මෛත්‍රීපාල ගිවිසුම
Posted on July 6th, 2015

නලින් ද  සිල්වා

මහින්ද රාජපක්‍ෂ මහතා රැ වැටුණු වළේ දවල් වැටෙන්නට ගොස් බේරී ඇත. වාර්තාවන අන්දමට මහින්ද රාජපක්‍ෂ මහතාට මැතිවරණයේ දී ශ්‍රී ල නි පක්‍ෂයෙන් තරගකිරීමට ඉඩදීමට මෛත්‍රිපාල සිරිසේන මහතා කැමති වී ඇත. එහෙත් අගමැතිකම දීම ප්‍රතික්‍ෂෙප කර ඇත.  ශ්‍රී ල නි පක්‍ෂයේ ඇතැමකු එයට කැමැත්ත පළ කර ඇතැයි ද වාර්තා විය. මෙය ඉතාමත් භයානක තත්ත්වයක් විය. ඔවුන් කියා සිටියේ පාර්ලිමේන්තුවට තේරී පත්වූවාට පසු මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැතිකම ලබා ගත හැකි ය යන්න ය. 

එහෙත් ඒ කවදාවත් සිදු නොවන්නකි. අද ශ්‍රී ල නි පක්‍ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මහින්ද රාජපක්‍ෂ මහතා වටා රොක් වී සිටින්නේ ජනතාවගේ ඡන්ද තිබෙන්නේ එතැන බැවිනි. මැතිවරණය පවත්වන තුරු බලය ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාට ය. එහෙත් පාර්ලිමේන්තුව තෝරා ගැනීමෙන් පසු බලය ඇත්තේ මෛත්‍රිපාල සිරිසේන මහතාට ය. ඔහු ජනාධිපති ය. අගමැති පත්කෙරෙන්නේ ඔහුට අවශ්‍ය අන්දමට ය. එපමණක් නො වේ. ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති ද වෙයි. 

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධාන ගිවිසුම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමට ය. එය බටහිරයන් සමග ඇති ගිවිසුමකි. පාර්ලිමේන්තුව තෝරා පත්කර ගැනීමෙන් පසු ඔහුට පසුගිය වතාවේ මෙන් රනිල් වික්‍රමසිංහ මහතා සුළුතර ආණ්ඩුවක අගමැති ලෙස පත් කළ හැකි ය. ගියවර මෙන් ම ශ්‍රී ල නි ප මන්ත්‍රීන්ට තර්ජන, ගර්ජන බලපෑම් ආදියෙන් රනිල්ට සහාය දෙන තැනකට ගෙන ගිය  හැකි ය. මෛත්‍රිපාල සිරිසේන මහතා මහින්ද රාජපක්‍ෂ මහතාට ඉතා වැඩි බලයක් නොලැබුනහොත්  කිසි දිනෙක මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත් නොකරනු ඇත. 

ඔහු මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කරන බවට පොරෙනදුවක් දුන්නත් ඒ ඉටු කරාවි යැයි විශ්වාස කළ හැකි නො වේ.  මෛත්‍රිපාල සිරිසේන මහතා උදේ කියන දෙයට විරුද්ධ දෙයක් දවල් කියයි. හවසට කියන්නේ වෙනත් ම දෙයකි. රෑට ඒ සියල්ල ප්‍රතික්‍ෂෙප කරයි. කිසිවකු මෛත්‍රිපාල සිරදසේන මහතාට නොරැවටිය යුතු ය. රෑ වැටුණු වළේ දවල් නොවැටිය යුතු ය. 

මහින්ද රාජපක්‍ෂ මහතා මෛත්‍රිපාල සිරිසේන මහතාට නොරැවටී වෙනම සංධානයකින් තරග කිරීමට තීරණය කර ඇත. මැදමූලන දී බදාදා ඒ අනාවරණය කෙරිණි. එය යහපත් ය. අද බලය ඇත්තේ මහින් රාජපක්‍ෂ මහතාට ය. ඒ බලය මැතිවරණයෙන් පසුව ද රැක ගත යුතු ය. නැතහොත් මහින්ද රාජපක්‍ෂ මහතාට සිදුවන්නේ අවුරුදු පහක් පසු පෙළ මන්ත්‍රීවරයකු ලෙස කල්ගත කිරීම ය. එවිට වයස ගොස් ය.

ඒ තරග කරන සංධානය කුමක් දැයි තවමත් අනාවරණය වී නැත. සමහරවිට ඒ එක්සත් ජනතා නිදහස් සංධානය ම විය හැකි ය. එසේත් නැත්නම් දැනට ලියා පදිංචි කර ඇති වෙනත් දේශපාලන පක්‍ෂයක් විය හැකි ය. අද නැවතත් පනස්හයක් නිර්මාණය කර ගත යුතු ව ඇත. ඒ අර්ථයෙන් ගතහොත් වඩාත් ම සුදුසු පක්‍ෂය මහජන එක්සත් පෙරමුණ වෙයි. එහෙත් රට ලෙස නොව තම දේශපාලන පක්‍ෂයේ අභිවෘද්ධිය ගැන පමණක් සිතන පනස්හයේ අවජාතක දරුවන් වූ ඇතැම්හු එයට අකමැති වෙති. ඔවුන්ට පනස්හය ගැන නිසි අවබෝධයක් නැත. ඊනියා ගැමි උගත් තරුණයෝ ද අවසාන වශයෙන් ගත්කල බටහිර අධ්‍යාපනයෙහි ම ප්‍රතිඵල වෙති.

තවමත් ශ්‍රී ල නි පක්‍ෂයේ ඉතාමත් සුළුතරයක් (10%ක් පමණ)  මහින්ද රාජපක්‍ෂ මහතා මෛත්‍රිපාල සිරිසේන මහතා සමග එකතු විය යුතු යැයි කියති. ඔවුන් එසේ කියන්නේ එකතු නොවුනහොත් එ ජා ප ජයග්‍රහණය කරාවිය යන සැකයක් ඔවුන් තුළ ඇති බැවිනි. සමහරු රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වුවහොත් තමන්ට ජීවිත තර්ජන එල්ල වේ යැයි සිතන බැවින් ද මහින්ද මෛත්‍රිපාල එකතුවක් අපේක්‍ෂා කරති. එහෙත් ඔවුන් නොසිතන පැත්ත නම් මෛත්‍රිපාල මහතා ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිත්වය දරමින් ම ජනාධිපති ධුරයේ කටයුතු කිරීම රනිල් වික්‍රමසිංහ මහතාට වාසි සහගත බව ය.  

අප කලින් ද කියා ඇති පරිදි මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධාන ගිවිසුම ඇත්තේව එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල් සමග මිස ශ්‍රී ල නි පක්‍ෂය සමගමවත් රට සමගවත් නොවන බව ය. ඔහු ජනාධිපතිවරණයේ දී ඊනියා පොදු අපේක්‍ෂකයා ලෙස බටහිරයන් හා ඉන්දීයයන් විසින් තොරාගනු ලැබුයේ ම ඔහු විධායක බලතල අගමැති ධුරයට පැවරීමත් ඔහු ජනාධිපති ලෙස සිටන තුරු රනිල් වික්‍රමසිංහ අගමැති බවට පත්කිරීමටත් පොරොන්දු වීම නිසා ය.

ඔහු ස්වේච්ඡාවෙන් විධායක බලතල නැති කර ගත්තෙක් නො වේ. අගමැති කමට කෑදර වී පක්‍ෂයත් නායකයාත් පාවා දුන්නකුට ජනාධිපති වීම සඳහා ඉහත සඳහන් පොරෙන්දු දීම කජ්ජක් නො වේ. ඔහු විශ්වාස නොකළ යුතු ය. තම ජීවිතය බේරා ගැනීම සඳහා විවිධ ව්‍යාජ හේතු දක්වමින් මහින්ද මෛත්‍රිපාල එකතුවකට ආවඩන අයට අවසානයේ දී සිදුවනු ඇත්තේ රනිල් වික්‍රමසිංහට ම මුහුණ දීමට ය. 

එයට හේතුව එවැනි එකතුවකින් පසු මහින්ද රාජපක්‍ෂ මහතාට ලැබෙන මන්ත්‍රි ආසන වෙනස් කිරීමට මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනාධිපති හා ශ්‍රී ල නි පක්‍ෂ සභාපති ලෙස අවස්ථාව ලැබෙන බැවිනි.  රනිල් වික්‍රමසිංහ මහතා එහි ප්‍රතිඵලයක් ලෙස අගමැති ලෙස දිගට ම කටයුතු කරනු ඇත. රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කිරීමට මහින්ද මෛත්‍රිපාල එකතුවක් ගැන කතාකරන්නන්ට අවසානයේ දී රනිල් වික්‍රමසිංහ මහතාගේ ම බෙහෙත් කෑමට සිදුවනු ඇත. 

එහෙත් මහින්ද රාජපක්‍ෂ මහතා වෙන ම සංධානයකින් තරග කර ජයගැනීමෙන් පසු මෛත්‍රිපාල සිරදසේන මහතාට මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීමේ අවස්ථාව අඩුවනු ඇත. මන්ත්‍රීවරු වෙනත් පක්‍ෂයකට අයත් වෙති. කළ හැකි උපරිම කාර්යය වනුයේ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට ද පිටින් ගොස් මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ලබා දීම ය. එහෙත් අධිකරණයක දී එවැනි පත්වීම් අභියෝගයට ලක් කළ හැකි වෙයි.

ඒ කුමක් වුවත් මෛත්‍රිපාල සිරිසේන මහතාට අද එළිපිට ඉතිරි වී ඇත්තේ රාජිත සේනාරත්න, එස් බී දිසානායක, සරත් අමුණුගම, දුමින්ද දිසානායක, නන්දිමිත්‍ර ඒකනායක වැනි මන්ත්‍රීවරුන් කිහිප දෙනකුත් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියත් පමණකි. ඔවුන්ට ඇති ඡන්ද පදනමක් නැත. එස් බී දිසානායක මහතාටවත් නැත. දිස්ත්‍රික්කයකින් පක්‍ෂයක් ජයගැනීමට, අඩුම තරමින් එක් මන්ත්‍රීවරයකු තෝරා ගැනීමට, විශාල ඡන්ද සංඛ්‍යාවක් අවශ්‍ය වේ. එහෙත් ඉහත සඳහන් පුද්ගලයන්ට පෞද්ගලික ව ඡන්ද දහදාහක් ඉක්මවා ලබාගත නො හැකි ය. ඔවුන්ට තනිව ම තරග කළහොත් ආසන පහකට අඩු සංඛ්‍යාවක් ලැබෙනු ඇත.

මෛත්‍රිපාල සිරිසේන මහතාට ලැබුණු ඡන්ද හැට දෙලක්‍ෂය ඔහගේ ඡන්ද නො වේ. ඒ එ ජා ප, දෙමළ ජාතික සංධානය, මුස්ලිම් කොංග්‍රසය, ජ වි පෙ ආදී පක්‍ෂ අතර බෙදී යයි. එහි මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඡන්ද දෙලක්‍ෂයක්වත් නැත. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කණ්ඩායම  ශ්‍රී ල නි පක්‍ෂය ලෙස තනිව ම තරග කිරීම සිය දිවි නසා ගැනීමකි. එබැවින් ඔවුන්ට විවිධ මහින්ද විරෝධී, එනම් ජාතිකත්ව විරෝධී පක්‍ෂ සමග සංධානයකට ඇතුල් වීමට සිදු වෙයි. එවිට මනාප මගින් පාර්ලිමේන්තුවට ඒමට හැකි වුවත් වැඩි කල් නොගොස් එවැනි ආණ්ඩුවක් ගෙදර යැවීමේ හැකියාව ජනතාව සතුවෙයි. 

කලක සිට ලංකාවේ මැතිවරණ පැවැත්වෙන්නේ විජාතිකත්වය ජාතිකත්වය අතර සටනක් ලෙස ය. අගෝස්තු මැතිවරණය ද එසේ ම ය. මහින්ද රාජපක්‍ෂ මහතා ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටියි. රනිල් මෛත්‍රිපාල හවුල විජාතිකත්වයේ ගැති හවුලකි. තම ජීවීිත බේරා ගැනීම සඳහා මෛත්‍රිපාල මහින්ද එකතුවක් ගැන කතාකිරීම රනිල් මෛත්‍රිපාල හවුලට බලය අත්කර දීමකි.

නලින් ද  සිල්වා

2015 ජූලි 05

4 Responses to “මෛත්‍රීපාල ගිවිසුම”

  1. Independent Says:

    “මෛත්‍රිපාල සිරිසේන මහතාට ලැබුණු ඡන්ද හැට දෙලක්‍ෂය ඔහගේ ඡන්ද නො වේ. ඒ එ ජා ප, දෙමළ ජාතික සංධානය, මුස්ලිම් කොංග්‍රසය, ජ වි පෙ ආදී පක්‍ෂ අතර බෙදී යයි. එහි මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඡන්ද දෙලක්‍ෂයක්වත් නැත.”

    This is what I told Mettayya Brahmana few days ago. MY3 is nothing as a voter base.
    But Nalin is grossly mistaken. Nalin thinks MR has suddenly become popular. That is not the case.
    MR knows that. He will try his best to come to power for survival.
    MS has fooled UNP, MR , Nalin and most of us getting to trust him. He will still not be as bad as MR last time.
    Nevertheless it will be hard to prevent UNP coming to power, unless a “real 1956” is formed.

    This is not a “real 1956”. Why ?

    1. There is no promise of “Sinhala only”
    2. There is no promise of scrapping of 13A which was not there at all during 1956.
    3. There is no guarantee of whatsoever that Indian orders will not be followed.
    4. There is guarantee from China that they will counter Indian USA UK Aus threat – it is too much for them for now
    5. Simply put, there is ZERO guarantee of security to Sinhala Buddhist from MR , except sweet words.

    However, if there is no other choice, I hope MR will fool people than Ranil fooling us.

  2. Christie Says:

    නලින් ඉන්දියානු ජඩයින් සමගයි සින්හල සටන තියෙන්නේ එදා ඉඳල. මහින්ද කෙසේහෝ පලමුව පාර්ලිමේන්තුවට යායුතුය.

  3. Christie Says:

    Namaste: “According to informed sources, the Sirisena-Ranil-Chandrika group will fight the August 17 parliamentary polls as an alliance with the “Swan” as the symbol- their symbol for the Presidential election.” Yes that is what Indian Imperialists are banking on. Is this going to be another “surgical” political operation like the last Presidential operation and if it fails then the correction would be another “surgical” military operation like the one on Nagas of Nagaland. The Indian Empire has already done the preparations with Indian terrorist arm that was militarily defeated in 2009; and the Sinhala terrorists that was funded by Indian Empire with the new Indian Colonial Parasite leader. Jai Hind

    Christie Says:

    July 5th, 2015 at 7:32 pm

    දේසපලන වැඩේ වැරදුනොත් හමුදා සැත්කමක් කිරීමට ඉන්දියානු අදිරදයෝ සැලසුම්කර ඇත. සින්හල තෘස්තයින්ගේ නායකයා ලෙස ඉන්දියානු පරපෝසිතයෙකු පත්කර ඔහු සින්හල තරුනයන්ට දස දහස් ගනනින් පඩිගෙවා සන්විදානය කරගෙනයති. ඉන්දියාව නාගලන්තයේ කරනලද හමුදා සැත්කම අපේ රටේද මහින්ද ආවොත් කරනු ඇත.

  4. ranjit Says:

    The time has come for all Sinhala Buddhists to come together to rescue our country from evil traitors who opposed Mahinda. People should realize that our country is in much danger than before. Mahinda has to fight with so many fronts therefore we the people in this land must rally round Mahinda to beat the hell out of them on Aug 17th. If you give these traitors the power again then there won’t be a Sinhala land to call our home in the future. Just read last Sunday’s Rivira news paper about Tamil Diaspora’s future plans and how the west is planning to take our war heroes to Hague etc. This is real and citizens must be informed about these dangers looming on our island. Sinhala Buddhists should not give their vote to these traitors who are mostly Christians,Tamils and Muslims. They all dream their own lands if UNP comes to power. We should not allow that to happen. What Ranil did in 2004 going to be repeated again if this traitors come back to power. Think wisely and give your vote to the correct person to save our Motherland.

    Do not believe make up stories and lies of the UNP. Their main advisers and Financiers are American and Indian Parasites. These coup plotters are using all kinds of methods to tarnish the image of our President Mahinda Rajapksa. People should not believe their fairy tale stories anymore. This Gay lot do not have any love to our country except power and glory for themselves. Chose the right one without repenting later on. Mahinda,Mahinda,Mahinda is the right choice.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress