ජේ ආර් ජයවර්දනගේ දේශපාලනය
Posted on April 28th, 2015
ධර්මසිරි සෙනෙවිරත්න
1948 න් පසු බිහිවූ කපටී බුධ්ධි යකින් යුතු දේශපාලනඥයා ජේ ආර් ය. යැංකි ඩිකී යනුවෙන් ඔහු හැඳින්වුණේඔහු ඇමරිකාව ට බෙහෙවින් ලැ දී බටහිර පන්නය අනුගමනය කරන ධනවාදියෙක් වූ නිසාය . සාරධර්ම ඉතිහාසය හා සාහිත්‍යය වැනි විෂයයන් ට වඩා ඔහු අගය කලේ මුදල්ය මුදල්යොදා සැ පවිදී මය තණ්හාධික ජනතාව මුදලට හා ඒ හා බැඳී සුඛයට ගිජුබවත් තේරුම් ගත ඔහු විවුර්ත ආර්ථික ක්‍රමය මගින් ඔවුන් පිනවීමෙන් තම බලය තහවුරු කර ගත හැකි බව මැනවින් අවබෝධ කර ගත්තේය මැ දපිලිවෙත් චාම් ජීවන ක්‍රම ආදී අපේ ප්‍රතිපත්ති වේගයෙන් ඉගිලී ඉවතට ගියේ .විවුර්ත ආර්ථික ක්‍රමය නිසාය. ඔහු හැම විටම ආදර්ශයන්සේ පෙන්වුවේ සිංගප්පුරුව ඇමරිකාව වැනි රටවල්ය සිංහලයන්ගේ බෞධ්ධයන්ගේ චාම් කම විච්චුරන ව්‍යාජ බොරුසොබන ක්‍රමයකට හැරුනේ ලවක් දෙවක් නැති පාලනයක් නැති මේ විවුර්තය නිසාය
අරුත විවර විය , දහම නුහුරුවිය
1940 -1941 අතර මොහු ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කල යුතුයය් ජාතික කොන්ග්‍රසයට සන්දේශයක් ඉදිරිපත් කර මින් කීවේ ” ගැමුණු පැරකුම් යුගයන් ගැන කතා කිරීම සිහින දැකීමක් වැනි බවය ‘ ඉන්දු ලංකා ෆෙඩරේෂන් ” නමින් සංදේශය නම් කර තිබුණි . ආත්ම ගවුරවය රැකගෙන අපේ ආරක්ෂාව සලසා ගැනීමට වඩා ඉන්දියාවේ ප්‍රාන්තයක් වීමෙන් ඉන්දියාවේරටට රක වරණය ලබෙයය් ඔහු හිතුවා විය හැක .ආදී සිංහලයෝ සිංහල රට ඉන්දියාවෙන් බේරා ගැනීමට සටන් කළා මිස උන්ට යටත්ව සිටීමට නොසිතුහ එසේ ප්‍රාන්තයක් වුනා නම් බුදු දහම මේ රටෙනුත් අතුරුදහන්වී සෑහෙන කල් ය .ජේ ආර් ගේ පිය පාර්ශවයේ අඵහස් ඔහුට බල පාවා විය හැක බුද්ධ සාෂණය භාර දෙවියන් පිහිටවීම නිසාදෝ තවත් මදුරාසිය මෙහි බිහි විඊමට තිබු ඉඩ නැතිවිය . ජේ ආර් ගේ අදහස ඉටු නොවීය .
හැම පාසලකම අධ්ධ්යාපන මාධ්‍යය සිංහල විය යුතුයය් 1943 දී ඔහු යෝජනා කලේ ය . ඒ කැලණිය ආසනය දිනා ගැනීමට මිනිසුන් රැවටීමටය ඊ ඩබ්ලිව් පෙරේරා පැරදවීමට මේ ආකර්ශනීය ජෝජනාව සමත් විය ජයග්රහණයෙන් පසු 1944 05 24 දින රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී මුල් යෝජනාවේ ””සිංහල ”’ යන්න ” සිංහල සහ දෙමල” යනුවෙන් සංශෝදනය කර ඉදිරි පත් කළේය ඒ ඔහුගේ දෙමල මිතුරන් සතුටු කිරීමටය . 1956 02 18 දින එජා ප සම්මේලනයේදී ”’ නැවත ””සිංහල පමණක් රාජ්‍ය භාෂාව විය යුතුය ”’ යන යෝජනාවට පක්ෂව කරුණු දක්වමින් කතා කළේය 1941 දී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කිරීමට කතා කල මොහු බණ්ඩාරන නායකගේ රට සභා පනතට ද විරුද්ධව මහා කලබැගෑනියක් කළේය නැවත දෙමල චන්ද මගින් බලය ලබා ගත හැකියය් සිතුන විට චෙල්ව නායගම් තිරුචෙල්වම් හා ඩඩ්ලි ද සමග එකතුවීවිධායක හා අධිකරණ බලතලද සහිත දිස්ත්‍රික් සභා ක්‍රමයක් සකස් කළේය . චෙල්වා සතුටු කිරීම සඳහා මේ එකඟතාව ලිඛිතව චෙල්වාට දෙන ලෙස ඔහු ඩඩ්ලි ට බල කළේය චෙල්වාවත් එවන් ලිඛිත එකඟතාවක් බලාපොරෝත්තුවුයේ නැත. අමාරුවේ වැටුනේ දඩ්ලිය . සිරිමා ශාස්ත්‍රී ගිවිසුම අනුව ඉන්දියාවට යාමට සිටි පවුල් හාර ලක්ෂයකට අධික පිරිසකට ජේ ආර් වහාම පුරවැසි භාවය ලබාදුන්නේ තොණ්ඩා සතුටු කර බලය ගැනීමටය කැබිනට් මණ්ඩලයටද හොරෙන් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කලේ රට ප්රාන්තයකිරීමේ සිහිනය සැබෑ කර ගැනීමටද නැත්නම් ””ආරක්ෂාව දෙන රටට ‘ බයෙදය් දන්නේ ඔහුම පමණි වඩමාරච්චි සටන ඔහු විසින් නැවත වුයේ බට හිරට බයේද නැත්නම් ඉන්දියාවට බයේද ඉන්දියාවට ආදරේටද නැත්නම් සිංහල විරෝධයටද . දන්නේ ඔහුමය මහවැලියෙන් උතුරේ පදිංචිකළ 40000 ක සිංහලයන් අතපය කඩා එළවා දැම්මේ ජේ ආර් ය . ඔහු සිංහලයන්ට බිය අයෙක් නොවේ කතෝලික හමුදා නිලධාරියෙක් හා පොල් පෙරේරා මේ සඳහා ජේ ආර් ට සහාය විය . යාපනේ වටා ථිබූ හමුදා මුරපොළවල් 13 ක් ඔහු විසි ඉවත් කරන ලදී විනිසුරන්ගේ ගෙවල් වලට ගල්ගසෙව්වේ ජේ ආර් ය එය මහජන අයිතියක් යය ඔහු පැවසුවේය
.
එවන් පූර්වා දර්ශයන් සැපයු තවත් අයෙක් ඇද්ද. දන්නේ ඔහුම පමණි
April 28th, 2015 at 3:30 pm
සෙනෙවි,
1.”ඉන් දියාව කොටි ත්‍රස්තවාදය බිහි කල බවද, කොටින් ගේ අභිප්‍රාය මුලු ලක්බිමම දෙමල රාජ්‍යයක් කිරීම බවද ඔහු පැවසී ය”
2.”හැම පාසලකම අධ්ධ්යාපන මාධ්‍යය සිංහල විය යුතුයය් 1943 දී ඔහු යෝජනා කලේ ය”
3. ”සිංහල පමණක් රාජ්‍ය භාෂාව විය යුතුය ”’ යන යෝජනාවට පක්ෂව කරුණු දක්වමින් කතා කළේය ”
බොරුවට හෝ මේවා කියන නායකයින් අද කෝ ?
අද ඉන්නේ බය ගුල්ලෝය.
කෙසේ වෙතත් ජේ ආර් ගැන මගේ කිසිම පැහැදීමක් නැත. ඔහු රට හැදීමේ ඉතා දුර්ලභ අවස්ථාවක් විනාශ කර දැමී ය.
සෙනෙවි, ඔබේ පලමුවැනි පැරග්‍රාෆ් එක හුදු මාක්ස්වාදී මන්තරයක් පමණි. අපේ හැදියාව , සංස්ක්රුතිය ,චාම් ජීවන ක්‍රම බෞද්ධකමින් එන දේවල් ය. ඔබේ රජ තුමා මේවා ආරක්ෂා කලා ද ?නො එසේනම් , ඔබ ඔහුට බනින්නේ නැද්ද ?
ඔහු ජේ ආර් ටත් වඩා දරුණු ලෙස ඔබකියන මේ කරගෙන් ගියේ නැද්ද ? හිරි ඔත්තප්ප විනාශ කල එකම නායකයා ඔහුය.
මා ඔහුට අකමැති එකම හේ තුව මෙයයි.
April 28th, 2015 at 5:22 pm
4. 1945 දී පමණ ජේ.ආර්. ජයවර්ධන මහතා ගේ ප්‍රකාශයක් වූයේ ලංකාවට නිදහස ලැබෙන විට සිංහලේ රාජකීය කොඩිය වශයෙන් තිබූ සිංහ කොඩිය යළි එසැවිය යුතු බවයි
April 28th, 2015 at 6:26 pm
Namaste: ජේ ආර් මෙවා කීවෙ සින්හලෙන්ද ඉන්ග්රිසියෙන්ද? ඉන්දියන් ගැතියා. Jai Hind
April 29th, 2015 at 1:33 am
බලලෝභයෙන් , රජසැප බලාපොරොත්තුවෙන් බොරුවට රට ජාතිය ආගම අල්ලගෙන මහජනයා උසිගන්වා උන් ගේ මඩිය තරකරගන්න 24/7 වැඩකරන කොන්දක් නැති හොරුන් අතර අද සරත් වීරසේකර නමැති එක් සිහලයෙක් පාර්ලිමේන්තුවේ තම ඍජු කම අපට පෙන්වීය.
19අ ට චන්දය දීම මේ අවස්තාවේදී සුදුසු බව මගේත් අදහස උනත්, ඒ උතුම් මිනිසා ගේ අදහස අසා එය සාධාරණ සැකයක් බවත්, අනාගතයේ දී සැවොම මේ ගැන හොඳින් බලා සිටිය යුතු බවත් දැන් පැහැදිලිය.
හරක් රැලක් මෙන් මහ හරකෙක් පස්සේ ගොස් බොරුවට උඩපැනීමෙන් ඵලයක් නොමැත.