නානත්ථ කායා ඒකත්ථ සංඥා – ඔබ හා මා හදවතින් දෙදෙනෙකු නොවේ
Posted on June 26th, 2015

තිස්ස ගුණතිලක. සිඞ්නි නුවර සිට

පනිවිඞය ලැබී ඇත. සංඥාව පැහැදිලිය. අරමුණ සංගතය. කාලයක් කටුසටහනක් ලෙස තිබූ ආකෘතිය දැන් අලංකාර විත්‍රයක් බවට පෙරලෙමින් පවතී. රට අනතුරේ බව සැම දෙනාම කරැණු කාරනා සහිතව පෙන්වාදෙයි. මහා පඬිවරැ, ආචාර්ය මහාචාර්යවරැ ආදී මෙකී නොකී සියඵදෙනාම අද සිංහල ජාතියට අත්වී ඇති මහත්වූ ව්‍යයසනය රටටම හදුන්වාදෙයි. තවදුරටත් නිහඞව සිටිය නොහැක. එසේ නිහඞ වුවහොත් අනාගත දරැවන්ගේ විලාපය දෝංකාරයක් වී මරණ මංචකයේ ‘චුත විත්තයක්’ සේ නැගී රැස්කල කුසල් සියල්ලම අකාමකාදමා මුඵ සංසාර ගමනම වෙනස් කරනු ඇත.

විශ්වය විශාලය. එතරම්ම නැතත් ලෝකයද අති විශාලය. එහිතුල වර්ග සැ. විසිපන්දහසක් යනු නොගිනිය හැකි සොච්චමකි. මේ බිම්කඞ තුල සිංහලනම් ජාතියක් වෙසේ. ඔවුන්ගේ නිජබිමත් ඔවුන්ට යයි අයිති එකම බිම්කඞත් මෙයමය. ඔවුන් තම මුතුන්මිත්තන් මිහිදන් කලේද මේ භූමිය තුලය. අප රණවිරැවන්ගේ රැධිරයද තැන්පත්වී කැටිවීතිබී මානික්‍යසේ මතුවන්නේද මේ ස්වර්ණභූමියෙන්මය. එහෙත් අද පවතින යහපාලනට අනුව මේ කුඞාබිමට සිංහලයාට අයිතියක් නැත. මේ යහපාලනය තවදුරටත් පැවතුන හොත්  අපේ අනන්‍යතා සහතිකවල ‘ජාතිය’ යන තැන ‘හිස් තැනක්’ වන්න එතරම් කලක් ගත නොවනු ඇත.

වත්මන් පාලනය ජාතියක් ජම්මයක් නැති යහපාලනයක් වනු ඇතැයි එදා ජනවාරි අටවනදා අපි සිහිනෙකින්වත් නොසිතුවෙමු. එහෙත් නොසිතූ දෙයක්ම සිදුවී ඇත. බහුතරය සිංහල බෙෳද්ධ වු රටක් පාලනය කරනු පිනිස අබෙෳද්ධ හෝ සිංහල සංස්කෘතියතුල සැරි නොසරන අගමැති ඇතුඑ ඇමති මංඞලයක් පත්කිරීමට තරම් වත්මන් ජනපති සෝදාපාලුවී ඇත. මෙය සිංහල බෙෳද්ධයන්ගේ දේශය බව ජනපතිටද අමතකවී ඇතිකල සෙස්සෝ ගැන කුමන කතාද? අප හොදින්ම අවධාරණය කරගත යුත්තේ සෙස්සෝ සමාජගත කරන්නේ ජනපති හා අගමැති ඇතුඵ යහපාලන මතය බවයි. තවටික දිනකින් ඔබමා ද මෙහි එන්නේ ආසියාවේ ඊළඟ අබෙෳද්ධ රට බෟතිස්ම කිරීමටය. එය සිදුනොවීමටනම් රටපනමෙන් සුරකින සිංහලයින්ට කලයුතු දෑ බොහෝය. අප ‘නානත්ථ කායා – එකත්ථ සංඥා’ වීමට දැම්මම පටන්ගනිමු.

ඉදිරියේ ඇති කාරයභාරය අතිමහත්ය. අද අප පැමින ඇත්තේ මුඵරටම එකම  මගකට පිවිසිය යුතු සන්ධිස්තානයකටය. කයින් වෙනස් වුවත් සිතින් අප එකතු විය යුතු සමය යි මේ. මේ අවස්ථාව පැහැර හැරැනොත් නැවත අප හමුවන්නේ හරාකිරිවු දේශයකදීය.

පියාපත් පැතිය යුත්තේ පක්‍ෂීන්ගෙනි, ඉබ්බන්ගෙන් නොවේ. යහපාලනය යන සංකල්පය බැලූවිට පිටතින් ඔපයක් ඇතිව පෙනෙනමුත් පවතින ප්‍රජාතන්ත්‍රවාදය තුල ශාක්ශාත්කල නොහැකි අවුලකි. හැරත් රටක් ගැන හෝ එහි ඉතිහාසයක් ගැන හෝ නොදන්නා නිවටුන් පිරිසකගෙන් එය ඉල්ලීමම විහිලු‍වකි.  මේ යහපාලනයට අනුග්‍රහකල බොහෝ වියතුන් එහි ඇති ප්‍රෝඞාව හඳුනාගත් වහාම එයින් සමුගන්නේ විදුලි වේගයෙනි. නුවනැත්තන් හැසිරෙන්නේ එලෙසය.

එවන් වියතුන් මෙන් සෝබිතටද ඔහු කල ක්‍රියාවේ විපාක අවබෝධකර ගෙන, බටහිරට දන්ඞ නමස්කාර කරනා පිරිසකට දියහැකි යහපාලනයක් නොමැතිබව පසක්කර, එයින් රටත් ජාතියත් ගලවා ගැනීමට ඉදිරිපත්වීමට තවමත් කාලය ඇත. එසේ නොකරනතාක්කල් ඔහු පසුපස කෝටුවක් අතැතිව ඇබිත්තියෙක් නිරතුරැවම එවීමට සිදුවේවි. ඒ කොයියම් මොහොතක හෝ අහිංසක සිංහල ජනතාවට කල අපරාධය පඞිසන්දී පොලව විවරවී අවීවි මහානරකාදියට යන මොහොතේ එය සිදුවූ ස්ථානය මතුපරපුට දැන ගැනීම සඳහා කෝටුවක් හෝ සිටුවා ලකුනු කරතැබීම යහපතක්ම යයි සිතනා බැවිනි. පසු කලක එහි පැමිනෙන්නන් චංචිමානවිකාව අපාගතවු ස්ථානය බැලීමට අදත් පැමිනෙන්නාක්මෙන් පැමින ‘අනේ අපොයි යහපාලනක් ගෙනා සෝබිතට වු දේ’ යයි පවසනු ඇත.

පික්පොකට් අගමැති මෙතෙක් නොකලදෑ ලබන මැතිවරණයෙන් පසු කිරීමට ඔහුට දිව්‍්‍යඥාණය පහලවී ඇති බවක් පවසයි. පසුගිය යහපාලන හය මස තුල එකම උපාදිධාරි රැකියාවක්වත් ඇතිකිරීමට අසමත්වූ හෙතෙම මැතිවරණයට පසුව දස ලක්‍ෂයකට රැකියා ලබාදෙන බවත්, මහා ව්‍යාපෘතින් අරඹන බවත් දේසනා කරයි. තමන්ට අංකල් යයි අමතන සිංගපූරැ මහේන්ද්‍රන් යොදා මහා බැංකු සුරැකුම්පත් මංකොල්ලයකට මගපැදූ කූටෝපාය සේ මහා ව්‍යපෘතින් දැකබලා ගැනීමට නම් මේ මිස්ටර් පික්පොකට් පත්කරගත්තාට කමක් නැත. මහ බැංකුව මුදල් අමාත්‍යංශයට අයත් විෂයක් බවට පනත්ගතකොට තිබියදී ඒ සම්පාදන උල්ලංගනය කොට එය අගමැති යටතට පත්කරගන්නේ කුමන හෝ ප්‍රෝඞාවකට බව තේරැම් නොගන්නා කෙනෙකු නැත. ත්‍රස්තවාදයට අනුබලදුන් රාජරත්නම් සමඟ එක් ගනුදෙනුවකින් ආමරිකානු ඞොලර් මිලියන තුනක් උපයන මොවුන් අපේ දහම් පාසැල් ගුරැවරැනට මසකට රැපියල් දෙසීයක් දීමට යෝජනා කරයි. ජාතියටම සම්පතක්වූ අපේ දහම්පාසැල් ගුරැවර ගුරැවරියෝ රැපියල් දෙසීය මාසයකට ටොපී කන්නදැයි ප්‍රශ්ණ කලුයුතු කාලයයි. එයවත් හරියට ගෙවාගන්න බැරි යහපාලනයක් මහා ව්‍යපෘතින් ගැන කතාකිරීම මැතිවරණයට  පසු ‘කෝඳුරැතෙල්’  බෙදනවා වැනි පොරොන්දුවකි.

පසුගිය ජනවාරි අටවනදා ජනාධිපතිවරණය සයිබර් අවකාශය තුල බේගල් වපුරා ප්‍රෝඞාවෙන් දිනගත්තා සේම  මෙවරත් ජනතාවවෙත මහා පරිමානයෙන් බොරැ බෙදීමට මොවුන් සූදානම්වන්නේ මෙලෙසය. ඉතාමත් කල්පනාකාරිව සයිබර් අවකාශය හරහා පැමිනෙන  තොරතුරැ පරිශීලනය කලයුතු කාලයකි.

අප සදාදරණීය ජනතායකයා නැවතවරක් ඔබ හා සමග අප නිජභූමිය  ව්‍යාජ යහපාලන ග්‍රහනයෙන් මුදවා නැවත විජයග්‍රහණ මාවතකරා රැගෙනයාමට සූදානමිනි. ඔහුව තවතවත්  ධෛර්යමත්කර පසුගිය පාලන සමයේ සිදුවූ අතපසුවීම් වලින් මිදී ඒකීය රටක්තුල අභිමානයෙන් ජීවත්වන ජාතියක් බවට පත්වීමටත්, යහපාලන නාඞගම හැකි ඉක්මනින්  පිටුදැකීමටත්, අපි සියඵදෙනාගේම සහයෝගය ලබන මැතිවරණයේදි ඔහුට ලබාදෙමු. සිරැරෙන් අප වෙනස් වුවත් සිතුවිල්ල අනුසාරිනම් අතිවිශාල අභියෝගද ජයගැනීම  ඉතා සුඵ කාරියකි.

මහගම සේකරයන්ගේ තෙලිතුඞින් ලියවී අමරදේවයන්ගේ ස්වරයෙන් පනගැනුනු මේ පදවැල ඔබට ජීවයක්ම වේවා..

‘රතනදීප ජන්මභූමි… ලංකාදීප විජයභූමි…

මේ අපේ උදාරවූ… මාතෘභූමියයි…

ආදි සිංහලේ… වීර මීමුතුන් ලෙයින්….

සාරවූ උදාරවූ මාතෘභූමියයි……..’

ඔබට සුභ පැතුම්

තිස්ස ගුණතිලක. සිඞ්නි නුවර සිට

2015 ජූනි මස 27වන දා

 

3 Responses to “නානත්ථ කායා ඒකත්ථ සංඥා – ඔබ හා මා හදවතින් දෙදෙනෙකු නොවේ”

  1. Jag Says:

    Awsome piece of writing Tissa…. this is the type of ”war cry” we need in order to energize and rally patriotic forces to get in to action. This is what we need to talk about every day till we see the end of yaha paachana tricksters.

    By the way, Sobhitha isn’t going by himself. He will be followed by another hora cheevara dhaaree Rathana. These two must be de-robed before anything else for conspiring against the nation.

  2. Indrajith Says:

    LankaCnews reports that:

    ජාතික හෙළ උරුමයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ඇතුළු සිවුදෙනෙක් ඊයේ දිනයේ එක්ටසි නම් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි අන්තර්ජාල වෙබ් අඩවි හා සමාජ ජාලා වාර්තා පල කරමින් තිබේ.

    අත්අඩංගුවට ගත් පිරිස අතර පොලිස් බුද්ධි ඒකකයේ කොස්තාපල්වරයෙකුද සිටිතැයි එම වාර්තාවල දැක්වෙයි.

    සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති සඳලාල් පතිරන සමග නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර සිද්ධිය යටපත් කිරීම සඳහා දේශපාලන බලපෑම් එල්ල වෙමින් පවතින බවද කියැවෙයි.

  3. Indrajith Says:

    LankaCnews reports that:

    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කොළඹ ඩර්ඩන්ස් පුද්ගලික රෝහලට ඇතුලත් කර තිබේ.

    තහවුරු නොකල රෝහල් ආරංචි මාර්ග පවසන්නේ ඇයට වැළදී ඇත්තේ වෛද්‍යවරුන් සැක කරන අන්තමේ බරපතල රෝගී තත්වයක්දැයි අවසන් වශයෙන් නිශ්චය කර ගැනීමට පරීක්‍ෂණ ක‍්‍රියාත්මක කරමින් සිටින බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress