අර්ජුන් වැඩ අල්ලයි
Posted on April 25th, 2015

නලින් ද සිල්වා

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරු වැසියෙකි. ඔහු ශ්‍රී ලංකාවේ මහා බැංකුවේ අධිපති ය. ඔහු සිංහල අවුරුද්ද පැවැත්වී දැයි නො දනිමු. එහෙත් ඔහු අවුරුද්දෙන් පසු නැවතත් බැංකුවේ වැඩ අල්ලා ඇත. මහා බැංකු බැඳුම්කර නිකුතුවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව චෝදනාවක් විය. ඔහු ඒ චෝදනාවෙන් නිදහස් වී ඇත. ඉතින් ඔහු වැඩ ඇල්ලීමේ වරදක් ඇතැයි කියන්නේ කෙසේ ද? මුදල් ඇමති රවි කරුණානායක අසන්නේ ද ඒ ප්‍රශ්නයම ය.

මෙහි දී බටහිරයන්ගේ බලපෑමක් සිදු වී ඇතැයි අපි නො කියමු. අඩු තරමෙන් සිංගප්පූරුවෙන්වත් බලපෑමක් සිදු වී ඇතැයි කිව නො හැකි ය. අප එතරම් ම ස්වාධීන රටකි. එහෙත් පසුගිය දා මෛත්‍රිපාල සිරිසේන සංධානයේ නායකයන් අමතමින් තමන්ට බටහිර රටවලින් සිදුවන බලපෑම් ගැන කීවේ ය. එය මෛත්‍රිපාලගේ තවත් ප්‍රකාශයක් ලෙස සලකමු ද?

අර්ජුන් මහේන්ද්‍රන් වැඩ ඇල්ලීමේ දී ජාතික ගීය ගැයූ බවවත් එය ගැයුවේ සිංහලෙන් ද දෙමළෙන් ද මැන්ඩරීන් නැත්නම් වෙනත් බසකින් ද යන්න ගැනවත් වාර්තා වී නැත. ඒ කෙසේ වෙතත් සිංගප්පූරු වැසියකු ලංකාවේ ජාතික ගීය ගැයීමේ අවශ්‍යතාවක් නැත. ඔහු ඇතැම් විට සිංගප්පුරු ජාතික ගීය ගයන්නට ඇත. එහෙත් ඒ එකක්වත් ලංකාණ්ඩුවටවත් ශ්‍රී ලංකා පොලීසියටවත් ප්‍රශ්න නො වේ. ඔවුන්ට අඩුම තරමෙන් විග්නේස්වරන් දෙමළෙන් ලංකාවේ ජාතික ගීය ගැයීමට ඉඩ දීමවත් ප්‍රශ්නයක් නො වේ. ඔවුන්ට අද එයට වඩා ප්‍රශ්න ඇත. 

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කමිටුව ඉදිරිපිට පැවති උද්ඝෝෂණයෙහි දී ඩලස් අලහප්පෙරුම අතේ තිබූ කොඩිය ජාතික කොඩිය දැයි සෙවීම අද ප්‍රධාන ප්‍රශ්නය වී ඇත. ඒ පරීක්‍ෂණයෙහි දී ඊනියා රාජ්‍ය නොවන සංවිධානයක පර්යේෂකයන්ගේ සහය ලබාගැනීමට පොලීසියට හැකි යැයි සිතමු. ඒ උද්ඝෝෂණයට ජාතික කොඩි ගෙන එන්නට යැයි කිසිවකු කියා ඇති බවක් අපි නො දනිමු. විවිධ පුද්ගලයන් විවිධ කොඩි ගෙන එන්නට ඇත. ඩලස් අතේ තිබුණේ ගැමුණු කොඩිය ද, සුමංගල හිමි කොඩිය ද, ඩී එස් සේනානායක කොඩිය දැයි කීමට තරම් දැනුමක් අපට නැත. එහෙත් ඒ සොයා ගැනීමට අපට ද අවශ්‍ය වෙයි. 

ඒ සඳහා කළ යුත්තේ නීතිඥයන් තුන් දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම ය. අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ කෙළේ එය ය. රනිල් ජනාධිපති හෝ මුදල් ඇමති හෝ නොවූවත් ඔහු එවැනි කමිටුවක් පත් කෙළේ ය. අර්ජුන් රනිල්ට පමණක් කියා නිවාඩු ගියේ ය. අර්ජුන් වැඩ ඇල්ලුවේ කාට කියා දැයි අපි නො දනිමු. දැන් විධායක ජනාධිපතිවරුන් රාශියක් සිටින බව මහින්ද රාජපක්‍ෂ කියන්නේ ඒ නිසා ද යන්නත් නො දනිමු. එකී විධායක ජනාධිපතිවරුන් කවුරුන් දැයි දැනගැනීමට ද ඒ සමගින් තවත් නීතිඥ කමිටුවක් පත්කළ හැකි ය. නඩු නැති ඇතැම් නීතිඥයන්ට එවැනි කමිටු මගින් විශාල සේවයක් වනු ඇත. 

ඒ කුමක් වුවත් අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් සෘජුව වග නොකියන බව කමිටුව සොයාගෙන ඇත. බටහිර විද්‍යාවේ ද සොයාගැනීම් ගැන කියැවෙයි. එහෙත් අප කියන්නේ ඒ සොයාගැනීම් නොව බටහිර විද්‍යාඥයන්ගේ නිර්මාණ කියා ය. අප එසේ කීම ගැන මෙරට බටහිර විද්‍යාඥයෝ කුපිත වෙති. එහෙත් ඔවුන් අතින් සොයාගැනීමක්වත් නිර්මාණයක්වත් කෙරී නැත. අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධ කමිටුව නිර්මාණය කෙළේ ද සොයාගත්තේ ද යන්න අපි නො දනිමු. ඒ කුමක් වුවත් අර්ජුන් නිදහස් ය. කාට ද ආඩම්බරේ යැයි ඇසීමට සිතෙන්නේ එවැනි අවස්ථාවල ය. 

අර්ජුන් වක්‍ර ව වගකිව යුතු බවක් කමිටුව සෘජුව නොකියන බව බන්දුල ගුණවර්ධනගේ දැනගැනීම සඳහා කිව යුතු ය. එහෙත් අපි එකක් දනිමු. සතාසිවම් මිනීමැරුමේ වරදකරුවා වංගෙඩිය යැයි එකල කතාවක් තිබිණි. බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් වරදකරු අර්ජුන් මහේන්ද්‍රන්ගේ බැණා වූ අර්ජුන් ඇලෝෂියස් අදාළ ඉල්ලුම් පත්‍රයට අත්සන් කළ පෑන විය හැකි ය. 

නලින් ද සිල්වා

2015 අප්‍රේල් 25

6 Responses to “අර්ජුන් වැඩ අල්ලයි”

  1. Dr.K Says:

    යහපාලනය කියාගෙන කැකිල්ලේ රජ්ජුරුවන්ගේ ප්‍රතිපත්ති නැවත ක්‍රියාත්මක කරනබව මහ බැංකුවේ කෙරෙන කටයුතු වලට ඒකට පත්කරපු අදිපතිය සම්බන්ද නැහැ කීවාම ඉතා පැහැදිළිවම පෙනී යන්නේය. කැකිල්ලේ යලි රජවී ඇත.

  2. Leela Says:

    මංත්‍රි වරුනි, සිරිපාල කියන්නෙ දවල් මිගෙල් රෑ දනියෙල්. සිරිසේන බටහිරයන් ටයි ඉන්දියානුවන් ටයි උදේ රෑ වැඳල උපදෙස් ගන්න කෙනෙක්. එ්නිසා 20 ගෙනෙයි කියල සිරිසේනය වත් සිරිපාලය වත් විශ්වාස කරන්න එපා. තුනෙන් එකක් වත් නැති රනිලය යි ගෝල බාලයො ටිකයි හැසිරෙන්නෙ හරියට උෟන්ට තුනෙන් දෙකේ බලයක් තියන ගානටයි. එ්කීය රට අස්තාවර කිරීමයි උන්ගෙ බලාපොරොත්තුව. කොන්ද පන අැති මංත්‍රි වරුනි! 19 පැරදවිම අද ඔබේ වග කීමයි යුතු කමයි.

  3. Christie Says:

    Namaste: We are fighting among ourselves while the Indian Empire, Indian Colonial parasites and Vermin are reaping their benefits. In a western Capitalist country these two mahendrans will face the same fate that Raj Rajaratnam did. In the US it was if I remember correct it was an Indian Vermin lawyer who prosecuted Raj Rajaratnam and his criminal associates who used privileged financial information to make a profit. It is exactly what happened here, directly or indirectly is not the question. Good Governance is getting help from Indian and Western experts to examine the financial corruption carried out by the Sinhalese and not Indians. Jai Hind.

  4. ranjit Says:

    MR should not join with MY3 or Choura because they are both after his scalp and he should be careful. These two evil minds with the other evil mind(Ranil) will not stop until they punish this guy as per the wishes of Western and Indian empires. MR have the support of the majority S.L.F.Per’s so he should make his own party and start new to defeat both old S.L.F.P. and the UNP. True S.L.F.P er’s do not like MY3 or Choura therefore he should go alone and contest the next General elections by promising to scrap 13 and bring clean Governance to the country.

    I hope he will have his own May Day rally with the true workers of this land and show the world how big he is though he failed once. Majority is waiting to see that happen rather than sitting with two evil traitors to the Motherland and to the S.L.F.P. party. He should take a decision soon on behalf of the people whether sit with them or go alone as a true Sinhala hero.

  5. Senevirath Says:

    මහින්දට පීකොක් මන්දිරය දීම නැවතුනේ කොහොමද කියල දන්නා කෙනෙක් ඉන්නවද

  6. Independent Says:

    සෙනෙවි,
    මම නම් දන්නේ නැත​. එහෙත් හිතා ගත හැකිය​.

    මම ලියන ගේ ගැන දනිමි. සිංහලෙන් කිවහොත් පල් හොරෙකි. මොහු ගෙය ඔබේ දෙවියාට විකිනීමට කතාකර ගත්තේය​.
    ඊට පසු දෙදෙනා එක්කතුවී බොරු ප්‍රචාරයක් ගොඩනැගීහ​.
    නමුත් මුදල් ට්‍රාන්ස්ෆරය භයානක බව හදිසියේ දෙදෙනාටම වැටහිනි.

    මෙය තේරෙන්නේ නැද්ද ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress