දහනවයට පළමු රනිල් ඉවත් කළ යුතුයි
Posted on April 22nd, 2015

නලින් ද සිල්වා

මෙරට බිහි වූ කපටි ම දේශපාලනඥයකු වූ මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂය ගොනාට ඇන්දවීමට සැරසෙයි. එහෙත් ඔහු පරාජය කිරීම අපහසු කාර්යයක් නො වේ. ජනාධිපති ලෙස පත් වී ඇති මෛත්‍රිපාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අද හෙට ගෙදර යැවිය හැකි නො වේ. එහෙත් පාර්ලිමේන්තුවට ඕනෑම අවස්ථාවක රනිල් ගෙදර යැවිය හැකි ය. විජාතික බලවේගවල සහය ලබන රනිල් මෛත්‍රිපාලට වඩා බලවත් නමුත් පාර්ලිමේන්තුවේ නිරූපණය වන ජනබලය අනුව මහින්ද රනිල්ට ද මෛත්‍රිපාලට ද වඩා බලවත් ය. 

එය ඊයේ පෙරේදා කාහටත් හොඳින් ම දැකගත හැකි විය. ඒ දැකගත් වැඩ බැරි ටාසන් කෙනකු වූ රනිල් පාර්ලිමේන්තුවේ දී වියරුවෙන් මෙන් හැසිරුනේ ය. රනිල්ට සහය දෙන රවි කරුණානායක, ලක්‍ෂමන් කිරිඇල්ල, විජේදාස රාජපක්‍ෂ, අජිත් පෙරේරා ආදීහු ද කිරිඇල්ලගේ තවත් හෙළිදරවුවක් ලිපියෙහි සඳහන් පරිදි වැඩ බැරි ටාසන්ලා වෙති. දින සියය ඇතුළත පළිගැනීම හා අර්ජුන් මහේන්ද්‍රන් වැන්නන් වෙනුවෙන් බොරුකීම හැර ඔවුන් කළ වෙනත් දෙයක් වේ ද? ඔවුන් සමග සංසන්දනය කළ විට මෛත්‍රිපාල තම කාරිය ඉටුකරගන්නා කපටි වැඩ කාරයෙකි. ඔහු වැඩ කරන්නේ බටහිරයන්ගේ ඉන්දීයයන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් බව පැහැදිලි ය. බඩේ බිජු නොව ආප්ප තියාගෙන කතාකළ හැකි මෛත්‍රිපාල අද අර අඳින්නේ ඔහුගේ ස්වාමිවරුන් වෙනුවෙන් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමටත් මහින්ද ගෝඨාභය ඇතුළු 41 දෙනකු ඊනියා යුද්ධාපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් කර බටහිරයන්ට පාවාදීමටත් ය. 

මහින්ද හා මෛත්‍රිපාල අතර සාකච්ඡා පැවැත්වීමට මෛත්‍රිපාල එකඟවන්නේ ඔහුගේ ස්වාමිවරුන්ගේ කැමැත්ත පරිදි ය. ඒ කපන්න බැරි අත සිඹීමට මිස මහින්දට හෝ ශ්‍රී ල නි පක්‍ෂයට ඇති කරුණාවක්, ගෞරවයක් නිසා නො වේ. අද ඒ සාකච්ඡා සඳහා ශ්‍රි ල නි පක්‍ෂය හා මහින්ද වෙනුවෙන් පහත සඳහන් කොන්දේසිවලට එකඟ වීමට මෛත්‍රිපාලට බල කළ යුතු ය. සිංහල ජාතික මහජන මතයට ගරු කරන්නේ නම් ඔහු ඒ කොන්දේසිවලට එකඟ විය යුතු ය. 

(1) නීති විරෝධීව අගමැති ලෙස පත් වී සිටින රනිල් වහාම අගමැති ධුරයෙන් පහකිරීමට මෛත්‍රිපාල පාර්ලිමේන්තුව හා එක් ව ක්‍රියා කළ යුතු ය. මහින්ද ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර ඔහු අගමැති කළ යුතු ය. 

(2) රනිල් අගමැතිව සිටින තාක් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය 20 වැනි සංශෝධනයක් ඇතිව හෝ නැතිව හෝ ඉදිරිපත් නොකළ යුතු ය. සිංහල බෞද්ධ විරෝධියකු වූ රනිල්ට බලතල දීම ප්‍රජාතන්ත්‍රවාදය  තහවුරු කිරීමක් නොව දෙමළ ජාතිවාදය ශක්තිමත් කිරීමකි. (රෝ ඔත්තු සේවයේ අවශ්‍යතා ඉටු කරන ජාතික හෙළ උරුමය කොන්දේසි විරහිත ව 19 ට පක්‍ෂ වෙයි. ඒ පක්‍ෂය ද අද දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටියි. දෙමළ ජාතික සංධානය අනුව යමින් ජාතික හෙළ උරුමය තම නම දෙමළ ජාතික උරුමය ලෙස වෙනස් කිරීම කාලෝචිත ය.)   

(3) විධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීමට පෙර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පළාත්සභාවලට දී ඇති බලතල කප්පාදු කළ යුතු ය. විශේෂයෙන් ම ඉඩම් හා පොලිස් බලතල ව්‍යවස්ථා සංශෝධනයකින් පළාත්සභාවලට අහිමි කළ යුතු ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත යුත්තේ 13 කප්පාදු කිරීමට ය. 

(4) පළාත්සභා බලතල කප්පාදු නොකර විධායක ජනාධිපති බලතලවලට අත නොතැබිය යුතු ය. පළාත් සභා බලතල කප්පාදු නොකර විධායක ජනාධිපති බලතල අඩුකිරීම විජාතික බලවේගවල අවශ්‍යතාව පරිදි දෙමළ ජාතිවාදයට කප්පන් දීමකි. අද 19 පිටුපස ඇත්තේ ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු දෙමළ ජාතිවාදී බලවේග ය. අද වනවිට ජාතික හෙළ උරුමය ද ඒ ගණයට වැටී ඇත. මාදොළුවාවේ සෝභිත හිමියන් ඒ ගණයට වැඩම කර බොහෝ කල් ය. 

(5) ඊනියා 20 වැනි සංශෝධනයකට අද විජාතික බලවේග කැමතිවන්නේ 19 ට ශ්‍රී ල නි පක්‍ෂයේ සහය ලබාගැනීමට ය. මෛත්‍රිපාල මගින් ඉදිරිපත් කරන මේ ගැටයට ශ්‍රී ල නි පක්‍ෂය හසු නොවිය යුතු ය. අවශ්‍ය නම් 20, 19ට කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ බාධාවක් නැත. මීළඟ මැතිවරණය මිශ්‍ර ක්‍රමයකට පැවැත්වීමට ජනතාවගෙන් බහුතරය කැමති වනු නොඅනුමාන ය. 19ට පළමු 20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ය. මේ සංශෝධනවල අංක මාරු කිරීම අහස පොළොව ගැටළන ප්‍රශ්නයක් නො වේ.  මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ යුත්තේ මිශ්‍ර ක්‍රමයට මැතිවරණ පැවැත්වීමේ දී යම් දිස්ත්‍රික්කයකින් අනුපාත ක්‍රමයට කණ්ඩායමකින් හෝ පක්‍ෂයකින් හෝ මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමට නම් අදාළ කණ්ඩායම හෝ පක්‍ෂය හෝ අදාළ දිස්ත්‍රික්කයෙහි වලංගු ඡන්දවලින් 5%ක්වත් ලබාගෙන තිබිය යුතු ය හා කේවළ ක්‍රමයට මන්ත්‍රින් තේරීමේ දී බල ප්‍රදේශයකින් වලංගු ඡන්දවලින්  5%කට අඩු ඡන්ද ප්‍රමාණයක් ලබාගන්නා අපේක්‍ෂකයන්ගේ ඇප රාජසන්තක කළ යුතු ය යන කොන්දේසිවලට යටත් ව ය. 

(6) ජාතික ගීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ගැයිය යුත්තේ සිංහල භාෂාවෙන් පමණකි. එය වෙනත් බසකින් ගයන්නන්ට දැඩි දඬුවම් දීමට හැකි වන පරිදි පනතක් සම්මත කර ගත යුතු ය. කෙටියෙන් කියන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර්නන්ට දඬුවම් පැමිණ විය යුතු ය. එසේ උල්ලංඝනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුර අහිමි කළ යුතු ය. 

(7) මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ල නි ප ප්‍රමුඛ සංධානයක අගමැති අපේක්‍ෂක ලෙස මහින්ද රාජපක්‍ෂ නම් කළ යුතු ය. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක දී ජනතාව ඉවෙන් ඒ ඒ පක්‍ෂවල අගමැති අපේක්‍ෂක කවුදැයි දැන ගනිති. මෙවර ඇති වී තිබෙන විශේෂ තත්ත්වය හේතුකොටගෙන ජනතාව තරමක් වික්‍ෂිප්ත වී ඇති බැවින් අගමැති අපේක්‍ෂකයා කවුදැයි නම් කිරීම අත්‍යවශ්‍ය වෙයි.           

නලින් ද සිල්වා

2015 අප්‍රේල් 22

4 Responses to “දහනවයට පළමු රනිල් ඉවත් කළ යුතුයි”

  1. Independent Says:

    “එහෙත් පාර්ලිමේන්තුවට ඕනෑම අවස්ථාවක රනිල් ගෙදර යැවිය හැකි ය.”- ඇත්ත​. එහෙත් මෙය කලයුතුව තිබුනේ පළමුවැනි සැසිවාරයේදීමය​. එසේ නොකලේ ශ්‍රීලනිප යේ සහ පසුගිය ආන්ඩුවේ මැති ඇමති ලොක්කෝ තම නායකයා පැරදීමෙන් පසු “අනේ අපි හිරේ යයිදැ යි ” බයේ ගැහි ගැහි සිටි බැවිනි. රනිල් ගෙදර යැවීමෙන් පසු මේ ලොක්කන් ද ගෙදර යැවිය යුතුය​.

  2. Indrajith Says:

    It is also worth reading Mr. Manohara De Silva’s article in todays’ opinion column of the Island along with Prof. Nalin De Silva’s this artice’.

    A selected portion of it is reproduced below to understand one of the hidden motives of the proposed 19th ammendment to the constitution.

    Disqualifying the Former President and His Family

    The 19th Amendment not only seeks to abolish the Executive Presidency and to establish these so called “Independent Commissions” through the mechanism of a Constitutional Council, but also introduces three specific disqualifications that would apply to a prospective candidate contesting a future Presidential/Parliamentary Election, namely, that,

    1. No person who has been twice elected to the office of President can thereafter be reelected to the office of President (Amendment to Article 31(2) and 92(2)(c));

    2. To increase the threshold age to contest a Presidential Election from 30 to 35 (Amendment to Article 92(1)(a));

    3. Disqualify dual citizens from contesting a Parliamentary Election (Article 91 (1)(d)(xiii)).

    These three clauses will effectively disqualify Mahinda Rajapakse and Namal Rajapakse (born on 10th April 1986) from contesting the next Presidential Election and, Gotabhaya and Basil Rajapakse from contesting a Parliamentary Election, if they are in fact dual citizens. This type of legislation is ad hominem, directed against particular persons, which would certainly not be considered as good law!

  3. Senevirath Says:

    සියලු ජාතිහිතය්ශී මන්ත්‍රී වරු එකවී සිරිසේන ලාගේ ගැට ගැන මහින්ද දැනුවත් කල යුතුය මහින්ද අහුවුනොත් රට ඉවරෙටම ඉවරය

  4. Christie Says:

    Namaste: Indian Imperialists are working hard to stop Sinhalese getting two third majority in the Parliament. West is dependent on Indian parasites and vermin for their political survival. Look at the UK election coming up with almost three million Indian votes and US elections need more than 5 billion dollars for Clinton Jai Hind

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress