සුසිල් සංධාන මන්ත්‍රීන් වහා කැඳවිය යුතුයි
Posted on April 9th, 2015

නලින් ද සිල්වා

එක්තරා ආකාරයකින් ගතහොත් දුෂ්ටගාමිණී සද්ධාතිස්ස ගැටුමේ නව පිටපතක් දැන් ක්‍රියාත්මක වෙයි. දුෂ්ටගාමිණී යනු ගාමිණි අභය රජුට එතුමාගේ විරුද්ධවාදීන් දුන් නමකි. ඒ අතර තිස්සට සද්ධාතිස්ස යන නම පටබැඳිණි. අභය ගාමිණී කුමරුට විරුද්ධ වූයේ එළාර හා ඔහුගේ පුරෝහිතයා හා ආධාරකරුවන් පමණක් නො වේ. තිස්ස නමින් වූ සහෝදරයා ද විරුද්ධ විය. එමෙන් ම අශෝක රජුගෙන් පසු මෙරට ඇති වූ භික්‍ෂු පරපුරේ ඇතැම් භි්ක්‍ෂූන් වහන්සේ ද විරුද්ධ වූහ. කාවන්තිස්ස රජුගේ මරණයෙන් පසු ගාමිණී අභය කුමරුට රජකම නො පැවරිණි. රජකමට පත්කරනු ලැබුයේ සද්ධාතිස්ස නමින් ප්‍රසිද්ධ වූ ති්ස්ස ය.

අභය ගාමිණී කුමරුට කොත්මලේ සිට පැමිණ රජකම ලබාගැනීම සඳහා තිස්ස සමග සටන් කිරීමට සිදුවිය. එහි දී තිස්ස යුද්ධයෙන් පැරදී ගොස් සැඟවණේ පන්සලක ය. රජකම පිළිබඳ සිද්ධිය මහාවංසයේ විස්තර නො කෙරෙයි. එහෙත් මෙය යක්‍ෂ ගෝත්‍රිකයන් හා විජය –- අශෝක (ඊනියා මෞර්යයන්) අතර වූ ප්‍රශ්නයක් වූ බව සිතාගත හැකි ය. අප රටට ඉන්දියාවෙන් (භාරතයෙන්) බලපෑම් එල්ල වූයේ අද ඊයේ නො වේ.

ඒ කෙසේ වෙතත් මෛත්‍රිපාල ජනාධිපති වූයේ  විජාතික බලවේගවල සහායෙනි. එහි දී ඉන්දියාව හා රෝ ඔත්තු සේවය විශාල කාර්යභාරයක් ඉටු කළේ ය. බටහිරයන් ද සමහ එකතු වූ ඉන්දියාව මහින්ද රාජපක්‍ෂ දුෂ්ටමහේන්ද්‍ර කෙනකු බවට පත් කළේ ය. මාදුළුවාවේ සෝභිත හිමි, රතන හිමි ආදීහු ඊනියා සාධාරණ සමාජ ඇතිකර පිවිතුරු හෙටක් උදා කිරීම සඳහා විජාතික බලවේග සමග එකතු වූහ. මහින්දගේ සහෝදරයකු නොවුණ ද, එකම පක්‍ෂයේ සහෝදරයකු වූ මෛත්‍රිපාල මෛත්‍රිය පතුරවන සද්ධාමෛත්‍රී කෙනකු බවට පත් කෙරිණි. දුෂ්ටමහේන්ද්‍ර හෙවත් මහින්ද පරාජය කෙරිණි. එහෙත් අභයගාමිණී රජ වූ පරිද්දෙන් මහින්ද ද නැවත බලයට පත්වීම වැළැක්විය නො හැකි ය.

අද මතු වී ඇති විපක්‍ෂ නායක තනතුර සඳහා වූ ප්‍රශ්නය මෛත්‍රිපාල රනිල් කල්ලියේ නිර්මාණයකි. නිමල් සිරිපාල මෛත්‍රිපාල රනිල් කල්ලියේ නියෝජිතයකු පමණකි. ඔහුගේ ඊනියා විපක්‍ෂ නායකකම අද අභියෝගයට ලක් වී ඇත. ඔහු තමාට පිටුපසින් පිහියෙන් ඇනීමක් ගැන දොඩවයි. මළමිනිවලට පිටුපසින් හෝ ඉදිරියෙන් හෝ පිහියෙන් අනින්නේ කවු ද? කතානායක චමල් රාජපක්‍ෂ කියා ඇත්තේ විපක්‍ෂ නායකකම පිළිබඳ ව සංධානය තීරණයක් ගත යුතු බව ය.

සංධානයේ මන්ත්‍රීවරුන් 64 දෙනකු විපක්‍ෂ නායකකමට දිනේෂ් ගුණවර්ධන පත්කරන ලෙස ඉල්ලා කතානායකට ලිපියක් දී ඇත. එහෙත් චමල් රාජපක්‍ෂ තීරණයක් නොගෙන අද සද්ධාචමල් කෙනකුගේ චරිතය රඟපායි. ඔහු කියන්නේ සංධානය ඒ පිළිබඳ තීරණයක් ගත යුතු බව ය. එසේ නම් සංධානයේ මහාලේකම් සුසිල් ප්‍රේමජයන්ත අද වහාම සද්ධාචමල්ට ලිපියක් මගින් දිනේෂ් ගුණවර්ධන  විපක්‍ෂ නායක ලෙස පත්කරන ලෙස දැනුම් දිය යුතු ය.

සුසිල්ට එසේ කිරීමට නොහැකි නම් ඔහු වහාම කළ යුත්තේ සංධානයේ ඇමතිකම් භාර නොගත් මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් කැඳවා විපක්‍ෂ නායක විය යුත්තේ කවුද යන්න පිළිබඳ තීරණයක් ගැනීම ය. එහෙත් සුසිල් වැඩකරන්නේ දේශපාලනයෙන් විශ්‍රාම ගොස් ඇතැයි කියන චන්ද්‍රිකාට හා මෛත්‍රිපාලට අවශ්‍ය අන්දමට ය. සංධානයේ අද ප්‍රජාතන්ත්‍රවාදයක් නමටවත් නැත. එහි ඇත්තේ චන්ද්‍රිකා හා මෛත්‍රිපාල මගින් ක්‍රියාත්මක වන විජාතික ආධීපත්‍යයකි. එහෙත් ඒ ආධිපත්‍යය බිඳ දමන දිනය වැඩි ඈතක නො වේ.

නලින් ද සිල්වා

2015 මාර්තු 09

 

3 Responses to “සුසිල් සංධාන මන්ත්‍රීන් වහා කැඳවිය යුතුයි”

  1. sarathk Says:

    දේශපාලනයේ මිතුරන් කොහෙත්තම නැත. සිටින්නේ අවිස්වාසකාරීවූ සතුරන්ම පමණි. බලය ඇති විට බලයේ බලයෙන් සතුරෝ මිතුරන් මෙන් එකට සිටීමට වෙර දරති. බලය ගිලිහී ගියවිට සතුරෝ විනිවිදව පෙනේ. ඔවුන් සියල්ල පවා දෙමින් නැතිවී ගිය බලය සොයා ඉව අල්ලති. මේ බලය නැති කල හැකි බලයක් නැතිද ? දේවානම්පියතිස්ස රජුගෙන් යලිත් අසමු. “මහරාජ, මෙම දේශපාලන ක්‍රමය හැර වෙනත් දේශපාලන ක්‍රම ලොවේ ඇත්ද ?”

  2. Independent Says:

    මේ විපක්‍ෂ නායක සටන මහා විහිලුවකි. සබය විසුරුවන්ට තව දවස් කීයද ? පැන්ශන් එක තියාගන්නට අවුරුදු 6 සම්පූර්න නොවුන එවුන් 19 සංසෝධනයට චන්ඳය දෙනු ඇත​. එන මැතිවරණයෙන් උන්පීය පරාජය කිරීමට ජාතිකවාදීන් එකතුවිය යුතුය​.

  3. Christie Says:

    Namaste: RAW (Third Eye) has been involved in affairs of the Indian Empire (Bharat Samraj) Longs before the British left the British Indian Empire. Jai Hind

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress