මහින්දගේ පරාජය
Posted on April 29th, 2015

නලින් ද සිල්වා

මහින්ද රාජපක්‍ෂ පරාජය වූයේ පසුගිය ජනවාරි 8 වැනි දා නො වේ. රටේ ජනාධිපතිකම නැතිවීම පරාජයක් නො වේ. ගැමුණු රජුට කාවන්තිස්ස රජුගේ මරණයෙන් පසු රජකම හිමි නො විය. එහෙත් ගැමුණු කුමරුට නිවැරදි තීරණ ගැනීමෙන් සද්ධාතිස්ස යැයි නම් කෙරුණු තිස්ස පමණක් නොව ධර්මිෂ්ට එළාර යැයි හැඳින්වුණු එළාර ද පරාජය කිරීමට හැකි විය. වළගම්බා, ධාතුසේන, විජයබාහු ආදී රජවරුන්ට විවිධ අවස්ථාවල රජකම අහිමි වූ නමුත් ජනතාවගේ ද භික්‍ෂූන් වහන්සේගේ ද සහායෙන් නැවත රජකමට පත්වීමට හැකි විය. එයින් කියැවෙන්නේ ජනතාව හා භික්‍ෂූන් වහන්සේ සියලු දෙන ම ඒ ඒ රජවරුන්ට ආධාර කළ බව නො වේ. ගැමුණු රජු ඇතුලු ඒ ඒ රජවරුන්ට විරුද්ධ වූවෝ එකල ද සිටියහ. 

අටවැනි දා පරාජය ජයග්‍රහණයකින් කෙළවර කර ගැනීමට මහින්ද රාජපක්‍ෂට හැකියාවක් තිබිණි. එහෙත් ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකම අත්හැරීමෙන් ඔහු පරාජයේ මාවත තෝරා ගත්තේ ය. අපි එය වැරදි බව කීවෙමු. මහින්ද රාජපක්‍ෂ කිසි දිනෙක අපට සවන් දුන්නේ නැත. එහෙත් ඔහු ජනතාවට සවන් දුන්නේ ය. අප කෙළේ ජනතාවගේ මතය ප්‍රකාශ කිරීම පමණකි. මහින්ද ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකම අත්හැරියේ ජනතාව ඒ ගැන කියන්නේ කුමක් ද යන්නවත් නො දැන ය. එය හුදෙක් තමාගේ හා තම පවුලේ ආරක්‍ෂාව වෙනුවෙන් ගන්නා ලද පියවරක් පමණකි.

එය එසේ වුවත් ජනතාව මහින්ද වටා රොක්වූහ. ඔවුහු රනිල්ට විරුද්ධ වූ අතර මෛත්‍රිපාලට අකමැති වූහ. මහින්ද කිසියම් මොහොතක පක්‍ෂ (විකල්ප ශ්‍රී ල නි පක්‍ෂයක) නායකත්වය ගනීවිය යන විශ්වාසය ජනතාවට විය. මහින්ද වටා පළාත් සභා හා ප්‍රදේශීය සභා මන්ත්‍රිවරු රොක්වූහ. ඒ සියල්ලන්ගේ ම අපේක්‍ෂාව වූයේ මහින්ද අඩුම තරමෙන් අගමැති ලෙස පත්වේ ය යන්න ය. එහෙත් මහින්ද තීරණයක් ගැනීම දිනෙන් දින පස්සට දැමී ය. ඔහු සෘජු දේශපාලනයට එළඹෙන බවට පැහැදිලි සංඥාවක් නො කෙළේ ය. 

එයින් රනිල් ශක්තිමත් විය. බටහිරයෝ ඔහුට උපදෙස් හා අනුග්‍රහය දුන්නෝ ය. (බටහිරයන් තමා නොව රනිල් විශ්වාස කරන බව මෛත්‍රිපාලට දැන් අමතක වුව ද දින කිහිපයකට පෙර සංධාන නායකයන්ට කීවේ ය). ශක්තිමත් වූ රනිල් ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල ද ජයම්පති වික්‍රමරත්න වැනි සමසමාජ නීතිඥයන්ගේ ද ආධාරයෙන් දහනවවැනි සංශෝධනය ඉදිරිපත් කෙළේ ය. එය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා වූ සංශෝධනයක් නොව මූලික වශයෙන් ජනාධිපතිගේ විධායක බලතල යම් ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට නොව  අගමැතිට ලබාදීමටත්, දහහත්වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ව්‍යවස්ථාදායක සභාව නැවත ඇතිකර ඊනියා ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමටත්, මහින්ද රාජපක්‍ෂ නැවත ජනාධිපති ධුරයට තරග කිරීම වැළැක්වීමටත්, සිංහලයාට මෙරට හිමි සුවිශේෂත්වය නැතිකිරීමටත්, එමගින් රට ආපසු 1833ට ගෙන යෑමටත්, සන්ධීය හෙවත් ෆෙඩරල් රාජ්‍යයක් බිහිකර ඊළමකට පාර කැපීම සඳහාත්, රනිල් බටහිරයන්ගේ හා ඉන්දියයන්ගේ අවශ්‍යතාවට මෛත්‍රිපාල මගින් පික්පොකට් ගැසූ අගමැතිකම නීත්‍යානුකූල කරගැනීමටත් ගෙනෙන ලද සංශෝධනයකි.

මෛත්‍රිපාලට එයට විරුද්ධ විය නොහැකි ය. බලලෝභී ඔහු තමාට අගමැතිකම නොලැබුණු බැවින් ඊනියා පොදු අපේක්‍ෂකයා බවට පත්වීමේ දී ම යම් ගනුදෙනුවක් (අද භාෂාවෙන් ඩීලයක්) කර ඇති බව පැහැදිලි ය. එය හෙළිවනු ඇත්තේ ඔහුගේ ක්‍රියා මාර්ග හරහා ය. එහෙත් මහින්දට එයට විරුද්ධ විය හැකිව තිබිණි. ඔහු කළ යුතුව තිබුණේ සෘජු දේශපාලනයට පිවිස දහනවයට විරුද්ධ අරගලයට නායකත්වය සැපයීම ය. ඔහු එය නො කෙළේ ය. එමගින් ඔහු තම පරාජය ශක්තිමත් කර ගත්තේ ය. 

අවසානයේ දී සංධානයේ නායකයෝ ද  ශ්‍රී ල නි පක්‍ෂයේ නදවට නායකයන් අනුගමනය කරමින් ඊනියා සංශෝධන කිහිපයකට මුවා වී දහනවයට පක්‍ෂ වූහ. සුපුරුදු පරිදි විමල් වීරවංශ තම ව්‍යාජ  වීරත්වය ප්‍රදර්ශනය කරමින් සංශෝධනවලට පක්‍ෂ නිසා දහනවයට පක්‍ෂ යැයි කීවේ ය. එය සුපුරුදු ගැලරි කතාවක් විය. සංධානයේ විශාල පිරිසක් දහනවයට පක්‍ෂ වූයේ විමල්  මෙන් ම සංශෝධනවලට මුවා වී ය. එහෙත් ඔවුහු එය පුහු වීරත්වයකට හරවා ගැනීමට උත්සාහ නො කළහ. 

සරත් වීරසේකර මහතා පමණක් සංශෝධනයට විරුද්ධ විය. ඔහුට අපේ ප්‍රණාමය හිමි වෙයි. ලබන මැතිවරණෙයේ දී ඔහුට නාම යෝජනා හිමි නොවනු ඇත. එහෙත් ඔහු වෙනුවෙන් මැතිවරණ සටනට සහභාගි වීම ජාතිකවාදීන්ගේ යුතුකම වෙයි. එමෙන් ම සංශෝධනයට විරුද්ධ වී යම් බලපෑම් හේතුවෙන් කරන්නට වෙන කිසිවක් නොමැතිව සංශෝධනයට ඡන්දය විමසන අවස්ථාවේ දී සභාගැබේ නොසිටි ජානක බණ්ඩාරට ද අපේ ගෞරවය හිමිවෙයි 

මහින්දට දැන් පරාජයේ මාවත හැරෙන්නට වෙනත් මාවතක් වේ නම් ඒ රනිල්ගේ අදුරදර්ශී ක්‍රිිියා  නිසා  ඇතිවන්නක් විය යුතු ය. එසේ රනිල් අදූදර්ශී ක්‍රියා මාර්ග නොගන්නට ඔහු (රනිල්) තව තවත් බලය තහවුරු කරගනු ඇත. අද නැවත වරක් සිංහල ජනමතයට සවන් දෙන ජාතික නායකයකු සොයා ගැනීමට (නිර්මාණය කිරීමට) සිදු වී ඇත. එහෙත් එය එක් රැයකින් සිිදු කළ හැක්කක් නො වේ. අපට එසේ කිරීමට සිදු වී ඇත්තේ ව්‍යජත්වය ඔඩු දුව ගොස් ඇති සමාජයක ය. මැයි දෙවැනි දා ලංකාවට පැමිණෙන ඇමරිකන් රාජ්‍ය ලේකම් ජෝන් කෙරී තොරණක් විවෘත කරන බවට ද කතාවක් පැතිර යයි.  එහෙත් අපි අනේ කාලේ වනේ වාසේ යැයි නො කියමු.

නලින් ද සිල්වා

2015 අප්‍රේල් 29

15 Responses to “මහින්දගේ පරාජය”

  1. Kumari Says:

    We are waiting for Mahinda to enter active politics once more. He is the most popular politician in the land. This is not a time to find new faces, there are 5.8m people behind him, counting more. In the absence of his leadership, the pickpocket is writing the obituary notice of the majority community.

  2. charithsls Says:

    I think MR had to back down to protect his family knowing how much fraud & pillage his own family & close relatives have done to come to some understanding with Sirisena & Ranil. Sad, but it looks the bitter truth. The blatant abuse of power in Carlton TV network by his sons,Sri Lankan airlines by his Bil & Basil too hard to believe as lies. He may know worse things which he thinks the government will reveal if he comes forward to lead the front. The only way to show these are not true is to come & lead at the election. Now that he will not be the executive president anymore who is the best one the patriots think,should be groomed to that post , that what we should ask ourselves now itself,GR?

  3. Senevirath Says:

    සරත් ට ශ්‍රී ලනිපය නාම යෝජනා නොදුන්නත් ජාතික වාදීයය් කියන ම ඒ පෙ ඇතුළු පක්ෂ කරන්නේ මොකක් දය බලමු .අනිත් ය සරත් නොගන්නේ නම් නලින් ඇතුළු සියලු දෙනාම එකතුවී ඔහු ස්වාධීනව හෝ ඉල්ලන්නට සලස්වියයුත්ය්

  4. Senevirath Says:

    sarath may triple gem bless you

  5. Independent Says:

    ” අද නැවත වරක් සිංහල ජනමතයට සවන් දෙන ජාතික නායකයකු සොයා ගැනීමට (නිර්මාණය කිරීමට) සිදු වී ඇත. එහෙත් එය එක් රැයකින් සිිදු කළ හැක්කක් නො වේ. අපට එසේ කිරීමට සිදු වී ඇත්තේ ව්‍යජත්වය ඔඩු දුව ගොස් ඇති සමාජයක ය.”

    -පමා වී හරි මෙය තේරුම්ගැනීම ගැන ස්තුතියි. මට මෙය තේරී හුඟක් කල්.
    මම හිතුවේ ඔහු මහින් ද කියාය​. විමල් වැන්නන් කිසිදාක ඔහු යයි නොසිතීමි. එය ඔහුගේ මුහුනින්ම පෙනේ.

    එහෙත් අපිට සරත් වීරසේකර රණවිරුවා විස්වාස කළහැක​.

  6. Senevirath Says:

    හරක් එළවා සරත් පත් කරමු

  7. cwije Says:

    We do not know what is Prof. Nalin de Silva’s position with regard to 13-A. MR depends on PC members for his support which means MR is for 13-A. Since Nalin is for MR one has to presume that Nalin is for 13-A.

    Anybody supporting 13-A is an anti- Sinhala or anti-Sinhala Buddhist.

  8. Christie Says:

    Namaste: Mahinda did not loose. Indian Empire corrected its error made in 2005. Look at the Indian voting in 2015 and Indians not voting in 2005. Indian Empire tried to get rid of Mahinda in 2010 by enlisting Field Marshall Sarath Fonseka in 2010. Jai Hind

  9. Samanthi Says:

    I hat off to Dr. Sarath Weerasekera for his bold decision to vote against the 19th ammendment.
    I strongly believe that all patriotic forces including MR, GR, Sarath, Dinesh, Wimal, Udhaya, Nalin, Dr. Amarasekera et al should get together to protect our motherland from destructive forces. This is the time to unite. Not to divide!

  10. Independent Says:

    රෝමානු, වැස්ලියන්, බැප්ටිස්ට්, එංගලන්ත සභා, චර්ච් මිෂනාරි, සැල්වේසන් හමුදාවේ අය ද හම්බන්කාර, මරක්කල, දෙ කොටස ද ඇතැම් ඉංග්‍රීසි නිලධරයෝ ද ඇතැම් ඉංග්‍රීසි වතුකාර වෙළෙඳ මහතුන් ද ඉංග්‍රීසි ඉගෙන ගෙන ක්‍රිස්තියානි වී සිටින ඇතැම් සිංහල බැරිස්ටර්වරු සහ වෛද්‍යාචාර්යවරු ද රේන්දකාරයෝ ද, ප්‍රංස, ජර්මන්, ඉංග්‍රීසි පාදිලිවරුනට එකතු වී සිටින සිංහල කතිසේරු සහ පාදිලිවරුන් යන මේ සියලු දෙනා ම එකතු වී සිංහල බෞද්ධ ජනතාව අකුසල ධර්මයන්හි යෙදවීමට ක්‍රියාකරන බැවින් සිංහල බෞද්ධයන් වෙනුවෙන් ක්‍රියාකරන්නට සිටින භික්ෂූන් වහන්සේලා අප්‍රමාද ව වීර්යයෙන් සිංහල ජාතිය පරෙස්සන් කර ගැනීමට උත්සාහ කට යුතු යි. දැනට සිංහලයන් වටකරගෙන කොටි, වලසුන් මෙන් ක්‍රියාකරන යට කී සමාගම්වල සියලු දෙනා ම දස අකුසල කර්මයන්හි යෙදී සිටින පාපීන් බැවින් මොවුන් නැති කරන්ට නම් දස අකුසල කර්ම නොකොට සිටීමට සිංහල බෞද්ධයන් වීර්ය කටයුතු යි.

    පරම දුර්ගන්ධ මේ පාපීන් සේවනය නොකොට ඔවුන් ගේ මංගල්‍යවලට නොගොස් ඔවුන් දෙන කෑම්බීම් නොගෙන මත්පැන් පානය නොකොට ඔවුන් මරා විකුණන ඌරු මස්, කුකුළු මස්, ගෝ මස් අනුභව නොකොට ක්‍රිස්තියානි චාරිත්‍රාදිය අත්හැරදමා තොප්පි, සාය, ගවුම්, ක්‍රිස්තියානි නාම ප්‍රතික්ෂේප කොට ආර්ය ධර්ම අනුව කල් යවන්ට සිතට ගත යුතු යි.

    වාණිජ කර්ම මනු නීතියේ ඉතා ම ශ්‍රේෂ්ඨ කර්මයක් මෙන් නියම කොට තිබේ. ධන සැපයීමට වෙහෙසෙන තැනැත්තාට ලක්ෂ්මි දේවි උපකාර කරන්නී ය. ධන නැති තැනැත්තා ශුද්‍රයා ය යි නියම කර තිබේ.

    වාණිජ කර්මය පටන් ගෙන ධන සම්පාදනය කිරීමට සිංහලයන් විසින් ඉගෙන ගත යුතු යි. ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගත් පමණින් කලිසන් කෝට් තොප්පි දමාගත් පමණින් ඉංග්‍රීසිකාරයන් ගේ සංඛ්‍යාවට ගත නොහැකි යි. ඉංග්‍රීසි ඉගෙනගන්න තරුණ සිංහලයන්ට බාල කාලයේ දී යහපත් අවවාද දීමට සිටින්නේ භික්ෂූන් වහන්සේය. එහෙත් භික්ෂූන් බාල පරම්පරාව හැදීමට කිසි උත්සාහයක් නොගන්නා බැවින් හැදෙන පරම්පරාව මිත්‍යාදෘෂ්ටි ගුරුවරයන් සේවනය කෙරෙති. ඒ බාල පරම්පරාවේ උදවිය වයසට ගිය කල භික්ෂූන්ට සංග්‍රහ කිරීමක් ඔවුන් ගෙන් නොවන්නේ ය. ඒ නිසා බාල කාලයේ පටන් සියලූ ම සිංහල දරුවන්ට අවවාද කිරීම, ශාස්ත්‍ර ඉගැන්වීම, ඔවුන් දැනගෙන සිටින ශාස්ත්‍ර භික්ෂූන් විසින් ද ඉගෙන ගැනීම කට යුතු යි.

    ගිහි කොටස දැනගෙන සිටින ශාස්ත්‍ර භික්ෂූන් නොදන්නවා නම් භික්ෂූන්ට ඒ ගිහියන් ගෙන් ගෞරවය ලබාගැනීම අමාරු යි. කුඩා කාලයේ දී ගිහි ශිෂ්‍යයන් පාඨශාලාවලට පැමිණ ඉගෙන ගන්නා නානා ශාස්ත්‍ර විද්‍යා භික්ෂූන් නොදැන සිටීම හේතු කොටගෙන ශිෂ්‍යයන් විසින් භික්ෂූන්ට කිසි ගෞරවාදරයක් පෙන්වන්නේ නැත. මා දන්න පමණවත් මේ හාමුදුරුවෝ දන්නේ නැත යන හිත ශිෂ්‍යයන්ට උපදී. ඒ නිසා සාමණේර කාලයේ දී ඉංග්‍රීසි, ගණිත මිනිත, ලතින්, ග්‍රීක් ආදිය පාලි භාෂාවත් සමඟ ම ඉගැන්වීමට කටයුතු සැලැස්විය යුතු යි. සාමණේර කාලයේ දී මෙ සේ ඉගෙන ගත් කල ථෙර භාවයට පැමිණි විට ඒ ශාස්ත්‍ර සිංහල දරුවන්ට උගන්වන්ට පුළුවන.

    දැනට සංස්කෘත කාව්‍යාලංකාර ශාස්ත්‍ර, වෙදකම, ඡ්‍යොතිශ් ශාස්ත්‍රාදිය භික්ෂූන් විසින් ගිහි ශිෂ්‍යයන්ට උගන්වනු ලබන්නාක් මෙන් වර්තමාන ශාස්ත්‍රය ද උගන්වන්ට පුළුවන් වෙයි. එවිට මිත්‍යාදෘෂ්ටි ගුරුවරයන් ළඟට යෑම ඕනෑ නොකරයි. සාමණේර කාලයේ දී මෙසේ බුද්ධ ධර්මය සහ වර්තමාන ශාස්ත්‍ර ඉගෙන ගැනීම ඉතාම ප්‍රයෝජන යි.

  11. Jag Says:

    Unless GR gets rid of his U.S citizenship, he can’t contest elections. He should realise this and throw it away. If MR cannot contest due to various personal reasons as ”Charith” is saying, then the only alternative we have is GR and he should rise to this occasion. People trust him and they know that GR will able to restore the lost glory of Sri Lanka. Dr. Weerasekera has all the qualifications to become his deputy.

  12. Marco Says:

    C Wije
    Its not often i agree with your analysis but I would agree with your comment above which i have been saying all along.
    Provincial Councils via the 13th Amendment has been the life blood of MR support and continues to be so with the recent rallies. MR depends on the crooked PC members why would he want to cut them off, more so now than before.
    With regards to Nalin De Silva think most Sri Lankans know exactly which side his bread is buttered.

    Sarath Weerasekera is in many respects a side show that warrants very little attention. I trust the current Govt will give him enough rope to hang himself. Unlike the Rajapakse regime MY3 will leave him alone to his own devices, judging by the recent events and pronouncements Sarath Weerasekera is allowed to take a few casualties along the way!

  13. cwije Says:

    Marco, my comment was about Nalin Silva. He writes daily about MR. But he is not telling us what he (Nalin) thinks about 13-A!!

    His silence is not golden in this case.

  14. Independent Says:

    “Sarath Weerasekera is in many respects a side show that warrants very little attention.”

    Marco,

    Please give us reasons for this statement. Do you have credible information to condemn him like this ? If so please give us.
    Otherwise your are the one needing ZERO attention.

  15. Independent Says:

    Nalin is trusting MR 1000 times more than science. This is called Avijja.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress