සිං හල බෞද්ධ රාජ්‍ය ය  විනාශ කිරීම    2
Posted on April 9th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

 1799 සැප්තැම්බර් 23 දින  ප්‍රකාශනය (Proclamation ) අනුව ”’ලංකාවේ  නිත්‍ය පදිංචි ව වසන්නාවූ  සියලු දෙනාටම  රටේ අනිත් වැසියන්ගේ  අයිතිවාසිකම් වලට  අවහිර නොවන පරිද්දෙන්  සන්සුන් ලෙස හා  සාමයෙන් හර්ද සාක්ෂියට  එකඟව  තම වැඳුම් පිදුම් කිරී මේ   නිදහස ඇත . ”’ යනුවෙන් වගන්තියක් තිබුනේය .1948 අලුත් ආණ්ඩු පනතේ  ඒ පැහැදිලි අදහස වෙනුවට ””””ආගමික කටයුතු කිරීමේ  හැම නිදහස ””” යනුවෙන් අදහස  අපැහැදිලි වගන්තිය යොදා ඇත.  සුද්දන්ගේ නීතියේත් තිබිය හැකි අඩුපාඩු හා අපහදිලිතන් ඉවත් කර රටේ උරුමක්කාරයන් ආරක්ෂාවෙන සේ නීති රීති සකස් කල යුතු අපේ අ  ය  සිය වගකීම්  මෙසේ පහර හැරියේය.  මුළු ලංකාවම  තම ආගම යටතට ගන්නා තුරු  සිය සේවය  ඉටුකලය් නොසිතන  බවත්  බුද්ධාගම හා හින්දු ආගම  සමග කිසිකලෙක   සමගි සම්මුතියක්  ඇතිකර ගත නොහැකි බවත්  ප්‍රකාශ කරන ආගමික කොට්ඨාසයක්  රට  තුල සිටිනවිට   ඩී  එස් ලා කල යුතුවුයේ මෙයද.  දිව්‍යමය සත්යය පැවසීමේ අයිතියක් අතය් පවසන  උන්  ගෙන්  තම රටේ උරුමය රකින්නේ මෙහෙමද ”’.ආගමික කටයුතු කිරීමේ හැම නිදහස ””  යන්නෙහි තේරුම නම් අනෙක් ආගම් විනාශ කර දැමීමට  හැකි බව ය් . ආගම් කීපයක් ඇතිවිට  ඒවා  නම නියම කොට පැහැදිලිව දැක්
 විය යුතුය
                            පෙර සිංහල රජවරු  ”’බුද්ධ ශාසනය  අභය සලස්වා   ආරක්ෂා කළහ ””. නිකාය භේධ  වීම ධර්මය  ධර්මවිරෝධී ලෙස  පැහැදිලිකිරීම්  ආදියද රජතුමා විසින් වැළැක්විය  ඒවා රජුගේ වග කීම් විය.  බෞද්ධ කමෙන් තොර රාජ්‍ය පාලන ක්‍රමයක් සිංහලේ නොවීය  එහෙත් 1948 දී අපේමඅ  ය බුදුන් සරණ වෙනුවට  ජෙනින්ග්ස් සරණ ගියහ .  ලංකාවේ සියට  5ක් පමණ සිටින  කිතුනුවෝ අදත්  බෞද්ධයන්ට වඩා  බලවත්ය . යහපාලනයේ ඇමැතිවරුත් වැඩිදෙනෙක් කිතුනුවෝය . එජාප යින්ට නම්  මේ මොනවා වුනත් ගානක් නැත .  උන් චන්දය දෙන්නේ  කොළපාටට මිස ප්‍රතිපත්ති වලට නොවේ  ජාතියේ පියාලත් උන්ගෙය රනිලුත් චන්ද්‍රිකාත්  දෙන්නාම  එකවගේ ම උන්ට හොඳය  මයිත්රීත් චම්පිකත්  හොඳය  උන්ට මුන්ගේ වෙනසක් නැත්තේ  අන්තිමේදී සේරම කොලපාට නිසාය .
                                      දැනුත් ලංකාවේ  රාජ්ජයෙන් බුදුදහමට විශේෂ තැනක් නොදිය යුතුයය්  පවසන  ප්‍රබුධ්ධයය් කියා ගන්නා කොටසක් ඇත .  රායප්පු ජෝසෆ් ලා   රට බෙදා වෙන් කලත්  සිංහලයන්ට බෝම්බ ගස්සෙව්වත්  මේ මිනිහාට විරුද්ධව එක දේශපාලකයෙක් වත්  ක්‍රියා කරන්නේ නැත්තේ  බටහිරයන් ඉගැන්වූ සංහිඳියා සදාචාර ධර්ම වලින් උන්ගේ  සිහි විකල් වී ඇති හෙයිනි  වහාම කල යුත්තේ මේ   බට හිර ගැ ති යන බෝකරන අධ්යාපනක්‍රමය වෙනස් කිරීමය් .තුනෙන් දෙකේ බලයත් වැසියන්ගේ  ආදරයත් දෙකම තිබුන මහින්ද 13අ අහෝසි නොකළේ  ඔහුත් මේ අධ්‍යාපනයෙන් කුරුවල් වුන මනසක් ඇත්තෙකු නිසය්   ඔහුටත් ලය ,  බඩ  සහ මොළ විරේකයක්  දී  ම  ජාතිවාදීන් විසින් කල යුත්තේ නැවත ආපසු කන්ඩා ගත යුතු නිසය්  නැත්නම් අපි ආයෙත් කබලෙන් ලිපට වැටෙනු ඇත . මහින්ද නවත දිනුවොත්   එය පෙන්වන්නේ  අපේ රටට සිංහල බෞද්ධ රාජ්‍ය ක්‍රමයක් අවශ්ෂ්‍ය බව  මිස වෙන කිසිවක් නොවේ කුරුනේගලදී  චන්ද්‍රිකාට හු කියා එලෙව්වේ   රටට එවැන්නක් අවශ්‍ය නිසය්  මහින්ද  එල්ලාවල මේධානන්ද හිමියන්ගෙන් රටේ ඉතිහාසයත් නලින් ද සිල්වා ගෙන්  අපට ගැලපෙන්  දර්ශනයත් ලබා ගත යුතුය් . සුද්දාත් කළු සුද්දාත් රට කල වින්නැහිය මහිද විසි අනිවාර්යයෙන් නැවත විය යුතුය .ඔහුගේ වයසේ යමෙක් බෞද්ධ කොමිෂන්වාර්තාව  කියවා නැත්නම්  ඔහු දේශපාලනයට  වැද්ද නොගත යුතුය 1818 ගැනත් 1848 ගැනත්  විමලානන්ද තෙන්නකෝන් ලියු  පොත් කියවා නැති එකෙක්  දැන් දේශපාලනයේ සිටී නම්  උන් දුම්මල ගසා එලවිය යුතුය . මහින්ද චින්තනය වාණිජ චින්තනයක් නොවීමට නම්  සිංහල බෞධ්ධරාජ්‍යය  පරයින් විසින් විනාශ කල හැටි  ඉගෙන ගත යුතුය . තමන් විසින්  මරාදම්මවූ ප්‍රභාකරන් මළවුන්ගෙන් නැවත නැගිටීමට පෙර  මහින්ද නැවත බෞද්ධ  අධ්‍යාපන පන්ත්යකට ගොස්  අපේ  ශාසන  ඉතිහාසය  හැදෑරිය යුතය .
                          ඒ සඳහා  මේ ලිපිද ප්‍රයෝජනවත් වනු ඇත . තවත් පසුවට  

6 Responses to “ සිං හල බෞද්ධ රාජ්‍ය ය  විනාශ කිරීම    2”

  1. Senevirath Says:

    ලය , බද සහ මොළ විරේකයක් දීම ජාතික වාදීන්ගේ —– යනු විය යුතුය ජාතිවාදීන් යනුවෙන් වැරදියට ටයිප්වී ඇත

  2. Independent Says:

    මෙය සහතික ඇත්ත​.
    නලින් චින්තනය අපට ගැලපේ. “මහින් ද චින්තනය” කියා අකුරින් ලියා ඇති දේ ද ගැලපේ. එහෙත් සැබෑ තත්වය එයද ?

    ඔබේ පැතුම කවදාවත් ඉටුනොවන බව මම දනිමි. එබැවින් වෙනත් විකල්පයක් අපට අවශ්‍ය වී තිබේ.

  3. sarathk Says:

    ලියන්න ලියන්න. දිගටම ලියන්න. අමතකව ගිය කරුණුත්, උවමනාවෙන්ම යටගහන කරුනුත් බොහෝය. සිංහල බෞද්ධ ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට තව බොහෝ සිංහල බෞද්ධ උගතුන් ලිපි සැපයිය යුතුය. බෞද්ධ භික්ෂුන්වහන්සේලා මේ අරමුණ පෙරදැරි කර විජාතික කුණු අධ්‍යාපන වතුරෙන් සෝදා ඇති අපේ මොළ පිරිසිදු සිංහල බෞද්ධ වතුරෙන් සේදීමට සුදුසු ලිපි ලියන්නනම් මැනවි. මේ කරුණට නායකත්වය දෙන ආචාර්ය ලිදමුලගේ නලින් කුමාර (නලින් ද සිල්වා)මහතාගේ ව්‍යායාමයටද අපගේ අති ගෞරවය පුදකරමු.

  4. Christie Says:

    Namaste: Here is another apologist for the Indian non violent aggression and oppression. Christianity; Catholicsm came with the Portuguese and the Dutch. This is another article to divide the Sinhalese based on their religion and is part of the Indian Imperialists’ Hinduthwa agenda. Indian Imperialists are winning. Jai Hind

  5. Jag Says:

    Can’t agree more with SarathK. This is the hour of need for all those Singhalese Buddhist scholars to write about the ”Helaya” and promote our own Singhalese Buddhist thinking in our society. That is the only way to salvage ourselves from those never ending conspiracies coming from the west trying to erase our culture and values.

  6. sarathk Says:

    Jag has written same thing in english language sarathk has written in sinhala language and saying he can’t agree with sarathk. Can’t you understand sinhala? There is no word as Singhalese!!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress