Former President denies allegations on Norochcholai coal power project
Posted on June 16th, 2015

Adaderana

Former President Mahinda Rajapaksa on Tuesday (16) denied allegations that members of the former government had earned a commission of Rs. 15 billion from the Norochcholai coal power project.

Issuing a statement he said At a media briefing last Friday, former president Chandrika Kumaratunga alleged that members of the Rajapaksa government had earned a commission of Rs. 15 billion from the Norochcholai coal power project. The same charge was made by honorable minister Champika Ranawaka in his book ‘Alapalu Arthikaya’ released during the presidential election campaign, where he said that the original estimate for the first phase of the Norochcholai project was USD 300 million but that within a few months it had been ‘bumped up’ to USD 455 million with the insinuation that the difference of USD 155 million (more than Rs. 15 billion) was pocketed by the Rajapaksas. The following should be noted in this regard.
The original estimate for Phase I of the Norochcholai power plant submitted on 9 June 2005 was 398 million USD – not 300 million as stated by minister Ranawaka.  After discussions in July 2005, the estimate was formally revised to USD 471 million on 30 August 2005. This revision took place during Mrs Kumaratunga’s tenure and minister Ranawaka’s charge of bumping up the estimate so as to pocket the difference can apply only to her government.  In fact after the Rajapaksa government came into power, a cabinet appointed negotiating committee comprising of Messrs, S.B.Divaratne, Lakshman R.Watawala and M.M.C. Ferdinando negotiated a lower price of USD 450 million. This discussion can be continued once Mrs Kumaratunga explains to the public how the estimate for the Norochcholai power plant went up from 398 to 477 million USD in less than three months between June and   August 2005.”

චන්ද්‍රිකාගේ කතාවෙන් ආලාපාළු කතාව බොරු වෙනවා.. නොරොච්චෝලෙන් කොමිස් ගත්තානම් ඒ චන්ද්‍රිකාම තමයි..නොරොච්චෝලේ බලාගාරයේ රු. බිලියන 15 ක කොමිස් මුදලක් ගත්තේ නම් ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ කාලයේ යයි හිටපු ජනාධිපති මහින්ද රාපජක්‍ෂ මහතාගේ මාධය ප‍්‍රකාශකවරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම සම්පූර්ණ නිවේදනයෙ මෙසේය.

පසුගිය සිකුරාදා පවත්වන ලද මාධ්‍ය හමුවකදී රාජපක්‍ෂ ආණ්ඩුවේ සාමාජිකයන් නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාර ව්‍යාපෘතියෙන් රුපියල් බිලියන 15 ක කොම්ස් මුදලක් ලබා ගත් බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය චෝදනා කර සිටියාය. ඒ චෝදනාව චම්පික රණවක ඇමතිවරයා පසුගිය ජනාධිපතිවරණ සමයේ එළි දැක්වූ  ‘ආලාපාළු ආර්ථිකය’ නැමැති කෘතියේද සඳහන් වී තිබුණු අතර ඔහු කියා සිටියේ නොරොච්චෝලේ ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා මුල් ඇස්තමේන්තුව ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් වූ අතර මාස කිහිපයකට පසු මෙය ඇ.ඩො. මිලියන 455 දක්වා වැඩි කොට ඇ.ඩො. මිලියන 155 ක් (එනම් රුපියල් බිලියන 15 කටත් අධික මුදලක්) ගසා කා ඇති බවයි. මේ සම්බන්ධයෙන් පහත සඳහන් කාරණා අපි ගෙනහැර දක්වමු.

2005 ජුනි 09 වනදා ඉදිරිපත් කරන ලද නොරොච්චෝලේ බලාගාරයේ පළමු අදියර සඳහා මුල් ඇස්තමේන්තුව වූයේ ඇ.ඩො. මිලියන 398 ක් මිස චම්පික රණවක ඇමතිවරයා කී ආකාරයට ඇ.ඩො. මිලියන 300 ක් නොවේ. ඒ කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් 2005 ජුලි මාසයේදී පවත්වන ලද සාකච්ඡුා වටයකින් පසු 2005 අගෝස්තු 30 වනදා ඇස්තමේන්තුව නිල වශයෙන්ම ඇ.ඩො. මිලියන 471 ක් දක්වා වැඩි කරන ලදී. ඇස්තමේන්තුව වැඩි වූයේ කුමාරතුංග මැතිනියගේ පාලන සමයේදීය. මේ නිසා ඇස්තමේන්තු ගත ගණන වැඩි කොට මහා පරිමාණයෙන් ගසා කෑමේ චෝදනාව අදාල වන්නේ චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවටය. රාජපක්‍ෂ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු එස්.බී. දිවාරත්න, ලක්‍ෂ්මන් ආර්. වටවල හා එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩූ යන මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් විසින් මෙම ඇස්තමේන්තුව ඇ.ඩො. මිලියන 450 දක්වා අඩුකර ගන්නා ලදී. 2005 ජුනි හා අගෝස්තු අතර තුන් මසකට අඩු කාල පරිච්ෙඡ්දයක් තුල නොරොච්චෝලේ බලාගාරයේ ඇස්තමේන්තුව ඇ.ඩො. මිලියන 398 සිට 471 දක්වා වැඩිවූයේ කෙසේ දැයි කුමාරතුංග මැතිනිය ජනතාවට පැහැදිලි කර දුන් පසු අපට මෙම සංවාදය ඉදිරියට ගෙන යෑමට හැක.

රොහාන් වැලිවිට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්

2 Responses to “Former President denies allegations on Norochcholai coal power project”

  1. Christie Says:

    This is part of the Indian Imperialists propaganda. Chandrika like her father is an Indian sucker.

  2. LANKAPUTHRA Says:

    Christie, You should dig deeply into this. Champika Ranawake got millions of US dollars from an TAMIL NADU out fit. If Norochcholai starts up and produce electricity, then the YAIL DAVI can start from Point Pedro to MATHARA as an electric train and at very high speed. OBAMA DOES NOT WANT THIS TO HAPPEN. BELIVE IT OR NOT INDIA UNDER MODI WANTS THIS TO HAPPEN.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress