Govt. to seek SC opinion on confusion regarding terms of President and Parliament
Posted on August 4th, 2026
Colombo, Aug. 3 (Daily Mirror) –
The government is out to seek the opinion of Supreme court on a so called confusion in the constitution with regard to the terms of the Executive President and Parliament, and opposition the MP alleged.
MP Dayasiri Jayasekera in a statement released to media said Attorney General Parinda Ranasinghe has issued a gazette notification to rectify the confusion in the constitution when it comes to English and Sinhala copies.Accordingly he said the English copy of the constitution says a referendum is necessary to extend the term of President and Parliament for more than six years while the Sinhala version says a referendum is necessary either to increase or decrease the term of the President.
” Also I heard a lawyer coming up and arguing that the 19th amendment which was made in 2015 is not valid as no referendum was held to reduce the term of both Parliament and the President. This lawyer proposed that Supreme Court ‘s opinion should be sought in this matter . He said both President and Parliament should go on for one more year depending on the supreme Court opinion. This he has claimed should be done before the retirement age of judges is implemented”.
The MP also said the matter has been notified by the Chairman of the Election Commission to the President.
” People of this country should be vigilant in this matter ” MP Jayasekera added.
https://www.dailymirror.lk/breaking_news/Govt-to-seek-SC-opinion-on-confusion-regarding-terms-of-President-and-Parliament/108-347229?fbclid=IwY2xjawTd7e9leHRuA2FlbQIxMQBzcnRjBmFwcF9pZA80MDk5NjI2MjMwODU2MDkAAR4KL0u4sh9TlvdMwobnC-3hNUJ0WlwKosZ2g6ymNXzjTOzk3y8SFiB2LpDddw_aem_L4deFqcB9U9r-O5BL_zu-Q
* ජනාධිපති සහ පාර්ලිමේන්තු ධුර කාලය පිළිබඳ ව්‍යාකූලත්වය සම්බන්ධයෙන් රජය ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට සැරසෙයි.
කොළඹ, අගෝස්තු 3 (ඩේලි මිරර්)
විධායක ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලයන් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින බව කියන ව්‍යාකූලතාවයක් පිළිබඳව රජය ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට සූදානම් වන බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු චෝදනා කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි සහ සිංහල පිටපත්වල පවතින මෙම ව්‍යාකූලත්වය නිවැරදි කිරීම සඳහා නීතිපති පරින්ද රණසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපතෙහි ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර හයකට වඩා දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව සඳහන් වන අතර, සිංහල පිටපතෙහි ජනාධිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීමට හෝ කෙටි කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බව සඳහන් වන බව ඔහු පැවසීය.
“එසේම 2015 දී සිදු කරන ලද 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් පාර්ලිමේන්තුවේ සහ ජනාධිපතිවරයාගේ ධුර කාලය අඩු කිරීම සඳහා ජනමත විචාරණයක් පවත්වා නොමැති බැවින් එය වලංගු නොවන බවට නීතිඥයෙකු තර්ක කරනවා මට ඇසුණා. මෙම කරුණ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය යුතු බව එම නීතිඥවරයා යෝජනා කළා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අනුව ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව යන දෙකම තවත් වසරක් ඉදිරියට පවත්වාගෙන යා යුතු බව ඔහු පැවසුවා.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ක්‍රියාත්මක කිරීමට පෙර මෙය කළ යුතු බවයි ඔහු කියා සිටියේ.
” මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් මේ බව ජනාධිපතිවරයා වෙත දන්වා ඇති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
“මේ කරුණ සම්බන්ධයෙන් රටේ ජනතාව අවධානයෙන් සිටිය යුතුයි” යැයි මන්ත්‍රී ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.