ඇමෙරිකන් ඩොලර් මිලියන 200ක ගල් අඟුරු ටෙන්ඩරය ඇමතිගේ හිතවතෙකුට දීමේ වෑයමක්…
Posted on June 30th, 2015

Courtesy Lanka Lead News

පසුගියදා ගල් අඟුරු මෙ.ටො මිලියන 2.5 ක් මිලදී ගැනීම සඳහා කැඳවා තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක වටිනාකමක් සහිත ටෙන්ඩරය ප‍්‍රදානය කිරීමේ දී බලවත් අක‍්‍රමිකතා සිදුවී ඇති බවට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට චෝදනා එල්ලවී ඇත. එම ටෙන්ඩරය සදහා ඉල්ලූම්කරුවන් 8 දෙනක් ඉල්ලූම් කොට ඇති අතර විවිධ හේතු මත ටෙන්ඩර් විවෘත කිරිමේදී එක් අයෙකු ඉන් ඉවත්කොට ඇත. ඒ අනුව ටෙන්ඩර්කරුවන් 7 නෛකුගේ මිල ගණන් තාක්‍ෂණීක ඇගයීම් කමිටුවට ඉදිරිපත්කොට ඇත. ඉන් ටෙන්ඩර් 3ක් ඇපකර ප‍්‍රශ්නයක් මත ඉවත්කොට ඉතිරි 4 පමණක් මිල ගණන් තීරණය කිරීම සඳහා තවදුරටත් ඇගයිම් කටයුතු වලට යොමු කොට ඇත.

ඒ අතර හදිසියේම SCAPC හෙවත් අමාත්‍ය මණ්ඩලයෙන් පත්කරනු ලබන ප‍්‍රසම්පාදන ස්ථාවර කමිටුව විසින් කලින් ඉවත් කරනු ලැබූ ටෙන්ඩර් නැවත ඇගයීමට අමාත්‍යමණ්ඩල පත‍්‍රිකාවක් අමාත්‍යවරයා විසින් ඉදිරිපත්කර ඇත. ඒ සඳහා හේතු වශයෙන් දක්වා ඇත්තේ ‘‘හොඳ මිලක්’’ ලබා ගැනීමය. එම වගකීමෙන් අමාත්‍යවරයා නිදහස්වී කැබිනට් මණ්ඩලය ඊට වගකිව යුතු බව පෙන්වීම අමාත්‍යමණ්ඩල පත‍්‍රිකාවේ අරමුණ වන නමුත් ඒ මගින් රජයේ ප‍්‍රසම්පාදන නීති පැහැදිලිවම උල්ලංඝනයවේ. මුලින් ඉවත් කළ ටෙන්ඩර්කරුවන් හෝ ඒ අතුරින් අයකු විසින් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ප‍්‍රබලයෙකුට බලපෑම්කර මෙසේ නිතිවිරෝධී ක‍්‍රියාවකට බල කරන බව පිළිගැනීමට සිදුවේ. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඒම පත‍්‍රිකාවට නිරීක්‍ෂණ ඉදිරිපත්කර අැති නමුත්, එම නීතිවිරෝධී ක‍්‍රීයාව නීත්‍යානුකූල කිරිම සඳහා එම අමාත්‍යාංශය කටයුතු කර ඇති අාකාරය අදාල අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කළ අමාත්‍යමණ්ඩල පත‍්‍රිකාව සහ සෙසු ලියවිලි දෙස බැලීමේදී මැනවින් අවබෝධ කොට ගත හැකිය. අදාල සියලු ලියකියවිලි පහතින් දැක්වෙයි.

01-තාක්‍ෂණික ඇගයීම් වාර්ථාව
02-ඇමුණුම
03-කැබිනට් පත‍්‍රිකාව
04-මුදල් අමාත්‍යාංශ නිරීක්‍ෂණය
05-කැබිනට් තීරණය

http://www.lankaleadnews.com/?post_type=helidarawwa

3 Responses to “ඇමෙරිකන් ඩොලර් මිලියන 200ක ගල් අඟුරු ටෙන්ඩරය ඇමතිගේ හිතවතෙකුට දීමේ වෑයමක්…”

  1. Independent Says:

    01 -මගේ විශ්වාසී මිතුරකුගේ නායකත්වයෙන් සිදුවී ඇත​.

    සුලු දෝශයක් නිසා ගනන් අඩු ටෙන්ඩරයක් ඉවත දැමීම සම්පූර්ණයෙන් වැරදියි. ඒ ගැන ටෙන්ඩරර් ගෙන් විමසිය යුතුව තිබුනි.
    මේ නිසා ඇමතිවරයා ඉතාම නිවැරදි ලෙස මේ වැරැද්ද හරිගස්වා ඇත​.

  2. NeelaMahaYoda Says:

    නියම යහපාලන හිතවතෙක්.
    ටෙන්ඩර් බොර්ඩ් එකට හරි හෝ වෙරදි උනත් ඇමතිලාට බලපෑම් කිරීම නීති විරොදී බව සින්ගප්පූරුවෙත් නීතිය බව සින්ගප්පූරු යහපාලන හිතවතා දන්නේ නැද්ද??

  3. Independent Says:

    නැහැ. පොඩි අඩුපාඩුවක් තිබුනාට , ගනන් තරඟකාරීනම්, ඔවුන්ට කතාකොට අවස්තාවක් දීම සිංගප්පූරුවේ පමණක් නොව ලෝකයේ ඕනෑම රටක කරන දෙයක්. ඔබත් හොඳ හැටි දැන දැන අබුද්ධයෙක් ලෙස හැසිරෙන්න එපා.
    යාලුවා තාක්‍ෂනික අගයීමේ, බෝඩ් එකේ නොවෙයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress