මුගුරක් ඇවැසිතැන….
Posted on July 3rd, 2015

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

සිංහලයා කවදත් අහිංසකය, ඥණවන්තය. විචක්‍ෂණශීලීය, සංසුන්ය. ඔවුන්  සදාචාරාත්මකය, කල්පනාශීලිය. අනාගතය දකින නුවණැත්තන්ය. ඔවුන් ශාන්තය, නවගුණ වැල  සිත්තුල ප්‍රගුණකලත් ඇවැසිතැන  මුගුරක් රැගන නැඟීමටද ඔවුන් දනී.

අද ඔවුන්ගේ සංසුන්බව බිදෙමින් ඇති අතර ඒ සඳහා කරැණු කාරනා පෙලගැසෙමින් පවතී.

අවුරැදු කිහිපයක් තුල සයිබර් අවකාශයේ ගොඞනැගුනු සතුරැබලවේග දෙස ඔවුන් විමසිල්ලෙන් සිටියත් පසුගිය ජනවාරි අටවනදා ඇතිවූ වෙනස සමග රටේ සිදුවු බල පෙරලිය දෙස සංසුන්ව බලා සිටියේ යහපාලනයක් තුල ශාන්තියක්ම අපේක්ෂාවෙනි. වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම යමපාලනයක් වු යහපාලනය බුදුන්ගේ සද්ධර්මය රකිනා රටටත්, ජාතියටත් කල විනාශය දෙසද පසුගිය මාස හයතුල ඔවුන් බලා සිටියේ තරමක් තැතිගැන්මකින් වුවත් සංසුන්වය. යහපාලනය තුල උතුරේ මම්මුඞි චෝල මංඞලම් වල හැඞතල මතුවෙමින් තිබුනත් අවසානයේදී කාලිංග මාඝයාද සිංහලයා අතින් පරලොව ගියබව දන්නා සිංහලයා නැවතත් සංසුන් සිත් ඇතිකර ගත්හ. මේ විශ්මයජනකවූ ඇදහිය නොහැකි සංසුන් බවට හේතුවක්ද විය. ඔවුන් දිනපතාම පායා දවසින් දවස දීප්තිය වැඞිවන සූර්ය දිව්‍යරාජයා මෙන් දිඳුලමින් නැගී එන විමුක්තිදායකයා දෙස බලා සැනසුමේ සුසුම් හෙලුවේ අසිරිමත් හෙට දවසකට සිහින මවමිනි.

යහපාලන උවදුරින් රටත් ජාතියත් මෙන්ම තම පනමෙන් රකිනා දරැවන්ගේ අනාගතයත් අඳුරේබව වටහාගත් ජනතාව මේ විමුක්තිදායකයා වටා එක් රොක්වන්නේ බුරැතු පිටිනි. ඒ ලඟදීම ඔහු සාධාරණ මැතිවරණයකට මුහුනදී මේ ව්‍යසනයෙන් ඔවුන් මුදවාගන්නා බලාපොරොත්තු හඳතුල පුරවාගෙන සිටිනා බැවිනි.

දෝශාභියෝග චෝදනා ටොන්ගනනක් තිබුනත් තමන්ට කිසිසේත්ම නොගැලපෙන හා හිමිකමක් නැති තනතුරකට, රටේ ඒකියභාවය කෙලෙසන ගිවිසුම්වලට  බෙදුම්වාදින් සමග එලැඹී ඔවුන්ගේ ඡන්දයෙන් පත්වීමම අදින්නාදානයකි, දරන්නාවු තනතුරට අයෝග්‍යතාවයකි (Disqualification). එම නොගැලපෙන තනතුරට පත්වූදා සිට අදවනතුරැ පැවසූ මුසාවාදවල කෙලවරක් නැත. ජාතියේ මුදුන්මල්කඞවූ පංචසීලය නොරකින, එයට ගෙෳරව නොකරන්නා දුර්ජනයෙකි. දුර්ජනයා පෙරකල අකුසල් නිසා අඬගණ (තියුණු කෙලෙස්) සහිතවූයේ තමාතුලවූ කෙලෙස්ද නොදැනී ,ඒවා දුරැකිරීමට සිත් ඇතිකරනොගනී, වෑයම් නොකරයි, එහෙයින් අවසන කිලිටිවූ සිත් ඇතිවම මියයයි  – අනඬගණ සූත්‍රය.

මහින්ද දේශපාලන හෝඞිපොත කියෙව්වේ ශ්‍රී ල නි ප යෙනි. පක්‍ෂය ඔහුටත් ඔහුගෙන් පක්‍ෂටත් වූ අන්‍යෝන්‍යය සේවය මුඑ රටම දනී. අවසාන මොහොතේ පක්‍ෂය හැරදාගොස් බටහිර හා දේශද්‍රෝහින් සමග පෙලගැසුන අයත් අවංකව ශ්‍රී ල නි පයට තවමත් ආදරයකරන මහින්දගේත් අතර වෙනස ජනතාව හොදින් දනී.

නාමයොජනා යනු සාධාරණ මැතිවරණයකට ඉදිරිපත්වීම සඳහාකරනු ලබන යෝජනාවක් පමනි. එය ජනතාවගේ වැඞි කැමැත්ත දැනගනු පිනිස ජනතාව ඉදිරියේ පෙලගැසුමකි. ඒ අවස්ථාවවත් මහින්දට නොදීමට මේ පංචශීලය කඞකල ජාතිද්‍රෝහින් ක්‍රියා කරයි නම් ජනතාවට කලහැකි එකම දෙය මුගුරක් අවැසිතැන එය ගෙන නැඟීම පමනකි.

නාමයෝජනා අවසන්වීමට තවදින දොලොසක් පමන ඇත. ජනතාව තවමත් ඉවසිලේලෙනි. සෑම දෙයකටම සීමාවක් ඇතැයි පතපොතේ සඳහන්ය.

ඔබට සුභ පැතුම්

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

2015 ජූලි මස 3 වන දා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress