දර්ශනවාදි ඊලඟ මැතිවරණය
Posted on April 5th, 2015

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

 අද ශ්‍රී ලංකාව දර්ශන දෙකකට හිමිකම් ඇති ජනතාවගේ නිජබිමයි. එනම් රටට ආදරය කරන හා රටට ආදරය නොකරන දර්ශන ඇති ජනතාවයි. රටට ආදරය කරන ජනතාව සිංහල බෙෳද්ධ චින්තනයේ පිහිටාද, රටට ආදරය නොකරන ජනතාව සංස්කෘතික වශයෙන් සිංහල බෙෳද්ධ චින්තනයෙන් බැහැරවද ජීවත්වෙයි. (මෙහිදී සිංහල බෙෳද්ධ චින්තනය මුඵ මහත් ශ්‍රී ලංකාවටම පොදු වුවක් බවත් ශ්‍රී ලංකාවේ ජීවත්වන ඕනෑම ජාතියකට අයත් පුද්ගලයෙකුට තම ආගම කුමක්වුවත් මෙම චින්තනය තුල හැසිරිහැකි බවත් සිහිකල යුතුය). මේ දෙවන කොටස එක්කෝ ජීවත්වන්නේ බටහිර ජාතින් මවාලූ සුරංගනා ලෝක වලය නැතිනම් අන්තවාදී දර්ශන තුල සිරගතවූවන් ලෙසය.

 රටට ආදරය කරන්නන් මහින්දට ආදරය කරයි. එවැන්නන් ජන්දදායකයින් ලෙස ලක්‍ෂ 58 ක් බවත්, පසුගිය ජනාධිපතිවරණයේදි තම ඡන්දය භාවිතා නොකල ලක්‍ෂ 30 ද සමග ඡන්දදායකයින් ලෙස ලක්‍ෂ 88 ක් බවද පෙනේ. (පසුගිය  ජනාධිපතිවරණයේදී ලක්‍ෂ 30 ‍ක ජනතාවක් ඡන්දය දීමෙන් වැලකී සිටියේ My3 ප්‍රමුඛ අශුද්ධ සංධානය වෙනසක්ගැන කතාකලත් ප්‍රතිපත්තිමය වෙනසක් ඉදිරිපත් කිරීමට අසමත්වීමත්, රට ත්‍රස්තවාදයෙන් මුදාගෙන අප සියඵදෙනාටම අභයදානය ලබාදුන්නත් මහින්ද පිලිබඳව වායුගෝලයට මුදාහල අසත්‍ය ප්‍රචාරයන්ගෙන් ඔවුන් අන්ද මන්දවී සිටි නිසාත්ය). එදා මහින්ද පිලිබඳව ප්‍රචාරය කලදෑ බේගල් බව අද හොදින්ම ප්‍රත්‍යක්‍ෂවී ඇති නිසාත් එමෙන්ම මහින්දගේ ගුණ අද වෙනදාටත්වඩා හොඳින් ජනතාව අවබෝධ කර සිටින නිසාත්, එදා ඡන්දය දීමෙන් වැලකී සිටි ජනතාව අද මහින්ද සමග යයි සාධාරණ ලෙස උපකල්පනය කලහැකිය). තවද මේ බොරැ බේගල් ප්‍රචාර පිලිගෙන මහින්දට ඡන්දය නොදුන් විශාල ප්‍රමානයක් මහින්ද පිලිබඳ කරැනු කාරනා හරිහැටි අවබෝධ වීමෙන් මහින්ද දෙසට හැරිමට ඇති ඉඞ ප්‍රස්තාවද බොහෝය. කරැනු එසේ හෙයින් අද මහින්ද වටා ඇති ඡන්ද පදනම ලක්‍ෂ 88 ට වඞා බොහෝ වැඩිය. මෙය අපි ලක්‍ෂ 88 + ලෙස හදුන්වමු.

 මේ ඡන්ද ලක්‍ෂ 88 + ම අද ඡන්දයකදී මහින්ද වෙනුවෙන් රටට ආදරය කරන ජනතාව ලබාදෙනවා නොඅනුමානය.

 ලබන මහ මැතිවරණය ජනාධිපතිවරණයක් නොවේ. එනම් එය ද්වන්ද සටනක් නොවේ. එසේනම් මේ රටට ආදරයකරන ඡන්ද ලක්‍ෂ 88 + මහින්ද ප්‍රමුඛ පක්‍ෂයකට ලබාගන්නේ කෙසේද?

 පක්‍ෂයක් යනු හුදු නාම මාත්‍රයක් පමනි. එය ශ්‍රී ලංකා හෝ යු.එන්. පි හෝ විය හැක. මෙය වඩාත් සුදුසු වන්නේ රටට ආදරය කරන හා රටට ආදරය නොකරන ජනතා කණ්ඞායම් එක්වී සිටින දර්ශන ලෙස හැදින්වීමය. අද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂිකයින් කොටසක් My3 හා Ranil වටා එක්වී සිටින බැවින් `රටට හිතැති` හා `රටට හිත නැති` ලෙස හැදින්වීම පක්‍ෂ ලෙස හැදින්වීමට වඞා උචිත වෙයි.

 එනම් අද ශ්‍රී ලංකාවේ ඡන්දදායකයින් 88 + ලක්‍ෂයක් `රටට හිතැති` හා 62 – ලක්‍ෂයක් `රටට හිත නැති` දර්ශනවල පිහිටා ඇතිබව අපට පසක්කල හැක, එසේනම් ලක්‍ෂ 88 + ජනතාවක් අද මහින්ද වටාය. නමුත් ඊලඟ මැතිවරණය මහින්දට තනියම තරඟ කල නොහැක. මැතිවරණය අනුපාත ක්‍රමයට හෝ මොනයම් ක්‍රමයකට පැවතුනත් එහිදී ආසන මට්ටමින් තරඟ කල යුතුවෙයි. පාර්ලිමේන්තුවතුල වැඞි ආසන ප්‍රමානක් දිනාගත් දර්ශනය රට පාලනය කරයි.

 තවද ඊලඟ මහ මැතිවරණය පැවැත්වෙන දිනය My3 හා Ranil ට වැඩිම වාසි අත්වන ආකාරයට ප්‍රකාශ කෙරෙනු ඇත. රටට ආදරය නොකරන දර්ශනය ඇති ජනතාව, එනම් My3 හා Ranil නියෝජනය කරන පිරිස ඕනෑම දිනයක පැවැත්වෙන මැතිවරණයකට අවශ්‍ය ලෙස සංවිධාණාත්මකය. නමුත් `රටට ආදරය කරන` එනම් මහින්ද නියෝජනය කරන ජනතාව එසේ ඕනෑම දිනයක පැවැත්වෙන මැතිවරණයකට සූදානම්ද? ඔවුන් තවම කුමන පක්‍ෂයකින් තරඟ කරන්නේවත් නොදනී. මෙහිදි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වැදගත් නොවේ. එහි කොටසක් අද මහින්ද සමඟ නැත. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පසුව හදාගත හැකිය. අද අවශ්‍යවන්නේ මහින්ද වටා සිටින ලක්‍ෂ 88 + වූ ජනතාවට හව්හරනයක් ලබාදීමය.

 ජනතාව මහින්ද රාජපක්‍ෂ යන නාමයට ආදරය කරයි. මේ ආදරය රටට දක්වන ආදරය මයි. ඒනිසා ඉදිරි මහ මැතිවරණයේදි ජනතාවට වඩා සමීපවිය හැකි, ජනතාව ව්‍යාකුල නොකරන, ඡන්ද දිනයේදී පහසුවෙන් හදුනාගත හැකි නමක් හා සංකේතයක් ඇති දර්ශනයක් වටා තරඟ කල යුතුව ඇත. එවැනි දර්ශනක් ඇති පක්‍ෂයක් රටට ආදරය කරන ජනතාව වෙනුවෙන් බිහිවිය  යුතුය.

 ඒ සඳහා පක්‍ෂයේ නම තුල `මහින්ද ජිවත්විය` යුතු අතර ඔහු රටට කල සේවය අගයනුවස් උචිත සංකේතයකුත් තෝරාගැනීම කල යුතුය. උදාහරනක් ලෙස ඉතාමත් සරලව අපේ ග්‍රාමීය ජනතාවට පහසුවෙන් වැළදගත හැකි `රටට හිතැති මහින්ද` පක්‍ෂය ලෙසත් රට සහලින් ස්වයං පෝෂණයකල නායකයාට ගෙෳරව පිනිස `වී කරල` සංකේතය ලෙසත් යොදාගත හැකිය.

 කෙසේ හෝ අවශ්‍යවන්නේ වහාම දර්ශනයක් සහිත පක්‍ෂයක් ලියාපදිංචි කිරීමත්, එම පක්‍ෂය ආසන මට්ටමින් සංවිධානය කිරීමත්, මහින්ද වටා රොක්වී සිටින ලක්‍ෂ 88 + වූ ඡන්දය හිමි ජනතාවට සෙවනක් දීමත්ය.

 ඔබට සුභ පැතුම්

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

2015 අප්‍රේල්  මස 5 දා

2 Responses to “දර්ශනවාදි ඊලඟ මැතිවරණය”

  1. Christie Says:

    Namaste: Hi Tissa you should talk to any Indian in Sydney and ask them about the Indian Empire and they will explain everything to you. Indian Imperialists got Sirisena the Coolie and Governor Chandrika and Ranil the Kankani. India got everything set for the next six years unless something drastic happens and it is very unlikely. As things are in the island there are a multitude of parties and in the Parliamentary election it will be hard to get two third majority for a government who will look after the basic freedom from Indian Imperialists and colonists. If you are observant you would have seen the Indian block vote played a significant part in the NSW State Elections like in the UK and Canada. Jai Hind

  2. Jag Says:

    Superb, unswerving candid analysis. Mahinda has a huge task ahead and I am one of those hopefuls that he’ll come through.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress