චන්ද්‍රිකා, මහින්දට කළ අනතුරු ඇඟවීමට මහින්දගෙන් පිළිතුරු
Posted on April 8th, 2015

April 6, 2015, at 5:14 pm  11,495  www.mahinda.info

මහින්ද රාජපක්ෂ මහතාට ගෙදරට වී සිටින ලෙස දන්වමින් චන්ද්‍රිකා කුමාරතුංග මිය පැවසූ ප්‍රකාශයක් පහත වීඩියෝවේ දැක්වෙයි.

(1). ගරු සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලද අවස්ථාවේදී මැතිණියව මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂා කරද්දී, මැතිණිය සහ ශ්රීලනිප අතහැර ගියේ චන්ද්රිකා කුමාරතුංග මිය යි. චන්ද්‍රිකා මියගේ බේගල් වලට ඇයට සාක්ෂි නොමැති නමුත් අපේ තර්ක වලටනම් සාක්ෂි පහතින්.

(1-i). 1984 දී චන්ද්‍රිකා කුමාරතුංග මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී විජය කුමාරතුංග මහතා සමග ශ්‍රී ලංකා මහජය පක්ෂය” පිහිටුවන ලදී.

(1-ii). විජය කුමාරතුංග මහතාව 1988 පෙබරවාරි 16 දින ඝාතනය වීමෙන් පසුව චන්ද්‍රිකා කුමාරතුංග මිය පක්ෂය පමණක් නොව රටත් අතහැර විදේශගත වූවාය.

She stayed active in politics leaving the SLFP and supporting her husband’s party, the Sri Lanka Mahajana Party. After Kumaratunga was assassinated, she left the country for the UK, working for World Institute for Development Economics Research at the United Nations University in the interim, and not returning until 1991.
-චන්ද්‍රිකා කුමාරතුංග මියගේ ම විකීපීඩියා පිටුවෙන්.

(2). 2001 දී එවකට තිබූ පොදු පෙරමුණ ආණ්ඩුව පෙරලුනේ චන්ද්‍රිකා කුමාරතුංග මියගේ වරදින් මිස එකල සාමාන්‍ය අමාත්‍යවරයෙක් වූ මහින්ද රාජපක්ෂ මහතා නිසා නොවේ.

(2-i). මහින්ද රාජපක්ෂ මහතා නිසා 2001 ආණ්ඩුව පෙරලුනානම්, 2002 දී චන්ද්‍රිකා කුමාරතුංග මිය විසින්ම මහින්ද රාජපක්ෂ මහතාව පොදු පෙරමුණෙන් විපක්ෂ නායක ලෙස පත් කරන්නේ නැත.

(2-ii). මහින්ද රාජපක්ෂ මහතා නිසා 2001 ආණ්ඩුව පෙරලුනානම් 2004 දී අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස චන්ද්‍රිකා කුමාරතුංග මිය විසින්ම මහින්ද රාජපක්ෂ මහතාව පත් කරන්නේ නැත.

(2-iii). මහින්ද රාජපක්ෂ මහතා නිසා 2001 ආණ්ඩුව පෙරලුනානම් එවකට සිටි අනෙකුත් පොදු පෙරමුණේ මන්ත්‍රීවරුන් මහින්ද රාජපක්ෂ මහතාට කිසි සේත්ම සහාය ලබා දෙන්නේ නැත.

(2-iv). චන්ද්‍රිකා මිය පවසන පරිදි මහින්ද මහතා එස් බී දිසානායකයන්ව අරගත්තානම් තවමත් එස් බී දිසානායක සිටිය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා සමගයි. නමුත් චන්ද්‍රිකා මියගේ බොරු අතේ පැල කරමින් දැනුදු එස් බී දිසානායක කැබිනට් ඇමතිකමක් අරන් සිටින්නේ ඇයගේ මෛත්‍රීපාල හවුල” සමගයි.

(3). මේගොල්ලෝ හොරකම් කරලා තියෙනවා. මම පෞද්ගලිකව දන්නවා. ඔප්පු කරන්න පුලුවන් වෙලාව එනකම් ඉන්නේ. කරුණු හොයාගෙන යනවා.” ආදී ලෙස එකිනෙකට නොගැලපෙන කරුණු චන්ද්‍රිකා මිය පවසයි.

(3-i). මහින්ද මහතා හොරකම් කර ඇති බව ඇය පෞද්ගලිකව දන්නවානම් මාස 3 ක් යනකම් ගැන නීතිමය ක්රියාමාර්ග නොගත්තේ ඇයි? හේතුවනම් ඇය පවසන පරිදි මහින්ද රාජපක්ෂ මහතා කිසිවක් හොරකම් කර නැත.

(3-ii). කිසිම සාක්ෂියක් හෝ මූලාශ්‍රයක් නොමැතිව කියන්නන් වාලේ හොරා! හොරා!! හොරා!!!” කියමින් කටමැත දෙඩෙව්වාට ජනතාව ඒවායින් තවදුරටත් රැවටීමට නොහැකියි.

(4). චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය කිසිම අවස්ථාවක පරාජය වී නැති බව පැවසුවද ඇයගේ නායකත්වයෙන් තරග කළ පොදු පෙරමුණු ආණ්ඩුව 2001 දී පරාජය විය.

(5). අවසාන වශයෙන් චන්ද්‍රිකා මිය පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතා ගියානම් පැත්තකට වී සිටින ලෙසත් නැවත නො එන ලෙසත් ය.

(5-i). නමුත් තම නායකත්වයෙන් පැවැති පක්ෂය 27 වතාවක් මැතිවරණවලදී පරාජය වූ රනිල් වික්‍රමසිංහ මහතාට මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍ය තනතුර ප්‍රදානය කරද්දී චන්ද්‍රිකා මියට ඔය කතා මතක් වූවේ නැත.

(5-ii). ප්‍රජාතන්ත්‍රවාදී රටක කිසියම් නායකයෙක් මැතිවරණයකින් පරාජය වූ පමණින් සදහටම දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතුයැයි කියන උදවිය තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කරන අය නොවේ.

(5-iii). ජනාධිපතිවරණයේදී මුළු රටම එකම ඡන්ද කොට්ඨාශයක් වශයෙන් ගන්නා හෙයින් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වුවද, කොට්ඨාශ මට්ටමෙන් ගත් කළ එතුමා ජයග්‍රහණය කර ඇත. ඉදිරි මහ මැතිවරණය පැවැත්වෙන්නේ කොට්ඨාශ මට්ටමෙනි. එසේම ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වූ, එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් දෙමළ ජාතික සංධානයත් මුස්ලීම් කොන්ග්‍රසයත් බොහෝ විට හෙළ උරුමයත් සහ අනෙකුත් සුළු පක්ෂත් වෙන වෙනම මහ මැතිවරණයට තරග කිරීමට ඉඩ ඇති අතර එවිට මෛත්‍රීපාල සිරිසේන මහතා ලැබූ ලක්ෂ 62 ක ජන වරම කෑලි කෑලි වලට වෙන් වී යයි. එහෙත් තනි පුද්ගලයෙක් ලෙස ලබාගත් ලක්ෂ 58 ක ඡන්ද පදනම තවමත් මහින්ද මහතා සමගම සිටී.

(5-iv). ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාට නැවත දේශපාලනයට නො එන ලෙස චන්ද්‍රිකා මිය පවසන්නේ කුමන පක්ෂයක වුවමනාවට දැයි ජනතාවට පැහැදිළි වේවි.

චන්ද්රිකා කුමාරතුංග මියගේ පැටිකිරිය මෙලෙසයි.

(1). 1984 දී චන්ද්‍රිකා කුමාරතුංග මිය තමන්ගේ ආදරණීය අම්මා වූ ගරු සිරිමා බණ්ඩාරනායක මැතිණියට ද්‍රෝහී වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී වෙනම පක්ෂයක් පිහිටුවීය. විජය කුමාරතුංග මහතාව 1988 පෙබරවාරි 16 දින ඝාතනය වීමෙන් පසුව චන්ද්‍රිකා කුමාරතුංග මිය පක්ෂය පමණක් නොව රටත් අතහැර විදේශගත විය.

(2). තමන් සිංහලයෙක් සහ ශ්‍රී ලාංකිකයෙක් වීම ලැජජා වෙන බව චැනල් 4 ව්‍යාජ වීඩියෝව දැකීමෙන් පසුව පැවසීම.
https://youtu.be/caVc8Pz3x6g

(3). අවුරුදු 30 ක් පමණ ශ්‍රී ලංකා ජනතාව සිංහල දෙමළ මුස්ලීම් බේධයකින් තොරව ඝාතනය කළ ම්ලේච්ඡ මිනීමරුවා වූ වේලුපිල්ලේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියාට

පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රභාකරන් මහත්තයා” කියා කතා කිරීම.

(4). 2015 ජනාධිපතිවරණයේදී යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද්‍රෝහී වෙමින්, එක්සත් ජාතික පක්ෂ පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වෙනුවෙන් කටයුතු කිරීම. එජාපයෙන් සෑදූ වේදිකාවලට නැගීම. එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතට පවා ගොස් ජනාධිපතිවරණය මෙහෙයවීම.

(5). වසර 10 ක් පමණ රට පාලනය කළද රට වෙනුවෙන් කළ ජනතාවට මතක ඇති කිසිවක් නොමැති වීම.

(6). චන්ද්‍රිකා මියගේ කාලයේදී යුද්ධය 75% කින් අවසන් කළා කීවද, පුනරීන්, මුලතිව් සහ අවසානයේදී ජාතියට මහා විනාශයක් සිදුකරමින් අලිමංකඩ අහිමි වීම සහ තව පොඩ්ඩෙන් යාපනයත් අහිමි වීමට යාම.

(7). දූෂණය භීෂණය නවතනවා කීවද ඇගේ කාලයේ පැවැති කුප්‍රකට වයඹ මැතිවරණය ගැන ඇය සමග එකම වේදිකාවට නැග්ග රනිල් වික්‍රමසිංහ මහතතාත් හොඳ හැටි පවසා තිබීම.

(8). චන්ද්‍රිකා මැතිණිය ජනාධිපති ධූරයට පැමිණ වැඩි කලක් ගත වීමට පෙර තවක්කාල් ගනුදෙනුව සහ ප්‍රංශ දුම්රිය ධාවක ගනුදෙනුව (මෙන්ම චැනල් 9 ගණුදෙනුව) පිළිබඳ දැවැන්ත චෝදනාවන්ට ලක් විය. එමෙන්ම එයාර් ලංකා, ටෙලිකොම් සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වැනි ආයතන පෞද්ගලීකරණයේ දී දැවැන්ත දූෂණ සිදු වුණු බවට පොදු පිලිගැනීම විය. රක්ෂණ සංස්ථාව පිළිබඳ ගනුදෙනුව අහෝසි කර චන්ද්‍රිකා මැතිණිය දඩයකට යටත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කලේය. එමෙන්ම අද වෝටර්ස් එජ් හෝටලය පවතින ඉඩම ද ඇයගේ පෞද්ගලික මිතුරෙකුට කුණු කොල්ලයට ලබා දී ශ්‍රේෂ්ඨාධිකරණය යළි රජයට ලබා දුන්නකි. (මූලාශ්‍රය)

(9). පසුගිය ජනාධිපතිවරණයේදී චන්ද්රිකා කුමාරතුංග මිය සමග එක කඳවුරේම සිටිමින් මෛත්රීපාල සිරිසේන මහතාට උපකාරී කළ මාධ්යවේදියෙක් වන වික්ටර් අයිවන් මහතා පහත දැක්වෙන චෞර රැජිණ” පොත ලිව්වේ චන්ද්‍රිකා මිය වෙනුවෙනි. ඔබ මෙය මෙතෙක් කියවා නොමැතිනම් වේලාව අරගෙන කියවා බැලිය යුතුම පොතකි.

චන්ද්රිකා කුමාරතුංග මිය එසේ වෙද්දී ඇගේ චෝදනවන්ට සහ අභියෝගයට ලක් වෙන මහින්ද රාජපක්ෂ මහතා යනු කවුදැයි බලමු.

(1). චන්ද්‍රිකා මිය රටිනුත් පලා ගොස් තිබියදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියව ආරක්ෂා කරගනිමින් පක්ෂය රැක ගත්තේත්, පාක්ෂිකයින් වෙනුවෙන් නඩු හබ වලට නීතීඥයෙක් ලෙස පෙනී සිටියේත්, පාද යාත්‍රා තබමින් ශ්‍රීලනිප ය නැවත බලයට ගෙන ඒමට කටයුතු කළේත් මහින්ද රාජපක්ෂ මහතායි. ඒ ගැන පින්තූර සහිත ලිපිය. http://www.mahinda.info/2015/03/slfp/

(2). එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා පැවසූයේ මේ යුද්ධය වෙනත් ජනාධිපතිවරයෙකුට කරන්න මම ඉඩ තියන්නේ නෑ යනුවෙනි. එතුමා එසේ පැවසූ පරිදිම, දසක 3ක් තිස්සේ දිග්ගැස්සෙමින් තිබුණ කුරිරු යුද්ධය වසර 3 කට අඩු කාලයකදී අවසන් කරමින්, 2009 දී පළමු ධූර කාලය තුළදීම ශ්‍රී ලංකාව එක් සේසත් කළේය.

(3). දෙවන ධූර කාලය තුළදී රට පුරා මහා පරිමාණ සංවර්ධන ව්යාපෘති 4620 ක් නිම කළේය. එම සංවර්ධන ව්‍යාපෘති ගැන ලිපියක් මෙතනින්. http://www.mahinda.info/2015/02/development/

(4). ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සංධානයකට ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් ලබා දුනි, එතුමා ජනාධිපතිවරණයෙන් පැරදුනද එම ජන පදනම කොට්ඨාශ මට්ටමෙන් බලද්දී ජයග්‍රහණය කර ඇති අතර මහ මැතිවරණයක නියත ජයග්‍රහණයක් ලැබෙන ජන පදනමකි.

(5) වසර 2600 ක ලිඛිත ඉතිහාසය තුළ මේ මව් බිම එක් සේසත් කර තිබෙන්නේ නායකයින් 8 ක් පමණි. පළමු වතාවට අපේ රට එක් සේසත් කළේ දෙටුගැමුණු මහ රජතුමා විසිනි. අවසාන වතාවට අපේ රට එක් සේසත් කළ රජතුමා 1449 දී හය වන පරාක්‍රමබාහු රජතුමා විසිනි. ඉන් අවුරුදු 560 කට පසුව අපේ රට එක් සේසත් කළේ මහින්ද රාජපක්ෂ මහතා විසිනි. මහින්ද රාජපක්ෂ මහතා වැනි යුග පුරුෂයින් බිහි වී තිබෙන්නේ ඉතිහාසයේම 8 යි, පසුගිය සියවස් 5 ටම එක් කෙනයි, ඔහු තවමත් ජීවමානයි.

රට අනතුරේනම්, රට බේරගත්ත නායකයා තවමත් ජීවමානනම් අපි රට බාර දිය යුත්තේ කාටද? තීරණය ඔබ සතුයි.

2 Responses to “චන්ද්‍රිකා, මහින්දට කළ අනතුරු ඇඟවීමට මහින්දගෙන් පිළිතුරු”

  1. Christie Says:

    Namaste: SWRD was the first Indian Governor. Like father like daughter. Now Sirisena the Coolie, she is the Governor and Ranil the Kankani. Jai Hind

  2. ranjit Says:

    If Ortega in Gautamala or Bhuto in Pakistan or Ghandis in India can come back and become leaders in their respective countries why can’t Mahinda come back to serve the people of Sri Lanka. If NO MAHINDA millions will not give their vote to any politician in this country whether S.L.F.P or not.That’s for sure including five votes in my house. We don’t want S.L.F.P with that traitor MY3 or Nimal Siripala or Choura Regina as the leader of the party. We want Choura Regina completely out from SLFP and MY3 too because MY3 contested against the party President (MR) during the Presidential elections and got the support of our arch enemy UNP. So why we trust these Leeches again?

    We all know who is Choura Regina and who is MY3.In our eyes they were both traitors to the party and to the Motherland. Mahinda in our eyes was a great leader who has a vision for the country and a strong leader who can stand in two feet against any aggression. No leader is capable than Mahinda who is very much alive and healthy today to take our beloved country to become wonder of Asia. Rally round him to save our country from evil Choura Regina and the clique.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress