‘මහින්ද මට එපා : ශ්‍රීලනිපය දිනුවොත් අගමැතිකමට ඕනෑතරම් ජ්‍යෙෂ්ඨයන් ඉන්නවා ‘
Posted on July 14th, 2015

Courtesy Lankadveepa

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති පදවිය භාර ගැනීමට ගත් තීරණය නිවැරදි බව ජනපති අද විශේෂ ප්‍රකාශය අරඹින් කීවේය.

ටෙලිෆ්‍රොම්ටර ආධාරකයක් නොමැතිව ජනපති කතා කළේය.

මහින්ද රාජපක්ෂ සභාපති වූයේ නම් සුළුතර රජයේ දින සියයේ වැඩපිළිවෙළට සහාය නොදෙනු ඇතැයි ද, එමගින් මහජනයාට යහපතක් නොවනු ඇතැයි ද ජනපති කීවේය.

‘පසුගිය දෙසතියේ දී මා තරම් ප්‍රහාරයට ලක්වූ වෙනත් කිසිදු ජනපතිවරයකු නෑ. දුෂ්ඨයා, පාවාදෙන්නා යනුවෙන් මට චෝදනා කළා. මෙවැනි දේ පළ කිරීමට පුවත් පත් නිදහස අප රටේ තිබෙනවා. ද්‍රෝහියා යැයි මට චෝදනා කරන අයට මම කියන්නේ අද රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදයේ තරම කවරාකාරදැයි ප්‍රායෝගිකව සොයා බලන ලෙසයි.

මේ විදියට ජනවාරි අට වැනි දාට පෙර ජනපතිට කතා කළා නම් ඔවුනට සිදුවන දේ මා අමුතුවෙන් කිව යුතු නෑ.

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අස් වුණොත් හොඳ නේදැයි මම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඇසුවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ප්‍රශ්නය ගැන මතු වූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ අගමැතිට මම කිව්වේ ඔබට රටේ හොඳ නමක් තිබෙනවා. එහෙයින් බැංකු අධිපතිට ඉල්ලා අස්වෙන ලෙස කියන්න යනුවෙන්.

මහින්ද රාජපක්ෂ අනාගතයේ දී දිගටම පරාජය වෙනවා. යළි පරදිනවා. ජනවාරිට අට වැනි දා පරාජය වුණා වගේ. මහින්ද රාජපක්ෂට නාමයෝජනා දීම ගැන මම තදින්ම විරුද්ධ වුණා.‘

‘වැරැද්ද මහින්ද රාජපක්ෂගේ නොවෙයි. ජේ ආර් (ජයවර්ධන) ඇති කළ ක්‍රමයේ වරදයි. එක එක්කෙනාට බනින්න එපා. වැරැද්ද තියෙන්නේ මේ ක්‍රමයේයි.

2010 මැතිවරණයේ දී ජය ගැනීමට එජාපයට බැරි වුණා. ඊට පෙර දිනා ගත් ආසන රැක ගන්න බැරි වුණා.

මම අනාගත වත්‍රෘවරයෙක් නොවෙමි. එහෙත් ඉතිහාසය පදනම් කරගෙන අනාගතේ සිදුවන දේ මට කිව හැකියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා බේද බින්න කිරීමට මට ඕනෑ කමක් තිබුණේ නෑ. පක්ෂ සභාපති කමෙන් අයින් වෙන්න පියවර ගත්තෙත් නෑ. මහින්ද රාජපක්ෂට නාම යෝජනා දීමට එරෙහිව මම ලිඛිතව විරෝධය පළ කළා. මට ඕනෑ මගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන පාර්ලිමේන්තුවක්. ජනවාරි අට වැනි දා ඡන්දය ජය ගත්තේ ඒ පොරොන්දුව මතයි. එහි දී පක්ෂය කුමක්දැයි මම කල්පනා කළේ නෑ. රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය ගිලී යනු දැකීමට මට ඕනෑ කමක් තිබුණේ නෑ. අගමැතිට එරෙහිව විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් වූ පසු පාර්ලිමේන්තුව විසිරැවූයේ ඒ නිසයි.  ඔවුන්ගේ සැලසුම වූයේ මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයකු කර අගමැතිකම ඔහුට බාර දීමයි. ඒ සියලු උත්සාහයන් මා පරාජය කළා.

මම විවේචනයට විවෘතයි. විවේචනය මා අගය කරනවා.

මට ඕනෑ මහා මැතිවරණයක්. ඡන්දයක් දිගා ගැනීමට උත්සාහ කරන පක්ෂයක් නොවෙයි. ජනවාරි අට වැනි දා මම රටට දුන් ප්‍රතිපත්ති පළිපදින රජයක් මට ඕනෑ.

මහින්ද රාජපක්ෂ සමඟ මගේ ඇයි හොඳයියක් නෑ. ඔහුට එරෙහි මගේ ස්ථාවරය එහෙමමයි. එහි වෙනසක් නෑ. මම මහින්ද රජපක්ෂට විරුද්ධයි. මහින්ද රාජපක්ෂ දැන් උත්සාහ කරන්නේ අගමැති වීමටයි. ශ්‍රීලනිපය ඡන්දයෙන් ජයගත්තොත් අගමැතිකමට පත් කිරීම සඳහා ඕනෑ තරම් ජ්‍යෙෂ්ඨයන් ඉන්නවා.

මේ ඡන්දයේ දී මම මධ්‍යස්ථව ඉන්නවා.සාධාරණ හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමට බලධරයනට උදව් කරනවා.

ඔබ වෙනුවෙන් දිනා දුන් ප්‍රජාතන්ත්‍රවාදය නැති කර ගන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදය අපහරණය කරන්න එපා..‘

7 Responses to “‘මහින්ද මට එපා : ශ්‍රීලනිපය දිනුවොත් අගමැතිකමට ඕනෑතරම් ජ්‍යෙෂ්ඨයන් ඉන්නවා ‘”

  1. Senevirath Says:

    නලින් ද සිල්වා මයිහ්ත්රී ගැන කිව්වා දේ ටක්කෙටම හරිගියා නේද . මහින්දට මයිත්ත්රී වල කැ පුවා ලක්ෂ 58 කටත් වලකැ පුවා. රට එමලුන්ටය් මරක්කලයින්ටය් යනවා සිංහලයිනි අවදිවී සටන් කරවූ නැත්නම් මුහුදට පන පියවූ

  2. Ananda-USA Says:

    Somarama Sirisena’s way of “REMAINING NEUTRAL” is exemplified by the following news article in which he says he OPPOSES MR … STILL! Clearly, MR’s Nomination was IMPOSED by SLFP/UPFA MR supporters on Somarama Sirisena … and he could not stop it …. that is all!

    This also gives LIE to Facebook Lorenzo’s claim that Somarama Sirisena has “joined hands ” with MR to contest the Election, the Patriots should not criticize him …. as an ELECTION strategy! More TRICKERY from the ARCH-TRICKSTER!

    Lorenzo is STILL trying to defend and protect his DARLING Somarama Sirisena for whom he campagined VOCIFEROUSLY in the Presidential Election!

    ONCE a BACKSTABBER, ALWAYS a BACKSTABBER ….. that goes for both Somarama Sirisena and Facebook Lorenzo!

    …………….
    I continue to stand against Mahinda Rajapaksa – Sri Lankan President

    July 14, Colombo: Sri Lanka’s President Maithripala Sirisena today stressed that he was against giving nominations for the former president Mahinda Rajapaksa to contest the upcoming parliamentary elections under the United People’s Freedom Party (UPFA), of which he is the leader.

    Making a special statement to media, the President said he informed the UPFA leaders including Dinesh Gunawardena and Vasudeva Nanayakkara that he was against granting nominations to the defeated president.

    “I continue to stand against Mahinda Rajapaksa,” the President said. “He will be defeated again,” he asserted.

    He noted that some have criticized him for taking the leadership of UPFA but all his government achieved was possible because he was the president of UPFA and its main constituent party, Sri Lanka Freedom Party (SLFP).

    The President added that if he resigned from the leadership of the party, anyone Mahinda Rajapaksa wanted would have received nominations for the elections.

    If the SLFP wins the elections there are other SLFP seniors who could be appointed as the Prime Minister, the President said.

    However, the UPFA has already indicated that Mahinda Rajapaksa will be the Prime Minister if they secure the parliament at the August 17th elections.

    President Sirisena expressing his commitment to conduct a free and fair election said whoever wins the next election his sincere wish is that they would implement the wishes of those who voted for him on January 8th.

    The President, who faced severe criticism for his decision to allow the party to nominate Rajapaksa, said during the past two weeks he was called every possible name and labelled him as a traitor.

    President Sirisena said he applauds those who criticize him as criticism is an important aspect of a democracy.

    However, he cautioned that although he was happy that he was able to restore the freedom of expression in the country, that freedom should be enjoyed with a sense of responsibility.

  3. NeelaMahaYoda Says:

    මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අස් වුණොත් හොඳ නේදැයි මම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඇසුවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ප්‍රශ්නය ගැන මතු වූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ අගමැතිට මම කිව්වේ ඔබට රටේ හොඳ නමක් තිබෙනවා. එහෙයින් බැංකු අධිපතිට ඉල්ලා අස්වෙන ලෙස කියන්න යනුවෙන්.

    නුමුත් මහේන්ද්‍රන්ව අස්කලේ නැ මේකෙ තේරුමේ හැටියට සිරිසේනටත් භාණ්‌ඩාගාර බැඳුම්කර වංචාවට සම්බන්දයි කියා පෙන්නෙ. අඩුවශයෙන් රු. කෝටි 2700වත් සිරිසේනටත් ලැබෙන බවයි පේන්නෙ.

  4. Independent Says:

    I am satisfied with the President’s explanation.
    Whatever happens I trust he will try and do the right thing and face challenges ahead.

  5. Christie Says:

    බොදු, කිතුනු, හා මුස්ලිම් සිහලුනි සිරිසේනගේ කටින් එලියට එන්නේ ඉන්දියානු අදිරද ජඩයින්ගේ සහ බටහිර රූකඩයින්ගේ අදහස් හා වැඩපිලිවෙලය. අපරටේ වියවස්තාව ගැන හොඳටම දන්නේ එය හැදූ ඉන්දියානු අදිරදයෝ හා ඉන්දියානු පරපෝසිතයෝය. එක්වන්න තුනෙන් දෙකක බලය හැර වෙන පිලියමක් නැත තව වසර පහකුත් මාස අටකට. ඒ වෙනකොට අපේ රට මොරිසියාවක් වී අවසානය. අපේ අන්තිම රජතුමා වලදමා ඇතේ මොරිසියාවේය.

    Dear Buddhists, Christians and Muslim Sinhalese: the words that comes out of Sirisena are ideas and plans of Indian Empire and its followers of the West. Indian Imperialists and Indian Colonial Parasites are experts of our constitution as they are the ones who formulated it under the quarter Indian JR. The only solution I can see is two thirds majority at the parliament elections. Otherwise we will end up like Mauritius or Guyana by the end of 2019.

  6. ranjit Says:

    Forget these traitors and work hard to bring Mahinda back. You cannot compare any of those traitors to Mahinda as he was loved truly by millions in this country. This person is truly a leader and a devoted Buddhist. We must rally behind him to save Motherlanka from this evil lot including Maru Sira. We told from the beginning not to trust this Dirty Harry Sira but because Mahinda is a Gentleman and loved by millions he took the challenge with the blessing of Maha Sanga and the ordinary people in this country. Let’s get together and support this Gentleman President to be our next P.M. to save Motherlanka.

  7. Jag Says:

    Siraa’s speech will go to history books as ”a speech made by the weakest leader of Sri Lanka”. It is clear as to what motivated this useless man to utter such crap. That is to ”defend” himself. Shows how weak he is

    The man who allowed MR to be nominated is giving excuses and blaming JR for that. The man who appointed a PM via the back door AGAINST the constitution is pretending to be abiding by it.

    Who is he trying to fool. If he wants to remain ”neutral” then why the heck he took over as the PARTY LEADER of SLFP and UPFA both.?? Then what is the meaning of ”being” the party leader when he is NOT helping his party for a win at the elections..??

    This is all a, ”antho jataa bahi jataa” talk by a weak man on defensive to get away from the misdeeds he committed. Siraa is definitely asking for problems if he doesn’t make MR the PM post elections in the case of an MR win. This is the type of useless politicians that people should get rid of.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress