රණවිරුවන්ට එරෙහිව දෙමළ ජාතිවාදී සාක්‍ෂිකරුවන් සුරැකීම
Posted on February 27th, 2015

නලින් ද සිල්වා

 

දින කිහිපයකට පෙර ආණ්ඩුව සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කරගැනීමේ පණතක් සම්මත කර ගත්තේ ය. බැලූ බැල්මට එය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට එකඟ ය. ආණ්ඩුවේ විපක්‍ෂය ද සැබෑ විපක්‍ෂය ද පණතට පක්‍ෂ විය. එහෙත් පණත කුමක් සඳහා ද? එය තේරුම් ගෙන ඇත්තේ ඉන්දියාවේ එන්ඩීටීවී ආයතනය ය. ඔවුන්ගේ වෙබ් අඩවියේ පෙබරවාරි 20 වැනි දා ඒ පිළිබඳ නියම තත්ත්වය පැහැදිලි කර ඇත.

 

පණතෙහි අරමුණ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් රැකීම හෝ මානව අයිතිවාසිකම් සුරැකීම හෝ නො වේ. ආණ්ඩුවටත් දෙමළ ජාතිවාදීන්ටත් ඉන්දියාවටත්, නූතන කඩහපොළ හිමියන්ටත් අවශ්‍ය දෙමළ ජාතිවාදී රායප්පු ජෝසෆ් හා ඔහුගේ සගයන් සුරැකීම ය. මෙහි දී ආණ්ඩුව යනු රනිල් වික්‍රමසිංහගේ එ ජා ප මෙන් ම මෛත්‍රිපාල සිරිසේනගේ ශ්‍රී ල නි පක්‍ෂයත් ය. මේ පණත පිටුපස එංගලන්තය ප්‍රමුඛ බටහිරයන් හා ඉන්දියාව ඇති බව පැහැදිලි ය. 

 

පණත කඩිමුඩියේ ගෙනාවේ ආණ්ඩුව ඊනියා මානව හිමිකම් කඩවීම් පිළිබඳ අභ්‍යන්තර පරීක්‍ෂණය ආරම්භ කිරීමට පෙර බටහිරයන්ගේ ඉන්දියාවේ හා දෙමළ ජාතිවාදයේ අවශ්‍යතාවට ය. පණතෙන් කෙරෙන්නේ මූලිකව ම රණවිරුවන්ට, මහින්ද රාජපක්‍ෂට හා ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව පැවැත්වීමට යන මේ යමපාලන පරීක්‍ෂණයේ දී බොරු සාක්‍ෂිකරුවන්ට ආරක්‍ෂාව සැපයීමට ය. ඒ බව එන්ඩීටිවි වෙබ් අඩවියේ පළ වී ඇති නියෝජ්‍ය විදේශ ඇමති අජිත් පෙරේරාගේ ප්‍රකාශයකින් ද තහවුරු වෙයි. 

 

බටහිරයන් හා දෙමළ ජාතිවාදීන් අදත් කියන්නේ දෙමළ ජනයා සමූලඝාතනය කෙරුණු බව ය. එසේ සමූලඝාතනය කෙරිණි නම් රායප්පු ජෝසෆ්ලා තවමත් ජීවත්වන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයකි. ඒ කෙසේ වෙතත් බටහිරයන්ට ඔවුන්ගේ චැනල් ෆෝ වැනි ජනමාධ්‍යවලට දෙමළ ජාතිවාදීන්ට අනුව හමුදාව විසින් මානුෂීය මෙහෙයුම් අවසානයේ දී හතළිස් දහසකට අධික පිරිසක් මරා දමනු ලැබ ඇත. 

 

රායප්පු ජෝසෆ් මේ පැමිණිලි ඉදිරිපත් කරන ප්‍රධානියෙකි. එහෙත් ඒ සඳහා ඔහුටවත් බටහිර ජනමාධ්‍යවලටවත් සාක්‍ෂි නැත. අද මේ සූදානම් වන්නේ ආණ්ඩුවේ ඊනියා අභ්‍යන්තර පරීක්‍ෂණයට බොරු සාක්‍ෂිකරුවන් ඉදිරිපත් කිරීමට රායප්පුලාට අවස්ථාව ලබා දීම ය. එහෙත් රායප්පුලා මෙයින්වත් සෑහීමකට පත්නොවෙති. ඔවුන්ට අවශ්‍ය ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණයකි. මේ මත ප්‍රකාශ කිරීම ජාතිවාදය ඇවිස්සීමකැයි රනිල් කියනු ඇත. ජ වි පෙරමුණ ද එසේ කියනු ඇත.

 

ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් කතාව ආරම්භ කළේ සරත් ෆොන්සේකා ය. ඔහු මානුෂීය මෙහෙයුම්වල හමුදාවට අණදුන් හමුදාපති ය. ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම්වලට ඔහු ද වග කිව යුතු ය. ඔහුට විරුද්ධව ඒ සම්බන්ධයෙන් ඇමරිකාවේ අධිකරණයක නඩුවක් ද විය. එහෙත් නඩුව අස්කර ගනු ලැබිණි. ඔහු කුප්‍රසිද්ධ සුදුකොඩි කතාව අම්බලන්ගොඩ දී මෙන් ම රත්නපුරේ දී ද කළේ ය. මහින්ද රාජපක්‍ෂට විරුද්ධව ජනාධිපති අපේක්‍ෂකයා ද විය. ආණ්ඩුව විසින් ඔහුට විරුද්ධව තිබූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරී ඇත. එහෙත් ඔහුට මන්ත්‍රීකම නො ලැබෙයි. රනිල් කෙසේවත් ඊනියා පොදු අපේක්‍ෂකයන්ට කැමති නැත. 

 

ඒ කෙසේ වෙතත් සරත් ෆොන්සේකාට ද ඊනියා අභ්‍යන්තර පරීක්‍ෂණය ඉදිරියේ ඕනෑම සාක්‍ෂියක් දීමට දැන් අවස්ථාව ලැබී ඇත. ආණ්ඩුව ඉහත සඳහන් පණත යටතේ ඔහු ද ආරක්‍ෂා කරනු ඇත. 

 

නලින් ද සිල්වා

 

2015 පෙබරවාරි 27

9 Responses to “රණවිරුවන්ට එරෙහිව දෙමළ ජාතිවාදී සාක්‍ෂිකරුවන් සුරැකීම”

  1. Geeth Says:

    සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙකුට තේරුම් ගැනීමට අපහසු උභාතෝකෝටිකය නම් එක් ශ්‍රී ලාංකිකයෙක් විසින් තවත් ශ්‍රී ලාංකිකයෙකුට එරෙහිව මෙතරම් දුෂ්ට ලෙස ක්‍රියා කල හැකිද යන්නයි. මෙවන් නින්දිත ජාති ද්‍රෝහීන් පුනරුත්තාපනය වීමට නිදහස ලැබී දශක හතක කාලයකුත් ප්‍රමාණවත් නොවීනම්, මොවුන් කිසිදා පුනරුත්තාපනය කල නොහැකිවුන් ලෙස සලකා ක්‍රියා කල යුතුය. නිදහස ලැබී වසර හැත්තෑවකට පසුත් යටත්විජිත කරණයට ලක්වූ ද්‍රෝහියා මෙලෙස හැසිරේනම්, ලංකාව යටත් විජිතයක් ලෙස පැවතී අවදියේ කෙසේනම් හැසිරෙන්නට ඇත්ද?

    වරක් එක්තරා අසුන් හීළෑ කරන්නෙකු බණ ඇසීමේ අපේක්ෂාවෙන් බුදුන් අභියසට පැමිණියේලු. ධර්මය ප්‍රතික්ෂේප කොට දිවි ගෙවන්නන් පිළිබඳව ධර්ම සාකච්චාවක එලැඹ සිටි උන්වහන්සේ තමා වෙත පැමිණි මෙම පුද්ගලයා වෙත පැනයක් යොමු කරමින් හීලෑ කල නොහැකි අසුනට ඔබ කරන්නේ කුමක්දැයි අසා වදාළේලු. ඊට පිළිතුරු දුන් බමුණා මෙසේ පැවසුයේලු.

    “භාග්‍යවතුන් වහන්ස, මුලින් හොඳින් කියා හීලා කිරීමට උත්සාහ කරමි, ඉන් අසු හීළෑ නොවේ නම් සැරවැර වී තරවටුවෙන් කියා හීළෑ කරමි. එයිනිදු හීළෑ නොවේනම් ගුටිබැට දී හීළෑ කිරීමට වැර වෑයම් කරමි. එනුදු හීළෑ නොවේනම් භාග්‍යවතුන් වහන්ස, ඒ සත්වයා මරා දමමි යයි කීවේලු.

    එකල්හි, ධර්ම දේශනාවේ සීමාවද එසේම ඒ හා සමාන යැයි දෙසා වදාළ බුදුහු, ධර්මයට ඇහුන්කන් නොදෙන්නන්ට දහම් දෙසා කාලය මැරීමට උන්වහන්සේ උත්සුක නොවන බව දෙසා වදාළහ. පසුව භාග්‍යවතුන් වහන්සේ අභියස එකත්පස්ව සිටිමින් බන ඇසූ අශ්ව පල්ලා, බණ අසා සෝවාන් උනාලු.

    එසේනම්, බුදු බණට අනුව මෙවැනි ද්‍රෝහීන් නැවත දේශපාලනයට ආ නොහැකි පරිධි දේශපාලනයෙන් අතුගා දැමීමට, (එනම් excommunication) ළඟ එන මැතිවරණයේදී ශ්‍රී ලාංකිකයින් පියවර ගත යුතුය.

  2. Senevirath Says:

    දැමීම ගැන දෙමලු පමණක් නොව සමහර සිංහලයය් කියා ගන්නා රනිල් ඇතුළු උන් මේ තරම් ප්‍රකෝපවී සිංහලයන්ගෙන් පලි ගන්නේ කුමක් නිසා දය සිංහලයන් සිතා බැලිය යුතුය .මුළු ඉතිහාසය පුරාම ඒ ජා ප යේ ද්‍රෝහිකම් ලියවී ඇත .දෙමලු සිංහලේ පදිංචි කිරීමට අවශ්‍ය සුද්දන්ටය සුද්දෝ උන්ගෙන් පසු පාලනය භාරදුන් කළු සුද්දන්ගේ පරපුරේ රනිල් දැන් එය ඉටුකරන්නට වලිකය් හාමුදුරුවරුත් මේ වාට සම්බන්ධවීමය් ඉවසිය නොහැක්කේ සමහර හාමුදුරුවරුන්ටත් බුදු දහම අවශ්‍ය නැත . උන් කවුදය් බෞද්ධයන විසින් හදුනා ගත යුතුය පල්ලි නිකාය ට අලුතෙන්ම ඇ තු ල්වුයේ මාදුළුවාවේ සහ රතන ය .බොහෝ දේශ පාලකයෝ කෝවිල් යති පන්සල් නොයති උන් කවුද කවදා නම් බෞද්ධ නායකයෙක් අපට ලැබේද

  3. Senevirath Says:

    නිවැරදි කිරීම
    ප්‍රභාකරන් මරාදැමීම ගැන ………..

  4. Independent Says:

    ගීත්,
    නැති වරදක් පටවා අහිංසක අයෙකුට කෘර ලෙස වදහිංසා කිරීම දරුණු පාපයකි.
    මුහුද හත්ගවුවක් තිබියදී අමුඩ ගසා, පාපකර්මයක් තවම නොකළ අයට දැම්මම මඩ ගැසීමට උතුම් බුදුදහම උපයෝගී කරගන්නන්ට වෙනදේ ඔබ දන්නවා යයි සිතමි.

    යෝ සහස්සං සහස්සේන
    සංගාමෙ මානුසේ ජිනේ,
    ඒකං ච ජෙය්‍ය අත්තානං
    ස වේ සංගාමජුත්තමෝ.

    යමෙක් යුද්ධයක දී දහසෙන් ගුණ කළ දහසක් (දශලක්ෂයක්) මිනිසුන් ජය ගනී ද, යමෙක් තමා ජයගනී ද, ඒ දෙවෙනි පුද්ගලයා ජයගන්නා මිනිසුන් අතරෙ හි ශ්‍රේෂ්ඨ යි.

  5. Independent Says:

    බියගම විලේඡ් ඝාතනයට අහිංසකයකු පටලලා
    එස්‌.එස්‌.පී. අත්අඩංගුවේ

    හේමන්ත රන්දුණු

    බියගම විලේඡ් හෝටලයේ හිමිකරු කෝටිපති ව්‍යාපාරික ඊබට්‌ ජයරත්න මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සාක්‍ෂි වසන් කිරීම, මිනීමැරුමට අදාළ නැති පුද්ගලයකු චූදිතයකු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් යාපනය කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා (එස්‌. එස්‌. පී) සහ පොලිස්‌ පරීක්‍ෂකවරයකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (27 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ඩබ්ලිව්. ජී. විමලසේන සහ කොස්‌ගම පොලිසියට අනුයුක්‌තව රාජකාරි කරන පොලිස්‌ පරීක්‍ෂක මහේෂ් ආනන්ද යන නිලධාරීන් ය.

    සැකකාර විමලසේන මහතා පොලිස්‌ අධිකාරිවරයකු ලෙස පොලිස්‌ විශේෂ කාර්ය බළකායට අනුයුක්‌තව රාජකාරි කරද්දී මෙම සිද්ධියට සම්බන්ධ වී ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ.

    මේ අතර සැකකාර පොලිස්‌ පරීක්‍ෂකවරයා ද මෙම සිද්ධියට සම්බන්ධ වී ඇත්තේ පොලිස්‌ විශේෂ කාර්ය බළකායට අනුයුක්‌තව රාජකාරි කරද්දී ය.

    බියගම විලේඡ් අධිපති ජයරත්න මහතා කපා කොටා කෲර අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ පුත්‍රයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

    බියගම විලේඡ් අධිපති ඝාතනය බියගම ප්‍රදේශයේ තරුණයකු කළ බවට ඒත්තු ගන්වා එම තරුණයා පොලිසියට අල්ලා දීමට කටයුතු කරනු ලැබුවේ මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු (ජයරත්න මහතාගේ පුත්‍රයා) විසින් බව පසුව හෙළිවිය.

    මෙම ඝාතනයට කිසිම සම්බන්ධයක්‌ නොමැති අහිංසකයකු ඒ සඳහා සම්බන්ධ කිරීමට ජයරත්න මහතාගේ පුත්‍රයා උසස්‌ පොලිස්‌ නිලධාරීන් පිරිසකගේ සහාය ලබා ගෙන තිබූ බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබිණි.

    ජයරත්න ඝාතනයට අහිංසකයකු අල්ලා දී ප්‍රධාන සැකකරු බේරා ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි විමලසේන ඇතුළු පොලිස්‌ නිලධාරීන් කීපදෙනකු සහාය වී ඇති බව පරීක්‍ෂණවලදී හෙළිදරව් වී තිබේ.

    ජයරත්න ඝාතනය සඳහා අල්ලා දුන් තරුණයාගේ නිවස පිහිටි ඉඩමේ ක්‌ලේමෝ බෝම්බ ඇතුළු අවි ආයුධ රැසක්‌ සඟවා තබා ඒවා පොලිසියට භාර දීමට කටයුතු කර ඇත්තේ සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා ඇතුළු නිලධාරීන් විසින් බව අනාවරණය වී ඇත.

    බියගම විලේඡ් අධිපති ඝාතනය සම්බන්ධයෙන් අහිංසක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන එම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කරන ලදී. එහෙත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පසුව කළ පරීක්‍ෂණයකින් අනාවරණය වූයේ මෙම ඝාතනයට ඒ වන විට බන්ධනාගාරගතව සිටින තරුණයා කිසිදුÊසම්බන්ධයක්‌ නොමැති බවය.

    ජයරත්න මහතා ඝාතනය කර ඇත්තේ ඔහුගේ පුත්‍රයා විසින් බව හෙළිකරගත් රහස්‌ පොලිසිය පසුව ඔහු අත්අඩංගුවට ගත්තේය.

    ජයරත්න මහතාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ඔහුගේ පුත්‍රයා යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා ලෙස කටයුතු කරන විමලසේන මහතා ඇතුළු උසස්‌ පොලිස්‌ නිලධාරීන් කීපදෙනකු සමඟ සමීපව ඇසුරු කරන අතර ඔවුන්ට මිල මුදල් විවිධ ත්‍යාග ලබා දී මෙම නඩුව යට ගැසීමට කටයුතු කර ඇති බව දැන් හෙළිදරව් වී ඇත.

    අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා සහ පොලිස්‌ පරීක්‍ෂකවරයා පූගොඩ අධිකරණය වෙත ඊයේ (28 වැනිදා) සවස ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

  6. Geeth Says:

    Independent,
    නැති වරදක් පටවා අහිංසක අයෙකුට කෘර ලෙස වදහිංසා කිරීම දරුණු පාපයකි.
    මුහුද හත්ගවුවක් තිබියදී අමුඩ ගසා, පාපකර්මයක් තවම නොකළ අයට දැම්මම මඩ ගැසීමට උතුම් බුදුදහම උපයෝගී කරගන්නන්ට වෙනදේ ඔබ දන්නවා යයි සිතමි.

    තමුන්නාන්සේ මටද කියන්නෙ? එසේ කියන්නේ මට නම්, මට කීමට ඇත්තේ මා ප්‍රතිචාර දක්වා ඇත්තේ ලිපියේ ඇති කරුණු වලට බවය. බොරු සාක්ෂි කරුවන් ආරක්ෂා කිරීමට පනතක් ගෙන ඒම තමුන්නාන්සෙ අනුමත කරනවාද? යුධයෙදී මියගිය සංඛාව UN එක දවසින් දවස වැඩි කරලා ලෝකෙට පෙන්නපු බව තමුන්නාන්සේට අමතකද? UN එක තමුන්නාන්සේ විශ්වාස කරන ආයතනයක්ද? UN එක මේ ලෝකේ කරලා තියෙන අපරාධ තමුන්නාන්සේ දන්නෙම නැත්ද? බටහිර රටවලට හා ඉන්දියාවට උවමනා කරන්නේ මානව හිමිකම් රැකීමයි කියල තමුන්නාන්සේ හිතනවද? උන්ගේ ඒ agenda එකට support කරන අය දේශපාලනයෙන් අතුගාල දාණ්ඩ අවශ්‍ය නැත්ද?

    අවසාන වශයෙන් කියන්නේනම්, යුද්ධය නිමා කොට සාමය ගෙන ඒමේදී මිනිසුන් මිය ගිය බව ඇත්තකි, තමුන්නාන්සේගේ පුද්ගලික මතය අනුව, මේ යුධය කිරීම වරදක්ද? එම වරදට MR දංගෙඩියට යැවිය යුතුයි තමුන්නාන්සේ හිතනවද? මට ඔය ප්‍රශ්න ටිකට උත්තර දෙන්ඩකෝ.

    මුහුද මොකක්ද, අඹුඩෙ මොකද්ද, පාප කර්මයක් කරලා නැති අය කියන්නෙ කව්ද? independent, ඔයා බොහොම පරිස්සමින් කතා කරන්නෙ. එත් තමුන්නාන්සේ හිතන විදිය මොකද්ද කියනඑක දත් අස්සෙන් රුටල එලියට පනිනවා. තමුන්නාන්සේ ඇත්තටම කියන්නේ MR ව පාවල දුන්නට කමක් නැහැ කියන එක නේද? මම බුදු දහම මතක් කලේ සාමය ගෙනාපු මිනිසාව පාවල දෙන්න කුමන්ත්‍රණයක් තියෙන බව පැහැදිලි නිසාත්, එක අනුමත කල නොහැකි නිසාත් ය.

    නමුත් තමුන්නාන්සේ ගාථ හයියෙන් කිය කියා මරපන්! මරපන්!! කියල හිමින් කියන කෙනෙක්ද කොහෙද. හක්කේ බුදරැස් බොක්කේ දඩමස් කියන්නේ මේවට තමයි යාලුව.

  7. ranjit Says:

    Geeth, Professor these Jarapalanaya Govt will do anything I mean anything to bring down the man who saved the Motherland from LTTE terrorists at any cost. This is what the Americans,Diaspora and all the enemies of our land dream about drag Mahinda & Gota in chains to gallows. We the people of this land cannot allow that to happen.period. If they want these two they have to take them over our dead bodies no other way. What UNP & S.L.F.P govt’s couldn’t do in thirty years Mahinda our great hero did it in four years and now these enemies of our land trying to take his scalp dead or alive. We Sinhalese irrespective of party politics must stand unitedly to safeguard these heroes and the country from all evil hands.

    Let’s get together and bring Nugegoda Man or any man who loves the Motherland and the Sinhala Buddhists and chase these UNP thugs away in to political wilderness. We have to work hard and educate the people from grass root level and show them the danger these UNP traitors pose to our homeland. Their evil intentions and the support to Tamils & Muslims must be exposed. Let’s work hard to achieve our goal in unity.

  8. Indrajith Says:

    ලබන මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා කරවීමට බල කරමින් ලබන 06 වන දා මහනුවරදී පැවැත්වීමට නියමිතන ජන රැළිය සඳහා ශ‍්‍රිලනිප ප‍්‍රබලයන් රැසක් එක්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

    මෙසේ එක්වන ප‍්‍රබලයන් අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පළාත් සභා මන්ත‍්‍රීවරුන් මෙන්ම පළාත් පාලන මන්ත‍්‍රිවරුන්ද වන බව ආරංචි මාර්ග තහවුරු කරයි.

  9. Geeth Says:

    I agree with you Ranjith. My concern is not only that. I need to see this politician’s beggar’s wound, the ‘separatism’ to be healed once and for all. That’s why I support abrogation of 13th, moving capitol to TRINCO and demarcation of provinces based on river valleys. Let us demand our politicians to do it.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress