බාල මිනිසුන් ..
Posted on April 6th, 2015

ආචාර්ය  එච් .එම් . කොඩිසිංහ

 

සොක්රෙටිස්  මෝඩයන්ගේ කඩතුරාව

විනිවිද ගොස්  සත්‍ය මෙයයි කීවිට

බාල මිනිසුන් කලේ සත්‍යයට පයින් ගසා

සොක්රෙටිස් මරා දැමීමය 

 

ජේසු උතුමා අන්දයන්ගේ දෙනෙත්

විවර කොට ආලෝකය මෙයයි කීවිට

බාල මිනිසුන් කලේ ආලෝකය නිවා දමා

ජේසුට ඇන ගසා මරා  දැමීමය

 

ලංකා වැසි දනන් කුරිරු බීෂනයෙන් එදා

හඬත්දී  හැපෙත්දී   

ගැමුණු කුමරුන් සතුරාව කඩු ගා ඔවුන් නිදහස් කලවිට

බාල මිනිසුන් කලේ ගැමුණු දුෂ්ටයෙක් යයි නිගාකොට

මතකයෙන් මරා දැමීමය.

One Response to “බාල මිනිසුන් ..”

  1. Dr.K Says:

    බාල මිනිසුන් යයි කියන මිනිසුන් අතර සිටින ඉරිසියාව , ක්රෝදය හා වෛරයෙන් පිරි නොමිනිසුන් එදා මෙන් අදත් සුලබව අපේ රටේ සිටින බව පහු ගිය ජනවාරි 8 දා ඔප්පුකර ඇත. එදා ඔවුන් LTTE මුර්ගයන්ට බයේ නන්නත්තාරවී සිටි යුගයක හිටපු ජනාදිපති ගේ නායකත්වයෙන් LTTE ය පරාජය කොට රටේ ජනතාව නිදහස් කරගත් නමුත් එයට කරණ උපහාරය වෙනුවට බාල මිනිසුන් විසින් හිටපු ජනාදිපති බලයෙන් නෙරපා යුරෝපියන්ගේ දංගෙඩියට දැක්කීමට අර අඳින් නේය .

    ඉහත පද රචනයේ හතරවෙනි පද වැලකට ඉඩ නොතියා හිටපු ජනාදිපති ජාතික විරයෙකුලෙස නම් කිරීමට නොමින්සුන් අතරේ සිටින මින්සුන් කටයුතු කල යුතුව ඇත..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress