කුමක් ද? කොමිෂන්සභා සාමාජිකත්වය හුදෙක් මහින්ද රාජපක්‍ෂ මහතා මට දුන් ත්‍යාගයක්” විය. කෙසේ වෙතත් නවවැනි දා සවස ම සිරිසේන මහතා දිවුරුම් දුන් විගස ම මම ඒ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමි (අස්වීමේ ලිපිය ද කාලය වෙබ් අඩවියේ ඇත). එසේ අස් නොවී නම් තුට්ටුවක් නොවටිනා විශ්වවිද්‍යාල ගුරුවරුන් සමූහයක් මට අස්වන ලෙසට හෝ මා අස්කරන ලෙසට හෝ කරන උද්ඝෝෂණ හමුවේ මා දූෂිතයකු ලෙස නම්කිරීමට තිබිණි. කෙසේ වෙතත් මෛත්‍රිපාල සිරිසේන මහතා වැන්නකුගේ ජනාධිපතිත්වය යටතේ ඒ සාමාජිකත්වය දැරීමෙන් මගේ ගෞරවයට හානියක් කරගැනීමට මට අවශ්‍ය නොවන බව ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කළෙමි.

 

ජාතික මතවාදය වෙනුවෙන් පෙනී සිටින ඒ වෙනුවෙන් ලියන කියන අය තමන්ගේ සිහින ලෝකවලින් බිමට වැටී ඇති ආකරය දැකගත හැකි විය. ඔවුන් බොහෝ දෙනකු සිතා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පත්කළේ තමන් බවත් ඊනියා යුද්ධය ජයග්‍රහණය කළේ තමන්ගේ ලිය කියවිලි හා දේශන නිසා බවත් ය. එහෙත් ඔවුන්ට ඒ ලියකියවිලි, දේශන පමණක් නොව තොරතේ්ංචියක් නැතිව පවත්වන ලද පුවත්පත් සාකච්ඡා (ඔවුන්ගේ හා ජනමාධ්‍යවේදීන්ගේ බසින් ප්‍රෙස්) මගින් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පරාජය වළක්වා ගැනීමට නො හැකි විය. ජනතාව තීරණවලට එළඹෙන්නේ ජනමාධ්‍යයට සවන්දීමෙන්, ඒ කියවීමෙන් නැරඹීමෙන් නො වේ. ඔවුන්ගේ සාමූහික මනස හැසිරවෙන ආකාරය ගැන මට නම් අවබෝධයක් නැත. එය සෘජු ව කෙරෙන්නක් නොවන බව පමණක් පැහැදිලි ය. ඒ කළ හැක්කේ කපටිකමනි. චාටුවෙනි. බොරුවෙනි. බොහෝ තරුණයන් තරුණියන්ගේ සිත් දිනගන්නේ ද ඒ අන්දමින් යැයි සිතෙයි. පසුගිය අවුරුදු පහ පුරාම ජනමනස රාජපක්‍ෂවරුන්ට එරෙහිව සියුම් ව සකස් කෙරිණි. එය පිටුපස බටහිරයෝ සිටියහ (මේ කතාව පසුව කිව යුතු ය). අද වන විට සිංහල ජනමනස යම් ප්‍රමාණයකට  පමණක් නොව මහින්ද රාජපක්‍ෂ මහතාට පින්සිදුවන්නට තම හිස කඳට උඩින් තබාගත් අය පවා ඒ මහතාට විරුද්ධ තැනකට ගෙනැවිත් ඇත. විශේෂයෙන් ම ශ්‍රී ල නි පක්‍ෂයේ මැති ඇමති ධුර දැරූ අයට මෙය වලංගු වෙයි.

 

පාර්ලිමේන්තුවේ තමන්ට බහුතරයක් මන්ත්‍රින් සිටියත් විපක්‍ෂයේ වාඩි වී සිටීමට තරම් නිවට බවක් කොන්ද පණ නැති කමක් ශ්‍රී ල නි පක්‍ෂයේ නායකයන් යැයි කියාගන්නා අයට ඇත. ඔවුන්ට අද ඇත්තේ තමන්ගේ කුණු කය ආරක්‍ෂා කරගැනීමේ නිවට අරමුණ පමණකි. ඔවුන් මෛත්‍රිපාල සිරිසේන මහතා පක්‍ෂයේ සභාපති පදවියට පත්කර ගත්තේ පක්‍ෂ ව්‍යවස්ථාව අනුව එසේ කළ යුතු නිසා නො වේ. පක්‍ෂ ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධුරයට පත්වන්නකු පක්‍ෂ සභාපතිකමට පත්වන්නේ ඔහු ශ්‍රි ල නි පක්‍ෂයෙන් හෝ පක්‍ෂ නායකත්වයෙන් ඇති සංධානයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් පමණකි. සිරිසේන මහතා ඉදිරිපත් වූයේ ඉඳහිට මකුළුදැල් කඩා එලියට ගන්නා පක්‍ෂයක නමින් ය. අනෙක් අතට ශී ල නි ප සභාපති නිලබලයෙන් සංධානයේ නායකයා ද වෙයි. ශ්‍රී ල නි ප කෙරුමන් සිරිසේන මහතා තම පක්‍ෂයේ සභාපති ධුරයට පත්කර ගැනීමේ දී සංධානයේ අනෙක් පක්‍ෂවලින් ඒ පිළිබඳ විමසූ බවක් දැන ගැනීමට නැත. මේ කෙරුමන් අනෙක් පක්‍ෂවලට ද සිරිසේන මහතාගේ නායකත්වය ලබා දීමට කටයුතු කර ඇති බව පැහැදිලි ය. දූෂිතයන්ට දඬුවම් කිරීම, කෘෂි රසායන ක්‍රමයෙන් ඉවත්කිරීම, ඖෂධ ප්‍රතිපත්තියක් සැකසීම ආදී කරුණු නිසා නොව තමන්ට අගමැතිකම නොදීම නිසා තම පක්‍ෂයට ද්‍රෝහි වී වෙනත් පක්‍ෂයකින් තරග කළ අයකු පක්‍ෂයේ සභාපති පදවියට පත්කර ගැනීම තරම් ද්‍රෝහිකමක් පක්‍ෂයේ ඉතිහාසයේ කර ඇත්නම් ඒ චන්ද්‍රිකා කුමාරතුංග හා විජය කුමාරතුංග ය. තමන්ගේ කඳ බඩ ආරක්‍ෂා කරගැනීම හැර වෙනත් අරමුණක් මේ කෙරුමන්ට නැත. ඔවුන්ට ඇත්තේ උදාර පරමාර්ථ නොව උදර පරමාර්ථ ය. ඒ එසේ වුවත් මහින්ද රාජපක්‍ෂ මහතාට හිතවත් අය හා ජාතිකත්වයට නැඹුරු වූ පාක්‍ෂිකයන් මගින්  ශ්‍රී ල නි පක්‍ෂය ගොඩගැනීම හැරෙන්නට කළහැකි අන්දෙයක් නැත.

 

මහින්ද රාජපක්‍ෂ මහතා දූෂිතයන්ට හොරුන්ට දාමරිකයන්ට එරෙහිව පියවර ගෙන නැත. සරත් ෆොන්සේකා මහතාට හා ශිරාණි බණ්ඩාරනායක මහත්මියට දඬුවම් විඳීමට සිදුවයේ ඔවුන් යම් අවස්ථාවක දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටි නිසා යැයි සිතිය හැකි ය. මහින්ද රාජපක්‍ෂ මහතා දඬුවම් නොදුන්නේ තම පක්‍ෂයේ අයට පමණක් නො වේ. ඔහු බටලන්ද, සතොස විකිණීම, රාජ්‍ය සංස්ථා කුණු කොල්ලයට විකිණීම වෝටර්ස් එජ් මගඩිය ආදී කලින් ආණ්ඩුවල දහසක් වැරදි අමතක කළේ ය. ජ වි පෙරමුණේ මිනීමැරුම් ගැන කිසිවක් නො කළේ ය. ජ වි පෙරමුණේ බොරු ප්‍රජාතන්ත්‍රවාදය ගැන එදා මරු බියෙන් ඡන්ද පොළට ගිය ඡන්දදායකයන්ගෙන් අසා දැනගත හැකි ය. අද එ ජා පක්‍ෂයේ තරුණ සංවිධානය බවට ජ වි පෙ පත් වී ඇත්තේ එහි නායකයන් තරුණ විය පසුකර කලක් ගත වී ඇති බව ද අමතක කරමිනි. මහින්ද රාජපක්‍ෂ මහතා මේ කිසිවකුට දඬුවම් නොකිරීම හේතුවෙන් අද ඔවුන්ට උපාසකයන් ලෙස සමාජය ඉදිරියට පැමිණ ඒ මහතාට ම විරුද්ධව කටයුතු කීිරීමට හැකි වී ඇත.

 

මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්ධව බටහිරයන් හා ඔවුන්ගේ වන්දිභට්ට දෙමළ ජාතිවාදීන් කටයුතු කළේ අද ඊයේ නො වේ. දෙමළ ජාතිවාදය බටහිරයන්ගේ නිර්මාණයකි. එය අඩුම තරමෙන් 1833 සිට ක්‍රියාත්මක වෙයි. අද මධ්‍යම පංතියේ ගෞරවයට පාත්‍ර  වී සිටින ඊනියා දේශපාලන  විචාරකයන් පනහට පනහ දෙමළ ඉල්ලීම්වල මුල ඇතැයි කීම පිළිබඳ අපි සතුටට පත්වෙමු. අප අවුරුදු විසිපහකට අධික කාලයක් තිස්සේ ඒ බව කී නමුත් කසිකබල් මධ්‍යම පංතිකයෝ ඒ නොසළකා සිටියහ. දෙමළ ජාතිවාදය හතළිස්ගණන්වල දෙමළ බෙදුම්වාදය බවටත් හැත්තැගණන්වල දෙමළ ත්‍රස්තවාදය බවටත් විකාශය විය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන නායකත්වය (එදා අප දේශපාලන නායකත්වය ගැන කියද්දී පඬියෝ අපට සිනහසුණහ.) හා ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මහපෙන්වීම යටතේ රණවිරුවෝ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළහ. ඒ රණවිරුවන්ට සරත් ෆොන්සේකා මහතා ද අයත්වන නමුත් සුදු කොඩි කතාවෙන් පසු ඔහු තමන්ට ද රටට ද හානියක් කළේ ය. අද ප්‍රශ්නය වී ඇත්තේ ඊනියා යහපාලනය නොව දෙමළ බෙදුම්වාදය හා දෙමළ ජාතිවාදය පරාජය කිරීම ය. එහෙත් බටහිරයන්ගේ අවශ්‍යතාව පරිදි ක්‍රියාකරන මේ ආණ්ඩුවට ඒ කළ හැකි නො වේ. එපමණක් නොව දෙමළ ත්‍රස්තවාදය නැවත හිස එසවීමේ අවදානම ද වෙයි.

 

රනිල් වික්‍රමසිංහ මහතා පුනරුච්චාරණය කරන බටහිරයන්ගේ වචනවලින් කිවහොත් රාජපක්‍ෂ රෙජිමය ගෙදර යැවීමට බටහිරයෝ 2010 සිට ම උත්සාහ ගත්හ. ඔවුහු අරාබි වසන්ත අනුගමනය කරමින් මෙරට ලේ හැලීම් මගින් රතුපස්වල, කටුනායක ආදී සිද්ධි ඔස්සේ මෙරට ඔවුන්ගේ ආවතේවකාරයන් සහභාගි කරගනිමින් මහින්ද රාජපක්‍ෂ මහතා ගෙදර යැවීමට උත්සාහ ගත්හ. ඒ සමග ඔවුහු ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය මගින් ද එසේ කිරීමට කටයුතු කළහ. රාජිත සේනාරත්න මහතා කළකට පෙර හෙළිදරවු කළේ එයම දැයි අපි නො දනිමු. කෙසේ වෙතත් මේ ක්‍රියාවලිය ගැන එතරම් අවධානයක් යොමු නොකර ලේ හලන අරාබි වසන්තයක් ගැන පමණක් විමසිල්ලෙන් සිටීම අපෙන් වූ බලවත් වරදකි. ලේ හලන අරාබි වසන්තය අසාර්ථක වුවත් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී අරාබි වසන්තය සාර්ථක වී ඇත. එය කෙතරම් සාර්ථක වී ඇත් ද කිවහොත් අටවැනි දා පැවැත්වූයේ ජනාධිපතිවරණයක් මිස පාර්ලිමේන්තු මැතිවරණයක් නොවුවත් නිවට ශ්‍රී ල නි පක්‍ෂ කෙරුමන්ගේ ද ආධාරය ඇතිව ඒ මහාමැතිවරණයක් බවට ද පත්කරගෙන එ ජා ප ආණ්ඩුවක් පිහිටුවීමට ද බටහිරයන්, විශේෂයෙන් ම එංගලන්තය සමත් වී ඇත. සාමාන්‍ය ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට එහි මහින්ද විරෝධී කෙරුමන් පරාජය කළ නොහැකි වුවහොත් අපට දරුණු හේමන්තයක් උදාවනු ඇත.

38 Responses to “අරාබි වසන්තය ඇවිදින් හේමන්තය ඉදිරියට”

  1. AnuD Says:

    Tamils did not vote to Mahinda Rajapakse even in 2010. They voted to Sarath Fonseka and every body screamed that Sarath Fonseka had a deal with TNA. It is Mahinda Rajapakse, this time contacted TGTE prime minister and got Anansthi Sashitharan to ask Tamils to avoid the election. Now all those forgotten.

    Who called the election. IT is Mahinda Rajapakse who wanted the election and not any one else. Mahinda Rajapakse apparently, was ready even for a blood shed in order to stay the president. If Mahinda Rajapakse won, Definitely, Sirisena and his family members would have got big trouble.

    There is nothing logical in this article as I wrote earlier. It is Mahinda Rajapakse’s Narcissicm, arrogance, and stupidity that destroyed him. He cheated voters big time for ten years. No one is talking the truth.

    This arab Spring, it it were an arab spring, was organized by Mahinda Rajapakse.

  2. Ananda-USA Says:

    douglas said to Charles

    “You still dabble in this vote analysis by indulging in “Tamil”, “Sinhala”, “Buddhist”,”Christian”, classification of votes and voters without getting to know that citizens of the country called Sri Lanka have equal right and “Freedom” to “choose” and vote the candidate whom they want.”

    Now, in trying to educate Charles on voters right to decide whom to vote for, you are teaching your grandmother to suck eggs!

    Charles LEARNED WELL before you learned your graduated from wearing nappies; he dos not need to be given a lesson on that.

    But, what YOU HAVE TOTALLY MISSED in what Charles was SAYING, is that there is an issue here that goes beyond individual voter rights, that is related to how they VOTED EN BLOCK as COMMUNITIES.

    You made the same CRITICISM when I pointed out the BLOCK VOTING PATTERN on the day after the Presidential Election. Unfortunately, I did not CALL YOU ON THAT THEN, but I am DOING SO NOW!

    So douglas, my man, READ & LEARN why BLOCK VOTING by Communities is COMMUNAL and IS A PROBLEM for the cohesion of Sri Lankan Society and the future integrity of our Nation!

    The Sinhala vote was SPLIT nearly 50-50, whereas the minority vote was OVERWHELMINGLY against the war-winning PATRIOTIC President who DEFEATED the SEPARATISTS, REUNIFIED Sri Lanka, and DEVELOPED it at a RAPID PACE never seen before in INDEPENDENT Sri Lanka …. all achievements that are UNDENIAL+BLY in the best interest of ALL Sri Lankans!

    On the surface, the exercise of the freedom of choice by the minorities seems innocous but, here is the KEY POINT: If the MINORITIES were NOT COMMUNAL, they too would have voted nearly 50-50 for the two candidates. just like the majority community.

    Why didn’t they? What drove them to vote SO DIFFERENTLY? If they feel and act like the majority community exercising their right to vote as they choose, why was that vote so lopsided and not spilt nearly 50-50 like the Sinhala majority?

    Therefore, WE MUST CONCLUDE that BLOCK VOTING PATTERN is INCONTROVERTIBLE PROOF that they don’t SHARE THE SAME GOALS and ASPIRE TO A COMMON National DESTINY as the MAJORITY COMMUNITY! Does it mean that the Sinhala peoople are MORE BROAD MINDED, while the MINORITIES are NARROW MINDED looking to always enhance ONLY THEIR OWN COMMUNITY’s NARROW INTEREST? SELFISHNESS at PLAY, shall we say?

    If so, we must ask, what DIFFERENT GOALS do they espouse?

    If those goals are CONTRARY to those of the majority community, then are they patriotic or anti-national in the sense that they are INIMICAL to the Majority Vision of ONE Sri Lankan Nation, of ONE Sri Lankan People, sharing ONE Sri Lankan National DESTINY?

    CLEARLY this Presidential Election showed that ALL MINORITIES, Tamil, Muslim, Hindu, Christian, VOTED in LOCKSTEP with each other to OUST President Mahinda Rajapaksa supported by the VAST MAJORITY of Sinhala Buddhists!

    With that INCONTROVERTIBLE CONCLUSION, what can the Sinhala Buddhist community, against whom ALL MINORITIES are ganging up, DO?

    In my view, there are SEVERAL IMPORTANT THINGS the Sinhala Buddhist Community should do:

    1. CONTINUE TO ESPOUSE the VISION of ONE Sri Lankan Nation, of ONE Sri Lankan People, sharing ONE National Destiny with EQUAL RIGHTS and EQUAL RESPONSIBILITIES for all, irrespective of COMMUNITY. This is consistent with our Dharmishta Mindset as Buddhists, and will find acceptance throughout the world as both Just and Fair.

    2. Recognize that it is the SPLITTING of the Sinhala Buddhist vote that ROBS US OF VICTORY, and RESOLVE: TO NEVER LET OUR VOTE BE SPLIT AGAIN, and THUS get ELECTED TO POWER again in the near future, and to DISMANTLE & REVERSE ALL STEPS CURRENTLY BEING TAKEN by current GOSL to undermine and weaken the governance of our Motherland.

    In particular,

    2.1 RESTORE the Executive Presidency as the MOST STABLE FORM of government for Sri Lanka threatened by a host of external enemies.

    2.2 REMOVE Term Limits on the Executive President subject to 6-year Presidential Elections. A term limit is NOT NECESSARY to remove a non-performing president; an election is both NECESSARY & SUFFICIENT. STAGGER the Presidential and Parliamentary Elections in time for GREATER Stability,

    2.3 REPEAL the 13th Amendment and DISSOLVE the Provincial Councils replacing the PCs with Districts Administered by GOSL Appointed Government Agents. Provincial Governments ONLY serve as CENTERS of REBELLION against the Central Government, FRUSTRATES the National Will on National Development Programs, and CONSTITUTES another layer of USELESS Bureaucracy burdening the people. The FREEDOM to ELECT One’s Candidate to the National Parliament is SUFFICIENT FRANCHISE for any Law Abiding Citizen!

    2.4 STRENGTHEN the Laws against TREASON and PROSECUTE Traitors to the Fullest Extent of the Law including those who CONNIVE with Foreign Powers to undermine the elected government of Sri Lanka, and to promote separatism within the country.

    2.5 BAN ALL Political Parties and Organizations with Communal Separatist Agendas in their constitutions, party names and election platforms, WITHOUT EXCEPTION.

    2.6 BAN ALL NGOs from accepting foreign funds, or collaborating with foreign powers, for ANY POLITICAL or RELIGIOUS MISSIONARY PURPOSE. We don’t lessons on “Human Rights” and “Democracy Building” from the GREATEST Violators of Human Rights, Destabilizing and Overthrowing POPULARLY ELECTED Governments across the world to sere their own National Agendas.

    3. ENACT and ENFORCE Laws that INTEGRATE the Nation into ONE INDIVISIBLE SOCIETY, IGNORING the DIVISIVE SEPARATIST DEMANDS of the Minorities designed to convert Sri Lanka into a PATCHWORK of ETHNO-RELIGIOUS BANTUSTANS.

    The GOSL should ENCOURAGE settlement by ALL Citizens in the North and East by every means possible, with the OBJECTIVE of achieving a UNIFORM DEMOGRAPHY throughout the Nation as the ONLY PERMANENT Solution to SEPARATISM. What the Tamils enjoy in the Western Province TODAY, the Sinhala People MUST be able to enjoy in the North & East. What is GOOD for the GOOSE, should be GOOD for the GANDER as well.

    Anything else is RACIAL & RELIGIOUS DISCRIMINATION against the Sinhala People!

  3. AnuD Says:

    IF the govt is not willing to abolish the 13th amendment, they should reduce the number parliamentarians from 225 to a very low number.

    Even for different ministries they can have committees with the Central minister as the chairmen and other provincial counterparts as the members.

    Because, the 13th amendment is another way to control the tamils.

  4. cwije Says:

    ලිච්චවි රජදරුවන් දුන් නාස් ලණුව (1)

    ඩොනමෝර් බෞද්ධයින්

    ලංකාව නමැති කොලනියට 1931 දී සර්‍වජන චන්ද බලය දෙනවාට පක්‍ෂව සිටියේ ඩොනමෝර් කොමිසම හා ඒ ඊ ගුණසිංහ මහතාත් පමණයයි කියැවේ! එසේ නමුත් මේ නිසා 1832 දී සිටම සුද්දන්ගේ හා කළුසුද්දන්ගේ වෙනස්කම් හා හිරිහැරවලට යටවී සිටි සිංහල බෞද්ධයින්ට රටේ දේශපාලන බලය මාරුවන බව තේරුම් ගත්, එතෙක් හුදෙක් වාසි සඳහා ක්‍රිස්තියානිකාරයින්වී සිටි, සිංහල කළුසුද්දෝ, යළිත් වරක් බුද්ධාගමට හැරුනේය. රනිල් අගමැතිතුමාගේ මාමා වන ජේ ආර් හා අගමැති බණ්ඩාරනායක මීට උදාහරණ දෙකකි.

    මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාගේ අපේ හාමුදුරුවනේ! අපේ හාමුදුරුවනේ! ආමන්ත්‍රණයට අමතරව, මෑතකාලයේදී, බුද්ධාගමේ කතා, ජනප්‍රිය දේශපාලනයට, වැඩිපුර යොදාගෙන ඇත්තේ කොල පාට දේශපාලකයින් විසින් බව පෙනේ. 1977 ජේ ආර් ගේ ධර්මිෂ්ට සමාජ කතාව හොඳ නිදසුනකි. මෙසේ බෞද්ධ කතා දේශපාලනයට ගෙන ඒම රනිල් ව්සින්ද දැන් පුරුද්දක් කරගෙන ඇත. ලංකාව ථේරවාදී බුද්ධාගමේ මධ්‍යස්ථානයක් කිරීම ඔහුගේ අළුත්ම යෝජනාවය. ලංකාවේ සිංහල බෞද්ධ පදනම අතුගාදැමිය යුතුයයි ඔහුගේ පක්‍ෂයේ රෝසි සේනානායක ඇමතිනිය මීට කලින් කියා සිටිනිසා මේ යෝජනාව ප්‍රථමයෙන් පක්‍ෂය තුල සාකච්චා කිරීම ලිච්චවි මග නොවේද?

    යූ එන් පී 55 වන සංවත්සරයේදී (2013 දෙසැම්බර් 21) රනිල් කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ, අජාසත් රජු විසින් ඒ කාලයේ ලිච්චවි රජවරුන්ට කල අකාරයටම, තම පක්‍ෂය භේදභින්න කරනවාය කියාය. ඩොනමෝර් බෞද්ධයින් දැනසිටි කෙහෙල්මල් බුද්ධාගමක් නැත. එහෙත් රනිල් බුද්ධාගම ගැන පොතක්ද ලියුවේය. ඔහු වෛතුල්‍යවාදය ගැනද දැන සිටියේය. එස් බී දිසානායක කලාවගේ එය වෙන කෙනෙක් ලවා ලියවා ගත්තාදැයි අපට කිව නොහැකිය.
    රනිල්ගේ පියා ක්‍රිස්තියානි මාක්ස්වාදියෙක් වුවත් මව හොඳ විජේවර්‍ධන පවුලේ බෞද්ධයෙක් විය. දැන් රටේ අගමැති වශයෙන් රනිල් විසින් ලිච්චවි රජදරුවන් ගැන කථා කරන්නට පටන්ගෙන ඇති නිසා ඔහු චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ටාංගික මාර්‍ගය (ශීල-සමාධි-ප්‍රඥා)යනු මොනවාදැයි දන්නවාද යන ප්‍රශ්නය යමෙකුගේ සිතට එන්නට පුළුවන් ය. මෙයට හේතුව ලිච්චවි රීති (මූලධර්‍ම) මොනවාදැයි ඔහු හරිහැටි නොදන්නා බව ඔහුගේ ආණ්ඩුවේ ක්‍රියාවලින් පිළිඹිඹු වීමය. මහින්දගේ අපේ හාමුදුරුවනේ මෙන් රනිල්ගේ මේ බෞද්ධ කතාද හුදෙක් නිශ්ඵල කතා ලෙස මහජනයාට ඒත්තුයාමටද ඉඩ තිබේ.

    චන්ද්‍රිකාටත් වඩා යුරෝපීකරණයට අසුවූ කෙනෙකු වශයෙන් ප්‍රසිද්ධ රනිල් (චන්ද්‍රිකා ගෙන්නා ගත්තේ චාල්ස් කුමාරයාවය. පෘතුගීසීන් ලංකාවට ඇවිත් අවුරුදු 500 ක් ගතවීම සමරා උත්සවයක් ගන්නට පෘතුගාල අගමැති ගෙන්නන්නට සැදුවේ රනිල් ය), ග්‍රීක පුර රාජ්‍ය ක්‍රමය වෙනුවට ලිච්චවි රජුන්ගේ වැනි පාලන ක්‍රමයක් (ඒ දෙකම එකවගේ විය) ලංකාවේ අරඹනවා කීමෙන් අදහස් වන්නේ මෛත්‍රීපාලනය හෝ යහපාලනයට වඩා වෙනස් ක්‍රමයක්ද යන ප්‍රශ්නය අපට මතුවේ.

    ප්‍රජාතන්ත්‍රවාදය නමැති නාස්ලණුව

    ප්‍රජාතන්ත්‍රවාදය යන වචනයේ සංස්කෘත අර්‍ථය ප්‍රජාව අතේ ඇති නාස් ලණුව යන්නය. මින් අදහස් වන්නේ බලය ඇත්තේ මහජනයාට යන්නය. මහජනයාගේ අතේ ගොනාට දැමූ නාස් ලණුව ඇතිබවය. නමුත් ලෝකයේ හැමතැනම සිදුවී ඇත්තේ මෙහි අනිත් පැත්තය. දේශපාලකයා මහජනයාට නාස්ලණුවක් දමා ගැනීමය. මේ ලිච්චවි පාලනයක් යන කථාවද එවැනි නාස් ලණුවක් දැමීමක්ද? කෙලින්ම මහින්ද හා තරඟකලා නම් පරදින බව දන්නා රනිල් ඇතුළු පිරිසක් මහින්ද විසින් කරගෙන ගිය අතිශයන් දූෂිත මඩ ගොහොරු පාලනය පෙරලා දැමීමට සිංහල බෞද්ධ අසතුට පාවිච්චියට ගත්තේය. මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයට පත්‌වුනේ සිංහල බෞද්ධ කලකිරීමය. සෝභිත හාමුදුරුවන් (සිවුරක්) වෙනුවට තිබූ ඊලඟ හොඳම අපේක්‍ෂකයා ඔහුවිය.

    නොයෙක් ආකාරයේ විවරණ, විග්‍රහ ඇතත්, මැතිවරණ සිතියම කුමක්දැයි යථාවශයෙන් තේරුම්ගත හැක්කේ චන්දය දමන මධ්‍යස්ථාන මට්ටමින් (පෝලින් බූත්) සිතියමක් පිලියෙල කලොත් පමණය. සිංහල බෞද්ධයින් මෛත්‍රීපාල පොදු අපේක්‍ෂකයාට චන්දය දුන්නේ චන්ද්‍රිකා-රනිල් දෙන්නාට 1994-2005 කාලයේ කරගන්නට නොහැකිවූ රට දෙකට බෙදීමේ වැඩ සටහන, ව්‍යාපාරය, 2015 දී යළි මිනීවලෙන් ගොඩ ගන්නද? මෙය වංක ප්ලෑනක් නිසා ඊට ලිච්චවි පදනමක් ආරූඬ කල නොහැකිය. දේශපාලකයින්ගේ සද්භාවය ඉබේම දැනගැනීමේ ඉවක් ජනතාවට ඇතිබව දේශපාලකයින්ට නොතේරේ.

    ප්‍රහාකරන්ලාට මචං කී අය, ඔහුගේ උපන් දිනයට පිස්තෝල තෑගිකල අය, පීටොම් කපුරාළලා, පෙඩරල් ක්‍රිස්තියානීන් හා පෙඩරල් මාක්ස්වාදීන් ආණ්ඩුවේ බලවත් තනතුරුවලට පත්කරන ගමන් ලිච්චවි පාලනයක් ගෙනයන්නේ කෙසේද? ලංකාව කියා තනි රටක් ඉතුරුනොවේ නම් ලංකාවේ බුද්ධාගමක් ඉතුරු නොවේ. එක කකුලක් බුද්ධාගමේත්, අනිත් කකුල රට දෙකට කැඩෙන ඉණිමගේත් තබාගෙන වැඩිදුරක් යන්නට නොහැක. කකුල් දෙකම 13 සංශොධනයේ තබාගෙනත් මහින්ද රාජපක්‍ෂ බිමටම වැටුනේය.

    වෙන්කිරීම තුලින් එකතු කිරීම!

    ලගදී අගමැති රනිල් හා (සිංහල කොමිෂමේ වාර්‌තාව කුණු කූඩයට දාන්න ගිය) ඇමති මංගල සමරවීර විසින් කරන කතා දෙස බලන විට දින 100 කාලසටහන යනු දින 100 කට පෙර රටබෙදීමට පාර කපා දීමය යන්න දැන් පැහැදිලිය. එසේ නැත්නම් නැති ජාතික ප්‍රශ්නයකට (දෙමල ජනතාවට නොව ටී එන් ඒ එකට ඇති) නොම්මර එකේ ප්‍රමුඛතාවය දීගෙන දඟලන්නේ ඇයි? එකට සිටින/තිබෙන යම්කිසි පන ඇති හෝ පන නැති දෙකක් වෙන් කල විට ඒ දෙක වැඩියෙන් එකතුවනවා කියන්නේ කෙසේද? යම් ගෙදරක සිටින සමගියක් නැති (එකතුවක් නැති) ජෝඩුවක් ගෙවල් දෙකකට ගියොත්/දැම්මොත් ඔවුන් වඩාත් හොඳින් එකට එකතු වෙනවාද?

    කාන්දම් කෑලි දෙකක් වුවත් වෙන්කල විට සිදුවන්නේ වෙනත් බාහිර දේ හා එක්‌වීම නොවේද? විශේෂයෙන්ම එකට සිටීමේ ප්‍රශ්නය එක්කෙනෙකුට අළුත් පෙම්වතෙක් සිටීම නම් වෙන්කිරීමෙන් සිදුවන්නේ පෑස්සීමද නැත්නම් ඉබ්බාව දියේ දැමීමද? ලෝකයේ දෙමල ජනයාට කියා වෙනම රටක් හදාගන්නට භූමියක් සොයමින් ඉන්නා දෙමල පෙම්වතා කෙළහලමින් බලා ඉන්නාවිට , උතුරු-නැගෙනහිර දෙමල ජනයා නමැති විවාහ විරසක කාන්තාවට වෙනම ඉඩමක වෙනම ගෙයක් ලබාදුන්විට ඇගේ පතිවත කෙසේ නම් රැකේවිද?

    “හව් කැන් යූ යුනයිට් බයි ඩිවයිඩින්” කියා ඇමෙරිකන් වැසියන් අසන්නේ මේ නිසාය. හිඩ්න් ඇජෙන්ඩා ඇති ලංකාවේ දේශපාලකයින්ට මෙන් නොව ස්වාධින අපක්‍ෂපාත මිනිසුන්ට නම් එය විකට කතාවක් පමණය. මුළු ඇමෙරිකන් රාජ්‍ය යන්ත්‍රයම සදා ඇත්තේ ඊට විරුද්ධවය. මේ නිසා ඒකීය රටක් තුල ස්වයංපාලනයක් යන රනිල්ගේ කතාව ලිච්චවි රජවරුන්ගේ කතාවක් නොව එක්කෝ සිංහල බෞද්ධයා රැවටීමට යොදාගත් දියරෙද්දකි. එසේ නැත්නම් සිංහල බෞද්ධයා හිත හොඳගෑණුන් යයි සිතීමේ පරණ පුරුද්දකි. ලිච්ඡවි රජවරුන් සාකච්චා කලා පමණක් නොව ඔවුන් සද්භාවයෙන් යුත් අවංක අයද විය. සිංගප්පූරුවේ ලී ක්වාන් ඒකාධිපතියෙකු මෙන්ම රටට අවංක පුද්ගලයෙකුද විය. ඔහු හා මහින්ද රාජපක්‍ෂ අතර තිබූ වෙනස එයය.

    අවංක අගමැති රනිල්

    එසේ නම්, ඇත්තටම අවංක නම්, අගමැති රනිල් විසින් කල යුත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව අමරුවේ නොදැමීමය. චන්ද කාලයේදී අඩුවෙන්ම කතාකලේ හෝ කතා නොකලේ 13 වන සංශොධනය ගැනය. මේ නිසා ඒ ගැන සංවාදයක් ආරම්භ කල යුත්තේ මේ දින 100 තුල නොව ලබන පාර්ලිමේන්තු මැතිවරණයේදීය. විධායක ජනාධිපතිධූරය අහෝසි කරනවානම්, ඒ සමග 13 සංශොධනයද ඉවත් කල යුතුය. ඒ වෙනුවට ජන සභා පිහිටුවා ගම් මට්ටමින් ජනතාවට බලය මාරුකල යුතුය. ලිච්චවි මාවත එයය. නියමම ලිච්චවි මග නම් දැන් පවතින බලු චන්ද ක්‍රමය වෙනස් කර ලිස්ට් නැතිව පාර්ලිමේන්තු චන්ද කොට්ඨාශ (ආසන) අනුව චන්දය පැවැත්‌විමය. ඒ සඳහා කල් මදිය කීම වංක කතාවකි. ඒ සඳහා කල් ගැනීම ගැන මහජනයා විරුද්ධ නොවේ. දින 100 මදිනම් දින 200 ක් ගතහැකි වන්නේ මෙය රටේ අනාගතයට ඉතාමත්ම වැදගත්, තීරණාත්මක කාරණයක් නිසාය.

    ඒකීය රටක් තුල ස්වයංපාලනයක් යන කතාව සිදුනොවන දෙයකි. එය ඉර බටහිරින් පායනවා නැත්නම් ලෝකය පැතලිය කියනවා වගේය. ලෝකයේ කිසිම ඒකීය රටක් බෙදීම මගින් එකතුකර නැත. ලෝකයේ මෙතෙක් සිදුව ඇත්තේ ඒකීය රටවල් යුද්ධ මගින් බෙදා ගැනීම පමණය. අනිත් අතට වෙනම තිබූ රටවල් ඒකීය වූයේ පෙඩරල් ක්‍රමය හරහාය. මීට අමතරව කිවයුතු අනිත් කාරණය නම් 13-ඒ තිබෙනතාක් ලංකාවට ඒකීය රටක් කියා කියන්නට නොහැකි බවය. ලංකාවට 13-ඒ මර උඟුලක්‌වී ඇත්තේ කෙසේද යන්න මෙම ලිපියේ දෙවන කොටසින් පෙන්නා දීමට බලාපොරොත්තුවෙමි.

    ජාතික හෙළ උරුමය, සෝභිත නාහිමි, බොදු බල සේනාව, දිනේෂ් ගුණවර්‍ධන, නලින් සිල්වා, ගුණදාස අමරසේකර, විමල් වීරවංශ යනාදී කොටස් නිල්-කොල පක්‍ෂවල සිංහලයින්ට මෙම බැරෑරුම් අර්බුදය පෙන්වා දීමට නැවත ක්‍රියාකලයුතු කාලය මෙතරම් ඉක්මණින්ම උදාවේයැයි සිතුවේ කවුද? මෙම බලවේගයට මහින්ද රාජපක්‍ෂ මහතා ගාවා නොගතයුතු ඔහු 13-ඒ වාදියෙක් නිසාත්, අද මේ ඇති අර්බුදය ඔහුගේ අත්තනෝමතික, අසාධාරණ ක්‍රියාකලාපයේ ප්‍රතිඵලයක් නිසාත් ය.

    “අපේ මව්බිමට, පරිසර විනාශය වලකා, ආර්ථික හා සමාජික විෂමතා දුරුකර, සාධාරණ සමාජයක් සදාගත හැක්කේ, 1832 දී ආරම්භවූ පලාත් නවයේ කෘතිම බෙදීම අහෝසිකර, ඒ වෙනුවට, පරිසරාත්මක මයිම් සහිත (ඉකොලොජිකල් බවුන්ඩරීස්) ජන සභා (ග්‍රාම සේවා නිලධාරී ඒකක) සම්මුති දේශපාලන ක්‍රමයක් මගිනි. එය හරි මග හෙවත් බෞද්ධ මධ්‍යම ප්‍රතිපදාවය.”

    චන්ද්‍රසිරි විජයවික්‍රම
    ජනවාරි 23, 2015

  5. ranjit Says:

    Very interesting letter Mr Nalin and I wholeheartedly agree with every point you have mentioned in it. This must be read by all blind stupids who voted for this Achcharu Hora Palanaya.

    I told you this was a coup orchestrated by the western Mafia and the Tamil Diaspora. I cannot understand why our people so dumb and blind? The Western Govt’s have planned this for a long time with our local traitors and they succeeded somehow. Coming General election is the only way we can put a full stop for their treacherous plans in the future. No need to write,argue and debate about these people.They were bunch of traitors who did many crimes in the past.The problem with Mahinda Rajapksa was he never ever tried to bring these vultures to justice. He was a man of Peace. Now he may have realized his mistakes and I hope he will return back with the same courage and will power to lead us for a better future.

    Our ungrateful citizens have forgotten what Ranil,Chandrika,Rajitha,Fonseka,Ravi,Jayasooriya,Sajith and JVP did to our Motherland in the past for several years. I know very well that they will regret it very soon but already the damage has been done. Can anyone remember how JVPer’s killed innocent people in 71. They killed the father in front of the son.They massacred the whole family in some places. They destroyed Govt property same like Tamil terrorists. UNPer’s killed JVP leaders and our own Intelligence and also helped and financed LTTE terror Organization which people knows very well. So how come these stupids gave them power again? That is my question after all what they did to our country when they were in power. Why the previous Govt didnt investigate the money they found in Ratmalana and why not take any action about Rajitha’s tape conversation? We as citizens like to know the truth. Firstly we must investigate all the past crimes done by these Yahapalanaya gang then secondly they can investigate the others. We as citizens should know everything in both sides not only one side.

    We should not trust those ungrateful Tamils or Muslims at anytime. How much you give them they were not satisfied unless they have their own Kingdom. We the Sinhalese should always think of our Motherland and try to safeguard it from our enemies within and outside. It’s a must, because we have only this country in the world to call it our home. If we stay divided it will be easy for all these terrorist elements to creep back to our land and start another bloodshed. Don’t be stupid to give power to UNP back. They were all traitors and thieves which we know very well and also to that woman who said that she was ashamed to be a Sri Lankan. A woman who said (Mr.) to the most ruthless killer of all time in our history and who killed our father,mother,brother,sister,infants and Buddhist monks in cold blood. Shame to call a terrorist of that caliber a Mr.Prabakaran.

    I hope majority of the people in my country are not so stupid to give power again to UNP after all what they have done to this country of ours in the past. Do not think of your stomach only.We have to see for our future and the children’s future. What they are doing now is reducing some prices here and there and try to cheat people to get votes in the General election and also they are trying to tarnish the image of Mahinda Rajapksa by calling him a cheat and a thief. If anyone is guilty they must prove it first and then only people will believe them. They have closed the Media and newspapers for the Opposition and from morning till evening they have started yahapalana propaganda and barking Hora,Hora which is their latest song today written by Rajitha,Lyrics by Rathana and Champika and sung by Ranil and the clan.

  6. Wickrama Says:

    Anu,
    Govt. is not only NOT WILLING to abolish 13A, but is willing to implement it !

    “Lanka reaches consensus to implement 13A: Wickremesinghe”

    http://zeenews.india.com/news/south-asia/lanka-reaches-consensus-to-implement-13a-wickremesinghe_1535741.html

  7. Lorenzo Says:

    SL ISLAMIC terrorists may attack Obama? Hindustan Times.

    “Indian intelligence agencies have issued alerts to Delhi police and other security agencies saying US President Barack Obama might be targeted by anti-national elements belonging to Sri Lanka or Maldives during his Delhi visit as the chief guest for the Republic Day parade.

    A close watch is being kept on Sri Lankan and Maldivian nationals staying in India, particularly those with longer visa validity or whose visas have expired.

    In their alert issued on January 15, intelligence agencies highlighted the possibility that Obama will be shown black flags by some Aam Aadmi Party sympathizers and Hindu Sena members to protest the US President’s visit. Hindu Sena opposed US granting $532 million to Pakistan for checking terrorism and accused US of adopting double standard. Alerts suggest that an AAP’s political advisor from Gujarat has been mobilising people to show black flags to the US President.”

    – hindustantimes

    Even if there are Islamic terrorists in SL, there is NOTHING we can do. But they will be FOOLISH to attack Obama!!!

  8. AnuD Says:

    See how Nalin De Silva changed because of his political appointment. He had forgotten all the Jra Weda did by Mahinda Rajapakse and his gang.

    if Mahinda Rajapakse loved the country he had Ten years to change most of these. He just got in front of some one else’e work.

  9. Leela Says:

    පරිපාලන දිස්ත්‍රික්ක වල ජන අනුපාත සමග පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵල අාසන මට්ටමින් සංසන්දනය කර විශ්ලේෂණය කලවිට පැහැදිලිවම පෙනෙන කරුනක් තමයි රටේ ජනගහනයෙන් 25%ක් වන දෙමළුන් සහ මුසල්මනයන් 85%කට වැඩි ප්‍රතිශතකයක් චන්දෙ දුන්නෙ My3 ට බව. ප්‍රශ්ණය වන්නේ එවැනි දෙමළ සහ මුස්ලිම් ප්‍රතිශතකයක් තමන් අහලවත් නැති My3 ට චන්දෙ දුන්නෙ අැයි කියන එකයි. පැහැදිලිිවම ශ්‍රි ලංකාවෙ සහ සිංහල මහ ජාතියේ ඉරනම දෙමළ සහ මුස්ලිම් බහුතරයට වෙනස් කල හැකි බව ඔවුන් පෙන්වා දුන්නා. එ්කයි මෙතන වැදගත් නමුත් භයානක කාරනය. මේක සිංහලයට විරුද්ධව කල මහා කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් කියන එක සහ සිංහලයන් එක් නූනොත් කෙලවර රට ජාතියටම අඳුරුයි කියල නලින් කියන කතාව සිංහලයා විශේෂයෙන්ම සිංහල බෞද්ධයා තේරුම් ගත යුතුයි කියන එකයි මගේ අදහස.

  10. AnuD Says:

    Leela Says, that Tamils and muslims decided the fate of Sinhala Lanka. that happened in in 1972 also, if I remember correct, and TULF became the opposition. That is how LTTE became a powerful organization.

    Why it happened ?. It is the selfishness of Sinhala politicians. Mahinda Rajapakse showed that he was a good buddhist. but, why he went to Vatican to invite Pope and what did Pope came to Sri lanka and did. He made some foreigners the saints.

    In this article, Nalin De Silva is honest to say he also earned some money through a useless and fraudulent political appointment. For example, what does a Mathematician knows about Sidha medicine. In order to study it he has to learn it first. So, he was paid to roam around just because he talked for Mahinda Rajapakse. If he was given an opportunity to study something related to mathematics or even Physics education in Sri lanka, that would have been something different.

    So, he is giving a good example how the govt wasted money and people.

    I listened to one SATANA program. Inthat it says I understand GAMA NEGUMA program was compltely a fraud. Mahinda Rajapakse included UNTESTED IDEAS in his Mahinda chintana. They gave director General apointments to their henchmen and they sent application forma to unemployed undergraduates saying that they would be appointed. Then only, they started the feasibility of the idea that they have in mind. Unemployed undergraduates had prepared portfolios to send with their ideas spending money that they did not have. Yet, the govt began to study the idea all after that.

    That is how they cheated people. Listen to this.
    https://www.youtube.com/watch?v=SGWYGWI1NzA

  11. ranjit Says:

    Leela you are damn correct. Maha Sinhalaya will dig his won grave very soon if they do not get united as one and fight the threat we are facing today from within and abroad. Tamils and Muslims are one they both dreaming to have something for their own and they showed that they are united in their dream. Sinhalaya wake up without been traitor to your Motherland.

  12. Dr.K Says:

    සැබෑ සිංහළයන් එකාමෙන් නැගී සිටිය යුතු මොහොතක් එළඹ ඇත – lankaweb 5ජන 2015

  13. Wickrama Says:

    Anu,

    “He had forgotten all the Jra Weda did by Mahinda Rajapakse and his gang.”

    Well, people have forgotten all the Jara weda and Deshadrohi weda that Ranil, CBK, RaviK, TNA, Hakeem, Maithri etc done in the past AND the good weda done by Mahinda.

    This govt has already started doing Jara weda. If they continue to do them and in addition Deshadrohi weda, whatever good weda they may do will be forgotten by people by 100 days !

  14. Nanda Says:

    “මහින්ද රාජපක්‍ෂ මහතා දූෂිතයන්ට හොරුන්ට දාමරිකයන්ට එරෙහිව පියවර ගෙන නැත.”

    හේතුව ඔහු ප්‍රධාන දූෂිතයා වීමයි.

    රට දෙමලාට ගියත්, බුධ්ධාගම තව බොහෝ කළක් පවතිනු නියතයි. එහෙත් මා-හින් දා සිටියානම් “අපේ හාමුදුරුවනේ” කියමින් බුධ්ධාගම ඉතා ටිකකළකින්ම විනාශ කරදමනු නියතයි. පස්පව් කරමින්, තරුණ ජීවිත මුලා කරමින් , රට අශික්කිත , අශීලාචාර​, අධම බවට පත් කොට​, ඔහුගේ බිරියගේ ආගම පැතිරවීමට උදව්කරන අන් දම ඔහුගේ කාළයේ මොනවට පැහැදිලිව තිබිනි.

  15. Christie Says:

    Please don’t be frogs in deep well who are jumping around. The island is another colony of India like Guyana or Fiji. Mauritius has become a State of India. Within another thirty years this island will be another State of the Indian Union. We are fighting among ourselves blaming the ghost of West. Please think. Please look. Please understand.

  16. Wickrama Says:

    “Lorenzo Says:
    January 25th, 2015 at 10:29 pm

    SL ISLAMIC terrorists may attack Obama? Hindustan Times.”

    Now that SL have a “US Friendly” Govt, Indians must be trying “Divide and Rule” tactics to set US against SL !!

    “But they will be FOOLISH to attack Obama!!!”

    They are fools anyway. But they are not BRAVE enough to do so. Not yet anyway. Let’s see what happens after 100 (- 18) days.

  17. Senevirath Says:

    mahinda nalinta dun thaaga maha kajjak nove ohu ratata kala sevaye hatiyata deemanaavak pamanay.. ranil laage drohikam ratata amathaka veemay pudumaya

  18. Senevirath Says:

    nanda mokakda mahindage biriyage aagama rosilaage kenekda nathnam hinduda da

  19. Lorenzo Says:

    Guys,

    STOP defending MR. There is NO future for MR, GR, YR, BR or NR. Not even for Shiranthi.

    TRY to rebuild a PATRIOTIC FRONT WITHOUT them.

    MR became a Tamill sympathizer after 2010. He deserves what he got.

    I’m intrigued about the NEW SONG RATANA thero is singing! Now he says we should join TNA, etc. and work together!! FOR WHAT I ASK. To DIVIDE the country? To bring back the LTTE? This is worrying.

  20. AnuD Says:

    Rajapakse Family had 10 years to prove. They screwed it up for every body. there are other leaders. Force Maithripala Sirisena and If Ranil wants Ranil too to get rid of unwanted people from their parties and build new parties.

    when they appoint SB dissanayake like people as the SLFP vice chairman I don’t think SLFP has a future.

  21. Nanda Says:

    Senevi,
    පාප් වහන්සේ ගේ ආගමනේ. දන්නේ නැද්ද ?

    Lorenzo,
    He is a Bikkhu. He said this kind of things even before the religion, when campaigning. What he is saying is we should not discriminate poor people from other races. He is for working together with TNA , giving some space for them to join government rather than alienating them forever. I believe there is nothing wrong in these ideas, which is based on My3’s “Nani Veerena Veerani”.

  22. Lorenzo Says:

    Nanda, Nanda?

    I’m beginning to see a BIG and UGLY “A” in front of your name!!

    Please don’t fall into that category.

    SL comes first. NOT MR or My3. NOT Buddhism either.

    My3 is a PATRIOT. But his CABINET and supporters in parliament are NOT. They are ALL TRAITORS except 2. We knew that and no problem AS LONG AS POWERFUL PATRIOTS like Champika and Ratana hold the fort.

    IF they too start singing the INTERFAITH song, I’m getting another round of lose motions.

    We have brought patriots in this journey with UTMOST DIFFICULTY. If we dessert them now, even the strongest steel frame cannot save our backsides.

  23. Geeth Says:

    Lorenzo,
    You have said, “My3 is a patriot.”
    How did you come to that conclusion so easily? Do you know about him more than other Sri Lankans know? Can you line-up all those patriotic acts of My3 for last thirty years? We are more than curious to see your Archimedean discovery Lorenzo.

  24. Dilrook Says:

    I too share the curiosity of Geeth. Surely there are many things we are not privy to and Sirisena’s patriotism (especially given his conduct now) is one of them.

  25. Lorenzo Says:

    GK,

    “Can you line-up all those patriotic acts of My3 for last thirty years? We are more than curious to see your Archimedean discovery Lorenzo”

    Everything is relative including patriotism. My3 is a patriot because:

    1. In 1948 his family COLONIZED a frontier bordering what Tamil racists call Tamil Elam. SL is safe thanks to people like this.

    2. My3 looked after Sinhala people in THREATENED VILLAGES. They are the FRONTLINE against TAMIL DEMOGRAPHIC INVASION.

    SL is like a PEARL sitting under the Endian arsse. The Endian arsse crappped on the SL pearl. Naturally the excreta dropped on the TOP (NORTH) of the pearl and SPREADS downwards (SOUTHWARD), slowly.

    Try this experiment at home with a tear shaped pebble and drop a thick yoghurt drop on it. See the shape? Same as TAMIL ELAM isn’t it? And see what the yoghurt drop is doing. It slowly COVERS the entire pebble!

    3. My3 acted as DEFENCE MINISTER 5 times. LTTE tried to kill him twice. Who broke the MR’s ceasefire with the LTTE in May 2009? My3. MR declared a ceasefire with the LTTE for May 12-14 and flew to Jordan! My3 had the unenviable task of breaking it and going to war. LTTE agreed to surrender during My3’s term as defence minister.

    4. My3 is not the one to give refuge to KP, Karuna, etc. and other terrorists.

    5. LTTE HACK-HIM was the JUSTICE MINISTER of MR but CESSPIT minister of My3!

    6. My3 did not make the train that arrives in Anuradhapura TAMIL ONLY since September 2014.

    7. My3 is the ONLY politician to start an IRRIGATION PROJECT (Moragaakanda) after 2005 while MR was busy opening TOLL ROADS for rich kids.

    8. My3 went to DALADA MALIGAWA when his rival MR went to THIRUPATHY KOVIL.

    9. My3 reinstated all the LIFE TIME achievements of SF who is the war winning army commander. And who jailed him and stole all his LIFE TIME achievements?

    10. My3 has a CREDIBLE plan to punish the corrupt. NO ONE was punished for corruption under MR. SF was NOT punished for corruption.

    EUREKA!

  26. Geeth Says:

    Dear Lorenzo,
    If he were such a great patriot, simply he wouldn’t become a ragdoll of CBK, Mangala and Runil, the well-known traitors of the nation. Where on this earth you can find MY 3 type patriots who sleeps with traitors? So he has failed from primary test. If he were a patriot, he wouldn’t have opened this can of political worms at this time, and instead would have waited, kept it tightly closed until the country become little more stable. First of all, do you really think country needed this type of political change what we are experiencing now bringing all political junkies into the forefront?

    1. Polonnaruwa, where his family settled was not frontier bordering Tamil Elam. If Polonnaruwa becomes frontier, then Colombo too qualifies to be one.
    2. My3 was the representative of Polonnaruwa people since H. G. P. nelsons was defeated. Do you really think My3 has done anything substantial to Polonnaruwa people comparing to the time he was in parliament? Luckily large majority of Polonnaruwa people wouldn’t read Lanka web, otherwise they would have answered for the myth you are trying to spread around.
    3. My3 was creating more problems for Polonnaruwa than answers, while building Rice Empire for his family. He knows, whoever controls rice controls the nation.
    4. What he has done to resolve CKDU issue IN POLONNARUWA? Didn’t he have the portfolio of health ministry once before?
    5. Small example, but tells thousand words; if he had any vision whatsoever for Polonnaruwa, he wouldn’t bring down the water level of Parakrama samudra, the symbol of historical pride of, not only Polonnaruwa, but also entire island; what he did was the opposite of what politicians of the past did.
    6. He had no vision whatsoever except self centered political objectives – no vision, neither for Polonnaruwa, nor for Sri Lanka.

    Lorenzo, you have a reputation of having very good political awareness. So please don’t bet everything on MY3, eventually you also will be tossed into the dustbin of history with him. I know you made a big political blunder by supporting My3; for which I have a soft corner about you. People make mistakes; but that doesn’t mean they have to live there forever. So without sticking into this tunnel vision, try to dig another way-out because the more you defend My3, more you sink in the mud.

  27. Nanda Says:

    Lorenzo,
    I said “he is a bikkhu”. We have different code of ethics. We have a right to get angry, right to kill if necessary. But the truth cannot be changed.
    This is why as I said earlier Maithree Palanaya is a wrong concept. There cannot be such a Palanaya unless My3 is a wheel rolling monarch. ( Salviti Raja).

    Buddha’s words cannot go wrong “Nahi Verena Verani… ” was valid 30000 year ago and is valid now and will be valid in the future.
    The great monk Nauyane Ariya Dhamma thero used to recite “Prabahakaran Niduk vetwa, nirogivetwa , suwapatvetava.. ” that is do Maithree to Velu.

  28. Ananda-USA Says:

    “Facebook” Lorenzo says,

    “We have brought patriots in this journey with UTMOST DIFFICULTY. If we dessert them now, even the strongest steel frame cannot save our backsides.”

    ON THE CONTRARY, SAY

    “We have brought TRAITORS in this journey with UTMOST DIFFICULTY. If we dessert them now, even the strongest steel frame cannot save our backsides.”

    May the Hatarawaran guardian Dieties of Sri Lanka inflict a pox on you and your entire house!

    BEGONE EELAMIST! BEGONE!

  29. Nanda Says:

    Geeth,
    Please check who was the minister of irrigation for last 3.-4 years. No one but this bugger has the authority to lower the water level, if recommended by the irrigation engineers. Don’t just quote on Maha Hora’s mud reports. Check please.

    When Maithrepala was the minister, Polonnaruwa produced a record harvest.

  30. Lorenzo Says:

    Ananda-USA,

    No. We didn’t bring any traitors. ONLY patriots.

    May the Hatarawaran guardian Dieties of Sri Lanka inflict a pox on you and your entire house!

  31. Lorenzo Says:

    Geeth Esq,

    1. That is because DSS COLONIZE that area well ahead. People had left this area and the population was VERY LOW making it ideal for kallathonis to colonize. It was prevented.

    2.& 3. Of course he did. Otherwise MR will not lose Polonnaruwa SO BADLY.

    4. He did yesterday! As health minister he was NOT allocated the funds. It cost 600 million rupees a year just to help them survive.

    5. He was NOT the irrigation minister at that time. MANY people’s houses were also under water. 2 months ago there was a flood and the govt. deliberately let HOTEL ARALIYA suffer flood water. But they didn’t care about the many houses that also suffered. Curse the US citizen who has taken the US oath secretly denouncing alligiance to SL and changed his surname to USA! This is why MR LOST 25% of his vote in Polonnaruwa.

    The flood was a turning point.

    Don’t worry too much. My3 will save BOTH SL and SLFP.

  32. Lorenzo Says:

    Nanda,

    Not a satisfactory response bro. I’m worried you know. People DEMAND answers.

    Don’t end up changing your surname to “USA”!!

  33. Ananda-USA Says:

    “Facebook” Lorenzo,

    Nah … You brought a TEAM of EELAMIST Vipers, TRAITORS ALL for your REGIME CHANGE PROPAGANDA!

    Now, you are trying HIDE IN THE GRASS AGAIN, STILL MAKING LISTS, pretending to be a “PATRIOT” hoping that Sinhala Modayas will FORGET your TREACHERY SOON!

    You will have to wait a VERY LONG TIME; because I will help to keep that MEMORY of TREACHERY alive.

    Better go back to Facebook, I think; the grass is longer there!

    May the Hatarawaran guardian Dieties of Sri Lanka inflict a pox on you and your entire house!

    BTW, don’t be a copy cat “Facebook” Lorenzo; use your own words instead of plagiarizing mine, or go make some more LISTS at Facebook! Your lists ae getting to be pretty TIRESOME here!

  34. Lorenzo Says:

    Ananda-USA,

    I don’t call people “Sinhala modayas”, etc.

    May the Hatarawaran guardian Dieties of Sri Lanka inflict a pox and a hex on you and all your houses!

  35. Ananda-USA Says:

    “Facebook” Lorenzo says “Don’t WORRY, be HAPPY My3 will save BOTH SL and SLFP.”

    Ah, YES! By the time Maithree is done with his “Yahapalanaya”

    the EELAMISTS will have their EELAM

    the Muslims will have their “Nuristan”

    Sri Lanka’s DEVELOPMENT will be NEGATIVE

    Indians will be resident in Sri Lanka with tens of thousands of NEW KALLATHONIS roosting in Sri Lanka,

    Sri Lanka’s ECONOMY will be FIRMLY in India’s grasp,

    Sri Lanka’s DEFENCE FORCES will be DISPIRITED, REDUCED in STRENGTH and EFFECTIVENESS,

    Foreign Missionaries will be CONVERTING Buddhists by the hundreds of Thousands,

    the SLFP will be DESTROYED as a PATRIOTIC PARTY

    and the Sinhala Buddhists will be TRANSFORMED from LANDOWNERS to RENTERS & SERFS in their own Motherland!

    Don’t Worry ….. Enjoy the SHOW … says “Facebook” Lorenzo, the EELAMIST SNAKE!

    “Facebook” Lorenzo says “Don’t WORRY, be HAPPY Give My3 a 100 days … and we will SCREW YOU ALL FOR GOOD!”

    Aiyoooo Sirisenaaaa …… What are you DOING to our Motherland???

  36. Nanda Says:

    Lorenzo,
    Don’t worry. Everything changes. You had a good buddy for years and gone forever due a stupid action by a thief.
    This is the nature.
    What I am saying is people cannot depend on Bikkhus to protect the country. There is a limit they will go. They are not going to kill to save the religion or country. It is the duty of the lay people to take over beyond that but rule without breaking basic principles.

    Why is someone calling you “Facebook Lorenzo” all the time ?

  37. Nanda Says:

    There is a mosquito in the forum. We need the help of Susantha Wijesinghe. Where is he ?

  38. Nanda Says:

    Great Lorenzo has even predicted my name. So, as a tribute to him I took the trouble to listen to Ratana Thero’s speech in the parliament.
    What he said in summary is this .
    1. He said it was Basil who ran the country, MR was for the show only. He valued MR’s contribution as the leader of the country for leading to end the brutal war and bring peace to country will be remembered by the nation for that good deed forever. They will never allow anyone to prosecute him because of the war.

    He explained how they tried everything to get constitutional reforms agreed with MR but failed.

    2. He acknowledges that there are bad people in the current government too. It is important to catch those thieves of the previous government and punish them not as a revenge but as a lesson to all present and future politicians that you steal the public and you will be caught and punished.

    3. Now a golden opportunity has arisen change the constitution with the help of all in the parliament, for the benefit of the country without personal ambitions.

    4. He said My3’s agenda has been published even before the election and there are absolutely no tother secret pacts recognised other than that. Based on this, national consensus shall be obtained with everyone’s contribution counted, not just UNP, SLFP.

    5. He said TNA should also has the opportunity to contribute towards the constitutional changes as it affects all and it is imperative to solve the Tamil problem for good. Even though TNA had LTTE connections, he said, we must acknowledge that they have been elected by Tamil people, democratically and it is very important.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress