ආචාර්ය මර්වින් සිල්වා
Posted on April 5th, 2015

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

2010 අගෝස්තු මස 14 වෙනිදා ‘ Lankaweb’ හි පලකරන ලද මේ ලිපිය කොතරම්නිවැරදි දැයි බලන්න.

ආචාර්ය මර්වින් සිල්වා

මේ දිනවල මුළු රටපුරාම ජනතාවට කථා කිරීමට ඇති ප්‍රධාන මාතෘකාව බවට පත්ව ඇත්තේ ආචාර්ය මර්වින් සිල්වා මහතාව සිය නියෝජ්‍ය ආමාත්‍ය ධූරයෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධවය.

ආචාර්ය මරිවින් සිල්වා මහතා තනි පුද්ගලයකු වශයෙන් ගෙන, මේ පුද්ගලයා වරදක් කර ඇත යන මතයේ පිහිටා, එම වරදට දඩුවමක් වශයෙන් ඔහුගේ නියෝජ්‍ය අමාත්‍ය ධූරය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහිමි කර ඇති බව අප වටහා ගත යුතුය.  ආචාර්ය මර්වින් සිල්වා මහතා හා ඊට සමානව දේශපාලයේ යෙදෙන්නන් සම්බන්ධව මනා අවබෝධයකින් සිටින ජන කොට්ඨාහයක් මේ දිවයින පුරා විසිරී සිටී. ඔවුන් ගෙන් අතිමහත් ප්‍රමාණයක් මේ රටපුරා විසිරී සිටින ආචාර්ය මර්වින් සිල්වලාව මනාව හදුනති. මුණ ගැසෙති, ඔවුන් හා සංවාදයේද යෙදෙති. නමුත් අති බහුතරයක් ජනතාව මේ රටතුල විසිරී පැතිරී සිටින මර්වින් සිල්වලාව නොහදුන බැවින්, නියෝජ්‍ය ආමාත්‍ය ධූරය අහිමි වූ මර්වින් සිල්වා මහතාට සිදුවූ දේ සම්බන්ධව මහත් උද්ධාමයට පත්ව සාකච්ඡා පවත්වති ලිපි ලේඛණ ලියති. සතුටු වෙති.

ආචාර්ය මර්වින් සිල්වා නම් වූ මේ චරිතය සම්බන්ධව ගවේෂණය කොට චරිතාපදානයක් සකස් කරන්නේ නම් එය මෙරට දේශපාලනය කරන හා කිරීමට බලාපොරොත්තු වෙන ජන කණ්ඩායම් වලට ඉතා වටිනා පුස්තකයක් වෙනු ඇත. මෙම චරිතය මෙරට ජන සමාජයට උගන්වන සමාජ විද්‍යා පාඩම් සම්බාරය අතිමහත්ය. සමහරෙක් ඔහු හරහා ගනන්කාරයකුගේ චරිතය දකින අතර, තවත් අයෙක් උද්ධච්ඡ පුද්ගලයකුගේ චරිතයක් දකියි. තවත් අයෙක් මෝඩ ඇමතියකුගේ ලක්ෂණ ඔහු හරහා දකින අතර, ආචාර්ය මර්වින් සිල්වා මහතා, තමාව සමාජය ඉදිරියේ විවිධ ආකාරයට සමාජගතකර ඔහුට භාර ඉලක්කය කරා පැහැදිලිව ගමන් කරන පුද්ගලයකි. වඩාත් පැහැදිලිව ප්‍රකාශ කරනවා නම් ඔහු මුළු සමාජයම ගොනාට අන්දවා තම ඉලක්කය කරා ගමන් කරන අති දක්ෂ පුද්ගලයයෙකි. ඔහු කථා කරන සෑම වචනයකම ඔහුගේ සමාජ අරමුණ කරා යෑමට අදාල යමක් ගැබ්ව තිබිණ. කරන සෑම ක්‍රියාවකමද පැහැදිලි අරමුණක් තිබිණ.

ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ චරිතයට කිදා බැස ඒ සම්බන්ධව අධ්‍යනය කිරීම සදහා  ඇති මාවතහි දොරටු ඇත්තේ අපගේ චරිතයන් හරහාය. සැබෑ ලෙසම අප කවුරුද? නිතිපතා කරන්නේ මොනවාද? ඒ කාගේ උවමනාවටද? අපි අපගේ ඕනෑ කමට කරන්නේ මොනවාද? යන ප්‍රශ්න ගනනාවක් හරහා අපේ ජීවිත දෙස බැලූ විට, අප අපගේ අවශ්‍යතාව මත සිදු කරන කාර්යයන් ඇත්තේ ඉතා අල්පයක් බව පැහැදිලි වෙනු ඇත.. කෑම,බීම, ආශ්වාශ ප්‍රාශ්වාස කිරීම හා පරිවෘර්තීය ක්‍රියාවන් හැරුන විට අන් සියළුම කර්තව්‍යයන් සිදු කරනුයේ සිය කැමත්තට වඩා යම් සමාජමය බලවේගයක යාන්ත්‍රණයට අනුවය. කුඩා දරුවා පාසලට යෑමේ සිට එම දරුවාගේ දෙමව් පියන් රැකියාවට යෑම දක්වා වූ සෑම කාර්යයක්ම කතෘ කරණුයේ තවෙකුගේ අවශ්‍යතාවයට අනුවය. මෙම ධර්මතාවය ආචාර්ය මර්වින් සිල්වා මහතාටද පොදුවූවක් බැවින්, ඔහුද ක්‍රියාකරනුයේ මෙම සමාජය තුල ස්ථාපිත යාන්ත්‍රණයක ඇති සූක්ෂම උපාංගයක් ලෙසය. ඒ අනුව ඔහු එම යාන්ත්‍රණයේ සුවිශෙෂී කාර්යය භාරයක් නිරූපනය කරයි.
 ආචාර්ය මර්වින් සිල්වා මහතා තමාගේ සැබෑ මිතුරන් සතුරන් ලෙසත්, සැබෑ සතුරන් ඔහුගේ කිට්ටුම මිතුරන් ලෙසත් විදහා පෑම අතින් මෙරට සිටින අග්‍රගණ්‍යම පුද්ගලයා යයි කිව හැක. ඔහු එතරම්ම අති දක්ෂයකි. මොහුගේ මෙම අතිදක්ෂ ක්‍රියාවන් හේතුවෙන් ඔහුට ඇති සෑම බාධකයක් හරහා ගමන් කරනුයේ එම බාධකය ඔහුගේ ගමනට ආධාරකයක් කරගනිමිණි. මෙය ඔහු තුල ඇති අතිවිශිෂඨභාවයේ සජීවී ලක්ෂණයයි.

ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ නියෝජ්‍ය අමාත්‍ය ධූරය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට බලපෑ ප්‍රධාන කරුණ වූයේ සමෘධි නිලධාරියකුව ගස් බැදීමය. සැබෑ ලෙසම ඒ මහතා අණ නිකුත් කල සැනින්ම එම අණ ක්‍රියාවට නැංවීමට ඉදිරිපත් වෙන ජන සමූහය සුළු පටු නැත. සමහරවිට එම ක්‍රියාවන් කිරීමට තරඟයට මෙන් ඉදිරිපත් වෙන් සමාජයක් ද මේ රටතුල ඇත. ඒ අනුව වෙනත් පුද්ලයකු විසින් එම සමෘධි නිලධාරියාව ගස් බදින ලදී.  ආචාර්ය මර්වින් සිල්වා මහතාට ඔහුව ගස් බදිනවා තබා අල්ලන්නවත් අවශ්‍ය නොවිණී. මර්වින් සිල්වා මහතාගේ අණ එතරම් ප්‍රබලව සමාජගතව තිබිණ. නමුත් අප කලින් කථා කරගෙන ආ ආකාරයට ඔහුද යමුකිසි යාන්ත්‍රණයක උපාංගයක් නම් මෙම ක්‍රියාවද එම යාන්ත්‍රණයේ ගිණුමට බැර කිරීමට අපට සිදුවේ. ආචාර්ය මර්වින් සිල්වා මහතාට එම කාර්ය කරණ ලෙස දන්වන ලද්දේ කවරෙක්ද? ඔහුට අණ ආවේ කොතනින්ද කිසිවෙකුත් නොදනිති. එමනිසා මිනිසාව ගස් බදින ලද්දේ ආචාර්ය මර්වින් සිල්වාය යන මතය සමාජගතවී. ඔහු පිටුපස සිටින සැබෑ අණ දෙන්නෝ ආවරණය වෙති. මෙය ශ්‍රී ලංකා දේශපාලනයේ ගලායන සම්ප්‍රදායක් වී ඇති බැවින් සමාජයේ නිදන්ගතව ඇති සියළු රෝග ඒ ආකාරයටම නිරුපද්‍රතිව පැවතීමට මහෝපකාරී වී ඇත. මේ සියල්ලක්ම නිවැරදිව දැකීමට නම් මෙරට ජනතාව කඩතුරා ගලවා දමා දෑසින් පමණක් නොව මනසින්ද කරුණු දෙස බැලීමේ කාලය එලඹ ඇත. ජනතාව ඒ සදහා මනස ප්‍රගුණ කල යුතුය. ඒ සදහා අප සතුව අගනා පුස්තක ගනනාවක්ම ඇතිමුත් ඒවා වැලදගෙන පරිශීලනය කරන ප්‍රජාවගේ විශාල අඩුවක් ඇති බැවින් ආචාර්ය මර්වින් සිල්වලා අතිමහත් සංඛ්‍යාවක් රටපුරා විසිරී පැතිරී නිරුපදිතව ජීවත්වේ. අප මේ අවස්ථාවේදී කලයුත්තේ දකින සුන්දර මායාවට අසුනොවී, එම සුන්දර මායාව යට ඇති ගින්දර ජාලය හදුනා ගැනීමයි.

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

8 Responses to “ආචාර්ය මර්වින් සිල්වා”

  1. Christie Says:

    Namaste: The difference between Mervin and SWRD is Mervin did not go to Oxford and was not speaking English until he entered politics. Jai Hind

  2. Dr.K Says:

    චන්ද්‍රසේන මතාණෙනි
    ඔබ ලංකාවෙබ් e -පුවත්පතට එක්කරණ ලිපි කියවීම දිගටම කරගෙන යන අයෙකුට මේ ලිපියෙන් නම් ඔබත් එක්තරා විදියක මර්වින් සිල්වා කෙනෙක් බව පෙනීයන්නේය. මර්වින් සිල්වා ඇමති කෙනෙකු වසයෙන් රජයේ නිලදාරියෙකු ගස් බැදීම සිස්ට සමාජය තුළ කිසිසේත් අගයකළ නොහැකිය.ඔහු එහි වගකීම දැරිය යුතුය. ඔහු එය කර ඇත්තේ ඊට ඉහළින් ආ නියෝගයකටද යන කුතුහලාත්මක ස්වරයෙන් ඔබ උත්සහකරන්නේ ඒ කුනුගොඩත් යහපාලකයන් විසින් පහුගිය රජයේ ඇමතිවරු කළ ඔක්කොම කුණු දමන්නට තෝරාගෙන සිටින මැදමුලනටම දමන්නද?

  3. sarathk Says:

    මෙතෙක් කල් වැදගත් ලෙස සැලකිය හැකි ලිපි ලිවූ චන්දරසෙන් පණ්ඩිතගේ කුපාඩි මිනිසෙකුට (හිටපු ඇමෙතිවරයෙකුට ) සුදු හුණු ගාන්නට උත්සහ කිරීම කණගාටුවට කරුණකි. ලංකා වෙබ් අඩවිය නිතර කියවන අප කිසිසේත්ම ඔබේ ලිපිය අනුමත නොකරන අතර එය තරයේම ප්‍රතික්ෂේප කරමු. මර්වින් සිල්වා නමැති පාදඩ සමාජයට අයත් කුපාඩි ඇමති (සහ ඔහුගේ පුතා)තම බලය අයුතු ලෙස යොදවන විට ඔහු ඉවත් කරන්නට තිබුනේ බොහෝ ඉහතදීය. මහින්ද රාජපක්ෂ පරාද වීමට මර්වින් සිල්වාගේ ඔලමොට්ටල විකාර ඉතාම ආසන්න හේතුවක් බව පණ්ඩිතගේ නොදන්නවට මුළු රටම දනී. මේ පාදඩ මර්වින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමජිකත්වයෙන් ඉවත් කිරීම ඉතා අගය කලයුතු කටයුත්තකි. ඔහු මහින්ද රාජපක්ෂටද හිසරදයක් බව රහසක් නොවේ. වඳුරන්ට දැළිපිහි නොදියයුතු බව අප හොදින් දන්නා කරුණකි. මෙවැනි වඳුරන් තවත් දේශපාලනයේ ඇති බවත් ඔවුනුත් ඉවත් කලයුතු බවත් අපේ අදහසවේ. අපේ රටේ යහපත පතන්නේනම් මෙවැනි කුපදින්ට සුදු හුණු ගෑමට ලිපි නොලියන ලෙස චන්ද්‍රසේන පන්ඩිතගේට ඔහුගේ පටකයන් ලෙස තරයේ අවවාද කරමු. ඉවත් කලේ එක් අයෙකු පමණි.ඔහු ඉවත් කලයුතු පළමු වෙන්නාය. යලිත් මර්වින් සිල්වාට සුදු හුණු නොගනු. ඔහු අනිවාර්යයෙන්ම දේශපාලනයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ජනතාව වග බලාගත යුතුය. ගස්බැදීමේ පහත් අදහස මර්වින් සිල්වාට වෙනත් තැනකින් පැමිණියේයැයි කීමට තරම් පණ්ඩිතගේ අඳ බාල වීම පණ්ඩිතගේ නමටත් නුසුදුසුය. මම ඔබගේ ලිපිය තරයේ පිළිකුල් කරමි.

  4. ranjit Says:

    Yes this guy is a third class gangster type person same like One Shot in Yahapalanaya. He may know something about politics and about history but he acts like a third class fish monger which most don’t like. I hope Kelaniya people will teach him a lesson this time and send him on retirement because such idiots shouldn’t be in Parliament. It’s disgrace for the whole community whether he is from Red,Blue or Green.

  5. Independent Says:

    Some have misunderstood චන්ද්‍රසේන පණ්ඩිතගේ because of their wrong attachments.

  6. chandrasena Pandithage Says:

    Dr.K , sarathk, ranjit; ගරු මහත්වරුණි;

    ඔබ තිදෙනාම දරණ දැඩි මතය සමග මමද බද්ධව සිටින අයෙකි. මේ ලිපිය මා ලියා පලකලේ 2010 අගෝස්තු මසය. මේ චරිතය ඒසේ මෙස් චරිතයක් නොව බලවත් හස්තයකින් මෙහෙය වන චරිතයක් බව ඔහුගේ ක්රියාකාරිතවයන් දෙස මනාව බලා සිටින අයෙකු වශයෙන් මම කාලයකට පෙර සිටම හැදිනගෙන සිටියෙම්. මට මුණ ගැසෙන සෑම අයෙකුම මොහුට ඒරෙහිව මිස කිසිදාක පක්ෂව කථා නොකලහ. බොහෝමයක්ම ඔබලා හා මා දරණ මතය වැලද ගෙන සිටියහ. නමුත් මේ චරිතය අාදෙක් මෙන් ඔනෑම තැනකින් ලිස්සා ගොස් මනා රැකවරණයක් ලබන බව මේ අවස්ථාවේදී පවා පැහැදිලිව පෙන්නුම් කරයි. චන්ද්රිකා ඉදිරියේ දෙදෙන නමා වැද අැමති කම් ලබන ඔහුම; රනිල්ලා හා මහින්ද රාජපක්ෂලාගෙන්ද අැමති කම් ලබාගත් චරිතයකි. මහින්ද රාජපක්ෂඅාණ්ඩුවේ අැමති කම් දරමින්ම; මහා යුද්ධයක් දියත්ව තියෙන මොහොතේ යුධ විරෝධී පෙරමුණක් ගොඩනංවා ගෙන තම රජයේ යුධමය කාර්යයන්ට ඒරෙහිව නැගී සිටීමට බලයක් ඔහුට ඒදා ලැබී තිබුණි. ඒමෙන්ම යුද්ධය නිමවූ පසු අභීත විමුක්තිදායකයකු දෙස ඉදිරියට විත් පෙනී සිටීමට තරම්ම ඔහු බලවත්විය. ඒදා මමම මෙම චරිතය මහින්ද රාජපක්ෂ රජය තුල අැති පිලිකා සෙෙලයක් සේ දුටුවෙමි. ඒබැවින් ඒ වෙත අවදානය යොමු කරවීමේ අරමුණින් මේ ලිපිය මීට අවුරුදු 4කට පෙර ලියා පලකලහ. අපට කලහැක්කේ යක්ෂයාව පෙන්වාදීම පමණි. මෙ ඒක යක්ෂයකු පමණි මෙවන් යක්ෂයින් තවත් සිටිය හැක. පරිස්සම් වෙමු. ඔබ සැමගේ මතයන්ට ජයවේවා! මමද ඔබ සමගමය.

  7. sarathk Says:

    පණ්ඩිතගේ පසු පැහැදිලි කිරීමත් ඔහුගේ ලිපියත් සම්පුර්ණයෙන්ම පරස්පර විරෝධීය. නැවත කියව බලනු. “ආචාර්ය ” වචනයද බොහොම උජාරුවට යොදා ඇති සැටි ද බලනු. Dr K සමග මම සම්පුර්ණයෙන්ම එකඟ වෙමි. වසලයන් සමග කුමන කතාද.

  8. Independent Says:

    “අප මේ අවස්ථාවේදී කලයුත්තේ දකින සුන්දර මායාවට අසුනොවී, එම සුන්දර මායාව යට ඇති ගින්දර ජාලය හදුනා ගැනීමයි. ”

    -සහතික ඇත්ත​. මුන් ඔක්කොම කරන්නේ සුන් දර ලෝකයක් මවා ලක්මව දූෂනය කිරීමයි. මුන්ට හෙණ ගහන දිනය ලඟදීම දැකගත හැකිවනුඇත​.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress