ඡන්ද ඩැහැගැනීමට සුළු ජාතීන් පිනවීම
Posted on June 17th, 2015

රියර් අද්මිරාල් සරත් වීරසේකර

බොහෝ දේශපාලනඥයෝ ‘බලය’ ලබා ගැනීම සඳහා නොකරන දෙයක්‌ නැත. ඒ බැව් අප අත්දැකීමෙන් දනිමු. එහි අලුත්ම උපක්‍රමය නම් මහ මැතිවරණයකදී ආණ්‌ඩුවක්‌ පිහිටුවීමේ තීරණාත්මක සාධකයක්‌ වන දෙමළ/ මුස්‌ලිම් ඡන්ද ඩැහැ ගැනීමට කරන්නා වූ බාල ප්‍රකාශයි. මෑතකදී එක්‌තරා අමාත්‍යවරයකුගෙන් මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට ඔහු පිළිතුරු දුන්නේ, “කවුද කියන්නේ මේක සිංහල රට, සිංහල බෞද්ධ රට කියලා, කොහෙද ඒක ලියලා තියෙන්නේ” යනුවෙනි. සමහර විට එවන් දෙයක්‌ ප්‍රකාශ කිරීමට එය හිතාමතාම සූදානම් කොට ඇසූ ප්‍රශ්නයක්‌ ද විය හැක. එම පිළිතුරෙන් ඔහු බලාපොරොත්තු වන්නේ දෙමළ/ මුස්‌ලිම් ජනයාගේ හිත දිනා ගැනීම වන අතර “ඔව් මෙය සිංහල රට තමයි” යනුවෙන් දේශප්‍රේමී ජනතාව ඊට පිළිතුරු දෙන විට ඔවුන් නියෝජනය කරන පක්‍ෂ කෙරෙහි සුළු ජාතීන්ගේ සිත් කලකිරීමට පත් කොට ඔවුන්ගේ ඡන්ද වැළැක්‌වීමට සැලැස්‌වීමයි. බලය ලබා ගැනීම සඳහා දියත් කොට ඇති ජාතිය පාවා දීමේ නිහීන උපක්‍රමයන්ගේ කූටප්‍රාප්තිය මෙය බව මගේ හැඟීමයි.

උක්‌ත අමාත්‍යතුමා නියෝජනය කරන කොළඹ දිස්‌ත්‍රික්‌කයේ දෙමළ/ මුස්‌ලිම් ඡන්ද විශාල සංඛ්‍යාවක්‌ ඇත. ඔහුගේ එම ප්‍රකාශයෙන් එම සුළු ජාතික සහෝදර සහෝදරියන් සතුටු වනු ඇතැයි ඔහු සිතනු නිසැකය. මා නියෝජනය කරනුයේ නැගෙනහිර පළාතේ දිගාමඬුqල්ල දිස්‌ත්‍රික්‌කයයි. එහි ඡන්ද දායකයන්ගෙන් තුනෙන් දෙකකටත් අධික පිරිසක්‌ වන්නේ සුළු ජාතික මිතුරන්ය. එය එසේ වුවද අප මාතෘ භූමියේ සිංහලයාට හිමි උරුමය/ අයිතිය පිළිබඳව පැහැදිලි කිරීමට මා නොපසුබට අතර බුද්ධිමත් දෙමළ/ මුස්‌ලිම් ජනතාව ද එය අවබෝධ කර ගනු ඇතැයි අපේක්‍ෂා කරමි. මන්ද නියම සිංහල බෞද්ධයෙක්‌ වන මා දෙමළ/ මුස්‌ලිම් ජාතියටත් හින්දු/ මුස්‌ලිම් ආගමටත් කවදත් ගෞරව කරන බැව් ඔවුන් හොඳින් දන්නා බවයි.

ශ්‍රී ලංකාව හෙවත් අපේ මාතෘ භූමියට වසර 2500 ක ලිත ඉතිහාසයක්‌ තිබෙන මුත් ඊට එහා ගිය අභිමානවත් ඉතිහාසයක්‌ අප සතුව ඇත. පෘතුගීසීන් මෙහි පැමිණීමට පෙර අපේ රට වරින් වර ආක්‍රමණය කළ කාලිංගමාඝ, චෝල, පාණ්‌ඩ්‍ය, සොළී ආක්‍රමණිකයන් සමඟÊදිවි හිමියෙන් සටන් කොට රට බේරා ගත්තේ සිංහලයන් ය. මහා විජයබාහු බිහිවීමට පෙර අපේ රට හැඳින්වූයේ ‘මුqම්මුඩි චෝලේ’ යනුවෙනි. එනම් දකුණු ඉන්දියානු ප්‍රාන්තයක්‌ ලෙසිනි. අභීත සිංහලයෝ නොසිටියේ නම් අද අප ඉන්දියාවේ ම තවත් එක්‌ ෙµඩරල් ප්‍රාන්තයක්‌ බවට පත් වී හමාරය.

ඉන් පසුව රට ආක්‍රමණය කළ පෘතුගීසී, ලන්දේසි හා ඉංග්‍රීසි සමඟ සටන් කොට සියලුම දේ අහිමි කර ගත්තේ ද සිංහලයන් ය. විදේශිකයන්aගේ අණසකට යටත් නොවූ ඔවුන්ගේ ආගම වැළඳ නොගත් නිසාම කෲර ලෙස ඝාතනයට ලක්‌ වූයේ ද සිංහලයන් ය. ඔවුන්ට එරෙහිව කැරලි ගසා දහස්‌ ගණනක්‌ මියගියේද සිංහලයන් ය.

ඉංග්‍රීසීන්ගෙන් රට මුදා ගැනීමට 1818 දී සහ 1848 දී දියත් කළ කැරලිවලින් පසුව ඉංග්‍රීසීන් විසින් අවුරුදු 18 ත් 35 ත් අතර මරාදැමූ සියලුම මිනිසුන් සිංහලයෝය. ඔවුන් විසින් විනාශ කරන ලද හරකබාන කුඹුරු සියල්ලම සිංහලයන්ගේ ය. ( අද අපට මානව හිමිකම් පිළිබඳව දැනමුතුකම් දීමට එන ඉංග්‍රීසීන් රතු පලස්‌ දමා පිළිගන්නා වර්තමාන ආණ්‌ඩුව ඇත්තෙන්ම ලැඡ්ජා විය යුතුය.) එසේ නම් රට බේරා ගැනීමට චිරාත් කාලයක්‌ මුළුල්ලේ දිවිපුදා ඇත්තේ සිංහලයන් බව සියල්ලන්ම දැන්වත් දැන ගත යුතුය. ඒ මේ රට ‘සිංහල රට’ වූ බැවිනි. 1815 දී අපේ රටේ ස්‌වාධීනත්වය පාවා දෙමින් ඉංග්‍රීසීන් සමඟ අත්සන් කළ උඩරට ගිවිසුමේ මේ රට හඳුන්වා ඇත්තේ ‘සිංහලේ රාජ්‍යය’ නමින් බව යමෙක්‌ නොදන්නේ නම්, හෝ නොදන්නා බව හඟවන්නේ නම් ඔහු මන්ද බුද්ධිකයෙක්‌ හෝ අනිවාර්යයෙන්ම සිංහල ජාතිය පාවා දෙන කුහකයෙක්‌ හෝ විය යුතුය. ඉංග්‍රීසීන්ගේ උච්චාරණයට අනුව එදා කන්ද උඩරට, කන්ද, කැන්ඩි වූ බවත් සිංහලේ ‘සිලෝන්’ වූ බවත් යමෙක්‌ නොදන්නේ නම් ඔහු සුජාත සිංහලයෙක්‌ නම් විය නොහැක.

විදේශ ආක්‍රමණිකයන්ගෙන් පසුව අප අත්විඳි අනෙක්‌ ෙ€දවාචකය නම් ත්‍රස්‌තවාදයයි. ත්‍රස්‌තවාදයෙන් සියලුම ජාතීන්ට අයත් මිනිසුන් ඝාතනය වූ අතර උන් සමඟÊසටන් කොට මිය ගිය 30,000 ක සෙබළ/ සෙබළියන්ගෙන් සහ ආබාධිත වූ 14,000 ක පමණ අයගෙන් 99% ක්‌ ම සිංහලයන් බව ද අප අමතක කළ යුතු නැත. (මෙහිදී රට වෙනුවෙන් දිවි පිදූ/ සේවය කළ මුස්‌ලිම්/ දෙමළ හමුදා නිලධාරීන්/සෙබළුන් ගෞරවයෙන් සිහිපත් කරමි.) අද මේ රට සිංහල නොවේ යෑයි පාරම්බාන ඇමැතිගේ ආණ්‌ඩුවේ පවුල්වල උදවිය ද ඇතුළු සියලුම ජන කොටස්‌ බෝම්බ බියෙන් තොරව නිදහසේ සතුටින් ජීවත් වන්නේ සියලුම දේ කැපකොට, දිවි හිමියෙන් සටන් කොට ත්‍රස්‌තවාදීන් විනාශ කළ ‘සිංහලයන්’ නිසා බැව් නැවත සිහියට ගත යුතුය. එසේ සිහි තබා ගත් කිසිවෙකු හෝ මෙය සිංහල රට යෑයි ලියා තියෙන්නේ කොහේද යනාදී මුග්ධ ප්‍රශ්නයක්‌ නඟමින් සිංහලයන්ට අවමන් නොකරනු ඇත.

මීට අවුරුදු 1800 කට පෙර ඉදි කළ “යෝධ ඇළ” හි බෑවුම යොදුනකට රියනකි. එනම් සැතපුමකට අඟල් තුන්කාලකි. එවන් ඇළක්‌ ඉදිකිරීමට ත්‍රිකෝණමිතිය නම් ගණිත ක්‍රමයේ කෙළ පැමිණිය යුතුය. අදත් විදෙස්‌ ඉංජිනේරුවන් විශ්මයට පත් කරන යෝධ ඇළ ඉදිකළේ සිංහල ඉංජිනේරුවන් ය. මාදුරුඔය ජලාශයේ වසර 2000 ක්‌ පැරැණි, අදටත් ක්‍රියාත්මක කළ හැකි ගලින් සෑදූ බිසෝ කොටුව නිර්මාණය කළේ සිංහලයන් ය. “මේ තරම් සියුමැලි’ නොවූ කළුගලින් බිම සිට උඩ බලන විට සමමිතිකව පෙනෙන ලෙසද, නාසයෙන් බිම වැටෙන වැහිබිංදුව හරියටම දෙපා මුලට වැටෙන ලෙස ද සුක්‍ෂ්මව නෙළා ඇති අව්කන බුදු පිළිමය නමැති විශ්වකර්ම නිර්මාණය ද සිංහලයකුගේය. මෙවන් දැ සිය ගණනක්‌ වුව ලිsවිය හැක. අද උතුර – නැඟෙනහිර ඇතුළු දිවයින පුරා විසිර පැතිර ඇති දහස්‌ ගණනක්‌ නටබුන් බෞද්ධ නටබුන්ය. අපේ රටේ දෙමළ/ මුස්‌ලිම් ජනතාව ද එවන් පුරාවස්‌තුන් දැක බලා ආශ්වාදයක්‌ විඳිනු අප කොතෙකුත් දැක ඇත්ද?

රටක්‌ හඳුන්වන්නේ රටේ උරුමය/ සහ උරුමක්‌කාරයන් පදනම් කොට ගෙනය. අපේ රටේ සිංහල බෞද්ධ උරුමය වසර දහස්‌ ගණනක්‌ ඈතට දිව යයි. එම උරුමය තහවුරු කර ගනිමින්, රට විදේශිකයන්ට නතු වීමට ඉඩ නොදී දිවි හිsමියෙන් සටන් කොට, මතු පරම්පරාවට රට ආරක්‍ෂා කළේ සිංහලයන්ය. එසේ නම් එය සිංහල රට යෑයි කීම ඒ අභීත සිංහලයන්ට කරනු ලබන උපහාරයකි. එසේ ආරක්‍ෂා කළ රටෙහි අද දෙමළ/ මුස්‌ලිම්/ මැලේ/ බර්ගර් සියල්ලන්ම සුවසේ සාමයෙන් ජීවත් වෙති. අද වෙනම ද්‍රවිඩ රාජ්‍යයක්‌ ඉල්ලන උතුරේÊපදිංචිව සිටින්නේ දෙමළ ජනයා 48% ක්‌ පමණි. ඉතිරි 52%ම ජීවත් වන්නේ දකුණේ සිංහලයන් අතර ය. මුස්‌ලිම් ජනතාව (උතුරේ හැර) දිවයිනේ සෑම පෙදෙසකම සිංහලයන් සමඟ සාමයෙන් ජීවත් වේ. එසේම අද කොළඹ ආර්ථිකයෙන් 80% ක්‌ ම මෙහෙයවන්නේ දෙමළ/ මුස්‌ලිම් පුද්ගලයන් වන අතර දෙමළ/ මුස්‌ලිම් කෝටිපති ව්‍යාපාරිකයන්ය. පාරිභෝගිකයන්ගෙන් 90% සිංහලයන් ය.

කරුණු එසේ බැවින් බුද්ධිමත් දෙමළ/ මුස්‌ලිම් ජනතාවට මෙය ‘සිංහල රට වීම පිළිබඳව කිසිදු ප්‍රශ්නයක්‌ නොමැත. නමුත් මෙම ‘නැති’ ප්‍රශ්නය ‘ඇති’ කොට සුළු ජාතීන්ගේ ඡන්ද ඩැහැ ගැනීමටත්, සුළු ජාතීන්ගේ සිත් තුළ මහ ජාතීය කෙරෙහි වෛරයක්‌ ජනිත කිරීමටත් යමෙක්‌ තැත් කරන්නේ නම් එය තුච්ඡ නිහීන ක්‍රියාවකි. එය අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

රියර් අද්මිරාල් සරත් වීරසේකර

 

6 Responses to “ඡන්ද ඩැහැගැනීමට සුළු ජාතීන් පිනවීම”

  1. Senevirath Says:

    ගමෙන් ඇවිත් ගමත් කා දැන් රටත් කන්න හදන විජයදාස ගේ නියම නම” චෝල රාජ” පක්ෂය කලක් මේ මනුස්සයා සිංහල අයිතීන් ගැන ලිව්වේය දැන් කියන්නේ සිංහල රටක් නැති බවය් .එදා ලිව්වේ බොරු වෙන්න ඇති සරත් වීරසේකර චන්දය ඉල්විය යුත්තේ කොළඹ පැත්තෙනි අනිවාර්යයෙන්ම සරත් වැනි ය පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ අරවගේ හරකුන්ට තඩි බෑ මටය

  2. ranjit Says:

    Rear Admiral is a courageous person and I admire him very much and respect him too. Yes he should be in the next Parliament and he must get a nomination from a good place where all nationalities represent because he is for all people not like those UNP thugs who say day and day tons of lies to please the voter.

    My country belongs to Sinhalese and it’s the only land we can call home. Only cowards and traitors to the Motherland will tell that this is not a Sinhala land like Wijedasa and Choura Regina. Our Sinhalese must listen carefully and understand these kind of low class politicians who will utter nonsense to get votes and to be in power. UNP is not a party for Sinhala Buddhists. They always depend on white man’s advise and their money. They will do anything to please them rather than our own citizens. It’s the truth. They came to this position by a coup not with the consent of the people of Sri Lanka. Their main goal is to stay in power with the help of foreign Mafia Govts and remove Mahinda completely from politics by using the word “CORRUPTION”. The biggest corrupters in this country were U.N.P. and in this hundred plus days they robbed more than any previous Govt we had. All progressive parties in this country must unite together and defeat the most corrupt Govt we have today UuuuuuuNnnnnnnPppppp.

  3. Christie Says:

    ඇයි දෙයියනේ මෝඩි ගැන අහල නැතුව වගෙයි. එතුමා තමයි අපේ නායක තුමා. එයා චන්ද්‍රිකාව ආන්ඩුකරයා, රනිල් කන්කානියා සහ ඉන්දියන් කාරයින්ගෙන් සිරිසේන කුලීකාරයත් පත්කරල තියෙන්නෙ.

    Indian imperialists managed to divide the Sinhalese in to Buddhists, Muslims and Christian camps and with the Indian Colonial Parasite block vote got Indian Coolie voted in. Now Indian Imperialists are in the process of further dividing the Sinhala vote to stop the 2/3 majority for the Sinhalese.

  4. Lorenzo Says:

    APPEASING MINORITIES TO WIN VOTES!!

    And forgetting who the REAL owners of SL are.

    SL belongs to those who SAVED SL not to the PARASITES who CLAIM SL. In other words SL belongs to the security forces and those who align with them.

    Once upon a time there was a very wise king by the name Solomon in Israel. Around 900 years before Christ.

    He was the king, army commander, the judge and the jury and the parliament. Somewhat like the president in SL.

    One day 2 women came to him claiming ONE baby as theirs. 2 mothers 1 baby!

    King asked, Yako, whose son is this?

    MINE! Screamed both women.

    Then the king asked, whose son is this?

    MINE! Screamed both women.

    hmmmm thought the wise king. He ordered a soldier to cut the baby into half and give each half to each woman. Then ONE woman came to the baby`s rescue and stopped the king. She begged to spare the baby.

    So the king found the OWNER of the baby!

    And he hacked the other FAKE woman to death.

    When Norway, UK, India, USA, UNHRC, LTTE, PLOTE, IPKF, Tamil MODA-RATES, etc. tried to CUT SL into halves, who came forward to defend it?

    Muslims? NO.

    Tamils? NO.

    Europeans? NO.

    (Well VERY few of them DID come forward UNDER the leadership of real owners).

    Sinhalese. YES. Like the REAL mother of that baby, Sinhalese came forward to defend their baby Sri Lanka.

    When war crimes charges were made against SL, who came forward to SAVE SL?

    Muslims? NO.

    Tamils? NO.

    Europeans? NO.

    Sinhalese. YES. Like the REAL mother of that baby, Sinhalese came forward to defend their baby Sri Lanka.

    When Portuguese, Dutch, British invaders attacked SL, who fought them?

    Muslims? NO.

    Tamils? NO.

    Europeans? NO.

    Sinhalese. YES. Like the REAL mother of that baby, Sinhalese came forward to defend their baby Sri Lanka.

    That establishes who the REAL OWNER of Sri Lanka is.

    ……………………………………………………………………………………………………………………………………………………………………………………………………….

    But the bigger question is WHAT ARE WE GOING TO DO TO SAVE SL?

    We all know ELECTIONS cannot save SL. Other means to save SL must be considered.

  5. Nihal Fernando Says:

    When this man’s father was away a Tamil ‘patthara bothal karaya’ (old news papers & empty bottles collector) came to his house. He peeped through the window. Mother took him into the house. Seven months after that he was born prematurely.

  6. charithsls Says:

    Sarath you said that 80% of Colombo’s economy is controlled by Tamils & Muslims. Short & long terms plans are needed to face this challenge by patriotic politicians like you. So many fraud allegations are being brought but why none against them who openly flout policies & use bribes to control gains. A small example is the previous long serving cricket board treasurer runs a sport cloth deal with the same board against all normal practices. Why nobody raises a whisper? Gaining control of our economy is paramount but I hear the Indians are going to make road & railway connections with SL to make us one of their ‘states’. There have to be mass protests against this whatever carrot they will dangle to us pointing out economic benefits.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress